The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
HAYC - HaycarbMon Oct 26, 2020 9:58 amsubash
Plantation Sector UpdatesTue Oct 20, 2020 3:11 pmslstock
LWL.N0000 (Lanka Walltiles PLC)Fri Oct 16, 2020 12:50 amsubash
CSE Daylight Robbery !Mon Sep 21, 2020 9:54 pmYin-Yang
Trading Journal Tue Sep 15, 2020 10:37 pmThe Invisible
AEL Access EngineeringTue Sep 15, 2020 7:24 pmsmallville
CFVF - First CapitalWed Sep 09, 2020 9:42 pmWonderer
අනං මනං! #/+?.<>Tue Aug 18, 2020 11:15 pmYin-Yang
Dividend AnnouncementsMon Aug 17, 2020 1:27 pmRana
Ceylon Tobacco CTCSun Aug 16, 2020 5:11 pmThe Invisible
Sunshine HoldingsFri Aug 14, 2020 9:39 pmThe Invisible
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5567
Join date : 2014-02-28

මළ දියණියගේ 'නොමළ හද' ළඟ වැළපෙන පියෙක් Empty මළ දියණියගේ 'නොමළ හද' ළඟ වැළපෙන පියෙක්

on Tue Jun 27, 2017 10:52 am
Message reputation : 100% (2 votes)
මළ දියණියගේ 'නොමළ හද' ළඟ වැළපෙන පියෙක්
BBC Sandeshaya  2017 ජුනි 26


මළ දියණියගේ 'නොමළ හද' ළඟ කම්පිතව

මියගිය සිය දියණියගේ හදවතේ කම්පනය අසා පියෙකු වැළපෙන සංවේදී අවස්ථාවක සේයා රූ ඇමෙරිකාව පුරා මේ දිනවල ව්‍යාප්තවෙමින් පවතී.

බිල් කොනර් නම්වූ එම පුද්ගලයා ඇමෙරිකාවේ විස්කොන්සින් හි සිට සිය දියණියගේ හදවතේ කම්පනය ඇසීමට ලුයිසියානා ප්‍රාන්තය වෙත සැතපුම් දහස් ගණනක් මග ගෙවූයේ පාපැදියෙනි.
මළ දියණියගේ 'නොමළ හද' ළඟ වැළපෙන පියෙක් _96690528_2340e4a2-54eb-4734-bef3-da9b36f57a5a
Image copyright MARY KLEMENOK
Image caption සිය දියණියගේ හදවතේ කම්පනය ඇසීමට සැතපුම් දහස් ගණනක් මග ගෙවූයේ පාපැදියෙනි.

ලූමන්ත් ජැක් නම් වූ පුද්ගලයාගේ පපුවට ස්ටේතස්කෝපය තබා සිය දියණියගේ හදවතේ ගැස්ම ඇසූ මොහොතේ බිල් කොනර්ට සිය කඳුළු සඟවාගත නොහැකි විය.

ඇබී කොනර් නම්වූ තරුණිය මිය යාමෙන් අනතුරුව ඇයගේ හදවත ලූමන්ත් ජැක් සතුවුයේ ඇය අවයව පරිත්‍යාගශීලියකු වූ බැවිනි.

   "මගේ දුව නිසා ඔහු ජීවත්වෙනවා කියන එක දැනගත්තහම මට දැනුන මගේ දුව ඔහු තුළ ජීවත්වෙනවා කියලා. ඔහු තුළ තිබෙන්නේ ඇයගේ හදවතයි."
 
බිල් කොනර්

හෘදයාබාධයකින් පෙළුණු ජැක්ට සිය ජීවිතයේ ඉතිරිව තිබුනේ තවත් දින කිහිපයක් පමණක් වුවත් ඇබීගේ පරිත්‍යාගශීලීත්වය ඔහුට ජීවිතය පිළිබඳ තවත් බලාපොරොත්තු එක් කළේය.

"මගේ දුව නිසා ඔහු ජීවත්වෙනවා කියන එක දැනගත්තහම මට දැනුන මගේ දුව ඔහු තුළ ජීවත්වෙනවා කියලා. ඔහු තුළ තිබෙන්නේ ඇයගේ හදවතයි." බිල් කොනර් සීබීඑස් පුවත්වලට පැවසීය.

"මට ඔහු ගැනත් ඔහුගේ පවුල ගැනත් සතුටුයි. ඒ වගේම, මගේ දුව සමග එක්වන්නට ආයෙමත් මට අවස්ථාවක් ලැබුනා." යැයි ද ඔහු කීය.

අවුරුදු 16 දී අවයව පරිත්‍යාග කරයි

පසුගිය ජනවාරි මාසයේදී මෙක්සිකෝවේ කැන්කුන් සංචාරක නිකේතනයේ නිවාඩුවක් ගතකරමින් සිටි ඇබී සහ ඔහුගේ සොයුරා සිහිසුන් තත්ත්වයෙන් පිහිනුම් තටාකයක සිටියදී සොයා ගනු ලැබූහ.
[img] මළ දියණියගේ 'නොමළ හද' ළඟ වැළපෙන පියෙක් _96690532_87152f36-8965-4be4-a8a3-dd412a6da69a [/img]
ඇබී, මෙක්සිකෝවේ නිවාඩුවක් ගතකරමින් සිටියදී මියගියාය.

පසුව ෆ්ලොරිඩා වෙත ගෙනෙන ලද ඇයව ජීව ආධාරක මත රඳවා තැබුණේ වෛද්‍යවරුන්ට ඇයගේ අවයව වෙනත් ඇයට බද්ධකිරීම සඳහා හැකියාව ලැබෙන තෙක්ය. එම සිද්ධියේදී ඇබීගේ සොයුරාගේ ජීවිතය ගැලවුණි.

බිල් කොනර් පවසන පරිදි ඇබී සිය අවයව පරිත්‍යාග කිරීමේ තීරණයට එළඹෙනවිට ඇයගේ වයස අවුරුදු 16කි.

ඔහු පෙන්වා දුන්නේ ඇය කවදත් මිතුරන් ඇතුළු උපකාර අවශ්‍ය ඕනෑම අයෙකු වෙනුවෙන් ඉදිරිපත්වූ බවය.
මළ දියණියගේ 'නොමළ හද' ළඟ වැළපෙන පියෙක් _96690534_0686d15d-4ec7-4004-b9fa-cbf4ce09fa1b
Image copyright GO FUND ME
Image caption බිල් කොනර් (වමේ), ඇබී (මැද) සහ දිවිගලවාගත් සොයුරු ඔස්ටින් (දකුණේ)

අවයව පරිත්‍යාගකිරීමේ වැදගත්කම පන්වාදීම සඳහා පාපැදි ධාවනයක් ඇරඹීමට තීරණය කළ ඇබීගේ පියාවන බිල් කොනර්ගේ අරමුණ වුයේ කිලෝමීටර 4,000ක ( සැතපුම් 2,600) මග ගෙවා දමමින්, සිය දියණියගේ සිරුර තබා තිබු ෆ්ලොරිඩා හි බ්‍රෝවෝර්ඩ් සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ළඟා වීමය.

එහෙත් ගමනෙන් කිලෝමීටර 2,250ක් (සැතපුම් 1,400) පමණට ළඟාවද්දී ඔහුට දැනගැනීමට ලැබූනේ සිය දියණියගේ හදවත සමගින් ජීවත්වන ජැක්, පියවරුන්ගේ දිනයේදී හමුවීමේ අවස්ථාවක් ඇති බවකි.

ඇබීගේ අවයව ලැබූ සිව්දෙනෙකුට ලිපි යවා තිබූ ඇයගේ සිරුර භාරයේ තබා සිටි සායනය ඔවුන්ගෙන් ඉල්ලා තිබුනේ බිල් කොනර් හමුවෙන ලෙසය. ඇබීගේ හදවත ලැබීමට පෙර ඉතා වේගයෙන් සිය හදවතේ පැවැත්ම පිරිහීමට ලක්ව සිටි ජැක් ද ඔවුන් සිව් දෙනාට අයත්විණි.

"ඇය මට ජීවිතය දුන්නා. ඕන වුණත්, මට ඒ වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ" යැයි කියා සිටි ජැක්, "කරන්නට පුළුවන් එකම දේ තමයි, ඇයගේ පවුලට මගේ ආදරය පිරිනැමීම" බව සඳහන් කළේය.

බීබීසී වෙත අදහස් දැක්වූ ලුයිසියානාහි අවයව ලබාගැනීමේ ආයතනයේ ප්‍රකාශිකා මේරි ක්ලෙමෙනොක් පැවසුවේ ඇබීගේ පියා සහ ජැක් හමුවූ අවස්ථාව අතිශයින්ම හැඟුම්බර වූ බවය.

"බිල්ට තමන්ගේ දුවගේ හදවතේ ගැස්ම අහන්නට ලැබුණා. ඔහු ඒ හඬ පටිගත කරගත් නිසා ඔහුගේ ජීවිත කාලය පුරාම එය ඔහු ළඟ තබාගන්නට හැකි වේවි. එය සැබවින්ම අපූරුයි" ඇය පැවසුවාය.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 8697
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

මළ දියණියගේ 'නොමළ හද' ළඟ වැළපෙන පියෙක් Empty Re: මළ දියණියගේ 'නොමළ හද' ළඟ වැළපෙන පියෙක්

on Tue Jun 27, 2017 11:58 am
Thanks for sharing.  Very Happy
(Sensitive subject to talk and organ donation is something not new to us. Learning to let go is not easy but that is the best healer).

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga

මළ දියණියගේ 'නොමළ හද' ළඟ වැළපෙන පියෙක් Empty Re: මළ දියණියගේ 'නොමළ හද' ළඟ වැළපෙන පියෙක්

on Tue Jun 27, 2017 1:22 pm
Thanks ET
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum