The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
දොස්තර හොඳ හිත - Page 2 EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
දොස්තර හොඳ හිත - Page 2 EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
දොස්තර හොඳ හිත - Page 2 EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
දොස්තර හොඳ හිත - Page 2 EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
දොස්තර හොඳ හිත - Page 2 EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
දොස්තර හොඳ හිත - Page 2 EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
දොස්තර හොඳ හිත - Page 2 EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
දොස්තර හොඳ හිත - Page 2 EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
දොස්තර හොඳ හිත - Page 2 EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
දොස්තර හොඳ හිත - Page 2 EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
දොස්තර හොඳ හිත - Page 2 EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
දොස්තර හොඳ හිත - Page 2 EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
දොස්තර හොඳ හිත - Page 2 EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
දොස්තර හොඳ හිත - Page 2 EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
දොස්තර හොඳ හිත - Page 2 EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දොස්තර හොඳ හිත - Page 2 EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
දොස්තර හොඳ හිත - Page 2 EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
දොස්තර හොඳ හිත - Page 2 EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
දොස්තර හොඳ හිත - Page 2 EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
දොස්තර හොඳ හිත - Page 2 EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
දොස්තර හොඳ හිත - Page 2 EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
දොස්තර හොඳ හිත - Page 2 EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
දොස්තර හොඳ හිත - Page 2 EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
දොස්තර හොඳ හිත - Page 2 EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
දොස්තර හොඳ හිත - Page 2 EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
දොස්තර හොඳ හිත - Page 2 EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
දොස්තර හොඳ හිත - Page 2 EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
දොස්තර හොඳ හිත - Page 2 EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
දොස්තර හොඳ හිත - Page 2 EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
දොස්තර හොඳ හිත - Page 2 EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
දොස්තර හොඳ හිත - Page 2 EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
දොස්තර හොඳ හිත - Page 2 EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
දොස්තර හොඳ හිත - Page 2 EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
දොස්තර හොඳ හිත - Page 2 EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
දොස්තර හොඳ හිත - Page 2 EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
දොස්තර හොඳ හිත - Page 2 EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
දොස්තර හොඳ හිත - Page 2 EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
දොස්තර හොඳ හිත - Page 2 EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
දොස්තර හොඳ හිත - Page 2 EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
දොස්තර හොඳ හිත - Page 2 EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
දොස්තර හොඳ හිත - Page 2 EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
දොස්තර හොඳ හිත - Page 2 EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
දොස්තර හොඳ හිත - Page 2 EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
දොස්තර හොඳ හිත - Page 2 EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
දොස්තර හොඳ හිත - Page 2 EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
දොස්තර හොඳ හිත - Page 2 EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
දොස්තර හොඳ හිත - Page 2 EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
දොස්තර හොඳ හිත - Page 2 EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
දොස්තර හොඳ හිත - Page 2 EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
දොස්තර හොඳ හිත - Page 2 EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+9
Yin-Yang
xmart
HUNTER
Axe
කිත්සිරි ද සිල්වා
lanka
Rajapaksap
spw19721
nihal123
13 posters

    දොස්තර හොඳ හිත

    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by Yin-Yang Wed Jul 20, 2016 4:36 pm

    lanka wrote:අද රටට අවශ‍්‍යම​, එ්ත් නැත්තෙම මේ වගේ අවංක, නිර්ව්‍යාජ පුද්ගලයෝ..
    මෙවැනි අය ගැන අසන්නට, දැනගන්නට ලැබීමත්, සතුටක්....
    ස්තුතිියි.... නිහාල්

    ඇයි නැත්තේ?
    අර එල්ලෙන්න ගිය නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නේ.


    Anyway, interesting thread Nihal.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by nihal123 Tue Jul 26, 2016 7:17 am

    අම්මාවරු සහ කැපකරු තාත්තා

    පසුගිය අවුරුදු විස්ස තිස්සෙම ලංකාවේ හත්රදිග්බාගේ තියෙන ඉස්පිරිතාලවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට විවිධ අන්දමේ උපකාර ඕනැ උනහම අදාළ වාට්ටු වලට කථා කරලා ලෙඩාවයි නෑදෑයන්වයි රෝහල් කාර්ය මණ්ඩලයයි සම්බන්ධීකරණය කරලා යම් සහනදායි වටපිටාවක් ගොඩනැගීම මගේ සිරිතක්. ඉහේ කෙස් ගානට කථා කලත් මගේ රත්තරන් නර්ස් නෝනලා මට හැමදාම බොහොම ගෞරවයෙන් උදව් කරන්නේ බොහෝ රෝහල් වල මම මගේ රාජකාරිය සිංහයෝ තණකොළ කන්නේ නැති ලෙවල් එකෙන් ඉෂ්ඨ කරපු හින්දා කියලයි මම හිතන්නේ. “මම ඔයාලගේ හිටපු අරබෙගෙදර සර් ” කිව්වම “ ආ කොහොමද සර් ” කියලා අහලා ඇඳ ඉහපත ටෙලිපෝන් එකෙන්ම කියවල ලෙඩාගේ විස්තරේ පැහැදිලි කරනවා. පුළුවන් හැම වෙලාවකම වාට්ටුවේ දොස්තර මහත්තයාවත් දුරකථනයට සම්බධ කරලා දෙනවා. ඉස්පිරිතාල දහයක වැඩ කරපු එකේ වාසිය ඕකයි. මේ වගේ උදව්වක් කරලා හිතට දැනෙන සනීපෙ සල්ලි වලට ගන්න බැ. මේ බොහොමයක් ලෙඩ්ඩු මම ඇහැටවත් දැකලා නෑ. ඩේවිඩ් සීයාගේ කරත්තේ පස්සේ ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට මගේ හිතේ තිබුනේ ලොකු උනහම අසරණ මිනිස්සුන්ට උදව් කරන මෙන්න මේ ජාතියේ වීරයෙක් වෙන්නයි. මගේ වටේ ඉන්න සමහර එවුන් මට මේ කරන වැඩ වලට උපහාසයෙන් හිනා වෙන්නේ පුංචි කාලේ මාත් එක්ක ලියපු “මම වෛද්‍ය වරයෙක් උනොත් ” කියන රචනාව අමතක කරලා නලාව කරේ දා ගත්තට පස්සේ උන් ලියන්නේ අලුත් රචනාවක් හින්දයි. (ඔක්කොම නෙවෙයි ).
    රාගම රෝහලේ වසර 2015-2016 කාලයේ සේවය කරන අතරතුර තරුණ දුවලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනක් ඇස් දෙකේ කඳුළු පුරෝගෙන මගේ නිවසට ආවා මාව හමුවෙන්න. මෙන්න මේකයි ඒ අම්මගේ කථාව. ඇගේ වැඩිමහල් දියණියට දෙවැනි දරුවා ලැබෙන්න ඇත්තේ තව සති තුනයි . මේ දක්වා දියණිය පුද්ගලික රෝහලක සායනයට සහභාගී වෙලා තියෙන්නේ දරුවා පුද්ගලික රෝහලේදීම ප්‍රසුත කරන අරමුණෙන්. එත් හදිසියේ සිදුවී ඇත්තේ හරිම අකරතැබ්බයක්. තරුණියගේ පවුලේ අය සමග ආරවුලක් ඇති කරගත් බැනා පොඩ්ඩ තරුණ අම්මාටත් පහරදී නිවසින් එලවා දමා තිබුනා. වැලේ ගෙඩි වැලට බර නෑ කියා මේ අම්මා දරු ප්‍රසුතියට ආසන්න දියණිය තම නිවසට භාර ගත්තා. එහෙත් කලින් සැලසුම් කල පරිදි පෞද්ගලික රෝහලේදී දරුවා ප්‍රසුත කරවීමට වත්කමක් ඇයට තිබුනේ නෑ. ඊට හේතුව බෑනා කිසිඳු උදව්වක් නොකර සම්පුර්ණයෙන්ම තම දරු පවුල නොසලකා හැරීමයි.එතරම් ආර්ථික ශක්තියක් නොවූ මේ අම්මා මගෙන් පිහිටක් ඉල්ලා සිටියේ රාගම රෝහලේදී දරු ප්‍රසුතිය සඳහා උපකාරයක් කරන ලෙසයි. මෙම තරුණියට වූ අකරතැබ්බය පත්තරේ දැම්මා වගේ ප්‍රසිද්ධ වුවහොත් එය ඇගේ ආත්ම ගෞරවයට හානිකර බැවින් ඇය මගේ ඥාති සහෝදරියක් බැව් අන් අය ඉදිරියේ හඳුන්වාදීමට එකඟතාවයකට එළඹුණා. ඊට පස්සේ මෙහෙයුම පටන්ගත්තා. සායන සටහන් සියල්ල සැමියාගේ ගෙදර දමා ඇවිත් තිබු හෙයින් නැවැත්වූ තැන සිට මේ ගැබිණි මව බලා කියා ගැනීමට රාගම රෝහලේ කාරුණික වෛද්‍ය කණ්ඩායම එකඟ කර ගැනීමට කිසිඳු අපහසුවක් නොවුයේ සායන භාර හෙදි සොයුරිය සහ මේ කාර්ය සඳහා මා විසින් වගකීම භාර දුන් තවත් හෙදියන් දෙදෙනෙකු ඉතා කරුණාවෙන් මෙම කටයුත්තට මට දුන් සහයෝගය නිසයි. (මෙම හෙදියන්ට සහ සියලු වෛද්‍ය වරුන්ට මගේ ගෞරවය පුදන අතර ඔවුන්ගේ අවසරයකින් තොරව නම් සටහන් කලනොහැකිය ). රාගම රෝහලේ විශේසඥ වෛද්‍ය වරුන්ගේ පෞද්ගලික කැපවීමෙන් ඉතා මනරම්ව තරු පහට (පෞද්ගලික රෝහල් වාට්ටු කැලේ ) පවත්වාගෙන යන බබාලා ලැබෙන වාට්ටුවේදී අපේ කථා නායිකාව කිසිඳු කරදරයකින් තොරව තම දෙවන දියණිය ප්‍රසුත කලාය. මවත් දරුවාත් බැලීමට වාට්ටුවට ගිය මට ඒ තරුණ මවගේ ප්‍රීතිමත් සිනහව දුටුවිට දැනුනේ අපමණ සතුටක්. යාන්තම් ඇති කියලා හිතාගෙන මම එදා ගෙදර ගියා. ඒත් ප්‍රශ්ණ ඉවර උනේ නෑ. දරුවාගේ ටිකට් කපා සතියකට පමණ පසු රාත්‍රියක මේ තරුණ කාන්තාවගේ අම්මා අලුත උපන් දරුවා සහ ඇගේ දියණිය සමග ආයෙත් මාව හොයාගෙන මගේ නිවසට ආවේ අඬ අඬා. දැන් මොකක්ද ප්‍රශ්නේ ? මම ඇහුවා. අනේ බලන්නකෝ මහත්තයෝ දරුවාගේ තාත්තා උප් පැන්නෙට අත්සන් කරන්න බෑ කියනවනේ. හරි , මිනිහට ඕනේ ” පියාගේ නම ඉරක් වුනේ කොහොමද අම්මේ ” කියන සින්දුව දරුවා ලවා කියවා ගන්න වෙන්න ඇතිනේ. බයවෙන්න එපා හෙට උදේ නවයට ඉස්පිරිතාලේ මගේ ඔෆිස් එකට ඇවිත් මාව හමුවෙන්න. පසුදා රාගම රෝහලේදී උපත් හා මරණ රෙජිස්ට්‍රාර් වරිය හමුවී මගේ මේ ඥාති සොයුරියගේ අලුත උපන් දියණියව ඇගේ පියාගේ සහජාත භාවයත් සමග ලියාපදිංචි කර උප්පැන්නෙ ලබා දුන්නෙමි. (මෙහිදී කිසිඳු වංචා සහගත දෙයක් සිදු නොකළ අතර පළමු දරුවාගේ උපතට අදාළ මුලාශ්‍ර සහ තවත් නීත්‍යනුකුල ලේඛන ප්‍රයෝජනයට ගැනුණි. ඒ පිලිබඳ විස්තර සඳහන් නොකරන්නේ මේ වගේ අතරමගදී ලව් එක අමතක වෙන තාත්තලා තවත් මේ රටේ සිටිය හැකි බැවින් මගේ ශිල්ප එවුන් දැනගැනීම නුසුදුසු නිසාය )

    සමහරුන්ට මේක බොහොම සරළ දෙයක් ලෙස පෙනෙන්න පුළුවන්. ඒත් දෙමව්පියන්ගේ වැරදි නිසා උප්පැන්න ප්‍රශ්න හින්දා සදාකාලිකවම ජීවිතේ කාලකන්නි වුන චරිත අනන්තවත් ඉන්නවා . කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික පවුලක දරුවෙකුට තිබෙන ගැටලුව මේ තරම් උග්‍ර නම් සෙසු පළාත් ගැන කවර කථාද ? මේ දියණිය පාසැල් යන දා සිට ජීවිතයේ විවිධ කඩඉම් සඳහා ඉතා ආඩම්බරයෙන් තම උප්පැන්නය භාවිතා කරන හැම විටම ඇගේ උපතේ කැපකරු පියා මා බව කිසිවිටක නොදැන සිටිනු ඇත. ඇගේ අකීකරු තාත්තාට ඇණිය යුතු පොල් ටොක්ක මේ වන විට මා විසින් ඇන තිබේ. මා ඉතා වයෝවෘධ අයෙකු වී ඇය නව යොවුන් තරුනියකව මේ සමාජයේ ඉතා සතුටින් දිවි ගෙවන කලක මා නිසා ඇය ලබන සතුට මෙනෙහි කර මට කොතරම් සතුටු විය හැකිද ?
    ප;ලි ; අලි දෙන්නම් කොටි දෙන්නම් කියා ලව් කරන කාලේ පරසක්වල ගසන තරුණ නාම්බෝ, පැටව් එකා දෙන්නා පවුලට එකතු වෙන කොටම ගැහැණුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවානම් අහගනිල්ලා “මම ඒවටත් ඔට්ටුයි ” (මේ ලිපිය ලිව්වේ ඒ. ටී. සුදර්ශන නම් ලේඛකයා ය. )
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by nihal123 Fri Jul 29, 2016 8:29 pm

    වෑල්ඩින් කඩෙන් ඔක්සිජන් ලබාගැනීම හෙවත් සුදර්ශනගේ චීප් (Cheap) වැඩ
    සමස්ථ රාජ්‍ය සේවයම නඩත්තු නඩුවක් වැනිය. පාසැල්, රෝහල් විශ්ව විද්‍යාල පමණක් නොව උසාවි ගොඩනැගිලිවලත් කපුටු බෝගස් ඉවත්කරන ක්‍රම වේදයක් අහලකවත් නැත. රාගම ශික්ෂණ රෝහලට ඇතුළුවන ස්ථානයේ ඇති දේවමාතා පිළිරුව අසල සිට කන්ද මුදුනේ වැඩසිටින බුදු පිළිම වහන්සේගේ මායිම් වැට දක්වා කිරිසුදු පාටින් ඔපවත් කලේ සෑම් සමරසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් මා විසින් මෙහෙයවූ රෝහල් නඩත්තු අංශය විසින් බව පවසන්නේ ෂෝ මෑන් වීමට නොව ඒ තරුණයන්ට උපහාර පිණිස මෙන්ම මට පුලුවන්නම් අනිත් එවුන්ට බැරි ඇයි කියන අභියෝගයද සමගයි. ගොඩනැගිලි නඩත්තුවේ ප්‍රමාදය රෝගියෙකුගේ ජීවිත අවදානමකට ඍජු හා ක්ෂණික බලපෑමක් ඇති නොවෙනවායයි සිතමු. එහෙත් රෝගියෙකුට අවශ්‍ය අවස්තාවක ඔක්සිජන් සැපයුම අඩාල වුනොත් තත්වය කෙතරම් බරපතල වනු ඇත්ද ?
    කාගේ හෝ රෝගියෙකුගේ ප්‍රතිකාර පිලිබඳ උපකාරයක් අවශ්‍ය වූ විට අදාළ රෝගියාගේ ඥාතියා සමග එම රෝගියා සිටින වාට්ටුවට යාම මගේ සිරිතයි. දඹුලු ගිහින් තලගොයි මරාගෙන එන න්‍යායට ඒ ගමන්ම වාට්ටු රවුමකුත් කරගෙන ඒම සාමාන්‍ය දෙයක්. මට මතක හැටියට මේ සිදුවීමට අදාළ වුනේ වාට්ටු අංක 11 යි. මෙම වාට්ටුවේ හෙද සොයුරිය ඉතා කාර්ය ශුර අයෙක්. එතුමියගේ පැමිණිල්ල වුයේ තම වාට්ටුවේ ඔක්ශිජන් ටැංකි වලට සවිකරන රේගියුලේටර්ස් 6 ක් භාවිතයට ගත නොහැකිව අබලන් වී ඇති බවයි. මට දවල් තරු එෆ් එම් ඇහුනා.(මට චීප් ශේම් ෂෝමෑන් කියලා අපහාස කරණ එවුන්ට් මේවා ඇහෙන්නේ නෑ). මේ කාර්ය ශුර හෙදි සොයුරිය මෙම ගැටලුව විසඳා ගැනීමට සියලු උත්සාහයන් සිදු කර තිබුනා. විසඳුම කෙතරම් දුරදැයි බලන්න. විසඳුම කල් යන විට පීඩාවට පත්වන්නන්ගේ සංඛ්‍යාව කෙතරම් ඉහල යනවාද? ඔක්සිජන් සැපයුමට කල්මරණ විසඳුම් දෙන එවුන් වහා ගෙදර යා යුතුය. නීතිය මටත් එකය. එක්කෝ මා ගෙදර යා යුතුය. නැත්නම් ගෙදරින් හෝ ඔක්සිජන් ගෙනත් දිය යුතුය. උපන්ගෙයි මොලේ අමාරුකාරයෙක් වූ මගේ ඔලුවට ආවේ එවැනි අදහසකි. සෙනසුරාදා දිනයක් වූ එදින සුගත් නමැති නඩත්තු අංශයේ සේවකයා පමණක් පැමිණ සිටි හෙයින් මා ඔහුව වාට්ටුවට ගෙන්වා ගෙන මේ පිලිබඳ ඔහුට කල හැකි දේ විමසුවෙමි. “සර් මේ රේගියුලේටර් හය මම භාර ගත්තේ දවස් තුනකට කලින්.ඒත් මේවා හදන්න තව මාසයක්වත් යනවා.” ඒක අහපු ගමන් මට හීන් දාඩිය දැම්මේ එතකොට ලෙඩ්ඩුන්ට ඔක්සිජන් බොන්න කියලද කියන්නේ කොල්ලෝ කියලා සුගතයගෙන් අහන ගමන්ය. ඉතින් සර් මම මක් කරන්නදැයි සුගත් මගෙන් ඇසුවේ ඉතා අසරණ විලාශයෙනි. “සුගත් මල්ලි මට කියපන් මේකට මාසයක් ගතවෙන හේතුව මොකක්ද කියලා” මේකනේ සර් මේ රේගියුලටෙර්ස් අබලන් ඒවා නෙවෙයි. හැබැයි හැම එකෙන්ම ඔක්සිජන් ලීක් වෙනවා. ඒ ලීක් එක හදන්න පිත්තල වෑල්ඩින් තියන්න ඕනේ. පිත්තල වෑල්ඩින් කරන්න මට පුළුවන්. ඒත් ඒකට ඔක්සි අසිටලින් ගෑස් එක ඕන. මේ දවස් වල මේ ගෑස් එක ඔක්සිජන් කොම්පැනියේ නෑ. ඒව අපේ ඉස්පිරිතාලෙට එන්න තව සුමාන දෙකක් යනවා කියලා දැනුම් දීලා තියෙනවා. හැබැයි සර් මට අවසර දෙනවනම් ටවුමේ තියෙන වෙල්ඩින් ෂොප් එකෙන් මේ හයම හදාගෙන එන්න මට පුළුවන්. එතැන ඔක්සි අසිටලින් වායුව තියෙනවා. මම ළඟ ඉඳලා හදාගෙන එන්නම්. හැබැයි මට සල්ලි ඕනේ. කීයක් ඕනෙද කියලා මම ඇහුවා. ගාන හරියටම දන්නේ නෑ. කෝකටත් රුපියල් දාහක් විතර දෙන්න. හවස දෙකට කඩේ වහනවා. කරන දෙයක් ඉක්මනට කරමු සර්. මම සුගත් ඉල්ලු මුදල දුන්නෙමි.පැය 2 ක් ඇතුලත රේගියුලේටර් හයම අලුත්වැඩියා කර වාට්ටුවට භාර දුන්නෙමි. මේ මුදල ආපසු රෝහලෙන් අයකර ගත් බවක් මතක නැත (දැන් ඉතින් මේක කියවලා මෙන්න මූ රුපියල් දාහක් වියදම් කරලා ලක්ෂෙක පබ්ලිසිටි ගන්නවා කියලා අර මඩ ගහන ගොයියලා කිව්වට පුදුම වෙන්න එපා ). මම දන්නා පරිදි මෙම රේගියුලේටර්ස් තවමත් හොඳට වැඩ කරයි. පණ අදින ලෙඩුන් සුවපත් කරයි. මට ඕනැ එච්චරයි. මේ සුදර්ශන මෙතඩ් එක හරි චීප් තමයි. හැබැයි ඉතින් ශේම් ෆුල් වෙන්නේ මම ඔක්සිජන් නොදුන්නනම් විතරයි .
    මෙතනින් මම අවධාරණය කරන්නේ සැපයුම් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑමේදී අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කෙරෙහි අප විසින් දැක්විය යුතු කැපවීම හා සූදානම පිළිබඳවයි. එවැනි අඩුපාඩුවක් අහම්බෙන් හෝ ඇසැ ගැටුණු විට එය බෝනස් එකක් ලෙස සලකා විකල්ප ක්‍රමයකින් හෝ අදාළ අඩුපාඩුව නිවැරදි කිරීමට හැකිනම් එය මට නම් අතිවිශාල ජයග්‍රහණයකි. මේ සඳහා මහපොළවේ පය ගසා සිටීම හා අහුමුලු වල කරක් ගසා තිබීම අමතර සුදුසුකමකි. එවැනි අයට ඉබේම ගණදෙවි නුවණද පහලවේ. මධ්‍ය මහා විද්‍යාල වල තාක්ෂණ විෂය හැදෑරූ දොස්තර කෙනෙකු වීමද වාසනාවකි. කරුමෙට හුඟක් එවුන් ඉගෙනගෙන ඇත්තේ මැටි වැඩ පමණකි. ලෝහ වැඩ දන්නෙම නැත. ඉතින් කොහෙද පිත්තල වෑල්ඩින් ගැන දන්නේ? හුඟක් එවුන්ට තමන්ගේ වෘතිය හැර අනිත් ඒවා නොදැන සිටීම නම්බුවකි. ශ්‍රී ලංකාව දියුණුවෙමින් පවත්නා රටක් ලෙස රචනාව අපි තවමත් ලියන්නේ ඒ නිසාය.

    මේ ලිපිය ලිව්වේ ඒ. ටී. සුදර්ශන
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by nihal123 Sat Aug 13, 2016 12:26 am

    බුලට් එකට වශී වූ බැලට් රජවරු
    ඉතා අහම්බයෙන් මා කුලියාපිටිය රෝහලේ පරිපාලනය භාරගන්නා අවධියේ පළාතේ දේශපාලන අධිකාරීය රෝහල සමග බලවත් සේ විරසකව සිටි අතර, කඹ ඇදිල්ල කොතරම් බරපතලද යත් මිලියන ගණන් වියදම් කර ගොඩ නගා තිබු පස්මහල් ගොඩනැගිල්ලේ රෝගීන් පදිංචි වී වසර කිහිපයක් ගත වීත් එය විවෘත කිරීමට කිසිවෙකු ඉදිරිපත් වී තිබුනේ නැත. (බොරු වියදම් අඩුකර ගැනීමට එහෙම වෙන එකත් හොඳයි ) රෝහලේ වැඩ භාර ගැනීමට පෙර එවකට පළාත් මහ ඇමතිවරයා වූ අතුල විජේසිංහ මහතා හමු වීමට පළාත් මහ ඇමති කාර්යාලයට ගියෙමි. මහජන දිනය වූ බැවින් මහ සෙනගක් මහ ඇමති තුමා හමුවීමට පැමිණ සිටියත් නොපමාව තමන් හමු වීමට එතුමා මට අවස්තාව සලසා දුන්නේය. මම කුලියාපිටිය රෝහල විනයගරුකව පවත්වාගෙන යනවා. ඔබතුමා මගේ ක්‍රමයට අකමැති නම් ඒ බව කියන්න. මම පැය විසිහතරක් ඇතුලත තනතුරෙන් ඉවත්ව යනවා. මම මහ ඇමතිතුමාට කීවෙමි. නෑ නෑ මම කිසිම බලපෑමක් දොස්තර මහත්තයාට කරන්නේ නෑ. මට ඕනෑ මේ රෝහල දියුණු කරන්නයි. මගේ මිනිස්සු කියලා කවුරු බලපෑම් කලත් ගණන් ගන්න එපා. මගේ අය කවුරුත් එහෙම එවන්නෙත් නෑ. ඔබතුමා නිදහසේ වැඩකරන්න. නීතීඥ්යෙකු හා මහත්මා දේශපාලඥයෙකු වූ එතුමාගේ වචන මා දැඩිව විශ්වාස කලෙමි.
    ගෙදරටම ගොස් ආරාධනාපත් භාර දුන්නද කිසිඳු දේශපාලකයෙකු රෝහලේ වැඩ කටයුතු සඳහා පැත්ත පළාතේ ආවේ නැති බැවින් රෝහල තුල හඳුනාගත් අඩුපාඩු සියල්ල කුඩා පරිමාණ දානපතියන් සහභාගී කරගෙන ඉතා කෙටි කලකින් පිළිසකර කර නිමා කල අතර වැඩ කල වේගය කෙසේද යත් එවක මහ ඇමතිවරයා මා හැදින්වූයේ “බුලට් එක” කියාය. විවෘත කිරීම් වල ප්‍රධාන අමුත්තා මා ම වූ අතර අනුශාසනා දේශනාවට පළාතේ ප්‍රධාන සංඝනායක උන්නාන්සේ සහභාගී වුහ.
    එක දවසක් උදේ අටට පමණ කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පිරිසක් සමග ඉතා කලබලයෙන් මගේ කාර්යාලයට පැමිණ. “දොස්තර මහත්තයා මගේ රියදුරාගේ මල්ලි එල්ලිලා මැරිලා. බොඩි එක මොචරියේ. එතැන තව මරණ පරීක්ෂණ ගොඩක් පැවැත්වෙනවා. මට මේ මරණ පරීක්ෂණය ඉක්මනට කරලා දෙන්න පුලුවන්ද?” කියා ඇසුවේය. සභාපතිතුමා පොඩ්ඩක් වාඩිවෙන්න. මම පොඩ්ඩක් හොයල බලන්නම්. එසේ කියා මොචරියේ සේවය කරන බණ්ඩාර නමැති මිනී කපන සේවකයාට දුරකථනයෙන් කතාකොට විස්තර සොයා බැලුවෙමි. “උදේ 11 වෙනකොට බොඩි එක අරන් යන්න පුළුවන්” මම එසේ කී විට “11 වෙනකොට බොඩි එක ගන්න පුළුවන් ?සභාපතිවරයා විමතියෙන් මගෙන් විමසුවේය. “ඔව් පුළුවන් බැරි උනොත් මට කෝල් එකක් දෙන්න ” එසේ කියා මම මගේ ජංගම දුරකථන අංකය ඔහුට දුන්නෙමි. පෙරවරු 11.30 ට පමණ සභාපතිතුමා නැවත මගේ කාර්යාලයට පැමිණියේය. “ඇයි සභාපතිතුමා වැඩේ කෙරුනේ නැද්ද ?” මම විමසුවෙමි. “වැඩේ කිව්ව වෙලාවටත් කලින් ඉවර උනා. මම ආවේ ඔබතුමාට ස්තුති කරලා යන්න. මට මෙච්චර කල් මේ ඉස්පිරිතාලේ එපා වෙලයි තිබුනේ. ඔබතුමා වගේ කතා කරන්න කෙනෙක් මීට පෙර හිටියේ නෑ. ඒ මදිවට පගාවයි රස්තියාදුවයි. අපේ මහ ඇමතිතුමා ඔබතුමාට නියම බුලට් එක ,කියලා කියන එක හරියටම හරි. මම රෝහල් සංවර්ධන රැස්වීම් වලට ආවේ නැත්තේ කතාව මිසක් කිසි වැඩක් කෙරුනේ නැති නිසා. ඒ උනාට මම අද දැක්කා ඉස්පිරිතාලේ හැම තැනම රස්තියාදුවක් නැතිව මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය සේවාව ලබාගන්න පුළුවන් කියලා. ඔබතුමාට මගෙන් මොනවද කෙරෙන්න ඕනෑ?” ඉබ්බා දියේ දැම්මාම ඇන්නාවේ කිව්වලු. “දැන් බලන්න සභාපතිතුමා ලබන අවුරුද්ද වෙනකොට මේ ඉස්පිරිතාලේ පටන් අරන් අවුරුදු සීයක් වෙනවා. ඉස්පිරිතාලේ ඉස්සරහ එකම මඩ ගොහොරුවක්. මේකට තාර දාන බජට් එක ලක්ෂ තිහයි. මම කොළඹ ළමා රෝහලේ ඉන්න කොට කොළඹ මහ නගර සභාව නොමිලේ මේ වගේ වැඩක් මට කරලා දුන්නා. වෙන මොනවත් එපා. මට මේ අපාය පිළිසකර කරලා දෙන්න ” මේ වගේ දේවල් වලට අපිට ප්‍රතිපාදන නෑ. ඒත් මම ඔබතුමා වෙනුවෙන් මේ වැඩේ කරලා දෙන්න පොරොන්දු වෙනවා. මට මාසයක් කල් දෙන්න.
    මේ සිදුවීමෙන් සතියකට පසු ප්‍රාදේශීය සභාවේ ටී .ඕ . ඇතුළු කණ්ඩායමක් භුමියේ මිනුම් කටයුතු සිදු කල අතර මාස එකහමාරකට පමණ පසු ටිපර් බැකෝ ආදී විශාල යන්ත්‍ර සුත්‍ර යොදවා රෝහල් භුමිය මනාව ගල් හා තාර අතුරා පිළිසකර කරන ලදී. මේ සා විශාල ව්‍යාපෘතියකට රෝහලේ මුදල් තේ කොප්පයකටවත් වැය වුනේ නැති අතර සභාපතිතුමාගේ එකම ඉල්ලීම උනේ වැඩේ කෙරුවාට පසු අයිතිකාරයෝ පැටව් ගහන බැවින් මෙම ව්‍යාපෘතියට අදාළ සමරු ඵලකයක් සවි කිරීමට ඉඩ දෙන ලෙසයි. ඇයි ඉතින් ඔච්චර නහින්නේ. ආණ්ඩුව තියෙන්නේ ඕවා හදන්න තමයි කියන අප්පුහාමිලා හමු නොවුනාම නොවේ. එහෙම උන්දලාට මගේ උත්තරේ මේකයි. “නිදහස් සෞඛ්‍යයට ඖෂධ වලට විතරක් ලෝභ නැතිව බිලියන ගණන් වියදම් කරන රටේ මේ වගේ නඩත්තු කටයුතු රට ගැන හිතල විකල්ප ක්‍රමයකින් සම්පුර්ණ කර ගන්න එක තමයි වීරකම. ඒකට ඉතින් කවදාවත් ඉස්පිරිතාලේ දිහා බලපු නැති දේශපාලඥයින් වශීකර ගන්න ගුරුකම් ඕ නැ නෑ. ඒකට ඕනෑ වෙන්නේ customer impressive administration.
    මේ ලිපිය ලිව්වේ ඒ. ටී. සුදර්ශන
    avatar
    tharanga1979


    Posts : 2
    Join date : 2015-10-25

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by tharanga1979 Tue Aug 16, 2016 2:41 pm

    බන්ඩාර ඇලෙන් නාගෙන පාන් කරත්තෙන් ගෙදර ඒම
    මේ ළඟඳී දවසක මගේ එෆ් බී මිතුරියක් ඉතා ආදරණීය අවවාදයක් කළා. “ ඔබතුමාගේ අතීතය වැඩිය විවෘතව ලියන්න එපා. ඇතැම් මිනිසුන් ඒ තොරතුරු ඔබට අපහාස උපහාස කරන්න පාවිච්චි කරයි” කියලා. මේ මිතුරිය මා ගැන දැක්වූ පරෙස්සම පිලිබඳ මම ඇයට ආයෙත් ගෞරව කරනවා. මේ සටහන ලියන්නෙත් ඇය වෙනුවෙන්මයි. එහෙනම් මයේ මැණිකෝ මේ අහගන්න. මට අයිසින් කරලා මේක් අප් දාපු හිස්ට්‍රි එකක් නෑ. එහෙම වෙන්න මට ඕනැත් නෑ. චිත්‍රපටි ටෙලි නාට්‍ය වල නැති මේ සිදුවීම් ලිව්වේ නැතිනම් වැඩකුත් නෑ. ෆොටෝ වලට ලයික් දාලම් ඉවරයක් නැති එෆ් බී එකට විඩාව සංසිදෙන්න කියවල බලන්නකෝ මේ කතාව.
    බොහෝ දෙනෙක් දන්නවා මම අටේ පන්තිය දක්වා ජීවත් වුනේ මහනුවර දිස්ත්‍රික්කයේ වාවින්න ,වත්තේගම, වලල ආශ්‍රිත සුන්දර ප්‍රදේශයක බව . අපි ඒ කාලේ පදිංචි වෙලා හිටියේ වාවින්න සමුපකාරය ඉස්සරහා පේලි කුලී ගේක. අල්ලපු ගෙදර උදවිය දෙමල. තන්ගච්චියි, තම්බියි, බාලයි තමා අපේ යාලුවෝ. මහනුවර සිට කබරගල ,බඹරැල්ල, පන්විල ආදී බස් යන්නේ වාවින්න හන්දියේ මහ වංගුව හරහායි. වාවින්න හන්දියෙන් පටන්ගන්නා කඳු නැග්ම එක සීරුවට කබරගල දක්වාම යනවා. (කබරගල ඉඳලා වාවින්නට එන්න නම් බයිසිකලේට පැඩල් ඕනේ නෑ) මේ පළාතේ කිසි කෙනෙක් ඒ කාලේ අටෑච් බාත් රූම් වලින් නාලා නෑ . වෙල් යාය මැද තිබු නාන ළිං දෙකෙන් තමයි මුළු ගමම නැවේ. බාල්දියෙන් ගණන් කරලා නාන ගමන් තමයි පොඩි එවුන් ගණිතයට අත් පොත් තිබ්බේ. ඇවිදින්න පුළුවන් වයසේ එකාගේ ඉඳලා කොල්ලෝ කුරුට්ටෝ ඔක්කොම බණ්ඩාර ඇලෙන් නාන්න යන්නේ රෝද ගහලා, ගුඩු ගහලා බට්ටා පැනලා ඉවර වෙලා වැද්දෝ ගානට ජංගි බාග ඩිස්කලර් උනාට පස්සේ තමයි. ටියුෂන් පන්ති කියන නමවත් අහලා නොතිබුන එවුන්ට මොන හෝම් වර්ක්ද? රංචුවේ සාමාජිකයන් පිළිබඳව නිශ්චිතව කිව නොහැක්කේ සෙල්ලමට ආපු එවුන් හිතුන ගමන් නාන්නට යනවා විනා ගෙදර ඉන්න එවුන් නෑවීමේ උනන්දුවක් එකෙකුටවත් නැති හෙයිනි.
    බණ්ඩාර ඇල යනු කිලෝමීටර් 10 ක් පමණ දිව යන මනාව ඉදිකළ වගා ඇලකි. තනිකර කළු ගලෙන් හා ශක්තිමත් යකඩෙන් තැනූ මෙම ඇල මාර්ගය මා මෙතෙක් දුටු ඉතා රමණීය නිර්මාණයකි. මහනුවර භූ විෂමතාවයට අනුකුලව තැනින් තැන තනි කළු ගලෙන් තැනූ ගල් පඩි 20 ක් පමණ වූ කොටස් 3ක් පමණ මෙම ඇල මාර්ගයේ තිබෙන අතර අපිට තියෙන්නේ පඩිපෙළේ වාඩි වී සිටීම පමණයි. මීටර් නැතිව ඕනෑ තරම් නා ගත හැකි වුවත් අපි වරින් වර ගොඩට එන්නේ නුවර පළාතේ ස්වභාවික හීතල අස්සේ එක දිගට වතුරේ සිටීම අපහසු බැවිණි. බෙහෙතකටවත් අත් ඔරලෝසු දැක නැති වුවත් ටක්කෙටම වෙලාව කියන්නේ කබරගල, බඹරැල්ල , මඩොල්කැලේ , පන්විල ආදී ලංගම බස් රථ යන එන වෙලාව අනුවය. ඇලේ ඉහල කෙලවරින් නෑම අරඹා ටිකෙන් ටික පහලට් ඇවිත් බස් පාර අසල දිය බුන් ගහන තැනට එන විට ගල්පිහිල්ල බේකරියේ පාන් කරත්තය එන වෙලාව ලං වෙන බව දන්නා කොලු රංචුව හනි හනිකට ගොඩට එන්නේ කන්දේ සිට පල්ලමට වේගයෙන් දිවෙන කරත්තය පිටුපස එල්ලී වාවින්න හන්දියටම නොමිලේ ලිෆ්ට් එකක් ලබා ගත හැකි බව දන්නා නිසාය. අත දැම්මාට කරත්තය නවත්වන්නේ නැති නිසාත්, පෙර සූදානමින් නොසිටියොත් වේගයෙන් පල්ලමට යන කරත්තයේ එල්ලීම අපහසු නිසාත් කරත්තය ඇස ගැටුණු ගමන් කොලු රංචුව පාරට දිව එන්නේ ඇඳුම් මාරු කිරීම තෙත පිහදා ගැනීම ආදිය ඉතා අනවශ්‍ය කාරනා ලෙස සලකාය.
    මෙම කරත්ත විශේෂය මහනුවරින් කොළඹ ආ පසු මා කිසි දිනෙක දැක නැත. රෝද හතරක් සහිත මෙහි පිටුපස රෝද දෙක මත බක්කියේ බර දරන අතර ඉදිරිපස රෝද දෙක ඇක්සලයක ආධාරයෙන් අඩි හතරක පමණ පරතරයකින් එකිනෙකට සම්බන්ධ කර එම ඇක්සලයේ හරි මැදින් ,ශක්තිමත් ලීයක ආධාරයෙන් බක්කියට සවිකර තිබේ. වත්මන් අත් ට්‍රැක්ටරයකට වඩා මදක් මිටි වූ මෙහි බක්කිය පිටුපස සවිකර ඇති ඇන්දේ ආධාරයෙන් කරත්තය ඉදිරියට තල්ලු කෙරේ. දුවන කරත්තය පිටුපස කොල්ලෝ එල්ලෙන්නේ මෙම ඇන්දේ වන අතර කකුල තබා ගැනීමට අඟල් 4 ක පමණ පළල පටියක් සවි කර තිබේ.

    ඇතැම් කරත්ත කරුවන් කොල්ලෝ කරත්තයේ එල්ලෙනවාට ඉතා අකමැතිය. ඊට හේතුව සමහර අසමජ්ජාති එවුන් පාන් ගෙඩියක් දෙකක් හොරෙන් ගෙන, දුවන කරත්තෙන් බිමට පනින නිසාය. පාන් කරත්තය හසුරුවන පාන් මාමා වයස අවුරුදු 60 ක් පමණ වන ඉතා නිරෝගී අයෙකි. අපි පාන් මාමාව යාලු කර ගන්නේ වාවින්න හන්දියේ සිට ආපසු කන්ද නගින හිස් පාන් කරත්තය මද දුරක් තල්ලුකරගෙන යාමට උදව් කිරීමෙනි. කුඩා කල සිටම හොරකම් කිරීම පිළිකෙව් කල මා කිසිදාක මා සමග ඉන්න එවුන්ට් පාන් සොරකම් කිරීමට ඉඩ නොදෙන අතර හදිස්සියේ මොකෙක් හෝ පාන් ගෙඩියක් හොරෙන් ගෙන කරත්තෙන් බැස්සොත් “මාමේ මෙන්න මූ පාන් ගෙඩියක් ඉස්සුවෝ” කියා ගමටම ඇසෙන්නට කෑ ගසන්නේ කරත්තය ඉදිරිපස වාඩිවී සිටින පාන් මාමාට පාන් ලෝඩ් එක නිසා පිටුපස කිසිවක් නොපෙනෙන බැවිණි. බෝතල් අඩි කන්නාඩි දෙකක් ලා සිටි පාන් මාමා පාන් හොරුන්ට ඉතා රෞද්‍ර වන අතර කරත්තය තල්ලු කරන්නට ස්වේච්චාවෙන් පැමිණෙන අපිට බක්කි කරත්තයේ ඉටි කොලේ අස්සෙන් ගත් රෝස් පාන් ගෙඩි කීපයක් බෙදා දෙන්නේ බුලත් කහට රැඳී දත් අතර වූ “ගංගා බීඩිය” උරාගෙන උරාගෙන ගොස් අකුලට විසි කරන ගමන්ය.


    avatar
    lanka


    Posts : 624
    Join date : 2014-11-26

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by lanka Tue Aug 16, 2016 2:52 pm

    Thanks, dear Nihal
    avatar
    lanka


    Posts : 624
    Join date : 2014-11-26

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by lanka Tue Aug 16, 2016 2:56 pm

    Thanks, dear Tharanga
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by nihal123 Sat Aug 27, 2016 8:11 pm

    මට වෙච්ච දේ
    සාමාන්‍යයෙන් බදාදා දින රාත්‍රී 8.30 වන තුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වෙන, මුළු රටේම ඖෂධ සැපයුම් තත්ව සමාලෝචන රැස්වීමට සහභාගී වීම මගේ සුපුරුදු රාජකාරීයයි. එසේ ප්‍රමාදවී නිවසට පැමිණි මා බ්‍රහස්පතින්දා උදේ වැඩට යාමට නැගිට්ටේ ඉතා නිරෝගීවය.
    උදේට කොළ කැඳ කෝප්පයක් පානය කරන මා හට එදින ඒ සඳහා ප්‍රියමනාප ගතියක් නොවුයෙන් ජීවනී වතුර බෝතලයක් හදාගෙන මගේ රියදුරා සමග වැඩට ගියේ ඖෂධ ෆයිල් 20 ක පමණ වැඩ කටයුතු නිම කිරීමට යොදාගෙන තිබුන බැවිණි. උදේ වරුවේ කාර්යාලය තුලදී මට ඉතා දරුණු උදරාබාධයක් වැළඳුන අතර ඒ බව කිසිවෙකුට නොහඟවා මා විසින් සැලසුම් කරගත් වැඩ සියල්ල නිම කලෙමි.
    උදරාබාධය කිසිලෙසකින් වත් අඩු නොවූ බැවින් රියදුරා සමග ආපසු නිවසට පැමිණි මා පැය කිහිපයක් නිදාගෙන ආපසු සවස් වරුවේ අන්තරායකාර ඖෂධ පිලිබඳ රැස්වීමට ඉතා අපහසුවෙන් සහභාගී වී සවස 5 ට පමණ නිවසට පැමිණ රියැදුරාව ආපසු පිටත් කර යැව්වෙමි.
    උදේ පටන්ගත් උදරාබාධය වැඩි උනා මිස අඩුවුයේ නම් නැත. රාත්‍රී 7 ට පමණ මගේ රියදුරාට මා ජාතික රෝහලට රැගෙන යාමට පැමිණෙන ලෙස දැන්වුයෙමි. (මගේ අසනීප තත්වය ගැන දැනගත් මගේ ආයතන ප්‍රධානියා උදරාබාධ, හෘදයාබාධ වෙන්කර හඳුනා ගැනීමට නොහැකිව අලකලංචියක් ඇති වීමට ඉඩ නොදී වහාම රෝහල් ගත වන ලෙස මට උපදෙස් දුන්නේය. අසල්වාසී තරුණයෙකු මගේ ළඟ තනි රැකීමට ස්වේච්චාවෙන් ඉදිරිපත් වුයෙන් ඔහුත් කැටුව ජාතික රෝහලට ගියෙමි.
    ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත මා රැගත් කැබ් රථය ඇතුල් කර විනාඩි කීපයක් බලා සිටියත් එතැන වාඩිවී සිටි 6 දෙනෙක් පමණ වූ සුදු ඇඳගත් පිරිමි සේවකයන් එකෙක්වත් නිකමටවත් මේ ආවේ බෝම්බ පටවපු වාහනයක් දැයි සිතා හෝ නැගිට්ටේ නැත. බැරිම තැන මා තනිවම වාහනයේ දොර ඇරගෙන එලියට බැස උන් හය දෙනා ලඟට ගියෙමි. දෙයියම්පා! ඒත් උන් එකෙක්වත් වාඩිවී සිටි බංකුවෙන් නැගිට්ටේ නැත.
    ඔන්න එතකොට තමයි මම දැරණියගල යකා මහත්තයාට ආරුඪ උනේ. (මෙහිදී උන්ගේ අම්මා මුත්තාගෙන් වත් නොඇසූ මම උන්ට කියූ දේ නොලියා සිටිමි) හය දෙනාම ඉද්ද ගැසුවා සේ නැගිට ඉතා වේදනාවෙන් වුවත් සිංහ පාර්ට් එකෙන් සිටි මාව රෝද පුටුවක තබා හදිසි ප්‍රතිකාර ඒකකය වෙත යොමු කලේ විදුලි වේගයෙන්. (මට වගේ සිවිල් බලයක් නැති සාමාන්‍ය මිනිසුන්ට තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි. මොකා තරහ උනත් මට වෙච්ච දේ ලියන්න මගේ කොන්ද පන තියෙනවා. මාත් එක්ක වාද නොකර වරද නිවැරදි කරපල්ලා, දෙයියන්ගේ නාමෙන්)
    හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා ඉතා කාරුණිකයි, කාර්යක්ෂමයි. ඔහු මට වැළදී ඇත්තේ ගස්ට්‍රෛටිස් ද නැතහොත් හෘදයාබාධයක්ද යන්න වෙන්කර හඳුනා ගැනීමට අවශ්‍ය මුලික රෝග විනිශ්චය පියවර ගනිමින් සිටින බව වෛද්‍යවරයෙකු වූ මට දැනුනා.
    ඒ එක්කම ඉතා තරුණ ලස්සන හෙදියක් ඉතා උස්‌ හඬින් මගේ නම අසාගෙන මා වෙත ආවේ යක්ෂ දිෂ්ටියෙන් . “I am doctor A.T.Sudarshana, Deputy Director MSD” ඇය වෙත දබර ඇඟිල්ල දිගුකර මගේ තාලෙන් මම ඇයට කිව්වා. ඊට පස්සේ යක්ෂ දිස්ටියේ ෆියුස් ගියා. ( මා ඇතුළු සාමාන්‍ය ජනතාවට ආයෙත් දෙවියන්ගේ පිහිටයි, වරද නිවැරදි කර ගනිල්ලා, නැතිනම් අපායේ පලයල්ලා )
    ඊලඟට ආවේ මගේ පරණ පින් පලදෙන වාරේ. එදින කැෂුවල්ටි වාට්ටුවේ Senior Registrar මාව පරීක්ෂා කරන්න මා ලඟට ආවා. “සර් ගේ ලිපි මම ෆේස් බුක් එකේ කියවල තියෙනවා. සර් කුලියාපිටිය ඉස්පිරිතාලේ හිටියා නේද? සර් කුලියාපිටිය ඉස්පිරිතාලෙන් ගිය අලුත මම මාස හයක් කුලියාපිටිය ඉස්පිරිතාලේ පශ්චාත් උපාධි පුහුණුව ලැබුවා”. මේ තරුණ වෛද්‍යවරයා මුණ ගැසීමෙන් පස්සේ මගේ වේදනාවෙන් භාගයක් ඉබේම සුව උනා.
    හදිසි ප්‍රතිකාර නිම වීමෙන් පසු අංක 14 වාට්ටුවට ඇතුලත් වූ මා හට කිසිඳු ප්‍රමාදයකින් තොරව සියලු ප්‍රතිකාර ලැබුණු අතර එක දිගටම තිබු උදර වේදනාව යාන්තම් අඩු වූයේ පාන්දර යාමයේය. ඔන්න පාන්දර යාමේ ආයෙත් දිෂ්ටි වෙච්ච එකෙක් ආවා. මිනිහා ඊ. සී. ජී . පටියක් ගන්න ආපු තරුණ දිශ්ටියක්. අනෙක් රෝගීන්ට කතා කරන සුපුරුදු සද්දෙන් මට කතා කරපු මිනිහගේ දිෂ්ටියේ හුලන් බහින්න දබර ඇඟිල්ල දික් කරලා මම කවුද කියලා මිනිහට කියනවා ඇරෙන්න වෙන විකල්පයක් තිබුනේ නෑ. (අම්මපා මුන්ගේ මොළ හෝදන්න මට චාන්ස් එකක් ලැබෙන්නේ නැති හැටි ) මගේ ඇඟ පුරා ගාපු ජෙල් ටික පිහ දාන්න වාට්ටුවෙන් ගෝස් එකක් ඉල්ලගන්න කියලා ගෝලයත් එක්ක මිනිහා යන්න ගියා. ඒ ඇරුනහම වාට්ටුවේ කිසිවෙකු මා සිටින කාලේ දිෂ්ටි උනේ නෑ
    දැන් කවුරු හරි කියයි, මේව හරි සුළු දේවල්නේ. ලියන්න තරම් දේවල්ද කියලා. එහෙනම් අහගනිල්ලා. බිලියන ගණන් නිදහස් සෞඛ්‍යට මහජනතාවගේ මුදල් යොදවන්නේ, සුපිරි සැලකිල්ලක් ලබන්න මිසක් එක එකාගේ අත පල්ලෙන් වැටුනා වගේ සැලකිලි ලබන්න නෙවෙයි. වාචික විනය නොමැති කම රජයේ ආයතන වල උපන්ගෙයි අයිතිවාසිකමක් වෙලා. ඉස්පිරිතාලේ ඒ ලෙඩේ සීයට අසුවයි.මගේ ලෙඩේ තවම නිට්ටාවට සුව වෙලා නැහැ. කොයි වෙලාවේ හරි ආයෙත් ඕනෑම ඉස්පිරිතාලෙකට එන්න ඉඩ තියෙනවා. මම අපේක්ෂා කරන වෙනස දකිනතුරු යකා මහත්තයාගේ රෝල් එක නවත්වන්නේ නැ. කවුරු කැමති උනත් අකමැති උනත් කරන්න දෙයක් නෑ.
    (අංක 14 වාට්ටුව ඉතා පිරිසිදුව පියකරුව පවත්වාගෙන යන වාට්ටු භාර හෙද සොයුරිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට විශේෂ ප්‍රනාමයක් පුද කල යුතුයි).

    ඩොක්ටර් ට ඔහොම නම් අපි ගැන කවර කථාද ?

    Dr A T Sudarshana
    smallville
    smallville
    Top contributor
    Top contributor


    Posts : 1872
    Join date : 2014-02-23
    Location : Trying to figure out..

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by smallville Mon Aug 29, 2016 11:36 am

    WAt a nice thread... Very Happy


    _________________
    I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by Ethical Trader Mon Aug 29, 2016 12:27 pm

    Thanks Nihal for sharing.

    I rarely go to the doctor. Recently, I had to visit our family doctor with my wife. While waiting for our tern, I saw that there was a notice saying "Only three or four drugs are necessary to treat the common ailments and the doctor can diagnose many sicknesses by external examination of the patient, hence, it is not necessary to go for expensive tests etc,."

    I asked him about this uncommon notice and he simply said "You know, Sri Lanka will be a paradise if we can get rid of some politicians who suck the treasury of its funds and the new generation doctors who rely only on expensive drugs and tests."
    avatar
    lanka


    Posts : 624
    Join date : 2014-11-26

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by lanka Mon Aug 29, 2016 1:10 pm

    Thanks, dear Nihal
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by nihal123 Wed Aug 31, 2016 8:43 am

    විශේසඥ වෛද්‍යවරු සහ මම
    මුලින්ම මම රෝහල් පරිපාලනයට සම්බන්ධ වුනේ කොළඹ ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු වශයෙනි. ඒ මම මගේ වෛද්‍ය පරිපාලන පස්චාත් උපාධිය සමත් වූ අලුතමය. (අවවාදයයි ! ඔබට නයා අරිනවා, පම්පෝරි ගහනවා වගේ හැගීමක් දැනෙයි නම් දැන්ම මෙම ලිපිය කියවීම නවත්වන්න. වෛද්‍ය පරිපාලනය මොනතරම් ත්‍රිලින් එක්ස්පීරියන්ස් එකක් දැයි දැන ගැනීමට අවශ්‍ය නම් දිගටම කියවන්න )
    විශේසඥ වෛද්‍යවරු සියයක් පමණ පිරිසක් සේවය කල මෙම ළමා රෝහලේ මගේ ගුරුවරුද වුහ. මහාචාර්ය ළමාබදුසුරිය මහතා එයින් එක් අයෙකි. රෝහලේ පරිපාලන කමිටුව සම්බන්ධීකරනය මා වෙත පැවරී තිබුන අතර මගේ පළමු කාර්ය වුයේ තම රථය ගාල් කිරීම සඳහා විශේසඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමයි. රෝහල් අක් මුදල් වලින් කහ පාට තීන්ත ගෙන්වා රථ ගාලේ සීමා ඉරි ඇන්දේ රෝහල් සේවකයන්ම වූ අතර බොහෝ විට තීන්ත බාල්දිය අල්ලාගෙන සිටියේ මාය. (ඔන්න ගොන් පාට් එකක් දැම්මා කියා සිතෙන අය කියවීම නවත්වන්න. මට ඒක මාර ජොලි ටීම් වර්ක් එකක්)
    වසර ගණනකින්, එතෙක් කල් යාවත්කාලීන කර නොතිබූ වෛද්‍යවරුන්ගේ කාර් පාස් එක මාසයක් ඇතුලත අලුතෙන් නිර්මාණය කල මා අයදුම් කර දින දෙකක් ඇතුලත, අදාළ විශේසඥ වෛද්‍යවරයා වෙත තම කාර් පාස් එක ලැබීමේ ක්‍රමවේදයක් ඇති කෙරුවෙමි. පළමු කාර් පාස් එක මහාචාර්ය ළමාබදුසුරිය මහතා වෙත මා විසින්ම එතුමාගේ වාට්ටුව ගෙනගොස් භාර දුන් විට එතුමා කියූ දේ මට තවමත් මතකයි. “ Thank you very much you young guy, why don’t you take a seat and have a cup of tea? Today I am having a tea party by my students.” මම ඉතා ගෞරවයෙන් එතුමාගේ තේ පැන් සංග්‍රහයද භුක්ති වින්දෙමි.
    කෙටි කලක් තුල ළමා රෝහලේ ජනප්‍රිය වූ වරදට නොසිතු අවස්ථාවක හලාවත මහ රෝහලේ වෛද්‍ය අධිකාරී වරයා ලෙස උන්නු හැටියේ මතුවීමට සිදුවූ බව බොහෝ අය දන්නා කරුණකි.( atsudarshana.blogspot.com බලන්න)
    කොළඹ සිට ඒ. සී. බස් එකේ පැය දෙකක් හලාවතට ගොස් රෝහලේ වැඩ භාර ගන්න ගිය දවසේ, ඉවසිය නොහැකි මුත්‍රා බරක් ඇතිවී ටොයිලට් එකට යාමට අවශ්‍ය වී ඒ සඳහා පාර ඇසු මට රෝහල් සේවකයා පෙන්වුයේ විශේසඥ වෛද්‍යවරුන්ගේ විවේක කාමරයයි. ටොයිලට් එකට ගිය මට තරු පෙනුනේ එහි දොරේ අගුල කැඩී ඇති බව දුටු විටයි. අගුල ලෙස භාවිතා කර තිබුනේ දොරේ ගැට ගැසූ රෙදි පටියකි. මගේ අවශ්‍යතාවය ඉටුකරගත් පසු වෛද්‍ය අධිකාරී අසුනේ වාඩිවූ මා වහාම රෝහල් ලේකම් වරයා කැඳවූයෙමි. එදින සවස 2 වෙන විට අදාළ අගුල අලුත්වැඩියා කරන ලෙසත් එසේ නොමැතිනම් වෙනත් රෝහලක් සොයාගන්නා ලෙසත් ඔහුට පැවසුවෙමි එදින සවස 1 වන විට මාගේ පළමු රාජකාරී නියෝගය ඉටු වී තිබුණි.
    හලාවත මහ රෝහලේ මට පෙර වෛද්‍ය අධිකාරී වරයා ලෙස වැඩ බැලුවේ විශේසඥ වෛද්‍යවරකි. මගේ පත්වීම පිලිබඳ එතරම් කැමැත්තක් නොදැක්වූ ඔහු තම වාට්ටුවේ ගැටළු මා වෙත ලියා එවන විට මා ඇමතුවේ Acting Medical Superintendent ලෙසය. එවැනි ආමන්ත්‍රණ සහිතව මා වෙත එවන ඉල්ලීම් වලට මා ළඟ විසඳුම් නැති බව පවසා එම ඉල්ලීම් ලියු පොත් ආපසු හරවා යැව්වෙමි. “ At the moment I am the proper leader in this hospital, there are no acting leaders”. “මම මෙහි ආවේ හොඳ පරිපාලකයෙකු අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔබ කල ඉල්ලීම නිසයි. ඔබ මගේ නායකත්වය පිළිගැනීමට අකමැති නම් මම අදම මෙම රෝහලෙන් ඉවත් වී යන්නම්. කල්යල් බලා මම මට කියන්නට අවශ්‍ය දේ විශේසඥ වෛද්‍යවරුන්ගේ පළමු රැස්වීමේදීම පැවසුවෙමි. ප්‍රශ්නය ඉතා සුහදව විසඳා ගැනුනේ එකිනෙකාට ගරුකිරීමේ වැදගත්කම හැමෝටම මතක් කරමිනි.
    ජීවා ඩයස් මහතා කියන පරිදි විශේසඥ වෛද්‍යවරුන්ගේ කිල්ලෝටවල හුණු හෙවීමට කාලයක් මට නොතිබුණි. ඒ වෙනුවට මට තිබුනේ ලෙඩ්ඩු වැඩි වූ ශල්‍ය වෛද්‍යවරයා හා විකලාංග වෛද්‍යවරයා අතර වලි බේරීමය. ඒ වෙන හේතුවක් නිසා නොව එක තියටර් ටේබල් එකේ දෙදෙනාගේ ශල්‍යකර්ම සිදු කිරීම සඳහා තියටර් ටයිම් මදිවීම නිසයි. ආයතනය තුල තාත්තා කෙනෙක් වගේ විශ්වාසය ගොඩනගා ගත් මා වෙත තම ගැටලුව විසඳා ගැනීමට සෑම විශේසඥ වෛද්‍යවරයෙක්ම පැමිණියා. ඉතා නිහතමානීව මගේ ආසනය ඉදිරියේ තිබු ආසනයේ වාඩිවුණා. විශේසඥ වෛද්‍යවරුන් තම ආයතන ප්‍රධානියාට නියමිත ගෞරවය දක්වනවා දුටුවාම රෝහලේ සෙසු සේවා කාණ්ඩ ඉබේම පාලනය වෙනවා. රෝහල තුල සාමුහිකත්වය ගොඩ නැගෙන විට වෘතීය සමිති භීතිය ඉබේම පහවෙනවා. සර්ගේ මූන බලාගෙන ස්ට්‍රයික් කරන්නේ කොහොමද කියලා හැමෝම අහන්න පටන් ගන්නවා.එහෙම කියලා පොදු එකඟතා මත අරගන්නා වෘතීය සමිති තීරණ වලට එරෙහි වෙලා බොරු වීරයෙක් වෙන්න යන්නෙත් නෑ. (කුණාටුවක් එනකොට බිම දිගා වෙයන් මල්ලියේ )
    හලාවත රෝහලේ තැලසීමියා ඒකකය ඒ වන විට වේගයෙන් දියුණු කර තිබුනේ අදාළ විශේසඥ වෛද්‍යවරයාගේ පෞද්ගලික උත්සාහය මතයි. විකලාංග දන්ත විශේසඥ වෛද්‍යවරයා යන එන වෙලාව හොයන්න වෙලාවක් තිබුනේ නෑ. ඉස්සෙල්ලම ඔහුගේ සායනයට අරන් දුන්නේ පා පිස්නා. ඊළඟට එම ඒකකයට බොන්න, අත හෝදන්න වතුර. ඔන්න ඕකයි තත්වේ. ජීවා ඩයස් , ඔබ මේ වගේ දේවල් කර තිබෙනවාද?
    තව එක විශේසඥ වෛද්‍යවරයෙක් මගෙන් කලේ අපුරු ඉල්ලීමක්. තමන්ගේ SHO ලා ON CLL දවසේ රෝහලෙන් බැහැරව සිටින එක නවත්වන ලෙසයි. එහෙම ඉල්ලීම් කරන විශේසඥ වෛද්‍යවරුන්ගේ යන එන වෙලාව ගැන මම මොකටද සැකෙන් බලන්නේ? (මම හැම විටම මගේ සේවක මණ්ඩලය විශ්වාස කරන බව හැමෝටම කියනවා. ඒ වගේම වැරදි කරලා මගේ විශ්වාසය පලුදු කරගන්න එපා කියලා ප්‍රසිද්ධියේ කියනවා. ලජ්ජා බය තියෙන අය ඉබේම මගේ ක්‍රමයට හැඩ ගැහෙනවා. ( ජීවා ඩයස් මහතාණෙනි, මම කියන්නේ මගේ නැව ගැන පමණයි. අනිත් නැව් ඇතුලේ සිද්ධ වෙන දේවල් මට අදාළ නෑ)
    මාරවිල රෝහලේ අක්ෂි වෛද්‍ය විශේසඥවරිය මගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ රෝගීන්ට ඇස් වාට්ටුවක් සාදා දෙන ලෙසයි. එතෙක් ඇයට ලබාදී තිබුනේ ශල්‍ය වාට්ටුවේ ඇඳන් 4 ක් පමණි. මම ඉතින් ඇයට ඇස් වාට්ටුවක් හදලා දුන්නා. ඇය බොහොම සතුටින් නවීන ෆෙකෝ ක්‍රමයට ශල්‍යකර්ම සිය ගණනක් කළා. ඉතින් මට කියන්නේ එයා හරියටම උදේ 8 ට වැඩට එනවද කියලා චෙක් කරලා, ඕ. ටී. කපලා ,විනය පරීක්ෂණයක් කරන්න කියලද?
    කුලියාපිටියේ VOG මහත්තයා විශේසඥ වෛද්‍ය පතිනිසේකර. ඔහු වැඩ භාරගන්න දවසේ මගෙන් එක ඉල්ලීමක් කළා. “අනේ සුදර්ශන, මම ආවේ කෑගල්ල රෝහලේ ඉඳලා. ඒ රෝහල හරිම ලස්සනයි. ඔයාට පුලුවන්නම් මේ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ, හිරගෙදර ගේට්ටුව වගේ තියෙන මූසල ගේට්ටුව වෙනස් කරන්න.” මම ඒක තරු පහේ හෝටලයක පෙනුමට වෙනස් කළා. ඔහුගේ වාටුවේ තිබු අඩුපාඩු සියල්ල හදලා දුන්නා. ඔහුගේ වාට්ටුවේ HO DUTY ROOM එක මාසෙකින් හදලා දුන්නේ තමන්ගේ වෛද්‍යවරු නිතරම වාට්ටුවේ රඳවා ගැනීමට ඔහු තුල වූ උනන්දුව එතරම් බලවත් නිසයි. දැනට කුලියාපිටියේ තියෙන ICU එක තනිකරම ගොඩනැගුනේ විශේසඥ වෛද්‍ය වනිගසේකර මහතාගේ උනන්දුව නිසාමයි. ICU එකේ වෛද්‍යවරු 6 දෙනෙකුට එකවර ස්ථානමාරු ක්‍රියාත්මක කිරීම මම ප්‍රතික්ෂේප කලවිට GMOA එක මගේ තීරණයට එකඟ වුණා. තැන් තැන් වල හිරවී හිටපු වෛද්‍යවරු මගේ රෝහලට ගෙන්වා ගැනීමට උදව් කල GMOA එක එක්ක මම මොකටද හතර මායිම් කතා කරන්න යන්නේ?
    කුලියාපිටිය රෝහලට එකවරම විශේසඥ ශල්‍ය වෛද්‍යවරු දෙන්නෙක් ආවා. එක නිලනිවාසේ දෙකට බෙදාගෙන ජීවත් වෙන්න ඔවුන් කැමති උනා. මාසයක් ඇතුලත මම එම නිල නිවාසය සම්පුර්ණයෙන්ම අලුත්වැඩියා කරලා දුන්නා. වල් වැදුන නිලනිවාස සුද්ද කරන ශ්‍රමදානේ මයියොක්කා මාත් රසවින්දා. මම ලියන පොර ටෝක් වලින් වැඩිපුරම කරන්නේ දොස්තරලා කරන භයානක මගඩි අමතක කරන්න පොඩි පොඩි මෝඩ පාට් ඉස්මතු කිරීමයි, නයා ඇරීමයි කියලා කමෙන්ට් කරපු ජෙන්ටල්මන්ට් ට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. හිතවත් මහත්මයා! බුද්ධ කාලෙත් සාසනේ දුස්සීල භික්ෂුන් හිටියා නොවැ. මගේ නැව් වලදී හමුවුන බහුතරයක් විශේසඥ වෛද්‍යවරු තමන්ගේ රාජකාරිය ආයතනයට පැමිණෙන රෝගීන්ගේ අභිවෘධිය සඳහා උපරිම අයුරින් ඉටු කළා. නිවාඩු යනකොට මට කියලා ගිය නිසා හොරෙන් ගියාද කියලා හොයලා බලන්න උනේ නෑ. රාජකාරී වෙලාවේ පුද්ගලික රෝහලක ශල්‍යකර්මයක් සිදුකරන්න යනකොට ලීව් ෆෝම් එක මගේ අතටම දීල ගියා. මුහුදේ අනිත් නැව් වල අංජබජල් වැඩ වෙන එකට මම වොරි වෙන්නේ මොකටද ජීවා ඩයස් මහත්තයෝ. ඒවා එහෙම උනා කියල මගේ අය ගැනත් එහෙම හිතන්න කියලද මට කියන්නේ?
    සවස් වරුවේ රෝහල තුල විශේසඥ වෛද්‍යවරු රැඳෙන්නේ නැති එක නෙවෙයි මට තිබුන ගැටලුව. ඉන්න තැනකින් හදිසි ඇමතුමකට රෝහලට කඩිනමින් එනවිට වාට්ටුව ඉස්සරහ ඇක්සෙස් එක ක්ලියර් කරලා පාකින් ෆ්‍රී තියන්න කියලයි. ඉතින් මට කියන්නේ ඒ වගේ අයට පැය භාගයක් කලින් ගියාද කියලා හොයල බලලා විනය පරීක්ෂණයක් කරන්න කියලද? බේස් හොස්පිටල් වල විශේසඥ වෛද්‍යවරු මහා රෝහල් වලට වඩා ඉතා අමාරු බව ජීවා ඩයස්ගේ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම වැරදියි. තම චැනල් සේවාව අවසන් කල පසු පර්යන්ත නගරයේ ඔවුන් කොහේ යන්නද? සති අන්තයේ මහ ගෙදර යනතුරු නිල නිවාසයට එනවා මිස? හැබැයි විශාල උප නගර ආශ්‍රිතව චැනල් සේවාවන් අධික බැවින් ඒ ප්‍රදේශවල මා හිතවත් විශේසඥ වෛද්‍යවරුන්ගේ විවේක බුද්ධිය පිලිබඳ මටත් විශාල කනස්සලු ගතියක් තියෙනවා.
    දැන් ඉතින් කියයි, පනින උදවියට ඉනිමං තියනවා කියලා. පරිපාලකයෝ වන අපි විශේසඥ වෛද්‍යවරු දිහා මේ තරම් විශ්වාසයෙන් හා ගෞරවයෙන් බලනවා කියලා මගේ මේ ලිපිය කියෙව්වම පොඩ්ඩක් හරි සිල් බිඳින ඇත්තොත් යහමගට හැරෙයි කියලා අපි දැඩි අධිස්ටානයක් ඇති කර ගතයුතුයි. මිනිසුන් නිවැරදි කල හැක්කේ ඔවුන්ට අපහාස කිරීමෙන් නොව, ඔවුන් අපට කොතරම් වටිනවාද යන්න ඒත්තු ගැන්වීමෙන් බවයි මම විශ්වාස කරන්නේ. අරමුණ ඉටුවෙනතුරු මම විශ්වාසය අතහරින්නේ නෑ.

    Dr A T Sudarshana
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by Ethical Trader Wed Aug 31, 2016 9:29 am

    Thanks Nihal. I appreciate his management style.
    avatar
    lanka


    Posts : 624
    Join date : 2014-11-26

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by lanka Wed Aug 31, 2016 9:30 am

    thanks, dear Nihal
    avatar
    Naked Trader


    Posts : 12
    Join date : 2016-03-17

    දොස්තර හොඳ හිත - Page 2 Empty Re: දොස්තර හොඳ හිත

    Post by Naked Trader Wed Aug 31, 2016 10:18 am

    Ethical Trader wrote:Thanks Nihal. I appreciate his management style.
    දුටුගැමුණු කුමාරයා යුද්දකරන්න ගියාවගේ නැතුව, පොඩි පොඩි දෙවල් කරලා ඉවරකරාම යනගමන පහසු වෙනවා.

      Current date/time is Sat Jul 27, 2024 1:49 pm