- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී
ශ්‍රී ලංකාවේ පැරණිතම නෞකා සමාගම්වලින් එකක් වන Sri Lanka Shipping Company Limited හි 94.81% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට හේලීස් සමූහයේ අනුබද්ධ සමාගමක් වන හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් කටයුතු කර තිබේ.
මේ පිළිබඳ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම අනාවරණය කර සිටින්නේ මීට අදාළ ගනුදෙනුව පසුගිය අගෝස්තු 23 වන දින සිදු වූ බවයි.
මේ සඳහා හේලීස් ඇඩ්වාන්ටිස් සමාගම විසින් ආයෝජිත මුදල රුපියල් බිලියන 4.9 කි.
1955 දී රොබට් සේනානායක මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි Sri Lanka Shipping Company Limited සමාගම මෙරට ප්‍රමුඛතම නෞකා සමාගමකි.
හේලීස් සමාගමේ බහුතර කොටස් අයිතිය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතුවන අතර එය තම නමින් සහ තම සමාගම්වලට අයිති හේලීස් කොටස්වල එකතුව අනුව 50% ඉක්මවා තිබේ.