- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ණය ශ්‍රේණිගත කිරීම වැදගත් වන්නේ ඇයි?
( ෂමිල පෙරේරා ) 2016-04-19 01:11:33
මෙය ණය ඇගයීම සහ ණය ප්‍රමාණීකරණය ලෙසද විවිධ විශ්ලේෂකයන් යම් යම් අවස්ථාවල හඳුන්වනු ලබන අතර ආයෝජනයේදී මේ පිළිබඳව දැන සිටීම ඕනෑම අයෙකුට බොහෝ සෙයින් වැදගත් වේ. ආයෝජනය යනු අනාගතයේදී යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් වර්තමානයේදී කරනු සම්පත් කැපකිරීමකි. එහිදී ආයෝජකයෙකුගේ බලාපොරොත්තුව තමා යෙදවූ මුදලද ආරක්ෂා කරගනිමින් ඊට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමයි.
ආයෝජනය කොටස් සහ ණයකර වශයෙන් ප්‍රධානවම කොටස් දෙකක බෙදිය හැකිය. මෙම ණයකරවල ආයෝජනයේදී විශේෂයෙන්ම ආයෝජකයෙකු අවධානය යොමු කළ යුතු පැති කිහිපයක් ඇති අතර ලැබෙන පොලි අනුපාතිකය, කල්පිරීමේ කාලය, අවදානමේ ස්වභාවය ආදිය ඉන් කිහිපයකි. ණයකරවල අවදානම් ස්වභාවයන්ද කිහිපයක් හඳුනාගත හැකි අතර, අප මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කරනුයේ ණයකරවල ඇති පැහැර හැරීමේ අවදානම (Default Risk) සම්බන්ධයෙනි. මෙම පැහැර හැරීමේ අවදානම කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කරන විට ණය ශ්‍රේණිගත කිරීම අපට ඉතා වැදගත්ය.
ඉතිරි කොටස.......
- See more at http://www.ada.lk/business
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22