- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
කියුබාව, රම් වලින් ණය ගෙවන්න ඉල්ලයි
චෙක් රාජ්‍යයට ඩොලර් මිලියන 276ක් ණය වී ඇති කියුබාව, වෙනස්ම ආකාරයකට සිය ණයතුරුස් පියවීමට යෝජනා කර ඇතැයි වාර්තා වේ.
බීබීසී ලෝක සේවය සඳහන් කරන ආකාරයට ඔවුන් මෙම ණය බේරීමට යෝජනා කර ඇත්තේ කියුබානු රම් බෝතල් මගිනි.
ණය සම්බන්ධ සාකච්ඡා කිරීමේදී කියුබාව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ බවට චෙක් රාජ්‍යයේ මුදල් අමාත්‍යංශය පවසා තිබේ.
රම් වලින් හෝ ඖෂධ වලින් මෙම ණය පියවිය හැකි වුවත්, එම ණයමුදලෙන් කොටසක් හෝ මුදල් වලින් ලැබීමට කැමති බව චෙක් රාජ්‍යයේ මුදල් අමාත්‍යංශය පවසා ඇතැයි එහි වැඩිදුරටත් දැක්වේ.
කෙසේ වෙතත්, මෙම යෝජනාව නිල වශයෙන් පිළිගතහොත් සිය වසරකට සරිලන රම් තොගයක් චෙක් රාජ්‍යයට හිමි වනු ඇතැයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: කියුබාව, රම් වලින් ණය ගෙවන්න ඉල්ලයි
අපිට මොනවාද තියෙන්නේ...?
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
Re: කියුබාව, රම් වලින් ණය ගෙවන්න ඉල්ලයි
Yin-Yang wrote:අපිටත් බැරිද ඔය මොනවගෙන් හරි ණය ගෙවන්න?
අපිට මොනවාද තියෙන්නේ...?