- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
“මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා”
BBC Sandeshaya 2017 ජූලි 8
Image copyright AFP
Image caption මහාරාජ් යෝගී භාවනාවෙන් නැගිටින තෙක් බලා සිටින අනුගාමිකයෝ
දිවියෙන් සමුගත් සිය හින්දු ආධ්‍යාත්මික නායක පූජකවරයකුගේ (Guru) මෘතදේහය ශීතකරණයක තැන්පත් කර තබා ගැනීම සඳහා ඉන්දියානු උසාවියකින් ඔහුගේ අනුගාමිකයන්ට අවසර ලැබුණි.
ඔහු "දිව්‍යමය ආලෝකය උදා කිරීමේ දූතයා" (Divya Jyoti Jagriti Sansthan ) නම් ආගමික සංවිධානයේ නිර්මාතෘවරයා විය.
අශුතෝෂ් මහාරාජ් (Ashutosh Maharaj ) නම් එම සාධුවරයාගේ සිරුර 2014 වසරේ අජීවී තත්වයකට පත් වීමෙන් අනතුරුව ඔහුගේ අනුගාමිකයෝ සිය ආගමික නායකයාගේ දේහය පසුගිය වසර තුනක කාලය තුළ පංජාබයේ පිහිටි ඔවුන්ගේ විශාල ආශ්‍රමයේ ශීතකරණයක හොවා රැක බලා ගනිති.
2014 වසරේ සාධුවරයා දිවියෙන් සමුගත් නමුත්, එතුමා මියගිය බව පිළිනොගන්නා ඔහුගේ අනුගාමිකයෝ සිය නායකයා ගැඹුරු භාවනාවකට සමවැද සිටින බව කියා සිටිමින් එම සිරුර ආදාහනය කිරීමට ඉඩ නොදෙති.
Image copyright Shammi Mehra
Image caption මහාරාජ් 2014 වසරේ නිහඬ වීමන් අනතුරුව ආශ්‍රමය ඉදිරිපිට ඉන්දීය පොලිසිය
භාවනාවෙන් මිදුන සැණින් සාධුවරයා යළි නැගී සිටිනු ඇතැයි පවසන එම අනුගාමිකයෝ සිය නායකයාගේ සිරුර වෙළෙඳසැල්හි ආහාර ද්‍රව්‍ය තබන ආකාරයේ විශාල දිග ශීතකරණයක තැන්පත් කරනු ලැබ ඇත.
එම සිරුර සම්බන්ධයෙන් ගතයුතු ඊළඟ පියවර සම්බන්ධයෙන් සාධුවරයාගේ අනුගාමිකයන් සහ ඔහුගේ පුත්‍රයා ලෙස පෙනී සිටින දලිප් කුමාර් ජා (Dalip Kumar Jha) නම් පුද්ගලයකු අතර වසර තුනක කාලයක් දිග්ගැසුන නෛතික අරගලයක් පැවතුණ අතර සිය පියාගේ දේහය හින්දු චාරිත්‍ර විධි අනුව ආදාහනය කළ යුතු බව දලිප් කුමාර් කියා සිටියි.
සිය පියාගේ දේහය ආදාහනය කිරීමට අවසර දෙන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.
එහෙත් සාධුවරයාගේ අනුගාමිකයෝ ඊට එරෙහි වූහ.
එම ආරවුල විභාග කළ පංජාබ් සහ හර්යානා මහාධිකරණය දලිප් කුමාර් ජා විසින් කරන ලද ඉල්ලීම බැහැර කර ඇත.
Image copyright AFP
Image caption සායිබාබා ශ්‍රී ලංකාවේත් අතිශය බලපෑමක් සිදුකළ ඉන්දියානු ආගමික චරිතයකි
2014 දී වාර්තා වූ සාධුවරයාගේ අභාවයෙන් අනතුරුව, එම දේහය පරීක්ෂා කළ වෛද්‍යවරයෙක් එය "මරණයක්" බව තහවුරු කරන ලද අතර ඒ අනුව සිරුර ආදාහනය කිරීම සඳහා එම වසරේ ප්‍රකාශයට පත් කරන ලද අධිකරණ තීන්දුවකින් අවසර ලැබිණි.
එහෙත් පංජාබ් සහ හර්යානා මහාධිකරණය එම පැරණි අධිකරණ තීන්දුව ප්‍රතික්ෂේප කර ඇති අතර සාධුවරයාගේ සිරුර ශීතකරණයක තැන්පත් කර තබා ගැනීමට ඔහුගේ අනුගාමිකයන්ට අවසර දී ඇත.
සාධුවරයාගේ පුත් දලිප් කුමාර් ජා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා AFP මාධ්‍ය ජාලයට අදහස් දක්වමින්, ආගමික නායකයා තවමත් ජීවත් වෙන බවට ඔහුගේ අනුගාමිකයන් කරන ප්‍රකාශය සමඟ අධිකරණය එකඟ වීද ? නැද්ද? යන්න අපැහැදිලි යයි කියා සිටියේය.
අශුතෝෂ් මහාරාජ් විසින් 1983 දී පිහිටුවන ලද "දිව්‍යමය ආලෝකය උදා කිරීමේ දූතයා" (Divya Jyoti Jagriti Sansthan )ආගමික සංවිධානය අවුරුදු කීපයක් ඇතුළත ලොව පුරා දශලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයන් ආකර්ෂණය කරගත් දැවැන්ත ආගමික සංවිධානයක් බවට පත්විය.
Image copyright Pathanjali Yogpeeth
Image caption යෝගී රාම්දේව්
ඉන්දියාවේ පමණක් නොව ඉතා කෙටි කාලයක් ඇතුළත යුරෝපය,මැද පෙරදිග, ඔස්ට්‍රේලියාව,දකුණු ඇමෙරිකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ද ඇතුළුව ලොවපුරා විහිදුණ එම සංවිධානය සතු ආර්ථික ශක්තිය ඩොලර් කෝටි දොළහක් පමණ වෙතැයි ඇස්තමේන්තු කෙරෙයි.
පංජාබයේ පිහිටි අක්කර සීයකින් යුක්ත මහා මූල්‍ය වත්කමක් සහිත එහි ප්‍රධාන ආශ්‍රමය අධි ආරක්ෂක රැකවල් සහිතව පවත්වා ගෙන යන අතර තම පියාගේ දේහය ආදාහනය නොකර තබා ගන්නේ එම වත්කම් නිසා යයි සාධුවරයාගේ පුත්‍රයා අනුගාමිකයන්ට චෝදනා කරයි.
2014 වසරේ අශුතෝෂ් මහාරාජ් අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව ඔහුගේ ප්‍රකාශක ස්වාමි විශ්ලානන්ද් (Swami Vishalanand) බීබීසියට ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය.
Image copyright AFP
Image caption අගමැති මෝදි යෝගී සාධුවරයකු සමඟ
"මහාරාජ් මරණයට පත්වුණේ නැහැ. වෛද්‍ය විද්‍යාවට යෝගී විද්‍යාව වගේ දේවල් ගැන අවබෝධයක් නැහැ. අපි බලමු. - මොකද වෙන්නේ කියල. මහාරාජ් ආයෙත් එනවා. ඒක අපට විශ්වාසයි"
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: “මහාරාජ් මැරුණේ නෑ - ආයෙත් එනවා”
Now we worship,yellow color..