The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

5 posters

    සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA Empty සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA

    Post by nihal123 Sun Aug 21, 2016 9:45 pm

    Maga Engineering කොම්පැනිය හදපු M.G. කුලරත්න කොහොමද, කැප්ටන් කුලරත්න වුණේ...

    1964 විශ්වවිද්‍යාලයෙන් පිට වෙච්චි ගමන් මම යුද හමුදාවට බැ‍ඳෙනවා. මගේ පළමු රස්සාවත්, අවුරුදු හතක් කරපු ඒ හමුදා රස්සාවමයි. ලෙෆ්ටිනන් කෙනෙක් හැටියට හමුදාවට ගිය මම, හමුදාවෙන් ඉවත් වෙන්නෙ කැප්ටන් කෙනෙක් හැටියට.

    මොකක්ද Maga අර්ථය...

    එක, මාහින්කන්ද ගම්ලද්දලාගේ... කියන, අපේ පවුලේ වාසගමෙන් Ma සහ Ga මුල් අකුරු එකතු කරලා හදපු නමක්. මොකද ව්‍යාපාරය මුලින් ම පටන් ගත්තෙ මායි මගේ අයියයි මල්ලියි එකතු වෙලා. පස්සෙ මගේ මිත්‍රයකුත් එකතු වුණා. අද මාගා කියන්නෙ විශාල කණ්ඩායමකගේ සාමූහික ප්‍රයත්නයක්. මමත් ඒ කණ්ඩායමේ එක් සාමාජිකයෙක්.

    Maga තුළින් මේ රටේ කොයිතරම් ප්‍රමාණයකට ඔබ රස්සා හැදුවද...

    මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවලින් බිහිවූ ඉංජිනේරුවන් 260 ක් අපේ කොම්පැනියෙ වැඩ කරනවා. සමස්තය ගත්තම 10,000 ක පිරිසක්.

    Maga කියන්නෙ තාත්තගෙන් පුතාට යන පවුලේ ව්‍යාපාරයක්ද...

    මම හිතන්නෙ වෙනස් විදියකට. ඉදිරියේදී සාමූහික කළමනාකාරිත්වය කියන දේ ලෝකෙ ඉදිරියට එන ප්‍රවණතාවක්. අපිටත් වඩා දැවැන්ත සමාගම් ලෝකෙ පවතින්නෙ ගමන් කරන්නේ මේ සංකල්පය ඔස්සේ. Maga ත් ඉදිරියේදී සාමූහික කළමනාකාරිත්වයක් සහිත එහෙම ව්‍යාපාරයක් වේවි.

    ඒත් Maga හදපු ඔබට පුංචි දුකක්වත් නැද්ද එහෙම වෙනවට...

    අයිතිකාරයො හිටියට වෙනම සාමූහික කළමනාකාරිත්වයෙන් සාර්ථකව පවතින සමාගම් ලෝකෙ ඕනෑ තරම් තිබෙනවා. මේකත් මම තනියෙන් හැදුවා නෙවෙයි. සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඉතින් ‍ඔරොත්තු දෙමින්, නොනැසී පැවතීමට සහ සමාගම ඉදිරියට ගලා යෑමට (Endure and Prevail) ඇති හොඳම මඟ එයයි. මට එය සතුටක් මිස දුකක් නෙවෙයි.

    ඔබටම ආවේණික, හිතන පතන විදිය කුමක්ද...

    මගේ ජීවිතය පුරා තිබෙන සුබවාදීව සිතීමේ ගුණය, බෝවන රෝගයක් වගේ අනෙක් අයටත් බෝ කරන්නයි මං කැමැති. සිය පාරක් වැරැදුණත් එකසිය එක්වන පාර නැගිටින්නයි මට ඕනේ. ගෙවිච්චි ජීවිතය පුරා මං එහෙම අවස්ථා දහස් ගණනකට මුහුණ දීලා ඇති.

    රටේ සංවර්ධනයට Maga කළ ලොකුම දායකත්වය කුමක්ද...

    රටේ මුදල්වලින් අපි හරහා රටට කරන ව්‍යාපෘති, නිසියාකාරව කළොත් පමණයි එය සංවර්ධනයට සාධනීය ලෙස බලපාන්නේ. හදපු පාරවල් හැමදාම කැඩෙනවා නම් ඒ නාස්ති වෙන්නෙ රටේ මුදල්. මේ වෙනකොට අපි කිලෝමීටර් දහසකට වැඩිය පාරවල් හදා තිබෙනවා. ගොඩනැඟිලි හැරුණු කොට දැවැන්ත පාලම් විසි තිස් ගණනක් හදා තිබෙනවා. මේ හැම පාරක් පාලමක් උඩින් ම ගමන් කරන්නෙ රටේ සංවර්ධනය. ඒ තමයි අපි දැක්වූ ලොකුම දායකත්වය.

    එතකොට රටේ ආර්ථිකය ඔබට බලපාන්නෙ කොහොමද...

    හොඳ ආර්ථික සංවර්ධනයක් ඇති හැම වෙලාවකම ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල වාසි රැසක් ලැබෙනවා. ඒක මට වගේ ම ක්ෂේත්‍රයේ කාටත් අදාළයි. ඉදිරිය ගැනත් අපිට එහෙම හිතන්න පුළුවන්.

    මොකක්ද ඔබේ Management Style එක...

    සරලත්වය මුල් කරගත්තු, හැම දෙයක් ම විශ්ලේෂණය කර බැලීමට පුරුදු වූ ක්‍රමයක්. ඒ වගේ ම මේ ක්ෂේත්‍රය තුළ වේගයෙන් වැඩ කිරීම වැදගත්. හැම තනතුරක්ම ස්ථානගත වෙලා තිබුණට අවශ්‍ය වුණොත් මමත් වැඩේට බහිනවා. ‘Lead by Example…’ ආදර්ශයෙන් මෙහෙයවීමයි මගේ ක්‍රමය. හැබැයි ඒකෙන් කියන්නෑ මං හැමදේටම ඇඟිලි ගහන කෙනෙක් කියලා.

    එතකොට Business Style එක...

    මේක විශ්වාසය මුල් කරගත් ගනුදෙනුවක්. නියමිත වෙලාවට ඉහළම ප්‍රමිතියට වැඩේ නිම කොට බාරදීම කළයුතුයි කියන තැන ඉඳන් අපේ ධාරිතාව, මානව සම්පත්, මූල්‍ය කළමනාකරණය, උපකරණ සහ සම්පත් වැඩි කිරීම ආදී හුඟක් පැති කළමනාකරණය කරනවා. ඒ වගේ ම මහන්සි විය යුතු සහ නිදහසක් නැති ක්ෂේත්‍රයක්. නමුත් ව්‍යාපාරික අරමුණු අතින් අපි සාර්ථකයි. හේතුව අපි කොලිටිය ගැන සැලකිලිමත්. සේවක කැපවීම ඉහළයි. නැවත නැවත වැඩ ලැබෙනවා. ආයතනය ස්ථාවරයි. අවසානයේ ගනුදෙනුව සාර්ථකයි.

    Maga විශිෂ්ටත්වයට පත්වූ සමාගමක් නම්, ඒ තැනට ගේන්න සමාගමට ඔබ එක් කළ හොඳම වෙනස කුමක්ද...

    සුපිරි කණ්ඩායමක් තෝරා ගැනීම. පටන් ගත් මුල් කාලයේ අපේ කුඩ‍ා කණ්ඩායම බොහෝ කැපවීම් කළා. රාත්‍රියේ අනෙක් සේවකයෝ නිදියා ගනිද්දී අපි නිදි වරාගෙන වැඩ කළා. 1984, 85, 86 කාල ගෙවුණෙම ඒ විදියට. නිර්මාණශීලීව සිතීම, තීරණ ගැනීම වගේ ම ඉක්මනින් ක්‍රියාත්මක වීම වැරැදි අඩුපාඩු අවම කරගැනීම වැනි කාරණා පිළිබඳ අපි වි‍ෙශ්ෂයෙන් සැලකිලිමත් වුණා. 1984 පටන් අරන් 2001 වෙනකොට අපි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මුල් තැනට ආවා. ඒ, ප්‍රබල කණ්ඩායමක් විදිහට වැඩ කරලා.

    මොකක්ද මුලින් ම කළ ව්‍යාපෘතිය...

    මුලින්ම ලැබුණේ ජයවර්ධනපුර රෝහලේ උප කොන්ත්‍රාත්තුවක්. කරපු ප්‍රධාන ව්‍යාපෘතිය තමයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ගොඩනැගිල්ලක් හැදූ එක.‍ කාලය මාස නවයයි. බිල්ඩිම තට්ටු තුනයි. අපි හය මාසෙන් වැඩ ඉවර ‍කළා. ඊට පස්සෙ තමයි අලුත් කොම්පැනියක්... වැඩ ඉක්මන්... කියලා ක්ෂේත්‍රයේ අපේ නම පැතිරුණේ. වැඩ ගලා ආවේ.

    ඔබට අනුව ආයතනයක් සාර්ථක වන්න බලපාන ලොකුම සාධකය කුමක්ද‍...

    හොඳ දක්ෂයින් කණ්ඩායමක් තෝරා ගන්නවා වගේ ම, ඒ සෑම කෙනකුගේ ම උපරිමයත් ලබා ගත යුතුයි. ඒ සඳහා ඔවුන් සතුටින් වැඩ කරන සේවක පිරිසක් බවට පත් කිරීමක් ඔවුන් අරමුණු සහගත කිරීමත් උනන්දු කිරීමත් බලගැන්වීමත් අනිවාර්යයෙන් කළ යුතුයි. ඒ වගේ ම ඔවුන්ට විශ්වාසයෙන් වැඩ කිරීමට නායකත්වය පූර්වාදර්ශයක් විය යුතුයි. මේ සියල්ල කළ යුත්තේ ආයතනික සංස්කෘතියක් තුළ සහ විශාල ආයතනික විනයකට ඔවුන් නතු කිරීමෙන්. ඒ වගේ ම ඔවුන් ඔබ ළඟ රැඳෙන්නේ සේවයට සරිලන වැටුපක් ලැබීම සහ ඔවුන්ගේ කැපවීම් අගය කිරීම කියන කාරණා මත බවත් මතක තබා ගත යුතුයි.

    එතකොට සාර්ථක වූ ආයතන කඩා වැටෙන්නේ ඇයි...

    හුඟක් අය අරමුණු අභිප්‍රායන් ඇති කරගෙන ඉලක්ක හඹා යනවා. ඉලක්කෙටත් යනවා. නමුත් විනයක පිහිටන්නෙ නෑ. ඒක හරියට ජල දෝතක් කාන්දු වෙන්න නොවී රඳවා ගන්නවා වගේ වැඩක්.‍ අමාරුයි. නමුත් මුදුනේ සිට පහළට මේ විනය, මූල්‍ය.. පිරිස්.. සම්පත් ආදී සෑම අංශයකින්ම ක්‍රියාත්මක නොවුණොත් ආයතන කඩා වැටෙනවා.

    ඉලක්කයක් හඹා යද්දී වටපිටාව, අනෙක් අය ගැන සිතීම, ලැජ්ජාව හෝ සාධාරණය ගැන සිතුවොත් අපි පසු බසිනවා... එකඟද මේ කතාවට...

    නැහැ. ඉලක්කයක් හඹා යද්දී විශාල ස්වයං විනයක් තිබිය යුතුයි. ආයතනය මගේ වුණත් මම සභාපති වුණත් හැමදාම මාත් පොත අත්සන් කරනවා. පිටට ගියත් ලිවිය යුතු පොතක් තිබෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ හැම කෙනාටමත් ඒ නීතිය පොදුයි. ඒ වගේම කණ්ඩායමේ හැම කෙනාම තුළ අවංකකම තිබිය යුතුයි. ඒවා වචන විතරක් නෙවෙයි. ආකල්ප ලෙසම අපේ කණ්ඩායම තුළ ක්‍රියාත්මක වෙනවා.

    ඉදිකිරීම් සමාගම් ධනවත් ‍ෙවන්නෙ ගල්වැලි ‍සිමෙන්තිවලටත් බොරු කරන නිසා... කවුරු හරි මෙහෙම කිවුවොත්...

    එහෙම අයට පැවැත්මක් නැහැ. ක්ෂේත්‍රයේ ඉදිරියට එන්නත් බැහැ. එහෙම අයට මම කියන්නෙ අපිව ආදර්ශයට ගන්න. බේරුවල ඊඩ්න්, ටජ් එක්සෝටිකා, සින්බෑඩ් ගාඩ්න්, ලයිට් හවුස්, බ්ලූ වෝටර්ස්... කියන තරු හෝටල් සමූහයම කළේ අපි. මේ රටේ දැවැන්ත ඉදිකිරීම් වෙච්චි ඇපලෝ රෝහල, වික්ටෝරියා, මහියංගන, රත්නපුර, දකුණු අධිවේගී සහ කල්අඩි පාලම වගේම ලංකාවේ උසම ගොඩනැගිල්ල වන මීටර් 205 ක් උස ‘හයට්’ හෝටලයත් අපේ නිමැවුමක්. දෙවැනි උසම ගොඩනැගිල්ල වන මීටර් 186 ක් උස ‘ක්ලියර් පොයින්ට්’ නිවාස සංකීර්ණය හදන්නෙත් අපි. මෙහෙම ගමනක් එන්න නම් ඕනෑම ආයතනයක් හදා ගන්න ඕනෙ ප්‍රධාන දේ තමයි හොඳ නම. Maga, Brand එකක් වුණේ එහෙමයි.

    පසුගිය කාලෙ රටේ හුඟක් සංවර්ධන ව්‍යාපෘති ලැබුණේ Maga ට. පැවතුණේ Maga, ඒකාධිකාරියක්. මේ කතාවට ඔබ මොනවද කියන්නෙ...

    කලට වේලාවට වැඩ නිම කිරීම, කොලිටිය සහ අපේ Capacity එක නිසා Maga ට කවදත් වැඩ වැඩි තමයි. ඒක ඒකාධිකාරියක් නෙවෙයි.‍ කාටත් සාර්ථකත්වය කරා යන්න පූර්වාදර්ශ කොටගත හැකි ප්‍රබල කාරණා ටිකක්.

    ‘සාර්ථකත්වය කරා යන්නේ අසාර්ථකත්වයට අභියෝග කරන මිනිසුන්...’ මේ කතාව ඔ‍බේ ජීවිතය ඇසුරෙන් පහදන්න...

    අසාර්ථකත්වය හමුවේ උකටලී වන කෙනෙක් නෙවෙයි මම. බාලාංශ පන්තියේදී මම ‍ෆේල්. ඒ හින්දම හිතට අරන් ඉගෙන ගෙන හයේ පන්තියේදී ඩබල් ප්‍රමෝෂන් ගත්තා. ඊළඟට O-Level අසමත්. දෙවැනි පාර කළා. D දෙකයි C පහකුයි අරන් හොඳින් සමත්. ඒ ගැම්මට විද්‍යා විෂයන් තෝරගත්තත් උසස් පෙළට මාස පහක් තියෙද්දී විද්‍යාව අතහැරලා කලාව කළා. මාස පහෙන් මුළු සිලබස් එකම ඉගෙන ගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියා. මගේ ජීවි‍තයේ හැම අසාර්ථක, පරාජිත අවස්ථාවක්ම මං යොදා ගත්තේ සාර්ථකත්වය කරා යන පන්නරයක් ලෙස. අභියෝගයක් ලෙස.

    ඔබ සාර්ථක Boss කෙනෙක් ද...

    ආයතනික වශයෙන් සාර්ථක බව ඇත්ත. නමුත් පෞද්ගලිකව මම හිතන්නෙ සේවකයන් අරභයා තවත් කළ යුතු දෑ තිබෙනවා කියලා. කවුරු හරි කියනවා නම් තමන් ඉතා හොඳින් සේවකයන්ට සලකනවා කියලා ඒක බොරුවක්. අපි කවුරුවත් සියයට සියයක් එහෙම කරන අය නෙවෙයි‍. පවතින තත්ත්වයන් තුළ සියල්ල සිදුවන්නේ රාමුගත ක්‍රමයකට පමණයි. ඒවා අභිබවා යන්න ඇතැම් විටක අපිටත් පුළුවන් කමක් නෑ. ඔන්න ඔය කාරණය සම්බන්ධයෙන් මම මගේ සිත සමඟ නිරන්තර අරගලයක යෙදී සිටිනවා.

    ඇයි ඔබ එහෙම කියන්නෙ.‍..

    මේ පවතින ධනේශ්වර ක්‍රමය තුළ වෙන විකල්පයක් නැහැ. එක්කෝ අපි ශ්‍රමය විකුණන්න ඕනෙ. නැතිනම් ශ්‍රමය සූරා කන්න ඕනෙ. කාලයක් මාත් ජපන් කොම්පැණිවලට මගේ ශ්‍රමය විකුණුවා. හොඳ වැටුපක් ලැබුවා තමයි. නමුත් ඒ මුළු වටිනාකම නෙවෙයිනේ. ආයතනයකට ලාභ ඕනේ. අතිරික්තයක් ඕනෙ. ආයතනයක් දියුණු වෙන්නෙ ඒවායින්. අපි මේ සමා‍ෙජ හරස්කඩක් අරන් බැලුවොත් දාඩිය පෙරාගෙන ගිනි කූටක අව්වෙ වැඩ කරන කම්කරුවට ලැබෙන්නෙ කොයි තරම් අඩු වැටුපක් ද... මේ හරස්කඩ හැබෑවට දකින්න පුළුවන් කිසිම බිස්නස් කාරයකුට බැහැ උදාරම් කතා කියන්න. සතුටු වෙන්න. කවුරුත් නොකියන ඇත්ත ඕකයි. යථාර්ථය ඕකයි‍.

    ව්‍යාපාර ක්ෂේත්‍රයේ ආධුනිකයන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද...

    1984 මම බිස්නස් එක පටන් ගත්තෙ රුපියල් ලක්ෂයකටත් අඩු ප්‍රාග්ධනයකින්. හොඳ ගෙයක් හැදුවෙ බිස්නස් කරන්න පටන් අරන් අවුරුදු 13 කට පස්සෙ. එතකම් හිටියෙ කුලියට. යම්තම් ඔළුව උස්සන කොටම යාන වාහන ගන්නවත් ගෙවල් හදන්නවත් මම ව්‍යාපාරයෙ සල්ලි යෙදුවෙ නැහැ. පඩි නඩි ගෙවලා යම් ලාභයක් තිබුණා නම් මං ඒක යෙදෙව්වෙ ව්‍යාපාරයටමයි. විය යුත්තෙත් ඒ දේමයි.

    මේ හැම දැවැන්ත ඉදිකිරීමක් ම ඔබට මුදල් පමණයි ද...

    ගොඩනැගිල්ලක් පිටින් මොනතරම් ලස්සන වුණත් ඒකෙ මිනිස්සු ‍ගැවසෙන්නෙ නැතිනම් හිස් බිල්ඩිමක් විතරයි. මට ගොඩනැගිල්ලක් කියන්නෙ කලා කෘතියක්. හැඟීමක්. කලා කරුවෙක් මැටි පිඩෙකින් නිර්මාණයක් කරලා සතුටු වන්නේ යම් සේද මාගා වෙතින් හදන හැම ඉදිකිරීමකින් ම මං සතුටු වෙන්නෙත් ඒ විදියට. එහෙම හදපු ගොඩනැගිලිවල මිනිස්සු ඇවිද යනකොට සැරිසරන කොට ලැබෙන සජීවී බවයි මම විඳින්නෙ. ඒ සතුටට මිලක් නැහැ.

    අද ඔබ අයිති සුපිරි ධනවතුන් ගොඩට. කවුරුවත් හිතන එකක් නැහැ ඔබේ අක්මුල්, ගමක බව...

    සීතාවක ගඟේ වතුර අඩු කාලෙට කිලෝ මීටර් දෙක හමාරක් විතර ගඟ දිගේ පයින් ඇවිදගෙනයි ඉස්කෝලෙ ඇරිලා මං ගෙදර ගියේ.රබර් සෙරෙප්පු කුට්ටමත් අතට අරන් පොත් ටිකත් කිහිල්ලෙ තද කරන් අපේ කොලු නඩයම ඒ විදියට ගඟ දිගේ යනවා. පුංචි කාලෙ ඉඳලා එහෙම මහ පොළොවෙ පය ගහලා ජීවත්වුණු අපිට අද මොන ධනවතුන් ගොඩේ ජීවත්වුණත් ගමේකම තවම දැනෙනවා.

    එතකොට ජීවිතයේ අඩුපාඩුකම් දුක් අමාරුකම් විඳලා තිබෙනවද...

    සුවපහසු ජීවිතයක් ගත කරපු අපිට 1956 තාත්තා අසනීප වීමත් එක්ක අමාරු කාලයක් උදාවෙනවා. නමුත් ඒ වෙනකොට මගේ අයියලා අක්කලා ලොකුයි. ඒ අය තමන්ට බාල සහෝදර කැළට ඉගෙන ගන්න උදව් කරනවා. පවුලෙ බර කරට ගන්නවා. සාමූහික ප්‍රයත්නයක සාර්ථක බව මං මුලින්ම අත්දැක්කේ මගේ පවුල තුළින්.

    අම්ම තාත්තා ඔබේ ජීවිතයට කළ බලපෑම කුමක්ද...

    ළමයි නව දෙනාටම විශාල විනයක් ලබාදීම. අපේ පවුලේ නව දෙනාම හොඳින් ඉගෙන ගත්තා. තුන් දෙනෙක් විශ්වවිද්‍යාලෙ ගියා. ළමයෙක් හැටියට වුණත් මං හිතුවෙ පැතුවෙ වෙනස් විදියට කියලා අම්මලාට දැනෙන්න ඇති. ඒ අය ඒකට බාධා නොකිරීමම තමයි, මගේ ජීවිතයට කළ විශාලම බලපෑම.

    එතකොට ඔවුන්ගෙන් ජීවිතයට ලැබුණු දේ...

    අම්මගෙ ආදරය, අපිව ආදරණීය මනුස්සයන් කළා. තාත්තගේ දැඩි බව සහ ඇතැම්විටක හිතුවක්කාර ගති ස්වභාවය අපිව නිර්භීත මනුස්සයන් කළා.

    ළමා කාලයේත් ඔබ හීන අරමුණු සහ ඉලක්ක හඹා ගියාද...

    නොතේරෙන ළමා කාලයේ මගෙ එකම හීනය වුණේ කෝච්චියක් පදවන එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. ලොකු වුණාම ඒ හීනෙ වෙනස් වුණා. මට ඕනෙ වුණේ යුද හමුදාවට බැ‍ෙඳන්න. මං ඒ ඉලක්කයට ගියා. හැබැයි ඒ විශ්වවිද්‍යාලයට ගිහින් උපාධියකුත් ගත්තට පස්සෙ.

    කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

    මුලින්ම දැරණියගල කනිෂ්ඨයට. අටේ පන්තියේ ඉඳන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට. මං කොහොමටත් ඒ ළමා කාලයේ ගණිතයට දක්ෂයෙක්. ඒ හැකියාව නිසා විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා විෂයේ තිබෙන මැනුම් අංශයට මං හුඟක් ආසා කළා. යුද හමුදාවේ ඉන්න කාලේ ලංකාවේ, සිතියම් අධ්‍යයනය විශේෂයෙන් කළා. ඒ වෙනුවෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේත් මාස කීපයක් වැඩ කළා. මේ සියල්ලට පසුබිම වුණේ ළමා කාලයේ ගණිතයට මං තුළ වූ ආසාව.

    ඔබේ ජීවිතය වෙනස් මඟකට හරවපු, ඒ හැරවුම් ලක්ෂ්‍යය කොතැනද?

    හමුදාවෙන් අස්වෙලා 1977 – 85 දක්වා ටාටා... මිට්සුයි... කජීමා ඇතුළු තවත් ජපන් ඉදිකිරීම් සමාගම් ගණනාවක වැඩ කරපු එක. ඒ කාලය තුළ පාර්ලි‍මේන්තුව, ජයවර්ධනපුර රෝහල Dry Dock එක, හිල්ටන් හෝටලය ඇතුළු ප්‍රධාන ඉදිකිරීම් ගණනාවක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ගල් වැලි සිමෙන්ති ගැන කිසි උනන්දුවක් නොතිබුණු මං කොන්ක්‍රීට් වලින් කළ හැකි මහා වික්‍රමයන් ඉගෙන ගත්තේ මේ වැඩ කිරීමෙන්.

    මොනවද ඔබ, ජපන් සමාගම්වලින් උගත් ඒ සුවිශේෂී දේ...

    ජාත්‍යන්තර සමාගම් වැඩ කරන විදිය, ඔවුන්ගේ සංස්කෘතිය, වැඩ බිමේ සහ වැඩ කිරීමේ ආචාර ධර්ම, විනය ඇතුළු තව හුඟක් දේ. 1984 මගේ ම කොම්පැනියක් පටන් ගනිද්දී මේ උකහා ගත් දේ මට විශාල ප්‍රයෝජනයක් වුණා. අත්දැකීම් ඇති දැනුවත් කෙනෙක් හැටියට මං Maga ඇරැඹුවේ දැඩි ආත්ම විශ්වාසයකින්.

    ඔබේ සමාගම ඉදිකරන්නේ කෝටි ප්‍රකෝටි ගණන් වටිනා ගොඩනැගිලි. මේ හැම දෙයක්ම හදද්දී හොඳ වෙලාවක් නැකතක් බලනවද...

    කවදාවත් නැහැ. යමක් කරන්න කලින් ඊට අදාළ හැම දෙයක්ම විශ්ලේෂණය කරලා, ස්වභාවයන් හඳුනාගෙන, බලපෑ හැකි සිය දහස් ගණනක් කරුණු අතුරින් ප්‍රධාන කාරණා ටික හෝ හඳුනාගෙන වැ‍ඩේට බහිනවා නම් වරදින්න තිබෙන ඉඩකඩ අවමයි. ජ්‍යොතිෂයට වඩා මම විශ්වාස කරන්නේ මාව. මගේ ආත්ම ශක්තිය. ඇත්තම කිවුවොත් මම ජ්‍යොතිෂය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි.

    ඔබ සාර්ථක පියෙක් කියලා හිතනවද...

    මගේ පුතා මේඝ, වෘත්තීය ඉංජිනේරුවෙක්. මේ සමාගමේ අධ්‍යක්ෂවරයෙක්. දුව එරන්ති. ඇය ගණකාධිකාරී වෘත්තියේ. විවාහ වෙලා පදිංචිය ඔස්ට්‍රේලියාවේ. හොඳ දරුවො දෙන්නෙක් හදපු තාත්තෙකුගේ සතුට මාත් විඳිනවා.

    ඔබේ බිරියත් මේ සමාගමට වැඩ කරනවද...

    ඇය ගෙදර ජීවිතය හොඳින් හසුරුවන නිසයි මම හොඳ මානසික සුවයකින් රාජකාරි කරන්නෙ. මගේ බිරියටත් වඩා කැප කිරීම් කළ භාර්යාවන් අපේ සමාගමේ ඉන්නවා. ඔවුන්ගේ සැමියන් දුර පළාත්වල වැඩබිම්වල දුෂ්කර ලෙස වැඩ කරද්දී, දූ දරුවො රැකගෙන තම සැමියන් වෙනුවෙන් ඔවුන් කළ කැප කිරීමුත් එලෙසමයි. ඒ සමස්ත කැපවීම් නිසයි අපේ ආයතනය මේ තරම් දියුණු වුණේ.

    ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න තිබෙන හොඳම ආදර්ශය කුමක්ද...

    අපි දියුණු පමුණු වෙන්නෙත් ධනවතුන් වෙන්නෙත් මේ සමාජයෙන් උකහා ගන්නා දෙයින්. ඒ නිසා අපි උපයන දේ ටිකක් සමාජයට යළි දිය යුතුයි. ඒ වගේ ම කිසිම බාධකයකදී අපි අපේ උත්සාහයන් අත් නොහළ යුතුයි.

    ඉනෝකා පෙරේරා බණ්ඩාර
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA Empty Re: සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA

    Post by CK Mon Aug 22, 2016 11:00 am

    Thanks nihal. Great man and I really respect him.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA Empty Re: සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA

    Post by Ethical Trader Mon Aug 22, 2016 12:49 pm

    Thanks Nihal.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA Empty Re: සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA

    Post by Yin-Yang Mon Aug 22, 2016 3:45 pm

    Good Post!
    avatar
    Danidu


    Posts : 264
    Join date : 2015-09-03
    Age : 43
    Location : Welisara

    සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA Empty Re: සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ කපිතාන් M.G. කුලරත්න - සභාපති MAGA

    Post by Danidu Tue Aug 23, 2016 12:27 am

    Thank you Nihal for sharing this.

      Current date/time is Sun Sep 01, 2024 7:43 am