- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට
කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළ පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා වූ අතර මිල මට්ටම්වල ඉහළ යාමක් ද අද දින වාර්තාවිය. සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 30.30 කින් ඉහළ ගිය අතර ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 6,310.69 ක් ලෙසින් සටහන් විය.
අද දින දෛනික පිරිවැටුම රුපියල් මිලියන 960.89 ක්වූ අතර එහිදී රුපියල් මිලියන 765.15 ක විදේශීය මිල දීගැනීම් වාර්තා වීම විශේෂත්වයකි. මේ අතර අද දින දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 195.73 ක් ලෙසත් දේශීය විකිණුම් රුපියල් මිලියන 662.7 ක් ලෙසත් වාර්තා විය.
පෙර දිනයේ දී මෙන් අද දිනයේ දීද ජෝන් කීල්ස් Warrant සඳහා විශාල උනන්දුවක් ආයෝජකයින්ගෙන් ලැබී තිබුණු අතර ඊයේ දින රු. 3.20 ක් ලෙසින් ගනුදෙනු සමාප්තිය සටහන් වූ එහි අද දින අවසානයේ දී අවසාන ගනුදෙනු මිල දැක්වුණේ රු. 5.50 ක් ලෙසිනි. මෙය පෙර දිනයට සාපේක්ෂව 62.50% ක දැවැන්ත මිල ඉහළ යාමකි.
පසුගිය සඳුදා එනම් ජූලි 04 දින ජෝන් කීල්ස් Warrant හි වටිනාකම රු. 1.80 දක්වා 62.5% කින් හදිසියේම පහළ ගිය අතර ඊට පසු දින (05) ක්ෂණිකව එහි මිල රු. 1.80 සිට රු. 3.20 දක්වා 77.78% ක වර්ධනයක් වාර්තා කරනු ලැබීය. ජෝන් කීල්ස් Warrant හි මෙම ඉහළ උච්ඡාවචන ගනුදෙනු මධ්‍යයේ සිල්ලර ආයෝජකයින් විශාල වශයෙන් ඊට උනන්දු වන තත්ත්වයක් නිරීක්ෂණය කළ හැකිවිය. මෙහිදී මෙම සතිය තුළ දී පිළිවෙලින් සඳුදා – මිලියන 1.97 ක්, අඟහරුවාදා – මිලියන 7.34 ක් සහ අද දින බ්‍රහස්පතින්දා – මිලියන 13.24 ක් වශයෙන් ජෝන් කීල්ස් Warrant කොටස් ගනුදෙනු වීම හරහා මේ බව මනාව පිළිබිඹු කර ඇත.
කෙසේ වෙතත් මෙවැනි ක්ෂණික මිල උච්ඡාවචනයන්වල දී සුළු පරිමාණ ආයෝජකයින් කෙටිකාලීන ලාභ අපේක්ෂාවෙන් කෙටි ගනුදෙනු සඳහා යොමු වීම නොවැළැක්විය හැකි කරුණක් වන අතර එය ඉතා අවදානම්කාරී කටයුත්තක් බව පසුගිය කාලවල තත්ත්වයක් නිරීක්ෂණය කිරීමෙන් වටහා ගත හැකිය.
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01