- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
හානි කරන ලද මුදල් නෝට්ටු ළඟ තබා ගන්නේ බලාගෙනයි!
BBC Sandeshaya 2017 ජුනි 16
Image copyright cbsl.gov.lk
විකෘති කරන ලද, වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා 2017 වසරේ දෙසැම්බර් 31 වෙනිදායින් පසු ගෙවීම් නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ව්‍යවහාර මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ වරදක් යටතට ගැනෙන බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මුදල් නෝට්ටුවලට හානි කිරීම සිර ගත කිරීම හෝ දඩ මුදලකට යටත් කිරීම හෝ එම දඬුවම් දෙකම ලබා දිය හැකි වරදක් බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එවැනි ව්‍යවහාර මුදල් නෝට්ටු සන්තකයේ තබා ගන්නා පුද්ගලයන් හට එම මුදල් නෝට්ටුවල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිදු වන බවත් ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
සිතාමතා විකෘති කරන ලද හෝ වෙනස් කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු මුදල් නීති පනත යටතේ පනවන ලද අදාළ නීති ඊ රෙගුලාසි (Regulation E) යටතේ සිය භාරයේ රඳවා තබා ගන්නා අතර ඒ සඳහා කිසිඳු ගෙවීමක් සිදු නොකරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එවැනි පුරුදුවලින් වළකින ලෙසත් එවැනි මුදල් නෝට්ටු ඇතිනම් බලපත්‍රලාභී වාණිජ බැංකු ශාඛාවන් සමග ඒවා හුවමාරු කර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.