Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker
ලොවම එළිය කල අසිරිමත් විද්වතා - නිකොලා ටෙස්ලා
ලොවම එළිය කල අසිරිමත් විද්වතා - නිකොලා ටෙස්ලා
19 සියවසේ අග භාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ විදුලි සහ චුම්බක ක්ෂේත්‍රයේ සිදු කල නව සොයාගැනීම් නිසා ලෝකයේ දිශානතිය නව මාවතකට යොමු කිරීමට ඔහුට හැකි විය.
විශේෂයෙන් අද දවසේ ලොව අස්සක් මුල්ලක් නෑරම භාවිතා කෙරන ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාව (AC - Alternating current) ඔහුගේ සොයාගැනීමකි.
1856 ජූලි 10 වැනි දින ක්‍රෝඒශියාවේදී උපත ලද නිකොලා ටෙස්ලා උපතින් සර්බියානු ජාතිකයෙක් විය.කුඩා කල සිටම විද්‍යුත් උපකරණ කෙරෙහි දැඩි ලෙස ආසක්ත වූ ඔහුට එම ආභාෂය ලැබුණේ ඔහුගේ මවගෙනි.ටෙස්ලාගේ මව ඇයට ලැබෙන සෑම විවේකයකදීම කුඩා ටෙස්ලා සමග ප්‍රාථමික මට්ටමේ ගේ දොර උපකරණ නිපදවා අත්හදා බැලීමට පුරුදු වී සිටියාය.
1882 වර්ෂයේ ඔස්ට්‍රියාවේ Graz විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන ටෙස්ලා එහිදී ගණිතය සහ භෞතික විද්‍යාව හැදෑරීමට උනන්දු වෙයි.ඉන්පසු හංගේරියාවේ බුඩාපේස්ට් නගරය වෙත පැමිණෙන්නේ රැකියාවක් සොයා ගැනීමේ අරමුණෙන්.එහිදී ඔහුට දුරකථන සමාගමක රැකියාවක් ලැබෙයි.විදුලි මෝටරය පිළිබද අදහස ඔහුගේ සිතේ පැලපදියම් වෙන්නේ මේ කාලයේදීයි.පසුව යථාර්තයක් වන එම සිතුවිල්ල ඉලෙක්ට්‍රොනික් ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසකට මං පාදනු ලබයි.
1884 වර්ෂයේ එනම් වයස අවුරුදු 28 දී දැඩි ආර්ථික දුෂ්කරතා මැද නිකොලා ටෙස්ලා ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වෙයි.ඒ සුප්‍රසිද්ධ තෝමස් අල්වා එඩිසන්ගේ Edison Electric Light සමාගමේ මෑන්හැටන් ශාඛාවේ ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කිරීමටයි.
විදුලි බල්බයට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම නිසා මහා ධනස්කන්දයකට මෙන්ම ඉහළ සමාජ තත්වයකට උරුමකම් කියූ තෝමස් අල්වා එඩිසන්, ටෙස්ලා හට පවරන්නේ තමන්ගේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන සරල ධාරා ක්‍රමයට (Direct Current) සැකසු විදුලි පද්ධතියේ ඩයිනමෝවන් ප්‍රති නිර්මාණය කරන ලෙසයි.එය සාර්ථකව නිම කළහොත් ටෙස්ලා හට ඩොලර් 50,000 ක මුදලක් ලබා දෙන බවට ඔහු පොරොන්දුවක් ද වෙයි.ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාව ආශ්‍රිත ඉදිරි පරේෂණ කටයුතු කරගෙන යාමට මුදල් නොමැති කමෙන් අධෛරයට පත්ව සිටින ටෙස්ලාට මෙය කදිම අවස්ථාවක් වෙයි.
ඉතා වෙහෙස මහන්සියෙන් එම කාර්යය සාර්ථකව නිම කරන ටෙස්ලා, එඩිසන්ගෙන් පොරොන්දු වූ මුදල ඉල්ලා සිටියි.නමුත් එම ඉල්ලීම අවඥාවෙන් බැහැර කරන එඩ්සන්ගෙන්, ටෙස්ලාට ලැබෙන්නේ මෙවැනි පිළිතුරක්.." ටෙස්ලා..ඔබට ඇමරිකන්කාරයින්ගේ විහිලු තේරෙන්නේ නෑනේ ! ( Tesla, you don’t understand our American humor )
අන් අයගේ නිපැයුම් වලට තමන්ගේ නමින් පේටන්ට් බලපත්‍ර ලබාගෙන ධනවත් වී සිටින තෝමස් අල්වා එඩිසන්ගේ මේ නොහොබිනා ක්‍රියාව නිසා කලකිරෙන ටෙස්ලා, එඩ්සන් සමාගම අතහැර යයි.ඉන්පසු දිනකට ඩොලර් 2 වැටුපකට කම්කරු රැකියාවක නිරත වෙන්නේ ඔහුගේ දිවියේ කටුක පරිඡ්ඡේදයක් සනිටුවහන් කරමින්.
නැවතත් අසීරුවෙන් අනුග්‍රාහකයෙකු සොයාගන්නා ටෙස්ලා දිගටම තම පරේෂණ කටයුතු වල නිරත වෙයි.1887 1888 කාල වකවානුවේ ඔහු නව නිෂ්පාදන 30 කට අධික ප්‍රමාණයකට පේටන්ට් අයිතිය හිමකර ගන්නේ එම කැපවීමේ ප්‍රථිපලයක් ලෙසයි.ටෙස්ලා මේ අවධියේ දැක්වූ දක්ෂතාවය නිසා ඔහුට ඇමෙරිකානු විදුලි ඉංජිනේරු ආයතනයේ සැසියක් ඇමතීමට ආරාධනා ලැබෙයි. එහිදී ඔහු තමන් පරේෂණ කරමින් සිටින ප්‍රත්‍යාවර්තන විදුලි ධාරා සංකල්පය ඔස්සේ දේශනයක් පවත්වනු ලබයි.
දිගින් දිගටම අසාර්ථක වෙමින් සිටින ටෙස්ලාගේ දෛවය වෙනස් කිරීමට මෙම ඉදිරි පත් කිරීම හේතු වෙයි.එහිදී බලශක්ති ක්ෂෙත්‍රයේ දැවැන්තයෙකු වු "ජෝජ් වෙස්ටින්ග්හවුස්" නැමති ධනවතෙකුගේ අවධානයට ලක්වෙන ටෙස්ලා, ඔහුගේ මුදල් ආයෝජනය මත බොස්ටන් නගරයේ ප්‍රථම ප්‍රත්‍යාවර්තන විදුලි ධාරා පද්ධතිය ස්ථාපිත කරනු ලබයි.
පසුව ටෙස්ලාගේ ප්‍රත්‍යාවරත්න විදුලි ධාරාව ආශ්‍රිත සියළුම නිෂ්පාදන වල පේටන්ට් අයිතිය ලබාගන්නා වෙස්ටින්ග්හවුස්, ඒ සදහා ටෙස්ලාට ඩොලර් මිළියනයක් ගෙවනු ලබයි.අවංක පුද්ගලයෙකු වූ වෙස්ටින්ග්හවුස් මෙම නිෂ්පාදන වලින් ජනනය කෙරෙන සෑම විදුලිය කිලෝවොට් 1 සදහාම ඩොලර් 2.50 මුදලක් ආපසු ටෙස්ලාට ගෙවීමට ද පොරොන්දු වෙයි.
1888 වර්ෂයේ වෙස්ටින්ග්හවුස්ගේ උදව් උපකාර මත ටෙස්ලා විදුලි මෝටරය නිපදවනු ලබයි.පසුව එම මොටරයේ සැලැස්ම ද ඩොලර් 60,000 කට වෙස්ටින්ග්හවුස් සමාගමට විකුණනු ලබන්නේ එම සැලසුමෙන් නිෂ්පාදනය කරන මෝටරයකින් ජනනය කරන අශ්ව බල එකක් සදහා ඩොලර් 2.50 ක් මුදලක් ටෙස්ලාට ගෙවීමේ පොරොන්දුව පිටයි.
මෙකල ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගරයන් හි විදුලි ආලෝකය සිදු කරන්නේ තෝමස් අල්වා එඩිසන්ගේ සරල ධාරා විද්‍යුතය උපයෝගී කරගෙනයි.නගර පුරා කම්බි දහස් ගණනක් අදිමින් සිදු කල එය අකාර්යක්ෂම ක්‍රමයක් ලෙස හැදින්වූ ටෙස්ලා, එය නිසා බල ශක්තිය විශාල වශයෙන් හානි වන බවත් පෙන්වා දෙයි.
සරල ධාරා විද්‍යුතය ඉතා කෙටි දුරකට සීමා වන අතර එයින් අඛණ්ඩව විදුලිය ගලායාමට නැවත ආරෝපණයක් සිදු කල යුතු වෙයි.ඒ සදහා විශාල පිරිවැයක් දැරීමටද සිදු වෙයි.නමුත් ටෙස්ලා විසින් සොයාගත් ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාව , සැතපුම් සිය ගණනක් දුරකට වුවද අවම බල ශක්ති හානියකින් සම්ප්‍රේෂණය කල හැකි වන අතර එය සදහා වන පිරිවැය එඩ්සන්ගේ ක්‍රමය මෙන් බාගයක් පමණ වෙයි.
සරල ධාරා විද්‍යුතයෙන් ඉමහත් කීර්තියක් අත් කරගෙන සිටින එඩිසන් දිගින් දිගටම ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාවට පහර ගසනු ලබයි.තම සමාගමෙන් ඉවත්වූ දා සිටම ටෙස්ලා සමග වෛරයකින් පසු වන එඩිසන් පෙන්වා දෙන්නේ ටෙස්ලාගේ විදුලි ධාරාව නිසා මිනිසුන්ට අනතුරු සිදු විය හැකි බවයි.ඔහු ඒ බව ඔප්පු කිරීමට මරණ දණ්ඩනයට කැපවූ සිරකරුවන් මරණයට පත් කිරීමට ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාව සහිත විදුලි පුටුවක් නිර්මාණය කරයි.එයින් නොනවතින එඩ්සන් අලි ඇතුන්ට පවා ප්‍රත්‍යාවරත්න විදුලි ධාරා වද්දවා මරණයට පත් කරනු ලබයි.ඔහු එමගින් බලාපොරොත්තු වන්නේ ටෙස්ලාගේ විදුලි ධාරාවට එරෙහි මහජන මතයක් ගොඩනැගීමයි.
ඉන්පසු ඇරබෙන එඩිසන්ගේ සරල ධාරාවත් ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාවත් අතර යුද්ධය එකල හැදින්වුයේ " විදුලි යුද්ධය " ( War of Currents ) නමින්.නමුත් අවසානයේ ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්තන ධාරාවට මුළු ලෝකයේම අවධානය දිනාගැනීමට හැකි ආකාරයේ මහගු අවස්ථාවක් උදා වෙයි.
ක්‍රිස්ටෝපෙර් කොලොම්බස් ඇමෙරිකා මහාද්වීපය සොයාගෙන වසර 400 ගත වීම නිමෙත්තෙන් 1893 වර්ෂයේ චිකාගෝ නුවර මහ සැණකෙළියක් පැවැත්වෙයි.අක්කර 690 පුරාවට පැතිරුණු මෙම දැවැන්ත සැණකෙළි භූමියේ ආලෝක කටයුතු සිදු කිරීමට ටෙන්ඩර් කැදවීමක් සිදු කරනු ලබයි.
තෝමස් අල්වා එඩිසන්ගේ සරල ධාරාවෙන් ආලෝකවත් වන Edison Electric Light සමාගමත් ටෙස්ලාගේ ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාවෙන් ආලෝකවත් වන Westinghouse Electric සමාගමත් මේ සදහා ලංසු තබනු ලබයි.නමුත් එඩිසන්ගේ සමාගමේ මිළ ගණන් වලින් හරි අඩකින් ලංසු තැබූ ටෙස්ලාගේ Westinghouse Electric සමාගමට කොන්ත්‍රාත්තුව හිමිවෙයි
මෙයින් කිපෙන එඩිසන් සැණකෙළි භූමිය ආලෝකවත් කිරීමට ඔහුගේ පේටන්ට් බලපත්‍රය හිමි විදුලි බුබුළු සැපයීම අත්හිටුවයි.එයින් නොසැළෙන ටෙස්ලා ප්‍රතිදීප්ත පහන් නිපදවනවා පමණක් නොව නියමිත දිනයේ සැණකෙළි භූමිය ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාවෙන් ආලෝකමත් කරයි (වර්තමානයේ අප භාවිතා කරන සී එෆ් එල් බල්බ නිපදවා ඇත්තේ ටෙස්ලාගේ මෙම සංකල්පයට අනුවයි).එය සැලකෙන්නේ ශතවර්ෂයේ මහා විදුලි සංදර්ශනය ලෙසයි.එඩ්සන් විසින් ගෙන ගිය සියළු කටකතා පුස්සක් බවට පත් කරමින් ටෙස්ලා ලැබූ මෙම ජයග්‍රහණයත් සමග ඔහුගේ නම ලොව පුරා පතල වෙයි.
ටෙස්ලාගේ සාර්ථකත්වය දකින භෞතික විද්‍යාඥ කෙල්වින් ස්වාමිවරයා නයගරා දියඇල්ලේ ජල පහර යොදාගෙන විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය සදහා ටෙස්ලාට ආරාධනා කරයි.නයගරා ඇල්ලෙන් ගලා හැලෙන සුවිසල් ජලකද උපයෝගීකරගෙන විදුලි බලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියේ නියමුවා වන්නේ කෙල්වින් ස්වාමිවරයායි.නමුත් ඔහු මුලින් ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාව සදහා විශාල විරෝධයක් දැක්වූ අයෙක්.
නයගරා ඇල්ලේ උදව්වෙන් විදුලි බලය නිපදුවහොත් එය ලබා දිය හැකි ලගම නගරය වුයේ නයගරා ඇල්ලේ සිට සැතපුම් 20 දුරින් පිහිටි බෆලෝ නගරයයි.නමුත් සරල ධාරා විද්‍යුතය මෙතරම් දුරක් සම්ප්‍රේෂණය කිරීම අපහසු වූ නිසා මෙම ව්‍යාපෘතිය පැවතුනේ අවිනිශ්චිත තත්වයකයි.ටෙස්ලා චිකාගෝ සැණකෙළි භුමියේ දැක්වූ හපන්කම් නිසා ඔහු කෙරේ විශ්වාසය තබන කෙල්වින් ස්වාමිවරයා දෙවරක් නොසිතාම මෙම ව්‍යාපෘතිය ටෙස්ලා වැඩකරමින් සිටි Westinghouse Electric සමාගම හට බාර දෙනු ලබයි.
ඒ අනුව ඒතෙක් නිපදවා තිබූ ලොව විශාලතම ජල විදුලි බල උත්පාදන යන්ත්‍රයෙන් නිපදවෙන ප්‍රත්‍යාවර්තන විදුලියෙන්, 1896 නොවැම්බර් 16 වැනි දින බෆලෝ නගරය ආලෝකමත් කෙරෙයි.ටෙස්ලාගේ දැනුමෙන් නිර්මාණය වූ නයගාරා ඇල්ල ජල විදුලි බලාගාරය ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය ලෙස ඉතිහාස පොතට එක්වෙයි.
එතැනින් නොනවිතන ටෙස්ලා රෝග හදුනා ගැනීමට ඉමහත් සේවයක් සිදු කරන එක්ස් - රේ කිරණ, දුර ඇති වස්තූන් හදුනා ගැනීමට උපකාරී වන රේඩාර් මෙන්ම අද අපට නැතුවම බැරි දුරස්ථ පාලකයද නිපදවයි.1890 වර්ෂයේ ඔහු නිර්මාණය කල තවත් විශිෂ්ඨ නිපැයුමක් වන්නේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයයි.
ඉතාලි ඡාතික ගුග්ලියෙල්මෝ මාකෝනි විසින් සොයාගත් රේඩියෝව මුලින්ම සොයාගනු ලැබුවේ ද නිකොලා ටෙස්ලා විසින් .නොබෙල් ත්‍යාගලාබී මාකෝනි විසින් රේඩියෝව නිපදවීමට ටෙස්ලාගේ පේටන්ට් 17ක් යොදාගෙන තිබු බව වාර්තා වෙයි.එම නිසා 1943 වර්ෂයේ ටෙස්ලාගේ මරණින් මාස 6 කට පසු රේඩියෝව සොයාගැනීමේ ගෞරවය නිකොලා ටෙස්ලා හට ඇමෙරිකානු ඉහල උසාවිය විසින් පවරනු ලබයි.
අද අපට නැතුවම බැරි වයර්ලස් සංකල්පයේද පුරෝගාමියා වන්නේ නිකොලා ටෙස්ලා යි.ඔහු විසින් 1900 වර්ෂයේ නිපදවන ලද ටෙස්ලා කොයිල්හි මුලික කාර්යය වූයේ වයර් රහිත බලශක්ති සම්ප්‍රේෂණයයි.එම සංකල්පය අනුව ටෙස්ලා කොයිල් එකක් අසල තැබෙන බල්බයක් රැහැන් රහිතව ආලෝකවත් කල හැකි අතර එය වැඩිදියුණු කිරීමට පෙර ඔහු විසින් එම ව්‍යාපෘතිය අතහැර දමනු ලබයි
1943 ජනවාරි 7 වැනි දින නිකොලා ටෙස්ලා නිව්යෝක් හෝටලයේ තිස් තුන් වන මහලේ කාමරයක් තුල මිය යයි.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 86 ක්. "do not disturb" යනුවෙන් සදහන් කල පුවරුවක් ඔහුගේ කාමරයේ ඉදිරිපස එල්ලා තැබූ නිසා ඔහු මියගොස් ඇතිබව සේවකයින් දැනගන්නේ දින දෙකකට පසුවයි.ඒ සමගම ක්‍රියාත්මක වන ඇමරිකානු ආණ්ඩුව ටෙස්ලා සතු ලිපි ලේඛණ ඇතුළු සියල්ල තමන් භාරයට ගනු ලබයි.එකල දෙවන ලෝක යුධ සමය බැවින් ජාතික ආරක්ෂක පර්යේෂණ කාරක සභාවකට ඉදිපත් කරන ඔහුගේ ලිපි ලේඛණ වල විනාශකාරී නිපැයුම් අඩංගු වන්නේ දැයි පරීක්ෂාවට ලක් කෙරෙයි.
මිය යන විට නව නිපැයුම් තුන්සියයකට පමණ පේටන්ට් බලපත්‍ර ලබා සිටි නිකොලා ටෙස්ලා, විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් කල ප්‍රසිද්ධිය හෝ මුදල් පසු පස හබා නොගිය අප්‍රකටව විසූ මහා විද්වතෙකි.එඩ්සන් මාකෝනි වැනි දැවැන්තයින් සමග නිහඩවම සටන් කල ඔහුගේ ඒකායන පැතුම වූයේ ලෝකයාව අසීමිත බල ශක්තියකින් සන්නද්ධ කිරීම පමණි.
Extracted from facebook
CK- Active Member
- Posts : 1392
Join date : 2015-11-01
Re: ලොවම එළිය කල අසිරිමත් විද්වතා - නිකොලා ටෙස්ලා
Last edited by Rana on Thu Mar 23, 2017 11:23 am; edited 1 time in total
Rana- Top contributor
- Posts : 1676
Join date : 2015-12-16
Re: ලොවම එළිය කල අසිරිමත් විද්වතා - නිකොලා ටෙස්ලා
Mr. Rana why you thanked NC, when I put the article??Rana wrote:nice article Mr.NC

CK- Active Member
- Posts : 1392
Join date : 2015-11-01
Re: ලොවම එළිය කල අසිරිමත් විද්වතා - නිකොලා ටෙස්ලා
CK wrote:Mr. Rana why you thanked NC, when I put the article??Rana wrote:nice article Mr.NC![]()
Rana- Top contributor
- Posts : 1676
Join date : 2015-12-16
Re: ලොවම එළිය කල අසිරිමත් විද්වතා - නිකොලා ටෙස්ලා
what is the wrong comment? Nice article or NC or both?Rana wrote:.මම හිතන්නේ වැරදි තැනක වැරදි කොමෙන්ට් එකක්CK wrote:Mr. Rana why you thanked NC, when I put the article??Rana wrote:nice article Mr.NC![]()

CK- Active Member
- Posts : 1392
Join date : 2015-11-01
Re: ලොවම එළිය කල අසිරිමත් විද්වතා - නිකොලා ටෙස්ලා

CK wrote:what is the wrong comment? Nice article or NC or both?Rana wrote:.මම හිතන්නේ වැරදි තැනක වැරදි කොමෙන්ට් එකක්CK wrote:Mr. Rana why you thanked NC, when I put the article??Rana wrote:nice article Mr.NC![]()
![]()
Rana- Top contributor
- Posts : 1676
Join date : 2015-12-16
Re: ලොවම එළිය කල අසිරිමත් විද්වතා - නිකොලා ටෙස්ලා
He was an expert and philosopher in electrical science.
But was later beaten by the advancements of electronics and electromagnetism.
HUNTER- Top contributor
- Posts : 1727
Join date : 2014-07-14
» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
» How to get Access to: 104 Technical trading experiments by HUNTER
» පොළී මුදලාලිලාට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්න තීරණයක්
» Dividend Announcement
» East West properties
» Colombo US Embassy Air Pollution
» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
» SINHAPUTHRA FINANCE PLC (SFL.N0000)
» Land & Property sector chart
» Gota's Era
» සිමෙන්ති මිල පහළට
» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
» පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩිම සංචාරක පැමිණීම නොවැම්බරයේ දී
» Flying is the Safest mode of Transport
» OSEA .N
» LIOC.N0000 (Lanka IOC PLC)
» Hayleys MGT
» Sri Lanka insurer regulatory capital drop with new accounting rules
» Thread for News on CSE and SL Economy
» Lanka Tiles
» ACL Cables
» RENUKA AGRI FOODS PLC ( RAL.N0000 )
» SEYB.N0000 ( SEYLAN BANK PLC )
» Thought for the day...
» An Attitude Adjustment
» මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි
» Sri Lanka cement production picks up
» Thread for News on Local and Foreign Politics
» SEC Chief says ready to hand over baton
» Technology~විද්‍යාව ~ Wisdom
» The Theatre | Best movies to Watch
» SHL.N0000 (Softlogic Holdings PLC)
» An individual in pursuit of a porcupine found dead in a burrow
» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
» APLA.N0000 (ACL PLASTICS PLC)
» භාරකාර ආණ්ඩුවක් හෙට
» ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි
» මගේ කියවීම ...
» How the silence on this !
» ප්‍රතිඵලේ මොකක් උනත් ජ්‍යෝතිෂය සත්‍ය වෙන හැටි දැක්කද?
» ඇයි අප්සට් ද?
» ගෝඨාට ඉල්ලන්න බෑලු
» සෞභාග්‍යතා දර්ශකයේ ඉහළ යාමක්
» Puolanka The most pessimistic town
» SAMP.N0000 (SAMPATH BANK PLC)
» අනං මනං! #/+?.<>
» What's 5G?
» ACL කේබල්ස් ට රුපියල් මිලියන 789 ක ඒරියල් බන්ඩල් සන්නායක කොන්ත්‍රාත්තුවක්
» ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු