The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
Coronavirus UpdatesYesterday at 9:48 pmRajapaksap
Films - To Watch ListFri Jul 10, 2020 8:33 amyellow knife
Dividend AnnouncementsThu Jul 09, 2020 7:43 pmRana
Rajgama Heroes !Sun Jul 05, 2020 10:05 pmserene
AEL Technical AnalysisFri Jul 03, 2020 7:14 amThe Invisible
LIOC.N0000 (Lanka IOC PLC)Tue Jun 30, 2020 8:00 amLSE
CFVF - First CapitalSat Jun 27, 2020 10:22 pmHUNTER
RCL - Royal CeramicsSat Jun 27, 2020 4:02 amdesh87
JKH.N0000Wed Jun 24, 2020 9:33 pmThe Invisible
LOLC HoldingsMon Jun 22, 2020 3:40 pmRajapaksap
SAMP.N0000 (Sampath Bank PLC)Fri Jun 19, 2020 1:08 pmdakzsl
HAYC - HaycarbFri Jun 19, 2020 12:04 pmRational Investor
HAYL.N0000 Hayleys PLCThu Jun 18, 2020 7:53 pmNIRMALSG
Gota's EraTue Jun 16, 2020 2:40 pmpuliyanam
Hayleys MGTTue Jun 09, 2020 11:16 amThe Invisible
AEL Access EngineeringTue Jun 09, 2020 11:08 amThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

IOC පිරවුම්හල් හිමියන් පාරට බසී. මිල සමාන කරන්නැයි ඉල්ලයි Empty IOC පිරවුම්හල් හිමියන් පාරට බසී. මිල සමාන කරන්නැයි ඉල්ලයි

on Wed Feb 05, 2020 2:37 pm
Message reputation : 100% (1 vote)
IOC පිරවුම්හල් හිමියන් පාරට බසී. මිල සමාන කරන්නැයි ඉල්ලයි
February, 5, 2020

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ ඉන්ධන පිරවුම්හල්වල අලෙවියට ඇති ඉන්ධන මිල ගණන් අතර පවතින අසමානකම් හේතුවෙන් තම පිරවුම්හල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීම දැඩි ලෙස පහළ ගොස් ඇති බවත්, මේ හේතුවෙන් තම ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යා නොහැකි මට්ටමකට පැමිණ ඇති බවත් ලංකා IOC ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් ලිපියක් භාර දීම සඳහා ලංකා IOC පිරවුම්හල් හිමියන් පිරිසක් විසින් අද (05) උදෑසන කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණි.

මෙම මිල අසමානතාවය පිළිබඳ අදහස් දක්වමින් ලංකා IOC බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති, කෝසල විදානාරච්චි මහතා මෙසේ කියා සිටියේය.



“මේ වෙන කොට අපි අර්බුදකාරී තත්ත්වයකට පත්වෙලා තියෙනවා. මේ මිල අසමාන වීම පිළිබඳව. CPCවල එක මිලක්. IOC ෂෙඩ්වල එක මිලක්. එම තත්ත්වය තුළ පාරිභෝගිකයා අපෙන් ඈත් වීමේ තත්ත්වයක් මේ වෙන කොට උදාවෙලා තියෙනවා. මේ මිල අසමානකම නිසා පාරිභෝගිකයා අපෙන් ඉවත්වීම නතර කරන්න බැරි වෙලා තියෙනවා. ඒ තුළ අපිට විශ්වාසවන්තව, අඛණ්ඩව ව්‍යාපාරයක යෙදෙන්න බැරි වෙලා තියෙනවා. එක කාලෙක ඩීසල් වැඩිකරනවා, එක කාලෙක පැට්‍රොල් වැඩි කරනවා, මේකේ කිසිම ප්‍රමිතියක් නැහැ. එතකොට අපත් සමඟ අඛණ්ඩව ගනුදෙනුකරන පාරිභෝගිකයෝ අපෙන් ඈත් වෙනවා.“

“IOC සමාගම කියන මිලට තමයි අපිට විකුණන්න වෙලා තියෙන්නේ. අපි දන්නෙත් නැහැ අපි හෙට කීයටද විකුණන් ඕනේ කියලා. ලංකාව එක රටක්. ඒ තුළ පාරිභෝගිකයන්ට එක මිලකට ඉන්ධන විකුණන්න ඕනේ. මේක අනිවාර්යයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙන්න ඕනේ. මෙය මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ ප්‍රශ්නයක්. ඔවුන් තමයි මේ මාෆියාවේ ඉන්නේ. අපිට නම් වශයෙන් කියන්න පුළුවන්.“

“මේ වෙන කොට අපේ බැංකු අයිරාව ගොඩාක් ඉහළට ගිහිල්ලා. අපි ෂෙඩ් එක දාපු මිලවත් අපිට පියවගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම අපේ සේවකයන්ට නියමාකාර වැටුපක් දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ ගොල්ලන්ගේ වැටුපක් ඉහළ දමන්න බැරි වෙලා තියෙනවා. දිරිදීමනා දෙන්න බැරි වෙලා තියෙනවා. අවුරුදු තුනක් තිස්සේ එකම පඩියට ඒ ගොල්ලෝ වැඩ කරන්නේ. අපේ හැම පිරවුම්හල් හිමියෙක්ම, අඩුම ගාණේ රුපියල් කෝටි 3ක 4ක ණයක් තියෙනවා, බැංකු වලට.“

“අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, මේ මිල සමාන කරන්න කියා. මෙය අත්‍යාවශ්‍ය සේවාවක් නම්, අත්‍යාවශ්‍ය භාණ්ඩයක් බවට පත්කරන්න. එකේ තමයි අවසාන විසඳුමක් තියෙන්නේ.“

කෙසේ වෙතත් ඉන්ධන පිරවුම්හල් හිමියන් මෙවැනි ප්‍රකාශයක් කළ ද, නවතම වාර්තාවලට අනුව ඉන්දියන් ඔයිල් සමාගමේ මෙරට ව්‍යාපාරික ඒකකය වන ලංකා IOC සමාගම පසුගිය 2019 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව තුළ දී රුපියල් මිලියන 489.75 ක ශුද්ධ ලාභයක් උපයා තිබුණි.

වර්තමානයේ දී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල, ලංකා IOC පිරවුම්හල්වල රු. 142.00 ක් වන අතර සිපෙට්කෝ පිරවුම්හල්වල එය රු. 137.00 කි. එමෙන්ම සිපෙට්කෝ පිරවුම්හල්වල රු. 161.00 බැගින් අලෙවි කෙරන 95 Octane Euro 4 පෙට්‍රල් ලීටරයක, ලංකා IOC පිරවුම්හල්වල මිල දැක්වෙන්නේ. රු. 164 ක් වශයෙනි.


කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8574
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

IOC පිරවුම්හල් හිමියන් පාරට බසී. මිල සමාන කරන්නැයි ඉල්ලයි Empty Re: IOC පිරවුම්හල් හිමියන් පාරට බසී. මිල සමාන කරන්නැයි ඉල්ලයි

on Thu Feb 06, 2020 10:37 am
Nothing will happen until the General Election is over.
Then one can see the fun.
( OIL (BRENT) PRICE 56.18 USD 0.60 (1.08%)

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum