![රවී කරුණානායක ඉල්ලා අස්වෙයි _97279101_cb97ab0c-3938-4c16-9c8b-fcc8cad7c212](https://ichef-1.bbci.co.uk/news/624/cpsprodpb/27D5/production/_97279101_cb97ab0c-3938-4c16-9c8b-fcc8cad7c212.jpg)
Image copyright Getty Images
Image caption පසුගිය මැයි මාසයේ කැබිනට් සංශෝධනයේ දී රවී කරුණානායක ඇමතිවරයාට මුදල් ඇමති පදවිය අහිමි විය
විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක සිය පදවියෙන් ඉල්ලා අස්විය.
මෙයින් ස්වල්ප වෙලාවකට පෙර ඇමතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කළේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.
අද ( අගෝස්තු 10) පස්වරුවේ පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වීම ආරම්භ කළ ඇමතිවරයා, ඔහුට එරෙහිව එල්ල කෙරෙන චෝදනාවලට නිවැරදිකරු වන නමුත් රට සහ පක්ෂය ගැන සිතා පදවියෙන් ඉල්ලා අස්වෙන බව කියා සිටියේය.
තවදුරටත් කරුණු දැක් වූ හිටපු ඇමතිවරයා, එක්සත් ජාතික පක්ෂය සහ සහ ආණ්ඩුව විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවත් සඳහන් කළේය.
එසේම ඉතිහාසය විසින් තමා නිවැරදි බව තීන්දු කරන බවත් ඔහු පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පසුගියදා පෙනී සිටි රවී කරුණානායක ඇමතිවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්, ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මාස නවයක කාලයක් පදිංචිව සිටියේ මහබැංකු බැඳුම්කර මිල දී ගැනීම සම්බන්ධයෙන් මහා විවාදයකට තුඩු දී සිටින අර්ජුන් අලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක බව තමන් නොදැන සිටි බව ප්‍රකාශ කළේය.
ඇමතිවරයාගේ එම ප්‍රකාශයත් සමඟ මහබැංකු බැඳුම්කර මිල දී ගැනීමේ කාරණය වෙනත් දිශානතියකට යොමු වූ අතර ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සංවිධාන ගණනාවක් රවී කරුණානායක ඇමතිවරයා පදවියෙන් ඉවත් විය යුතු බවට බල කළහ.
![රවී කරුණානායක ඉල්ලා අස්වෙයි _97279102_310fcffc-066b-423f-8803-6acff2cf340c](https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/4EE5/production/_97279102_310fcffc-066b-423f-8803-6acff2cf340c.jpg)
Image caption මාස තුනකට පසු ඔහුට විදේශ ඇමති පදවියද අහිමි විය
මේ අතර ඇමතිවරයාට එරෙහිව මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය පියවර ගත්තේය.
2015 ජනවාරි 08 වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව මුදල් ඇමති පදවියට පත් රවී කරුණානායක ඇමතිවරයා පසුගිය මැයි මාසයේ සිදු වූ කැබිනට් සංශෝධනයේ දී ඉන් ඉවත්කොට විදේශ ඇමති පදවියට පත් කරනු ලැබුණි.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?