The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
World Politics concerning the Asian region EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
World Politics concerning the Asian region EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
World Politics concerning the Asian region EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
World Politics concerning the Asian region EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
World Politics concerning the Asian region EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
World Politics concerning the Asian region EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
World Politics concerning the Asian region EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
World Politics concerning the Asian region EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
World Politics concerning the Asian region EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
World Politics concerning the Asian region EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
World Politics concerning the Asian region EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
World Politics concerning the Asian region EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
World Politics concerning the Asian region EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
World Politics concerning the Asian region EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
World Politics concerning the Asian region EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
World Politics concerning the Asian region EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
World Politics concerning the Asian region EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
World Politics concerning the Asian region EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
World Politics concerning the Asian region EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
World Politics concerning the Asian region EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
World Politics concerning the Asian region EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
World Politics concerning the Asian region EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
World Politics concerning the Asian region EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
World Politics concerning the Asian region EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
World Politics concerning the Asian region EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
World Politics concerning the Asian region EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
World Politics concerning the Asian region EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
World Politics concerning the Asian region EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
World Politics concerning the Asian region EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
World Politics concerning the Asian region EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
World Politics concerning the Asian region EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
World Politics concerning the Asian region EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
World Politics concerning the Asian region EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
World Politics concerning the Asian region EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
World Politics concerning the Asian region EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
World Politics concerning the Asian region EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
World Politics concerning the Asian region EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
World Politics concerning the Asian region EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
World Politics concerning the Asian region EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
World Politics concerning the Asian region EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
World Politics concerning the Asian region EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
World Politics concerning the Asian region EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
World Politics concerning the Asian region EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
World Politics concerning the Asian region EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
World Politics concerning the Asian region EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
World Politics concerning the Asian region EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
World Politics concerning the Asian region EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
World Politics concerning the Asian region EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
World Politics concerning the Asian region EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
World Politics concerning the Asian region EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    World Politics concerning the Asian region

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    World Politics concerning the Asian region Empty World Politics concerning the Asian region

    Post by Ethical Trader Thu Apr 13, 2017 10:16 am

    ට්‍රම්ප් නිසා සබඳතා වැටිලා - පුතින්
    BBC Sandeshaya 2017 අප්‍රේල් 12

    සිරියාව සහ බෂාර් අල් අසාද් පාලනය මුල් කර ගනිමින් ඇමරිකාව සහ රුසියාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික උණුසුම ඉහළ යමින් පවතී.

    කැරලිකරුවන් අත පවතින නගරයකට පසුගිය සතියේ සැක කටයුතු විෂ රසායනික ප්‍රහාරයක් එල්ල වූ අතර රසායනික ප්‍රහාර දියත් කිරීම සඳහා යොදා ගත් බව පැවසෙන සිරියානු ආණ්ඩුවේ ගුවන් කඳවුරකට ඇමරිකාව මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ ඊට ප්‍රතිචාර වශයෙනි.

    කෙසේ නමුත් රසායනික අවි යොදා ගත් බවට නැගෙන චෝදනා සිරියානු ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.

    අසාද් පාලනයට සහාය ලබා දීමෙන් වැළකී සිටින ලෙස ඇමරිකාව ක්‍රෙම්ලිනයෙන් ඉල්ලා සිටින අතර රුසියාවේ සිරියානු පිළිවෙත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මේ වන විට මොස්කව් නුවර සංචාරයක නිරත වී සිටී.

    රුසියාවේ විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රෝෆ් සමග පැවැත්වෙන සාකච්ඡා ආරම්භයේ අදහස් පළ කළ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා දෙරටේ අනාගත සබඳතා පිළිබඳ ඉතාමත් මිත්‍රශීලී සංවාදයක් පැවැත්වෙනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය.

    රුසියාව සහ සිරියාව

    රුසියාව, සිරියාවේ අසාද් පාලනයට සහාය ලබා දෙන ප්‍රධාන මිත්‍ර රටකි.

    ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා කියා සිටියේ සැක කටයුතු රසායනික ප්‍රහාරයක් දියත් කිරීමත් සමග සිරියාව සම්බන්ධයෙන් තමන් දක්වන ලද ආකල්පය වෙනස් වූ බවය.

    කෙසේ නමුත් අසාද් පාලනයට සහාය ලබා දීම නවතා දමනු වස් රුසියාවට පීඩනයක් එල්ල කෙරෙනු ඇති බවට කරන යෝජනා ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොෆ් ප්‍රතික්ෂේප කරයි.

    සැක කටයුතු රසායනික අවි ප්‍රහාරය දියත් කිරීම සඳහා යොදා ගත් බව පැවසෙන සිරියාවේ හමුදා කඳවුරට මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව ගත් ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස රුසියාව හඳුන්වයි.

    ට්‍රම්ප් ගැන පූතින්

    රුසියාවේ රූපවාහිනී නාලිකාවක් ඔස්සේ අදහස් දක්වමින් එරට ජනාධිපති ව්ලැද්මීර් පුතින් වොෂිංටන් පාලනයේ මිත්‍ර රටවල් විවේචනයට ලක් කළ අතර අසාද් පාලනයට තවදුරටත් සහාය ලබා දෙන බව තහවුරු කළේය.

    "ඇමරිකාව පසුගියදා සිරියාවට මිසයිල ප්‍රහරායල් එල්ල කළා. ඊට නේටෝ රටවල් ප්‍රතිචාර දැක්වුවේ කොහොමද? සිදු වන්නේ කුමක්ද කියලා විශ්ලේෂණය කරන්නේ නැතිව ඔවුන් සියලු දෙනාම, ඔලු හොල්ලන චීන බෝනික්කෝ වගේ ඔලුව හෙල්ලුවා විතරයි" යනුවෙන් ජනාධිපති පූතින් කියා සිටියේය.

    සිරියානු හමුදාව රසායනික අවි භාවිත කරන බවට පවතින සාක්ෂි මොනවාදැයි ජනාධිපති පූතින් ප්‍රශ්න කළේය.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව ඇමරිකාව සමග පවතින සබඳතා "ඉතාමත් නරක අතට" හැරී ඇති බවත් ජනාධිපති පූතින් එහිදී සඳහන් කළේය.

    සිවිල් යුද්ධය

    රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ විශේෂයෙන් දෙරටේ "හමුදාමය සබඳතාවල" විශ්වාසය පිරිහී ඇති බවය.

    කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමන් සිරියාව තුළ සිවිල් යුද්ධයකට නොයන බවය.

    ඉස්ලාමීය රාජ්‍ය ජිහාඩ් කැරලිකරුවන් පරාජය කිරීම සඳහා ඇමරිකාව ලබා දී අති මූලිකත්වය තවදුරටත් එලෙසම පවතිනු ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් කියා සිටියේය.


    Last edited by Ethical Trader on Thu Apr 20, 2017 2:59 pm; edited 2 times in total
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    World Politics concerning the Asian region Empty Re: World Politics concerning the Asian region

    Post by Ethical Trader Thu Apr 13, 2017 10:28 am

    This & all other related news items on world peace will be of utmost importance to the CSE players in the new year starting from tomorrow. Its effects on CSE share prices needs our attention now.

    If at all a war erupts it will be in two fronts; Middle East and Far East near Koren peninsular. Material & commodities that are usually stocked in such situations will be in demand.

    Already rubber & tea prices have started to go up indicating sudden improvement of plantation related shares. I don't know the relationship of tea with wars. Oil will be another area to watch.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    World Politics concerning the Asian region Empty Re: World Politics concerning the Asian region

    Post by Ethical Trader Fri Apr 14, 2017 2:10 pm

    වඩා විනාශකාරී 'සියලු බෝම්බවල මව' ඇෆ්ඝනිස්තානයට හෙළයි
    BBC Sandeshaya පැය 8 කට පෙර

    සටනකදී මෙතෙක් භාවිත කරන ලද න්‍යෂ්ටික නොවන වඩාත් විනාශකාරී බෝම්බය ඇෆ්ඝනිස්තානයේදී හෙළන ලද බව ඇමෙරිකානු හමුදාව පවසයි.

    ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ උමං සංකීර්ණයකට හෙළන ලද GBU-43/B Massive Ordinance Air Blast Bomb (MOAB) නම් වූ එම බෝම්බය හැඳින්වෙන්නේ 'සියලු බෝම්බවල මව' ලෙසය. 2003 වසරේදී පළමුවරට පරීක්ෂා කරන ලද එම බෝම්බය මේ දක්වා භාවිත නොකෙරිණි.

    වැරදුනු කුරුමානම

    පෙන්ටගනය පැවසුවේ ඇමෙරිකානු ගුවන් යානයකින් ඇෆ්ඝනිස්තානයේ නන්ගර්හාර් පළාතේදී බෝම්බය හෙලනු ලැබූ බවය.

    මේ පිලිබඳ තොරතුරු හෙලිවුයේ සිරියාවේ ගුවන් ප්‍රහාරයකදී වැරදීමකින් මිත්‍ර පාක්ෂික කැරලිකරුවන් 18 දෙනෙකු මිය ගිය බව පෙන්ටගනය පිළිගෙන පැය කිහිපයක් ඉකුත් වෙද්දීය. හවුල් හමුදා විසින් අයිඑස් ඉලක්කයක් ලෙස වරදවා හඳුනාගන්නා ලද ස්ථානයකට අප්‍රේල් 11 වෙනිදා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයේදී වොෂිංටනයේ සහය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාවේ සාමාජිකයින් පිරිසක් මිය ගියහ.

    'මව් බෝම්බයේ' වගතුග

    ඇෆ්ඝනිස්තානයේ වේලාවෙන් බ්‍රහස්පතින්දා පස්වරුවේදී හෙළන ලද බෝම්බය රාත්තල් 21,600 ක් (කි.ග්‍රැ. 9,800) වූ අතර දිගින් මීටර 9 ට (අඩි 30 ) වැඩිය.

    "ප්‍රදේශයේ එහා මෙහා පහසුවෙන් සැරීමට අයිඑස් සටන්කරුවන් යොදාගත් උමං හා ගුහා සංකීර්ණයක් අපේ ඉලක්කය වුනා. එම සංකීර්ණය නිසා ප්‍රදේශයේ ඇමෙරිකානු ආරක්ෂක උපදේශකයින් වගේම ඇෆ්ඝනිස්තාන හමුදාවද පහසුවෙන් ඉලක්ක කරගැනීමට ඔවුන්ට හැකි වුනා." යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ෂෝන් ස්පයිසර් පැවසීය.

    වෛද්‍යවරුන් ලෙසින් සැරසී හමුදා රෝහලට ප්‍රහාරයක්
    පාකිස්තානය සහ ඇෆ්ඝනිස්තානය අතර සටන් විරාමයක්

    අරාබි රටවලින් ඇෆ්ඝනිස්තානය වෙත අයිඑස් සටන්කරුවන් ගෙන්වා ඇත.

    ප්‍රහාරයේ ප්‍රථිඵලය කෙබඳුදැයි ඇමෙරිකාව තහවුරු කර නැතත් ප්‍රාදේශීය බලධාරීන් බීබීසී වෙත පැවසුවේ ජ්‍යෙෂ්ඨ අයිඑස් නායකයකුගේ සොයුරෙකුද ඇතුළුව සටන්කරුවන් රැසක් මියයන්නට ඇති බවය.

    GPS මග පෙන්වීමකින් යුතු විශාල අවියක්වන GBU-43/B බෝම්බය හෙලනු ලැබුවේ හර්කියුලිස් වර්ගයේ ප්‍රවාහන ගුවන් යානා අතරින් ඇමෙරිකානු විශේෂ බලකාය භාවිත කරනු ලබන මාදිලියේ යානයකිනි.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    World Politics concerning the Asian region Empty Re: World Politics concerning the Asian region

    Post by Ethical Trader Sun Apr 16, 2017 11:29 am

    උතුරු කොරියානු මිසයිල බලය ගැන මේ කරුණු දැන සිටියාද?
    BBC Sandeshaya 2017 අප්‍රේල් 15

    යම් දිනක ඇමරිකා එක්සත් ජනපදයට පවා කෙළින්ම පහර දියහැකි එකිනෙකට වෙනස් ශක්තියක් සහිත දහසකට අධික මිසයිල සංඛ්‍යාවක් උතුරු කොරියාව සතු බව විශ්වාස කෙරෙයි.

    පසුගිය දශක කීපය තුළ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන ඉදිරි පිම්මක් පැන ඇත.

    වඩාත් ඉහළ විහිදුම් හැකියාවක් සහිත පද්ධති පිළිබඳ 'ප්යොංයැං' වැඩසටහන මේ වනවිට අත්හදාබැලීම් සහ පර්යේෂණ සිදු කරන බවත් වාර්තා වේ.

    බටහිර රටවල් වෙත ළඟා වීමේ හැකියාව සහිත මහද්වීපික විහිදුම් මිසයිල පිළිබඳ පර්යේෂණ සිදු කරමින් සිටින බව මෑතක දී උතුරු කොරියාව නිවේදනය කළේය.

    මිසයිලවල විහිදුම් දුර

    කෙටි දුර විහිදුම්: කිලෝමීටර 1,000 ක් හෝ ඊට අඩු දුරක්
    මධ්‍යම දුර විහිදුම්: කිලෝමීටර 1,000 - 3,000 අතර දුරක්
    අන්තර් දුර විහිදුම්: කිලෝමීටර 3,000 - 5,500 අතර දුරක්
    අන්තර් මහද්වීපික විහිදුම්: කිලෝමීටර 5,500 වැඩි දුරක්

    උතුරු කොරියාව සිය මිසයිල වැඩසටහන ආරම්භ කළේ 1976 වසරේ ඊජිප්තුවෙන් ලබාගත් බව පැවසෙන 'Scuds' ලෙස හඳුන්වන මිසයිල යොදා ගනිමිනි.

    1984 වසර වනවිටත් 'Hwasongs' නමැති තමන්ගේම මිසයිල විශේෂයක් නිර්මාණය කිරීමට උතුරු කොරියාව කටයුතු කරමින් සිටියේය.

    අසල්වැසි දකුණු කොරියාව ඉලක්ක කොට එල්ල කළ හැකි එවැනි කෙටි දුර මිසයිල වර්ග ගණනාවක් උතුරු කොරියාව සතුව ඇති බව විශ්වාස කෙරෙයි.

    ඇමරිකාවේ න්‍යෂ්ටික ආයුධ සීමා කිරීම පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයට අනුව 'Hwasong-5' සහ 'Hwasong-6' ලෙස හඳුන්වනු ලබන මිසයිලවලට පිළිවලින් කිලෝමීටර 300 සහ 500 දක්වා දුරකට ළඟා විය හැක.

    මිසයිල අලෙවිය

    මෙම මිසයිලවලට සාමාන්‍ය යුද ශීර්ෂ (War Heads) රැගෙන යා හැකි අතර ඇතැම් විට ජීව, රසායනික හෝ න්‍යෂ්ටික හැකියාව එම මිසයිල සතු විය හැක.

    උතුරු කොරියාව 'Hwasong-5' සහ 'Hwasong-6' යන මිසයිල දෙවර්ගයම මේ වනවිට අත්හදාබලා ඇති අතර 'Hwasong-6' වර්ගය ඉරානයට අලෙවි කොට තිබේ.

    ඊශ්‍රායල බුද්ධි අංශවලට අනුව Musudan මිසයිලවලට කිලෝමීටර 2,500 ක දුරක් ගමන් කළ හැකි අතර ඊට කිලෝමීටර 3,200 ක් ගමන් කළ හැකි බව ඇමරිකානු මිසයිල ආරක්ෂණ ඒජන්සිය ඇස්තමේන්තු කොට තිබේ.

    Musudan සහ 'KN-08' මිසයිල

    වෙනත් මූලාශ්‍ර පවසන්නේ ඊට කිලෝමීටර 4,000 හමන් කළ හැකි බවය.

    මේ අතර අන්තර් මහද්වීපික මිසයිල රැගෙන යා හැකි රොකට් එන්ජින් අත්හදා බැලීමක් සාර්ථකව සිදු කළ බව උතුරු කොරියාව මෑතක දී ප්‍රකාශ කළ අතර උතුරු කොරියානු නායකයා විසින් එය හඳුන්වනු ලැබුවේ සිය රටේ රොකට් තාක්ෂණ ක්ෂේත්‍රයේ 'නව උපතක්' ලෙසය.

    නිරීක්ෂකයන් විසින් 'KN-08' හෝ 'Hwasong-13' ලෙස හඳුන්වනු ලබන , ඇමරිකාව දෙසට ළඟා විය හැකි දුර දිග විහිදුම් මිසයිල හයක් උතුරු කොරියාව සතු බව පෙන්ටගනය විශ්වාස කරයි.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    World Politics concerning the Asian region Empty Re: World Politics concerning the Asian region

    Post by Ethical Trader Tue Apr 18, 2017 1:13 pm

    ට්‍රම්ප්, සිරියාව සහ උතුරු කොරියාව: 'සීතල යුද්ධයට වඩා භයානකයි'
    BBC Sandeshaya 2017 අප්‍රේල් 17

    ජනපති පදවියට පත්වීමට පෙර ඇමෙරිකාව සිරියාවට පහරදීම දැඩි විවේචනයට ලක් කළ ට්‍රම්ප්, ජනපතිවරයා ලෙසින් ද සිරියාවට පහරදීම ප්‍රතික්ෂේප කළේය

    ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය පදවියේ කටයුතු ආරම්භ කළේ ඇමෙරිකාවට ප්‍රමුඛත්වය දෙන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ප්‍රතිඥා දෙමිනි.

    අන් බොහෝ ඇමෙරිකානු ජනාධිපතිවරුන් මෙන් නොව ආරම්භයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි රුසියානු හිතවාදී ආකල්පයක් ප්‍රදර්ශනය කළේය.

    විශේෂයෙන්ම ඇමෙරිකාව සිරියාවට පහරදීම ජනපති පදවියට පත්වීමට පෙර දිගින් දිගටම ඔහුගේ දැඩි විවේචනයට ලක්විය.

    එහෙත් පසුගිය දින කිහිපය තුළ හදිසියේම ඒ තත්වය වෙනස්විය.

    සිය රටවැසියන්ට රසායනික අවි ප්‍රහාර එල්ල කළ බවට සිරියාවේ අසාද් පාලනයට චෝදනා එල්ලවීමෙන් අනතුරුව එක්සත් ජනපදය සිරියාවේ හමුදා කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම, ට්‍රම්ප් පාලනයේ විදේශ ප්‍රතිපතියේ පැහැදිලි වෙනසකි.

    එහෙත් එය අව්‍යාජ වෙනසක්ද?

    "ඔව් මේක ඇත්ත වෙනසක්. නමුත් මේක කොයිතරම් දුරට දිගද, පළල්ද, ගැඹුරුද කියල තවම තීරණය කරන්න බෑ," දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේය.

    එක්සත් ජනපද රාජ්‍යය තුළ බලය හොබවන නව ලිබරල්වාදී මැදිහත්වීම්වාදී කණ්ඩායම් එක් අතෙකිනුත්, අනෙක් පසින් නියෝ කොන්සර්වේටිව්වාදීනුත් එල්ල කළ බලපෑම හමුවේ ජනාධිපති ට්‍රම්ප්ට සිය ප්‍රතිපතිය වෙනස්කිරීමට සිදු වූ බව ඔහු පෙන්වාදෙයි.

    "දැන් ඔය කණ්ඩායම් දෙකයි, ඒ සමගම CIA සංවිධානය, පෙන්ටගන් වගේ 'ගැඹුරු රාජ්‍යය' කියන කණ්ඩායම් තුනේම විරෝධයක් තිබුණ."

    එහි ප්‍රතිඵලයක් ලෙසින් සිරියාවට ගුවන් ප්‍රහාරවලින් ආරම්භ වූ වෙනසත් සමගම එතෙක් රටවැසියන්ගෙන් ජනාධිපතිවරයාට එරෙහිව එල්ලවෙමින් පැවති ප්‍රබල විරෝධය තරමක් දුරට අඩුවෙමින් පවතින බවක්ද පෙනෙන්නට තිබේ.

    "ට්‍රම්ප් තමන්ගේ පැවැත්ම සඳහා මේ වෙනස කළා. ඒක සැබෑ විතැන්වීමක් කියල කියන්න පුළුවන්," ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

    ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති පදවියට පත්කිරීම පිණිස රුසියානු රාජ්‍යය මැදිහත්වූයේද යන්න සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන අතර, සිරියාවට ඇමෙරිකානු ප්‍රහාරය එල්ලවන තුරුම ජනාධිපති පූතින් සහ ජනාධිපති ට්‍රම්ප් එකිනෙකාට ප්‍රසංශා කරගත්හ.

    රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ඇතුළු ට්‍රම්ප් පාලනයේ බොහෝ ප්‍රධානීන්ද රුසියාව සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන්ය.

    එහෙත් සිරියාවට එල්ල වූ ගුවන් ප්‍රහාරයත් සමග ඒ සියල්ල එකවරම වෙනස්විය.

    රුසියාව සහ ඉරානය, අසාද් පාලනයේ ප්‍රධානම ජාත්‍යන්තර හිතවතුන් වේ.

    "රුසියාව සමග තියන සම්බන්ධකම බිඳ වට්ටන්න අර 'ගැඹුරු රාජ්‍යය' කියන කණ්ඩායමේ යුදවාදියෝ උත්සාහ දරනවා," යන්න ඒ පිළිබඳව ආචාර්ය දයාන් ජයතිලකගේ විග්‍රහයයි.

    "ට්‍රම්ප් කැමති නැතිව ඇති රුසියාවත් එක්ක කෙලින්ම ගැටෙන්න. රුසියාවත් කැමති නෑ ට්‍රම්ප් එක්ක කෙලින්ම ගැටෙන්න. නමුත් මෙතන නොයෙකුත් බලවේග, ගතිකයන් වැඩකරනවා."

    අකමැත්තෙන් වුවත් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ මොහොතේ ක්‍රියාකරමින් සිටින්නේද, සිය ප්‍රතිවාදී හිලරි ක්ලින්ටන් බලයට පත්වූයේ නම් ක්‍රියාකළ හැකිව තිබූ ආකාරයටම බවත් ආචාර්ය ජයතිලක පවසයි.

    ඒ අතරම මෙතෙක් උතුරු කොරියාව සම්බන්ධයෙන් 'රාජ්‍යතාන්ත්‍රික ඉවසීමේ සීමාව අවසන්' බවට ට්‍රම්ප් පරිපාලනය කරන ප්‍රකාශය කොරියානු අර්ධද්වීපයේද නව ගැටුමක ආරම්භය සනිටුහන් කරන්නක් වියහැකිය.

    'සියලු බෝම්බවල මව' ලෙසින් හැඳින්වෙන බෝම්බය ඇෆ්ඝනිස්තානයේ තාලිබාන් ඉලක්කවලට එල්ලකිරීම ට්‍රම්ප් පරිපාලනයේ මේ හදිසි 'යුදවාදී' වෙනස සනිටුහන් කෙරෙන තවත් අවස්ථාවකි.

    එසේ නම් මේ එළඹෙන්නේ සීතල යුද්ධයේ අලුත් අවධියක්ද?

    "සීතල යුද්ධයට වඩා භයානකයි මේක. සීතල යුද්ධයේ යම්කිසි ප්‍රතිපත්ති තිබුණා, ආචාර්ය හෙන්රි කිසින්ජර් වගේ බුද්ධිමතෙක් හිටිය රුසියාව සහ චීනය එක්ක ඇමෙරිකානු සම්බන්ධතා කළමනාකරණය කරන්න. අද ඊට වඩා හුඟක් වෙනස්," ආචාර්ය දයාන් ජයතිලක වැඩිදුරටත් පැවසීය.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    World Politics concerning the Asian region Empty Re: World Politics concerning the Asian region

    Post by Ethical Trader Wed Apr 19, 2017 6:58 pm

    ඇමරිකානු යුද නෞකා කොරියානු කලාපයට යාත්‍රා කළාද ?
    BBC Sandeshaya  පැය 3 කට පෙර

    ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු සෙසු යුද නෞකා උතුරු කොරියාව දෙසට නොගොස් ප්‍රතිවිරුද්ධ දිශාවට යාත්‍රා කොට ඇතැයි වාර්තා වේ.

    උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන මුල් කර ගනිමින් කොරියානු අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හමුවේ යුඑස්එස් කාල් වින්සන් නෞකාව ප්‍රමුඛ නාවික ප්‍රහාරක කණ්ඩායමක් එම කලාපයට යාත්‍රා කරමින් සිටින බව ඇමරිකානු නාවික හමුදාව අප්‍රේල් 08 වෙනිදා නිවේදනය කළේය.

    පසුගිය සතියේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ යුද නෞකා සමූහය කොරියානු අර්ධද්වීපය වෙත යවනු ඇති බවය.

    එනමුත් සති අන්තයේදී නෞකා සමූහය ඊට ඈතින් පිහිටි ජාවා කලාපයේ ඉන්දුනීසියානු සහ සුමාත්‍රා දූපත් ඔස්සේ සුන්ඩා සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය සාගරය දෙසට යාත්‍රා කොට තිබේ.

    ඇමරිකානු හමුදාවේ ශාන්තිකර කලාපීය විධානය ඊයේ (අප්‍රේල් 18) කියා සිටියේ ඕස්ට්‍රේලියාවේ පර්ත් වරාය සංචාරය අවලංගු කොට ඇති බවය.

    අප්‍රේල් 08 වෙනිදා සිංගප්පූරුවෙන් පිටත් වීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාව සමග එරට වයඹ දිග වෙරළේ පැවැත්වීමට පෙර සැලසුම් කොට තිබූ පුහුණු වැඩසටහන සම්පූර්ණ කොට ඇති බවත් ඇමරිකානු හමුදාවේ ශාන්තිකර කලාපීය විධානය නිවේදනය කළේය.
    'කිම් ජොන්ග් අන් බියට පත් කිරීමක්'

    World Politics concerning the Asian region _95555835_mediaitem95555831
    Image copyright Reuters
    Image caption USS කාල් වින්සන් නෞකාව

    ප්‍රහාරක යුද නෞකා කණ්ඩායම "නියෝග කළ පරිදි ශාන්තිකර සාගරයේ බටහිර කලාපයට ගමන් ආරම්භ කොට ඇත."

    කෙසේ නමුත් කොරියානු අර්ධද්වීපයට ළඟා වීමට අපොහොසත් වීම සිතාමතා සිදු කරන ලද්දක් ද යන්න පැහැදිලි නොමැත.

    එම ක්‍රියාමාර්ගය උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් බියගැන්වීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක්ද, සැලසුම වෙනස් කිරීමක් හෝ සරල සන්නිවේදන දෝෂයක් දැයි පැහැදිලි නැති බව කොරියානු කලාපයේ බීබීසී වාර්තාකරු ස්ටීවන් එවන්ස් පැවසීය.

    මේ අතර ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වුවත් තම මිසයිල අත්හදාබැලීම් දිගටම ක්‍රියාත්මක කරන බව උතුරු කොරියාව අවධාරණය කරයි.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    World Politics concerning the Asian region Empty Re: World Politics concerning the Asian region

    Post by කිත්සිරි ද සිල්වා Wed Apr 19, 2017 9:06 pm

    Feed your people first !
    " මිසයිල අත්හදාබැලීම් දිගටම ක්‍රියාත්මක කරන බව උතුරු කොරියාව අවධාරණය කරයි ". Shocked
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    World Politics concerning the Asian region Empty Re: World Politics concerning the Asian region

    Post by Ethical Trader Fri Apr 21, 2017 11:58 am

    උතුරු කොරියාව සතු මිසයිල මොනවාද?
    BBC Sandeshaya  2017 අප්‍රේල් 20

    උතුරු කොරියාව පසුගියදා ප්යොංයැං නුවරදී පැවැත්වූ දැවැන්ත හමුදා සංදර්ශනයත් සමග එරට සතු මිසයිල ශක්තිය පිළිබඳව පුළුල් කතාබහක් යළි මතුවෙමින් පවතී.

    උතුරු කොරියාවේ සමාරම්භක නායකයා මෙන්ම එරට වත්මන් නායකයාගේ මුත්තණුවන් වූ කිම් ඉල්- සුං ගේ 105 වෙනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පැවති එම සංදර්ශනයේදී විවිධ වර්ගයේ විශාල ප්‍රමාණයේ මිසයිල ප්‍රදර්ශනය කෙරිණි.

    ඒ අතර, මින් පෙර ප්‍රදර්ශනය නොකළ අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල ද (ICBM - Inter Continental Ballistic Missile) විය.

    කෙසේ වෙතත් උතුරු කොරියාව සතු එම මිසයිලවල හැකියාව පිළිබඳව සැබෑ ලෙසම ලෝකය කුමක් දැන සිටීද? මේ සම්බන්ධයෙන් ආරක්ෂක විශේෂඥයකුවන මෙලිස්සා හැන්හම් පැහැදිලි කිරීමක් කළාය.

    හමුදා සංදර්ශනයේ කෙරුණු මිසයිල ප්‍රදර්ශනය උතුරු කොරියානුවන්ට තාක්ෂණයේ විසල් බවක් මෙන්ම සමෘද්ධිය විය හැකි වුවද, පිටස්තරයන්ට එය තර්ජනයක් ලෙස හැඟෙනුයේ ආසන්නයේ හෝ දුරින් සිටියද මිසයිල විහිදුම් පරාසය තුළට ඇතුළත් විය හැකි බැවිනි.

    වත්මන් උතුරු කොරියානු නායකයාගේ පාලන කාලය පුරාම නිරන්තරයෙන් කෙරෙන මිසයිල අත්හදාබැලීම් ඉහළ නැංවුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවනු ලැබ ඇති සම්බාධක ද නොතකමිනි.

    උතුරු කොරියානු මිසයිල වැඩසටහනේ ඇරඹුම

    මෙතෙක් ලොව සන්නද්ධ බවින් වැඩිම මිසයිලයක්ව පැවති 'ස්කඩ්' මිසයිලය භාවිතයට ගැනීම සමග අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල වැඩසටහන දක්වා වූ සිය ගමන උතුරු කොරියාව විසින් වර්ධනය කරගනු ලැබීය.

    මිසයිල තාක්ෂණය සම්බන්ධයෙන් පැවති එකඟතාවකට අනුව, ඊජිප්තුවේ ජනාධිපතිව සිටි අන්වර් සදාත් 1979 දී සෝවියට් දේශයේ නිෂ්පාදිත මිසයිල සුළු ප්‍රාණයක් උතුරු කොරියාව වෙත යවනු ලැබීය.

    ඉන් අනතුරුව 'ස්කඩ්' මිසයිලයේ තාක්ෂණය වෙනස්කම්වලට ලක්කරමින් තමන්ගේම වූ 'හ්වාසොං-6' සහ 'හ්වාසොං-7'මිසයිල නිපදවීමට මෙන්ම අත්හදාබැලීම උතුරු කොරියාව ආරම්භ කළේය.

    කාලය ඉකුත්වයද්දී 'ස්කඩ්' මිසයිලයේ පරාසය පුළුල්කරමින් ද එහි දේහය දිගු කරමින්ද නව මිසයිලයක් තැනූ අතර එය 'නොඩොං' නම් විය.

    පසුව මෙම නොඩොං මිසයිලයේ එන්ජින් කිහිපයක් කැටිකොට 'උන්හා-3' නම්වූ රොකට්ටුවක් උතුරු කොරියාව විසින් නිර්මාණය කරන ලද අතර එයට පෘථිවියෙන් එපිටට ද්‍රව්‍ය ගෙනයාමේ හැකියාවෙන් යුක්තය.

    'ස්කඩ්' පවුලේ මිසයිල තාක්ෂණික වශයෙන් වඩා දියුණු නොවුවද ඒවා විශ්වාසදායී මෙන්ම නිෂ්පාදනය වියදම සාපේක්ෂව අඩුය.

    නොඩොං මිසයිලය න්‍යෂ්ටික අවි ගෙනයාමට සමත් අතර උතුරු කොරියාව එම මිසයිල පාකිස්තානය සහ ඉරානයටද අපනයනයකර ඇත.

    පහසුවෙන් සැඟවිය හැකි මිසයිල නිෂ්පාදනය
    World Politics concerning the Asian region _95727126_icbm_trajectories_ws_624_sinhala
    මෑතදී, සෝවියට් නිෂ්පාදිත R-27 නම්වූ සබ්මැරීනවල සිට විදින බැලිස්ටික් මිසයිල (SLBM- Submarine-Launched Ballistic Missile) වෙනස්කම්වලට ලක්කරමින්, ගොඩබිම් මාර්ගවලින් ගෙන යා හැකි එසේම ගුවාම් හි ඇමෙරිකානු හමුදාවලට පහරදිය හැකි තරමේ මිසයිල නිපදවීය.

    'මුසුඩාන්' යනුවෙන් හැඳින්වෙන මිසයිලය වසර ගණනාවක් ම හමුදා පෙළපාලිවලදී ප්‍රදර්ශනය කෙරුනද, උතුරු කොරියාව එය අත්හදාබැලීම ඇරඹුවේ 2016 වසරේදීය.

    අත්හදාබැලීම් හයකින් අනතුරුව 2016 ජුනි මාසයේදී එහි සාර්ථකත්වයක් දක්නට ලැබිණි.

    එහෙත්, සෑම අත්හදාබැලීමක් අතරදී කෙරුණු වැඩිදියුණුකිරීමේ වෙනස්කම් අවධානය යොමු කිරීමට තරම් වටී. උදාහරණයක් ලෙස, එක් වතාවක අසාර්ථක වූ අත්හදාබලීමකදී මිසයිලය ප්‍රවාහනය කෙරෙන හා විදින ට්‍රක් රථය (TEL-Transporter Erector Launcher) දැඩි හානියට ලක්වීම නිසා ඒ සඳහා පසුව යැවුණු රථයේ රෝද සහ චැසියට ආරක්ෂක ආවරණයක් යෙදීය.

    මෙම 'මුසුඩාන්' මිසයිලය න්‍යෂ්ටික ප්‍රහාරයකට සුදුසු විය හැකියැයි පැවසේ.

    උතුරු කොරියාව සතු මිසයිල සියල්ලම පාහේ ගොඩබිම් මාර්ග ඔස්සේ TEL ට්‍රක් රථ මතින් රටේ තැන තැන ප්‍රවාහනය කළ හැකි අතර උමං, ගබඩා සංකීර්ණ, බංකර හෝ ගුහා තුළ සඟවා තැබිය හැකිය. නිරන්තරයෙන් තැන තැන ගෙන යාම හා සඟවා තැබීම නිසා එම මිසයිල සොයාගැනීම අසීරු විය හැකිය.
    World Politics concerning the Asian region _95727124_missiles_sinhala
    ජලයේ සිට විදිය හැකි මිසයිල
    Image copyright EPA

    සබ්මැරින් තුළින් විදිය හැකි බැලිස්ටික් මිසයිල සම්බන්ධයෙන් ද 2016 වසර වැදගත් වසරක් විණි.

    2015 වසරේ සිදුවූ ආපදාකාරී අසාර්ථක අත්හදාබලීමකින් අනතුරුව 'පුක්ගුක්සොං' නම්වූ මිසයිලයේ සාර්ථකත්වයක් අත්කරගැනීමට උතුරු කොරියාවට හැකි විය.

    දිය යට වේදිකාවක් උපයෝගිකරගනිමින් සාර්ථක නෙරපීමක් ලබාගැනීමට උතුරු කොරියානු විද්‍යාඥයින් සමත්වුවද, සැළකිය යුතු දුරක් ළඟාකර ගැනීමට නොහැකිවිය. 2016 අප්‍රේල් මාසයේදී ඝන ඉන්ධන (ද්‍රව නොවන) යොදන එන්ජිමක් අත්හදාබලීමෙන් අනතුරුව සබ්මැරීනවල සිට විදින බැලිස්ටික් මිසයිල (SLBM- Submarine-Launched Ballistic Missile) අත්හදාබැලීම් සාර්ථක කරගැනීමට එරටට හැකිවිය.

    කෙසේවෙතත්, ඇමෙරිකා, රුසියාව හෝ චීනය සතු SLBM මෙන් නොව උතුරු කොරියානු SLBM තවදුරටත් විශ්වාසදායී නොවන්නේ ඒවායෙහි අත්හදාබැලීම් තවමත් ක්‍රියාත්මකවන බැවිනි. උතුරු කොරියාව සතු සබ්මැරීන වැඩි ශබ්දයකින් යුතුවන බැවින් ඒවා නිරීක්ෂණය කිරීම පහසුය. මේ කරුණු අනුව බොහෝ අතින් සළකනවිට මෙම මිසයිල හමුදාමය පරිහරණයකට වඩා දේශයේ 'කීර්තිය' සඳහා යොදාගැනේ.

    එසේ වුවද, චන්ද්‍රිකා ඡායාරුප මගින් පෙන්නුම් කෙරෙන පරිදි සින්පෝ ප්‍රදේශයේ පිහිටි සබ්මැරීන අංගනය නවීකරණයට උතුරු කොරියාව විශාල ලෙස යොමුවී ඇත. ඒ අනුව, මෙම වැඩසටහනේ ආරම්භය මෙය ලෙස සැළකිය හැකිය.

    World Politics concerning the Asian region _95727125_icbm_missiles_ranges_english_624_sinhala
    KN-17
    Image copyright Reuters

    මෑතදී පැවති පෙළපාලියේදී ප්‍රදර්ශනය කෙරුණු KN-17 (ඇමෙරිකාව විසින් නම් කරන ලද) ගොඩබිම සිට විදින නෞකා නාශක බැලිස්ටික් මිසයිලය සින්පෝ ප්‍රදේශය ආසන්නයේදී පරීක්ෂාවට ලක්කර ඇත. දෙවරක් එය අසාර්ථක වුවද, ඉන් දී ඇති පණිවිඩයවන්නේ ඇමෙරිකානු, දකුණු කොරියානු හා ජපාන නැව් ඒ පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවය.

    2016 වසර ආරම්භයේ සිට ඇතිවූ තත්වයන් පෙන්නුම් කරන්නේ නව මිසයිල තාක්ෂණය සංවර්ධනය කෙරෙහි පමණක් නොව, සැබවින්ම ක්ෂේත්‍රයට මිසයිල යොමු කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාව අවධානය යොමු කරන බවය.

    2016 සැප්තැම්බර් මාසයේදී උතුරු කොරියාව බැලිස්ටික් මිසයිල තුනක් එකවර විදිනු ලැබූ අතර 2017 වසරේ මාර්තු මාසයේදී තවත් මිසයිල හතරක් විද්දේය. මෙසේ මිසයිල කිහිපයක් එකවර විදීම හඳුනාගැනීම මෙන්ම ඊට බාධා කිරීම අපහසු කරවයි. එසේම එය 'තාඩ්' මිසයිල ආරක්ෂණ පද්ධතියට අභියෝගයකි. ඇමෙරිකාව විසින් මෑතදී 'තාඩ්' මිසයිල පද්ධතිය දකුණු කොරියාවට යැවීම ඇරඹීම අර්බුදකාරී තත්වයක් මතු කිරීමට හේතු විය.

    උතුරු කොරියාව සතුව දිගු දුර විහිදුම් මිසයිල තිබේද?
    World Politics concerning the Asian region _95578068_9bbb63e7-b940-426e-bd3d-d9edac51705d
    Image copyright AFP

    ඇමෙරිකානුවන් වඩාත් උනන්දු කරවන සුළු මේ ප්‍රශ්නයෙන් විමසන්නේ ඇමෙරිකානු බිමට ළඟාවිය හැකි මිසයිලයක් නිකුත් කිරීමට උතුරු කොරියාවට හැකිද යන්නය.

    World Politics concerning the Asian region _95682749_8a31e56e-dfee-421b-8913-5c0ab652655e
    අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) සතුවීමේ අවශ්‍යතාව ඇත්තේ න්‍යෂ්ටික ප්‍රහාරයක් සඳහාය. ඒ හැර එවැනි මිසයිලයකට සම්ප්‍රදායික අවියක් යෙදීමේ හැකියාව ඉතා අල්පය.

    උතුරු කොරියාව 2012 වසරේ සිටම අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල ප්‍රදර්ශනයේ යෙදෙන අතර එම මිසයිල අතරට KN-08 නම්වූ මිසයිලයද අයත්විය. මුලදී එම මිසයිල 'ව්‍යාජ' යැයි විවේචනය කෙරුණද කාලය ඉක්ම යද්දී කෙරුණු වැඩිදියුණු කිරීම් අතරේ ඒවා පිළිගතහැකි තත්වයට පත්විණි.

    දශක ගණනාවක් පුරා උතුරු කොරියාවේ මිසයිල හැකියාව බාහිර ලෝකය විසින් බැහැර කරනු ලැබුවද ප්‍රධාන වර්ධනයන් කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇත.

    2015 වසරේදී උතුරු කොරියාව KN-14 නමින් හැඳින්වෙන අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් හඳුන්වාදුණි. එවැනි මිසයිලයකට එක කෙරෙන කොටස් පිළිබඳ ඡයාරූප මෙන්ම වීඩියෝ දසුන්ද 2016 වසරේදී නිකුත් කළේය.

    Image copyright AFP

    උතුරු කොරියාව අන්තර් මහාද්වීපික මිසයිලයක් අත්හදා බලන්නේ කවදාද යන ප්‍රශ්නයට පිළිතුර නම් ඒ සඳහා සුදුසු මෙන්ම සුදානම් අවස්ථාවේදී එය සිදුවනු ඇත යන්නයි.

       උතුරු කොරියානු මිසයිල බලය ගැන මේ කරුණු දැන සිටියාද?

    පසුගියදා පැවති හමුදා පෙළපාලියේදී ප්‍රදර්ශනය කෙරුණු ඝන ඉන්ධන යොදන අන්තර් මහාද්වීපික මිසයිල තවමත් පරීක්ෂා කළ යුතු අවධියක පැවතුනද උතුරු කොරියාවෙන් පළා ගිය ඉහළ පෙළේ නිලධාරියකු වන තී යොං-හෝ පැවසුවේ 2017 වසර අවසානය හෝ 2018 වසර මුලදී අන්තර් මහාද්වීපික මිසයිලයක් නිමකිරීමට උතුරු කොරියාව අපේක්ෂා කරන බවය. මේ අනුව අත්හදා බැලීම සහ සම්පුර්ණ කිරීම එකිනෙකට වෙනස් කරුණු දෙකකි.

    ඒ අනුව සැළකීමේදී ද්‍රව ඉන්ධන භාවිත කෙරෙන KN-08 අන්තර් මහාද්වීපික මිසයිලය සම්පුර්ණ කිරීමේ අදියරට ළඟාවී ඇති බැවින් මෙම කාල රාමුව තුළදී එය පරීක්ෂා කිරීමට බොහෝ ඉඩකඩ තිබේ.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    World Politics concerning the Asian region Empty Re: World Politics concerning the Asian region

    Post by Ethical Trader Mon Apr 24, 2017 1:56 pm

    'කාල් වින්සන්' මුහුදුබත් කිරීමට සූදානම් - උතුරු කොරියාව
    BBC Sandeshaya 2017 අප්‍රේල් 23

       World Politics concerning the Asian region _95755782_gettyimages-95747448

    Image copyright U.S. Navy
    Image caption ඇමරිකානු නාවික හමුදාවට අයත් USS කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව

    කොරියානු අර්ධද්වීපය බලා යාත්‍රා කරමින් තිබෙන ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව "මුහුදුබත් කිරීමට උතුරු කොරියාව සූදානම්" බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

    උතුරු කොරියාව 'නෝඩෝන්ග් ෂින්මුන්' පුවත්පත ඔස්සේ අනතුරු හඟවා තිබුණේ USS කාල් වින්සන් නෞකාව "එක් ප්‍රහාරයකින්" මුහුදුබත් කළ හැකි බවය.

    වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක කණ්ඩායමක් කොරියානු අර්ධද්වීපයට නුදුරු මුහුදු කලාපය වෙත මේ සතියේ ළඟා වනු ඇති බව අපේක්ෂා කෙරෙයි.

    ප්යොංයැං මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් ඇමරිකාව සතු "මූලෝපායික ඉවසීම" අවසානයක් කරා පැමිණ ඇති බවට සිදු කළ අනතුරු හැඟවීම් මධ්‍යයේ එම කලාපයට USS කාල් වින්සන් නෞකාව යෙදෙවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කළේය.

    උතුරු කොරියාව විසින් මෑතක සිදු කළ අසාර්ථක මිසයිල අත්හදා බැලීම සහ නවතම ප්‍රහාරක අවි ප්‍රදර්ශනය කරමින් ප්යොංයැං නුවර පැවති හමුදා සංදර්ශනයත් සමග එම කලාපයේ දේශපාලන උණුසුම ඉහළ යමින් පවතී.

    යුද සරඹ
    World Politics concerning the Asian region _95755784_icbm_missiles_ranges_english_624_sinhala
    වින්සන් නෞකාව ප්‍රමුඛ ප්‍රහාරක නෞකා කණ්ඩායම ජපාන නාවික හමුදාව සමග අද (අප්‍රේල් 23) පිලිපීන මුහුදේ දී ඒකාබද්ධ යුද සරඹයක නිරත විය.
    World Politics concerning the Asian region _95556608_8dd906f3-7995-475c-ad1f-ed48f0ee5705
    Image copyright AFP
    Image caption USS කාල් වින්සන් ඇතුළු පරිවාර යුද නෞකා සමූහය

    කොරියානු කලාපයේ ඉහළ යමින් පවතින දේශපාලන උණුසුම හා එහි ගමන් මග

       අප්‍රේල් 08: කොරියානු අර්ධද්වීපය දෙසට යාත්‍රා කරන ලෙස ඇමරිකානු හමුදාව සිය ප්‍රහාරක නාවික කණ්ඩායමකට නියෝග ලබා දුණි.
       අප්‍රේල් 11: "බලගතු ආයුද" යොදා ගනිමින් සිය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බව උතුරු කොරියාව පැවසීය.
       අප්‍රේල් 15: ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් දකුණු කොරියාව වෙත ළඟා වෙද්දී උතුරු කොරියාව සිය සමාරම්භක නායකයා වූ කිම් ඉල්- සුං ගේ 105 වෙනි ජන්ම දින සැමරුම වෙනුවෙන් මිසයිල ප්‍රදර්ශනය කරමින් විශාල යුද සංදර්ශනයක් පැවැත්වීය.
       අප්‍රේල් 16: උතුරු කොරියාව රොකට් අත්හදාබැලීමක් සිදු කළ අතර එය අසාර්ථක විය.
       අප්‍රේල් 17: තවදුරටත් "සති පතා" මිසයිල අත්හදා බලන බව උතුරු කොරියානු බලධාරියෙක් බීබීසී වෙත පැවැසූ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් "අත්හදාබැලීම්" සිදු නොකරන ලෙස උප ජනාධිපති මයික් පෙන්ස් උතුරු කොරියාවට අනතුරු ඇඟවීය.
       අප්‍රේල් 18: කාල් වින්සන් ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව ඇතුළු සෙසු යුද නෞකා උතුරු කොරියාව දෙසට නොගොස් ප්‍රතිවිරුද්ධ දිශාවට යාත්‍රා කොට ඇති බව වාර්තා විය.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    World Politics concerning the Asian region Empty Re: World Politics concerning the Asian region

    Post by Ethical Trader Tue Apr 25, 2017 4:46 pm

    කොරියානු උණුසුම : මිසයිල සන්නද්ධ සබ්මැරීනයක් ළඟාවේ
    BBC Sandeshaya පැය 3 කට පෙර
    World Politics concerning the Asian region _95775217_cadbcca9-3b59-4e29-b8bb-5677a4eb15d5
    Image copyright Reuters
    Image caption යුඑස්එස් මිචිගන් සබ්මැරීනය කාල් වින්සන් ප්‍රමුඛ නෞකා සමුහය සමග එක්වීමට නියමිතය

    උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලනු ඇතැයි යන සැකය පැතිර යද්දී ඇමෙරිකානු මිසයිල සන්නද්ධ සබ්මැරීනයක් දකුණු කොරියාවට ළඟා විය.

    කලාපය වෙත යාත්‍රා කරමින් පවතින යූඑස්එස් කාල් වින්සන් (USS CARL VINSON) නෞකාව ප්‍රමුඛ යුද නැව් සමුහය සමග එම සබ්මරීනයද එක්වීමට නියමිතය.

    උතුරු කොරියානු යුද හමුදාවේ 85 වෙනි සංවත්සරය අද (අප්‍රේල් 25) සැමරෙන අතර මීට පෙර මෙවැනි අවස්ථාවලදී එරට මිසයිල අත්හදාබැලීම්වල යෙදී තිබීම නිසා යළි එවැන්නක් සිදුවිය හැකි බවට සක පලවී තිබිණි.

    උතුරු කොරියාව හා ඇමෙරිකාව අතර පළවූ උණුසුම් ප්‍රතිචාර හමුවේ කොරියානු අර්ධද්වීපය තුළ යළි නොසන්සුන් තත්වයක් හටගෙන තිබේ.
    World Politics concerning the Asian region _95775223_b0190efa-46f5-40be-9a9f-a6d2a025c99d
    Image copyright Reuters
    Image caption උතුරු කොරියාව සිය හමුදාවේ 85 වෙනි සංවත්සරය සමරයි
    යුඑස්එස් මිචිගන් (USS MICHIGAN)

    දකුණු කොරියානු චෝසුන් ඉබෝ පුවත් පත වාර්තා කරන පරිදි එහි ළඟාවූ න්‍යෂ්ටික ශක්තියෙන් බලගැන්වෙන යූඑස්එස් මිචිගන් (USS MICHIGAN) සබ්මැරීනය ටොමහෝක් මිසයිල 154කින් සන්නද්ධය. විශේෂ කාර්ය භට කණ්ඩායම් 60ක් මෙන්ම කුඩා සබ්මැරීන ද එහි වේ.

    එය, කාල් වින්සන් නෞකාව ප්‍රමුඛ නාවික බලඇණිය සමග යුද අභ්‍යාසවල යෙදීමටද අපේක්ෂිතය.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක නොතකමින් උතුරු කොරියාව දිගින් දිගටම ක්‍රියාත්මක කළ මිසයිල අත්හදාබැලීම් හමුවේ ඇමෙරිකාව චීනයට දන්වා සිටියේ ඔවුන් සිය අසල්වැසියා හසුරුවා නොගන්නේනම්, ඊට තමන් තනිව මැදිහත්වන බවය.
    කාල් වින්සන්ට තර්ජනයක්

    ඒ අනුව, මීට දින කිහිපයකට පෙර ඇමෙරිකානු නාවික හමුදාවට අයත්, ප්‍රහාරක ගුවන් යානා ගෙනයන යූඑස්එස් කාල් වින්සන් නෞකාව ප්‍රමුඛ නාවික බලඇණියක් කොරියානු අර්ධද්වීපය වෙත යැවිණි.
    World Politics concerning the Asian region _95775221_1feb72df-7896-44a2-bbfd-76d4ad58cf17
    Image copyright Reuters
    Image caption යුඑස්එස් කාල් වින්සන් කොරියානු අර්ධද්වීපයට ඒමට පෙර ඔස්ට්‍රේලියාව සමග ද අභ්‍යාසයක යෙදිණි

    ඊට ප්‍රතිචාර දැක්වූ උතුරු කොරියාව කියා සිටියේ තමන් "කාල් වින්සන් මුහුදුබත් කිරීමට සුදානම්" බවය.

    මේ අතර, පසුගිය බදාදා ඇමෙරිකාවේ සමස්ත සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයම අසාමාන්‍ය ලෙස ධවල මන්දිරය වෙත කැඳවා උතුරු කොරියාව සමග ඇති අර්බුදය පැහැදිලි කෙරුණු බව වාර්තා විය.

    තත්වය එසේ තිබියදී, මීට පෙර ප්‍රකාශ වී තිබු පරිදි කාල් වින්සන් ප්‍රමුඛ නෞකා බලඇණිය කොරියානු අරධ්ද්වීපය වෙත නොයාම මත යම් කුකුසක් මතුවී තිබුනද, ඊට දී තිබු අණ පරිදි දැන් එම නෞකා සමුහය කොරියානු කලාපය වෙත යාත්‍රා කරමින් පවතින බව ඇමෙරිකානු නාවික බලධාරීහු පවසති.

    මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දුරකථන ඇමතුමක් දුන් චීන ජනාධිපති සී ජින් පින් "ඉවසීමෙන් ක්‍රියාකරන්න, තත්වය තවත් උණුසුම් කරන ක්‍රියාවල නොදෙන්න" යැයි ඉල්ලා සිටියේය.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    World Politics concerning the Asian region Empty Re: World Politics concerning the Asian region

    Post by Ethical Trader Wed Apr 26, 2017 1:42 pm

    කොරියානු උණුසුම මැද චීනයෙනුත් ප්‍රහාරක යානා නැවක්
    BBC Sandeshaya මිනිත්තු 7 පෙර
    World Politics concerning the Asian region _95790963_4fc8696d-0ef2-4b21-9ddf-74399342c19c
    Image copyright Reuters
    Image caption චීනය තුළදී නිපදවන ලද පළමු ප්‍රහාරක යානා නෞකාව මෙය වේ.

    කලාපය තුළ උත්සන්න වෙමින් පවතින උණුසුම් තත්වය මධ්‍යයේ චීනය තමන් විසින්ම නිපදවන ලද පළමු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාව දියත් කළේය.

    මේ තත්වය සමග කලාපය තුළ චීනයේ හමුදාමය නියෝජනය තවදුරටත් ඉහළ නංවන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    චීනයේ රාජ්‍ය මාධ්‍ය වාර්තා කළ පරිදි එරට ඊසාන දිගින් පිහිටි ඩාලියාන් වාරයේදී නෞකාව මුහුදට දියත් කර ඇත. මීට පෙරදී වාර්තාවල කියැවුනේ එය 2020 වසරේදී ක්‍රියාත්මකවීම අරඹන බවය.

    කොරියානු උණුසුම : මිසයිල සබ්මැරීනයක් ළඟාවේ

    'කාල් වින්සන්' මුහුදුබත් කිරීමට සූදානම් - උතුරු කොරියාව

    කෙසේවෙතත්, චීනය මෙම නෞකාව දියත් කළේ මෑතක සිට ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර ඉහළ නගිමින් පවතින උණුසුම් තත්වය මධ්‍යයේය.
    World Politics concerning the Asian region _95790965_5bcc6d96-e1f2-44e2-a5f7-2b55c66937d7
    Image copyright Reuters
    Image caption නෞකාවට 'ෂෙන්යැං' J-15 වර්ගයේ ප්‍රහාරක යානා ගෙන යා හැකිය

    මේ දක්වා චීනය සතුව පැවතියේ එක් ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකාවක් පමණි. 'ලියාඔනිං' නම්වූ එය යුක්‍රේනයෙන් මිලට ගත් නවීකරණය කරන ලද්දකි.

    තවමත් නම් කර නොමැති නව ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකාවට 'ෂෙන්යැං' J-15 වර්ගයේ ප්‍රහාරක යානා ගෙන යා හැකිය. එහෙත්, ඇමෙරිකාව සතු ප්‍රහාරක යානා ප්‍රවාහන නෞකා 10 ට වඩා තාක්ෂණික වශයෙන් අඩු මට්ටමක ඇති බව යුද විශ්ලේෂකයින් සිතන බව චීනයේ බීබීසී වාර්තාකරු ස්ටීවන් මක්ඩොනෙල් පවසයි.

    පසුගිය දිනවල ඇමෙරිකාව විසින් කොරියානු අර්ධද්වීපය වෙත යූඑස්එස් කාල් වින්සන් (USS CARL VINSON) ප්‍රමුඛ යුද නෞකා මෙන්ම යූඑස්එස් මිචිගන් (USS MICHIGAN) මිසයිල සන්නද්ධ සබ්මරිනය යැවීම උතුරු කොරියාවේ කෝපයට හේතුවිණි. මතුව ඇති තත්වය හමුවේ සන්සුන්ව ක්‍රියා කරන්නැයි චීනය ඉල්ලා සිටියේය.

    කෙසේවෙතත්, මේ තත්වය මධ්‍යයේ චීනය විසින් දියත් කරන ලද යානා ප්‍රවාහන නෞකාව එරට මේ වනවිට සතු වසර 25 ක් පැරණි 'ලියාඔනිං' නැවට වඩා සුවිශේෂ වැඩිදියුණු කිරීමකින් යුතු නෞකාවක් ලෙස සැළකේ. යුක්‍රේනයෙන් මිලදී ගෙන තුබුණු ලියාඔනිං නව නවීකරණය කරන ලද, පැරණි සෝවියට් සමුහාන්දුවට අයත්වූ එකකි.
    World Politics concerning the Asian region _95790966_801214a7-0817-4486-969e-e46a0ab527f7
    Image copyright Getty Images
    Image caption චීනයේ පළමු ප්‍රහාරක යානා නෞකාව වූ 'ලියාඔනිං', නවීකරණ කරන ලද පැරණි සෝවියට් නැවකි

    චීනයේ ෂින්හුවා පුවත් සේවය පෙන්වාදෙන පරිදි අභිනව නෞකාව ඉදිකිරීම ඇරඹුණේ 2013 වසරේදීය.

    එය දියත් කිරීමේ අවස්ථාවට චීනයේ මධ්‍යම හමුදා කොමිසමේ උප සභාපතිවරයාද එක්විය.

    චීන ආරක්ෂක අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර තිබුනේ එරට J-15 ප්‍රහාරක යානා සමග වෙනත් ගුවන් යානා ගෙන යා හැකි මෙම නෞකාව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන්නක් නොවන බවය.

      Current date/time is Sun Sep 01, 2024 5:39 am