BBC Sandeshaya පැය 3 කට පෙර
වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වූ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සිය ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා උතුරු අයර්ලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂය (DUP) සමඟ ගිවිසුමක් ඇතිකර ගැනීමේ සැලසුම් සම්බන්ධයෙන් සිය මැසිවිලි පළ කිරීම සඳහා අයර්ලන්ත ජනරජයේ අගමැති එන්ඩා කෙනී (Enda Kenny) ඊයේ ඉරිදා(ජූනි 11) අගමැතිවරිය අමතා දුරකතනයෙන් කතා කළේය.
උතුරු අයර්ලන්තයේ සාමය උදෙසා ඇතිකර ගනු ලැබ ඇති 'මහ සිකුරාදා සාම ගිවිසුමට' (Good Friday Agreement) අනර්ථයක් විය හැකි කිසිදු ක්‍රියාවක් සිදු නොවන බවට සහතික වීමක් අයර්ලන්ත අගමැතිවරයා අපේක්ෂා කරයි.
බ්‍රිතාන්‍ය අගමැති නිල නිවසේ(Number 10) ප්‍රකාශකයෙක් අදහස් දක්වමින් නායකයන් දෙදෙනා දුරකතනය මගින් සංවාදයේ නිරත වූ බව සනාථ කළේය.
උතුරු අයර්ලන්ත විධායක මණ්ඩලය හැකි ඉක්මනින් යළි ස්ථාපනය කිරීම සඳහා ඇති ඒකාබද්ධ කැපවීම දෙරටේ අගමැතිවරුන් විසින් තහවුරු කරන ලද බව බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලය පවසයි.
උතුරු අයර්ලන්ත විධායක මණ්ඩලය යළි ස්ථාපනය කිරීම සඳහා ආණ්ඩුවේ යොමුවීම සහ අරමුණු නොවෙනස්ව පවතින බව අගමැතිවරිය අවධාරණයෙන් කියාසිටි බවත් ඇයගේ නිලධාරීහු පවසති.
මේ අතර ප්‍රකාශයක් කරන උතුරු අයර්ලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂයේ (DUP) නායිකා ආර්ල්නි ෆොස්ටර් (Arlene Foster) කොන්සර්වේටිව් පක්ෂයත් සමඟ තම පක්ෂය සිදුකළ සාකච්ඡාවන්හි ප්‍රගතියක් ඇති නමුත් ගිවිසුමකට යාම ඉදිරි කාලයේ සිදු වියහැකි බවත් සඳහන් කළාය.
ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂයේ (DUP) නායිකාව සහ ඇයගේ පක්ෂයෙන් ජයගත් මන්ත්‍රීවරුන් ලබන අඟහරුවාදා (ජූනි 13) තෙරේසා මේ අගමැතිවරිය හමුවීමට නියමිතය.
ඔවුන් දෙපාර්ශවය අතර ඇතිකර ගනු ලබන ගිවිසුමක් උතුරු අයර්ලන්ත පාර්ලිමේන්තුව (Stormont) සමඟ බලය බෙදා ගැනීමේ ක්‍රියාවලියට අවහිර කරනු ඇතැයි උතුරු අයර්ලන්තයේ දේශපාලන පක්ෂ කීපයක් කණස්සල්ල පළකර ඇත.
පාලක විධායක මණ්ඩලය යළි ස්ථාපනය කිරීම සඳහා සඳුදා (ජූනි 12) ආරම්භ වෙන සාකච්ඡා වලට තමන් සහභාගී වෙන බව උතුරු අයර්ලන්තයේ දේශපාලන පක්ෂ පහක් දැනටමත් ප්‍රකාශ කර ඇත.
බලය බෙදා හරිනු ලැබීම මගින් පිහිටුවන ලද උතුරු අයර්ලන්ත ආණ්ඩුව පසුගිය ජනවාරි මාසයේ පටන් අක්‍රීයව පවතී.
බ්‍රිතාන්‍ය මැතිවරණයෙන් අනතුරුව තමන් 'වෙස්ට්මිනිස්ටර්' පාලනය තුළ ප්‍රධාන භූමිකාවක් කෙරෙහි යොමුවීම නිසා උතුරු අයර්ලන්තය සඳහා කලින් ගිවිස ගත් බලය බෙදුණ පාලනය කෙරෙහි ඇති සිය එකඟතාවයේ වෙනසක් නොවෙන බව කියා සිටින ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂය (DUP) එහි විධායක පාලනය යළි ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ව කොන්දේසියකින් තොරව සහයෝගය දීමට සූදානමින් සිටිනබව සඳහන් කරයි.
එහෙත් කොන්සර්වේටිව් සහ ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂය (DUP) අතර ගිවිසුමක් ඇති වුනොත් බලය බෙදා ගැනීමේ ක්‍රියාදාමය ඉතා දුෂ්කර අතට හැරීමේ ඉඩක් ඇති බවට උතුරු අයර්ලන්ත ව්‍යවස්ථාදායකය(Stormont) තුළ නියෝජනය වෙන සෙසු පක්ෂ අනතුරු අඟවති.
සින් ෆේන් (Sinn Féin) සංවිධානය නියෝජනය කළ උතුරු අයර්ලන්තයේ හිටපු මුදල් ඇමතිවරයා අදහස් දක්වමින් "බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉදිරි කාලයෙහි ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂයේ (DUP) පදයට නටනු ඇතැයි" සඳහන් කළේය
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?