The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesThu Jan 14, 2021 7:38 pmThe Invisible
Browns Investments updateWed Jan 13, 2021 7:00 pmJana1
ACL CablesWed Dec 30, 2020 7:22 pmsubash
Merry Christmas to AllTue Dec 29, 2020 4:53 pmchutiputha
Trading Journal Sat Dec 12, 2020 11:33 pmxmart
HVA FoodsFri Dec 04, 2020 10:25 amThe Invisible
Tokyo CementMon Nov 23, 2020 9:42 amRajapaksap
Insider Dealings Fri Nov 20, 2020 2:30 ampjrngroup
UML United MotorsTue Nov 10, 2020 8:50 amThe Invisible
ExpolankaMon Nov 09, 2020 8:46 pmsmallville
Plantation Sector UpdatesSat Nov 07, 2020 8:15 amRajapaksap
HAYC - HaycarbFri Nov 06, 2020 12:11 pmsubash
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග Empty ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග

on Tue Aug 29, 2017 11:11 am
BBC Sandeshaya 2017 අගෝස්තු 28
ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග _97574825_95542ca3-892a-4d98-b61d-c7f900630511
Image copyright Thilanga Sumathipala/facebook
Image caption ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩගැනීමට සිය පරිපාලනයට හැකියාව තිබෙන බව පවසන නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් නොමැති බව අවධාරණය කරයි.

නියෝජ්‍ය කතානායකවරයා ඒ බව කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා වත්මන් පරිපාලනය වෙනස් කළ යුතු යයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග කරන යෝජනාව පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.

ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කළ අතර, එහි පිටපතක් අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාරදුන් බවත් අමාත්‍ය අර්ජුන රණතුංග සඳුදා (අගෝස්තු 28) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.

එම ලිපියේ පිටපතක් ද එහිදී අමාත්‍යවරයා මාධ්‍යවේදීන් වෙත ලබා දුන්නේය.
ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග _97574824_arjuna
"මේ වන විට ක්‍රීඩාව ගොඩනැගීමට විශාල මෙහෙවරක් කළ ‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, ක්‍රීඩාලෝලීන් හා රටේ බහුතර ජනතාව ඉල්ලා සිටින්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට පරිපාලනය සෘජුව වගකිව යුතු බැවින් පරිපාලනය වෙනස් විය යුතු බවය," යනුවෙන් එම ලිපියේ සඳහන් වේ.

"මෙවන් තත්වයක් ය‍ටතේ අප කළ යුතු වන්නේ නීතිවිරෝධී, දූෂිත හා අදූරදර්ශී පාලන ක්‍රමවේදය ඉවත් කර ඒ සඳහා කමිටුවක් හෝ කොමිසමක් මඟින් අගාධයට වැටී ඇති ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් ගෞරවනීය තත්වයට ගෙන ඒමට කටයුතු කිරීම ය. එසේ කමිටු පත් වූ සෑම අවස්ථාවකම ක්‍රිකට් ක්‍රීඩාවේ උද්දීපනයක් ඇති වූ බව ද කිව යුතුය."

කෙසේ නමුත් වත්මන් ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කළ යුතු බවට 1996 දී ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත් කණ්ඩායමේ නායකයා කරන යෝජනාව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මීට ඉහතදී කිහිප වතාවක්ම ප්‍රතික්ෂේප කර තිබේ.

ඉක්මනින් අර්බුදයට විසඳුම් දිය නොහැකි නම් ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වන්නේ දැයි විමසූ අවස්ථාවේ, "එතකොට මේක කරන්න යන්නේ කවුද?" යනුවෙන් තිලංග සුමතිපාල බීබීසී සිංහල සේවය වෙත ප්‍රති ප්‍රශ්නයක් යොමු කළේය.
ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග _97577615_4350d8b3-1e09-4202-b1f2-5a02e20c8f1a
Image caption අතුරු පාලක මණ්ඩලයක් පත් කළ යුතු බවට කෙරෙන යෝජනාව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රතික්ෂේප කරයි

"මම හිතන්නේ ඔය කතාවට උත්තර දෙන එක මට අදාළ නෑ. අපිට මේක හදන්න පුළුවන්කම තියෙනව. අපි ඒක හදාගෙන යන්නම්. මගේ වෙලාව නාස්ති කරන්න එපා කියල මම එයාට පැහැදිලිව කියනව."

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම පිණිස දිගු කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව පවසන සභාපතිවරයා, එහි සම්පූර්ණ ප්‍රතිඵල ලැබීම පිණිස වසර හතරක පමණ කාලයක් ගතවනු ඇති බව ද බීබීසී සිංහල සේවයට පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම පිණිස ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහය පූර්ණ සංශෝධනයකට ලක් කිරීමේ අවශ්‍යතාව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ සිදත් වෙත්තමුණි වැනි හිටපු ක්‍රීඩකයන් දිගින් දිගටම පෙන්වා දී තිබේ.

ඒ පිළිබඳව මහේල ජයවර්ධන විසින් සිදත් වෙත්තමුණි ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලැබූ සවිස්තර යෝජනාව ප්‍රතික්ෂේප කළේ මන්දැයි විමසූ අවස්ථාවේ තිලංග සුමතිපාල කියා සිටියේ, සිය පරිපාලනය "ඊටත් එහා ගිය" වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරමින් සිටින බවය.
ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග _97577616_32054e43-c76a-41c6-aa0c-ae76281a25f2
Image caption ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන්න - අර්ජුන

"කිසිම ප්‍රතික්ෂේප කිරීමක් නෑ. ඊට වඩා එහා ගිය, ඉතාම සාර්ථක දේශීය ක්‍රීඩා තරග ඇතුළත් කරලා තියෙනව."

කෙසේ නමුත් සිය පරිපාලනය සමයේ ගනු ලැබූ ඇතැම් තීන්දු පිළිබඳව යළිත් වරක් සාකච්ඡා කරමින් සිටින බව ද සභාපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම තරගවලින් පරාජයවීම දරාගත නොහැකිව කෝපයට පත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් කණ්ඩායමක හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉරිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තුන්වැනි එක් දින තරගය විනාඩි තිස් පහක කාලයක් නතර කිරීමට සිදු විය.

ඉන්දියානු කණ්ඩායමට තරඟය ජයග්‍රහණය කිරීම සඳහා ළකුණු අටක් පමණක් අවශ්‍ය මොහොතක ක්‍රීඩාලෝලීහු වතුර බෝතල් ආදියෙන් ක්‍රීඩාංගනයට පහර දුන්හ.
ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග _97577617_03b1fc37-1b67-440a-8fc7-4f796a0c746f
Image copyright AFP
Image caption අපි හැමදාම කිවුවේ ක්‍රීඩා සමාජවල ඡන්ද 148 ක් එක්ක අපේ ව්‍යවස්ථාව මාරු කරේ නැත්නම් අපේ ක්‍රිකට් දියුණු කරන්න බෑ -සිදත් වෙත්තමුණි

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් පිරිසගේ හැසිරීම දෙස්, විදෙස් ක්‍රීඩා විචාරකයන්ගේ හෙළා දැකීමට ලක් විය.

ඊට පෙරාතුව දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවති එක් දින සීමිත ඕවර තරගය අවසානයේ කෝපාවිෂ්ඨ ක්‍රීඩාලෝලීන් පිරිසක් ක්‍රීඩාංගණයට කඩාවැදීම හේතුවෙන් ක්‍රීඩකයන්ට ආරක්ෂාව සැපයීම පිණිස කැරලි මර්ධක පොලිසිය කැඳවීමට ද සිදුවිය.

ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩාලෝලීන් එවැනි හැසිරීම් පිළිබඳව කණගාටුවන අතර, එවැන්නක් ශ්‍රී ලංකාවේ සිදු නොවිය යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ද අවධාරණය කරති.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග Empty Re: ඉල්ලා අස්වෙන්නේ නෑ - තිලංග

on Tue Aug 29, 2017 11:29 am
මේ ගැන මගේ අදහස නම්-

ව්‍යවස්ථා සංශෝධනයක් මගින්, කිසිදු දේශපාලකයෙකු හෝ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරිකයෙකු මෙම සංගමයේ නිලතල දැරීම තහනම් කල යුතුය. (වත්මන් සබාපතිට මේ කරැණු දෙකම ඇතැයි කියැවේ. එය වත්මන් පරාජයට හේතු උනාද යන්න සවාධින කොමිසමක් මගින් සොයා බැලිය යුතුය. මෙම කොමිසමේ සොයා ගැනීම් අනුව සුදුසු තීරන ගැනීම වහාම කල යුතුය.)

කිසි කලෙක අතුරැ කමිටු පිහිටවීම නොකල යුතුය.

මෙම කරැණුද ඇතුලත්ව නිවැරදි නියෝජනයක් තහවුරැ කෙරෙන ලෙස සහ මුදලට ජන්ද ගැනීමට නොහැකිවන ලෙස ව්‍යවස්ථාව සංශෝදනය කල යුතුය.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum