- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඩයස්පොරා සල්ලි මලු ලිහන්න ,ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර ලබන මාසේ අලුත් පිම්මක් පනි.
Monday, 22 June 2015 01:56
(www.randora.lk-22/06/2015)-විදේශ් ගත ශ්‍රමික අරමුදල් ආකර්ශණය කිරිමේ අරමුණින් මෙරට පළමු වරට පත්‍රිකා විරහිත/නිර්ලේඛණ ඩොලර් සුරැකුම්පත් පියවිමේ /හුවමාරු කිරිමේ පහසුකම් ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර විෂයෙහිද ලබන මස සිට හදුන්වා දිමට පියවර ගන්නා බව මහ බැංකුව පවසයි.
මේ සමගින් විධිමත් ද්විතියික වෙළෙඳ පොලක්ද හදුන්වාදෙන බව කියයි.
මේ සම්බන්ධයෙන් රන්දොර කළ විමසිමකට පිළිතුරු වශයෙන් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු පවසා සිටියේ නව තාක්ෂණ පහසුකම් සමඟම ඉදිරියේදි විවිධ මුදල් වර්ග වලින් මෙමශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර විෂයෙහි ආයෝජනය කිරිමේ හා ද්විතියික වෙළෙඳ පොල පහසුකම් ලබා දිමේ කටයුතුද ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවයි.
“මේ සදහා වන මෘදුකාංග පද්ධතිය මේ වන විට සැකසෙමින් පවතිනවා.අපි විශ්වාශ කරනවා ලබන මස වන විට මෙය හදුන්වා දෙන්න.හැබැයි,මුලින්ම ඩොලර් වලින් පමණක් මෙම පහසුකම සලසා දෙන බව”,ද ඔහු කියා සිටියේය.
පසුගිය 18 දා මහ බැංකුව පස් අවුරුදු ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුතුවක් මගින් ඩොලර් මිලියන 100 ක් රැස් කිරිමට මේ වන විට පියවර ගෙන ඇති අතර එය 25 දා තෙක් විවෘතව තබා 29 දා පියවිම් සිදු කිරිමටද පියවර ගෙන ඇති බව මහ බැංකුව පවසයි.
මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර නිකුතු මගින් ඩොලර් බිලියනය ඉක්මවාද රැස් කර ගෙන ඇති අතරේ ජාතික සෛවරිත්ව බැදුම්කර මගින් රැස් කර ඇත්තේ ඩොලර් මිලියන 650 ක් පමණි.
ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර සාපේක්ෂව පිරිවැය අඩු විනිමය අනුපාත අවදානම් නැති රාජ්‍ය ණය ක්‍රමවේදයක් නිසා විදේශ්ගත ශ්‍රමිකයින් ඉලක්ක කර වඩාත් ආකර්ෂණිය බදු විරහිත ආයෝජන අවස්ථා ලබා දිමේ අරමුණින් මෙම තාක්ෂණික පහසුකම් හදුන්වා දෙන බව මහ බැංකුව කියයි.
අමතර තොරතුරු -
ශ්‍රී ලංකා සංවර්ධන බැදුම්කර (SLDB)
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර ඇමෙරිකානු ඩොලර් මුදල් ඒකක වලින් රජය මගින් නිකුත් කරන හා අර්ධ වාර්ෂික පොලී අනුපාතය හය මාසික ලන්ඩන් අන්තර් බැංකු අර්පණ පොලී අනුපාතකයට (LIBOR) ස්ථීර ගණනයක් එක් කිරීමෙන් ලැඛෙන වෙනස් වන පොලී අනුපාතිකයකි. මෙහි ප්‍රතිලාභ ශ්‍රී ලංකාව තුළ බදු වලින් නිදහස් වේ. ප්‍රාදේශික පුරවැසියන් හා ආයතන, අනේවාසික ශ්‍රී ලාකීකයන් ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියන්, බලයලත් නියෝජිතයන්, ප්‍රාථමික වෙළඳුන් හා අනෙකුත් නිශ්චිත සමාගම් මෙම අයෝජනය සඳහා සුදුසුකම් ලබයි. අවම අයෝජන මුදල් ඇමෙරිකානු ඩොලර් 10,000කි.
සීඝ්‍රයෙන් ප්‍රසාරණය වන මූල්‍ය කෂේත්‍රය තුළ අද වන විට බැඳූම්කර වෙළඳපළ යන්න ඉතා ප්‍රචලිත මෙන්ම අත්‍යවශ්‍ය අංගයකි. ශ්‍රි ලංකාවේ බැඳූම්කර වෙළඳපල 1990දි ආරම්භ වූ අතර එය වර්තමානයේ
· භාණ්ඩාගාර බැඳූම්කර
· සාංගමික බැඳූම්කර
·
යන ණය උපකරණ වර්ග දෙකෙන් සමන්විතය. භාණ්ඩාගාර බැඳූම්කර රජයේ භාණ්ඩාගාරය වෙනුවෙන් ශ්‍රි ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තූමේන්තූව විසින් දෙසතියකට වරක් වෙන්දේසි මාර්ගයෙන් නිකූත් කරනු ලැබේ. භාණ්ඩාගාර බැඳූම්කර නිකූත් කිරීමේ අරමූණ වන්නේ රාජ්‍ය වියදම් සදහා මුදල් සැපයීම හා ණය සුරැකුම් වෙළඳපල සංවර්ධනය කිරිමයි. සාංගමික බැඳූම්කර පෞද්ගලික අංශය විසින් ඔවුන්ගේ අරමුදල් සපුරා ගැනීම සඳහා නිකුත් කරන අතර ලංකාවේ 1996දී ප්‍රථම ප්‍රසිද්ධ සාංගමික ණයකර නිකුත්ව සිදුවිය. අද වනවිට වෙළඳපල යටිතළ පහසුකම් වර්ධනය හා තාක්ෂණ වර්ධනයත් සමග නිර්ලේඛණ ගත අයුරින් බැඳූම්කර නිකුත් කිරීම සිදුකෙරේ. සියල්ල පරිගණක ගත කොට ඉතාකෙටි කාලයක් හා ගනුදෙනු කිරිමේ හැකියාව අද ඇත.
2001 වසර භාණඩාගාර බැඳූම්කර සම්බන්ධයෙන් ඇති වැදගත්කම වැඩිවිමට අදාළ තවත් හේතුවක් වුයේ සංවර්ධන බැඳූම්කර හදුන්වාදිමයි. එම බැදුම්කර කොටස් දෙකින් නිකුත් කරන ලද අතර පරිණත කාලය වසර දෙකක් විය.
වර්ෂ 2003 - 2004වෙළඳපළට සුවිශේෂිම කාලසිමාවක් හිමිවිය වඩාත් වේගවත් කාර්යක්ෂම තත්වයක් කරා බැඳූම්කර වෙළඳපල වර්ධනය විමේ අඩිතාලම යොදනු ලැබුවේ මේ මේ කාලයේ දිය. ඒ අන්තර් බැංකු ගෙවිම් හා පියවිම් සඳහා පහසුකම් සපයනු ලබයි. ලංකා සෙට්ල් පද්ධතිය හදුන්වාදිමෙනි. බැදුම්කර සම්බන්ධයෙන් වැදගත් වුයේ එම පද්ධතියේ උප කොටසක් වන රාජ්‍ය සුරැකුම්පත් ගණුදෙනු පියවන ලබන පත්‍රිකා රහිත රුපියල් සුරැකුම්පත් පියවිමේ පද්ධතියකි. මෙම ක්‍රමය හදුන්වා දිමට පෙරාතුව බැඳූම්කර සමග සහතිකයක් ද මිළදි ගන්නාට ලබාදිම සිදු වු නමුත් එය මේ සමග නිමා විය. සියලූ ගණුදෙනු පරිගණකගත කිරිමත් සිදු විය. මෙය බැදුම්කර වෙළඳපොළ වර්ධනයට ඉමහත් බලපැමක් කරනු ලැබු සිදුවිමකි.