- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
බ්‍රිතාන්‍ය ජනමත විමසුම: ශ්‍රී ලංකාව 'ආසියාව දෙසට'
BBC Sandeshaya පැයකට පෙර
''කුඩා රටක් වශයෙන් ඉදිරියට යාමට චීනය, ඉන්දියාව, ජපානය සහ කොරියාව සමග ආර්ථික ගිවිසුම් ඉතා වැදගත් වනවා''
යුරෝපය සහ ඇමරිකාව මත පමණක් පදනම් නොවී ආසියානු රටවල් සමග වෙළඳ සබඳතා ඇති කර ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ශ්‍රී ලංකාවේ අවධානය යොමු විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ලෝකයේ තිබෙන තනි විශාලතම වෙළඳපොළ වන යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍ය ගත් තීන්දුව ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳපොළ කෙරෙහි බලපෑමක් ඇති කළ හැකි බව අගමැතිවරයා කියා සිටියේ ගාල්ල මහ නගර සභා ශාලාවේ පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහනක් අමතමිනි.
''එම වෙළඳපොළට අපේ අපනයනයෙන් 40% ක් පමණ යනවා. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු එහි ආර්ථික අහේනියක් ඇති වුවහොත් බ්‍රිතාන්‍යයට ටී ෂර්ට් වගේ නිෂ්පාදන අපනයනය කරන අපේ ගම්වල කර්මාන්තශාලාවලටත් පහර වදිනවා," ඔහු පැවසීය.
ඉන්දියාව සහ චීනය
බ්‍රිතාන්‍යවාසීන්ගේ තීන්දුවෙන් ශ්‍රී ලංකාවට තදබල හානියක් ඇතිවීම වැළැක්වීම් වස් විකල්ප වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති බවත් අගමැතිවරයා සඳහන් කළේය.
ඒ අනුව ආසියාව සමග වෙළඳ සබඳතා ඇති කර ගන්නේ කෙසේදැයි යන්න පිළිබඳ මූලික වර්තාවක් සැකසීම සඳහා කමිටුවක් පත් කොට ඇති බව පැවසූ අගමැතිවරයා, ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා චීනය සහ ඉන්දියාව අත්‍යවශ්‍ය බවත් අවධාරණය කළේය.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමග ඇති විය හැකි අවදානම් තත්වය පිළිබඳ ආණ්ඩුව සැලසුම් සහ විකල්ප සකස් කොට තිබූ බවයි අගමැතිවරයා පවසන්නේ.
ඉන්දියාව සමග සාකච්ඡා කරමින් තිබෙන තාක්ෂණ සහ ආර්ථික ගිවිසුම ඊට එක් උදාහරණයක් බව පවසන අගමැති රනිල් වික්‍රමසිංහ, එවැනි ගිවිසුම් අවශ්‍ය නොමැති බව පැවති රජයේ ස්ථාවරය වූ බවත් පෙන්වා දුන්නේය.
''කුඩා රටක් වශයෙන් ඉදිරියට යාමට චීනය, ඉන්දියාව, ජපානය සහ කොරියාව සමග ආර්ථික ගිවිසුම් ඉතා වැදගත් වනවා. මෙය අපේ විදේශ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස සලකා ක්‍රියාත්මක කිරීමට පුළුවන්.''
තාක්ෂණ සහ ආර්ථික ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ලබන සතියේ ඉන්දියාව බලා යාමට නියමිත බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේය.
- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16