- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලංකාවේ විගණන හොරුන් වටලන හැට් ලෝක බැංකුව කියයි
Written by Randora LK Editorial Board Published in සමාගම් නිවේදන හා පුවත් Tuesday, 01 September 2015 11:36
ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ ආයතන හා පුද්ගලයන්ගේ වංචනික/නොසැලකිලිමත් ස්වභාවය පිළිබඳව දිගින් දිගටම කරුණු පෙන්වා දෙමින් රන්දොර පසුගිය කාලය මුළුල්ලේ ගෙන ගිය සමාජ මෙහෙවර සඵල ගන්වමින් දැන් දැන් වගකිව යුතු අංශ එම තත්ත්වයන් මැඩ ලිම සඳහා සිය අවධානය යොමුව තිබෙන බවක් පෙනි යයි.
මේ පිළිබඳව වන ආසන්නතම උදාහරණය වන්නේ පසුගියදා ලංකාවේ ගිණුම්කරණ හා විගණන ක්‍රියාවලියන් අධ්‍යයනය කරමින් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවයි.
එසේම ශ්‍රී ලංකා සූරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවද නව අණ පනත් ක්‍රියාත්මක කරමින් විගණකයින්ට දඩුවම් දිම සදහා සුදුසු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරිමට මේ දිනවල පිඹුරුපත් සකසමින් ඇත්තේ ටච්වුඩ් වැනි වංචනික ගිණුම් වාර්තා නිකුත් කළ සමාගම් වල මුල්‍ය වාර්තා විශ්වාශය තබා වරක් වත්මන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතා වැනි අසහාය බුද්ධිමතුනුත් එම සමාගමේ ප්‍රමුඛ ආයෝජකයින් 20 අතර සිටි පසුබිමකය.
ටච්වුඩ්,cifl වැනි ලයිස්තුගත සමාගම් මෙන්ම ඇතැම් සක්‍රිය නම ගිය ලයිස්තුගත සමාගම්ද නිර්මාණශිලි ගිණුම්කරණයන් භාවිතා කරමින් තමන්ගේ සත්‍ය ලාභ වසන් කරමින් අයුතු ප්‍රයෝජන අත්පත් කරමින් තිබෙන බව ඇතැම් පාර්ශව තර්ක කරති.
එසේම මහ බැංකුවේ වාර්ෂික ගිණුම් වාර්තාද මේ වන විට දැඩ් විශ්වාශනියත්වය පිළිබඳ ගැටළු වලට මුහුණ පා ඇති බව එහි පාර්ශව පවසයි.
ගිණුම්කරණ හා විගණන ප්‍රමිත අනුගමනය නොකරන ආයතන සම්බන්ධයෙන් දැඩ් ක්‍රියාමාර්ග ගැනිමේ වැදගත් කම පසුගියදා නිකුත් වු ලෝක බැංකු වාර්තාව මගින් අවධාරණය කර තිබිණි.
මෙය රටේ ආයෝජන පරිසරය හා තරඟකාරිත්වය ඉහළ නැංවිමට අත්‍යවශ්‍ය බව මෙම වාර්තා කියයි.
ශ්‍රී ලංකා ගිණුම්කරණ හා ප්‍රමිත මණ්ඩලයේ Sri Lanka Accounting and Auditing Standards Monitoring Board (SLAASMB), නියාමනයන් ක්‍රියාත්මන කිරිම මගින් මෙම දඩුවම් නියම කළ හැකි බව මෙම වාර්තාව කියයි.
මේ වන විට මෙම ආයතනය දිවයිනේ සමාගම් 1000 කට අධික ප්‍රමානයක ගිණුම් වාර්තා අදාල ප්‍රමිත හා නිර්ණායක සපුරා ඇතැයිද යන්න පිළිබඳව විමර්ශනයකට ලක් කරයි.
1995 දි පණතක් මගින් පිහිටවු මෙම ආයතනයට රුපියල් ලක්ෂ 05 ක් දක්වා දඩ නියම කිරිමේ බලය ඇත.ඊට අමතරව වසර 05 ක් දක්වා සිර දඩුවම් නියම කිරිමේ බලයක්ද ඇත.
- ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළෙඳාමෙහි ක්‍රියාකාරීත්වය 1977 ට පෙර මට්ටමට පිරිහිලා – මහ බැංකුව කියයි
- අටවන වරටත් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018
- අපේ බැංකු අලුත් පිම්මකට සුදානම් වන හැට් වාර්තාවක් කියයි
- මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි
- ලංකාවේ දුවන්නේ ලොරි බස් – ධම්මික කියයි