- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ඩෙංගු රෝගීන්ගේ අඩුවක්?
Image caption දිවයිනේ පාසල් සියල්ලේම පාහේ ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක විය
ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන්ගේ කිසියම් අඩුවක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි.
ජුලි මස දෙවෙනි සතිය තුළ දී ඩෙංගු රෝගීන් 8704 ක් දිවයින පුරා වාර්තා වුවත් තුන් වෙනි සතිය වනවිට එම සංඛ්‍යාව 6097ක් වූ අතර, සිව් වෙනි සතිය අවසන් වනවිට තවත් රෝගීන් ගණන අඩුවිය හැකි බවට ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහන් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක් වේ.
මේ වසර තුළ ඩෙංගු රෝගීන් 110,372 ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් 301 දෙනෙක් ඩෙංගු රෝගය හේතුවෙන් මියගොස් තිබේ.
බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් කණ්ඩායම් 1200 ක් යොදාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බ්‍රහස්පතින්දා (ජුලි 27) ක්‍රියාත්මක කෙරුණු ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ දී පරිශ්‍ර 35,720 ක් පරීක්ෂාවට ලක් කර මදුරු කීටයින් සහිත පරීශ්‍ර 481 ක් සොයා ගෙන තිබේ.
Image copyright Epidemiology Unit, Sri Lanka
රාජ්‍ය ආයතන 58 ක් ද එහිදී පරීක්ෂාවට ලක් කෙරිණ. ඩෙංගු මදුරු කීටයින් සහිත පරිශ්‍ර 07 ක් ඒ අවස්ථාවේ සොයා ගැනීමට හැකි වී තිබේ.
මේ අතර පුත්තලම, මාතලේ, උකුවෙල, බදුල්ල සහ හාලි ඇල යන ප්‍රදේශවල ඩෙංගු මදුරු කීටයින් සහ රෝගීන් අලුතින් වාර්තා වී ඇති බව පවසන සෞඛ්‍ය අමාත්‍යාංශය බස්නාහිර, මධ්‍යම, වයඹ, සබරගමුව සහ දකුණ පළාත් ඩෙංගු අවදානම සහිත පළාත් ලෙස නම් කර ඇති බව පවසයි.
මේ අතර දිවයිනේ පාසල් සියල්ලේම පාහේ සිකුරාදා (ජුලි 28) ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක විය. පාසල් දරුවන්, ආදි ශිෂ්‍යයින්, දෙමව්පියන් ඇතුළු සියලු දෙනාගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය සහිතව එම වැඩසටහන ක්‍රියාත්මක වුණු බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.
ජුලි මස 28, 29 සහ 30 යන තෙදින තුළ දිවයිනේ සෑම පාසලක ම අධ්‍යාපන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් විශේෂ ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
ඩෙංගු රෝගය වැළඳී තිබෙන සමස්ත රෝගීන්ගෙන් 30% ක් පමණ පාසල් දරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවල දැක්වේ.