The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  Empty 1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න

    Post by nihal123 Thu Mar 17, 2016 6:00 pm

    අදින් වසර 20කට පෙර, 1996 අවුරුද්දේ මාර්තු 17 වැනිදා ඔබට මතකද? ඒ දවස වෙද්දි යම්තම් හෝ දැනුම් තේරුම් ඇති වයසක හිටපු කිසිම කෙනෙක්ට ඒ මොහොත අමතක වෙන්න බෑ. ක්‍රිකට් ලොව පතාක යෝධයන්ව දණ ගස්වපු ඒ තරඟාවලියෙදි සිදුවූ අපූරු සිදුවීම් 14ක් තමයි මේ.

    1. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක් ජයග්‍රහණය කළ පලමු සත්කාරක රට වන්නේ ශ්‍රී ලංකාවයි. 96 වසරේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ පකිස්ථානය සත්කාරක රටවල් ලෙස කටයුතු කළා.

    2. දෙවනුවට පන්දුවට පහර දුන් කණ්ඩායමක් ලෝක කුසලාන අවසන් තරඟය ජයග්‍රහණය කල මුල් අවස්ථාව වන්නේත් එයයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් තරඟයට මුහුණ දෙන්න යද්දි වට්මෝර් සහ අරවින්ද මුලින් පන්දුවට පහර දෙමුයි කියල යෝජනා කර තිබෙනවා. මොකද ඒ වෙද්ද තිබ්බ හැම ලෝක කුසලාන අවසාන තරඟයකම ජයග්‍රහණය ලබල තියෙන්නෙ මුලින් පන්දුවට පහරදුන්න කණ්ඩායමයි.

    කොහොම උනත් අපේ කණ්ඩායම තරඟාවලිය පුරාවට පසුපසින් හඹාගොස් ජයග්‍රහණය කල නිසා අවසන් තරඟයෙත් දෙවනුවට පන්දුවට පහර දෙන්න තමයි අවසානයේදී තීරණය කර තිබෙන්නෙ.

    ඕස්ට්‍රේලියා කණ්ඩායම ලබාගත් ලකුණු 241 හඹාගොස් ජයග්‍රහණය කිරීමත් සමග ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට ලකුණු හඹාගොස් අවසන් තරඟයක් ජයගත් කණ්ඩායම හැටියටත් අපේ කණ්ඩායම ඉතිහාසගත වනවා.

    3. නිකම්ම ලැබුණු ජයක් නොවෙයි අවුරුදු දෙකක සැලැස්මක්

    වට්මෝර්, ඇලෙක්ස් කොන්ටූරි වගේ විශේෂඥයින්ගෙ සේවය ලබාගෙන. 20 දෙනෙකුගෙන් යුතු සංචිතයක් වසර එකහමාරක් දෙකක් මුලුල්ලේ අත්හදා බලල තමයි මේ අවසන් කණ්ඩායම බිහි වන්නෙ. ඉතින් ඒ අය උපරිම දස්කම් දැක්වීම පුදුමයට කරුණක් නොවෙයි.

    4. මාවන්ට බින්දුව

    ලංකාවෙන් බිහිවූ විශිෂ්ටම පිතිකරුවෙක් වුණ මාවන් අතපත්තුට 1996 ලෝක කුසලාන තරඟාවලියෙ එක තරඟයක්වත් ක්‍රීඩා කරන්නන අවස්ථාව ලැබුණෙ නැහැ.

    5. අවසාන තරඟය සඳහා අරවින්දට ගැම්මක් දුන් සුවිශේෂී අමුත්තන්

    පකිස්ථානයේදී පැවති ලෝක කුසලාන අවසාන තරඟයට කලින් දවසේ අරවින්දව පුදුමයට පත් කරමින් අමුත්තන් දෙදෙනෙක් ඔහුගේ කාමරයට ඇතුල් වෙනව. ඉන් එක් අයෙක් වන්නෙ අරවින්දගේ පියායි. අනිත් පුද්ගලයා වන්නේ අරවින්ද ඉගෙනුම ලැබූ පාසලේ ගුරුවරයෙක්.

    “රටට කීර්තියක් ලබා දෙන්න තියන මේ අවස්තාවට උපරිමයෙන් ක්‍රීඩා කරන්න. ආයෙත් ඔයා ගහන ෆයිනල් බලන්න අපි ජීවත්ව හිඳීද දන්නෙ නෑ.”

    තම පියාගේ සහ තමා ඉතා ගරු කරන මේ ගුරුතුමාගේ කතාව අරවින්දගේ හිතේ ඉතා ගැඹුරින් සටහන්ව තිබෙනවා. ලෝක කුසලාන අවසන් තරඟයේදී අරවින්ද සුවිශේෂී ඉනිම ක්‍රීඩා කලේ මේ වදන් ඔහුගේ හිතේ තබාගෙන බව අරවින්ද පවසනවා.

    6. පුටුවෙන් නැගිට්ටොත් බැනුම්

    ලෝක කුසලානෙ කළමනාකරු හැටියට කටයුතු කළ දුලිප් මෙන්ඩිස් මහත්මය අපේ අය බැට් කරද්දි ක්‍රීඩාගාරෙ බලන් ඉන්න අපේ අනිත් ක්‍රීඩකයන්ට අපූරු නීතියක් පනවල තියනවා. ඒ තමයි. “විකට් එකක් යනකම් ඉඳගෙන ඉන්න පුටුවෙන් නැගිටල යන්න තහනම්” කියන එක. නැගිටීම කෙසේ වෙතත් හෙල්ලුනත් බැනුම් අහන්න වෙනවලු.

    ඔහු එහෙම කරල තියෙන්නෙ අපේ කට්ටිය එහෙ මෙහෙ යන්නෙ නැතිව පුටුවල වාඩිවෙලා මැච් එක බලද්දි පිතිකරනයේ යෙදෙන පිතිකරුවො දෙන්න හොඳින් ලකුණු ගහනවා කියන විශ්වාසය ඇතුව බවයි පැවසෙන්නේ.

    7. වොට්මෝර්ට කුණුහරුපෙන් බැනුම්

    එංගලන්තය සමග පැවති අවසන් පූර්ව තරඟයේදී කණ්ඩායම් දෙක පෙළගැසීමේ වෙලාවෙදි ශ්‍රී ලංකා කණ්ඩායම තරමක් ප්‍රමාද වී තිබෙනවා. ප්‍රමාද වී එතැනට පැමිණෙන ශ්‍රී ලාංකික පුහුණු කරු වට්මෝර්ට එවක එංගලන්ත කළමනාකරු ව සිටි රේ ඉලිංග්වර්ත්ගෙන් ලැබිල තියෙන්නෙ කුණුහරුප බැනුම් වරුසාවක්.

    8. සිදත්ගෙන් සනත්ට ඔරලෝසුවක් තෑගි

    එංගලන්තය සමග පැවතුන අවසන් පූර්ව තරඟයේදි ඕවර 15ක් යනකම් නොදැවී හිටියොත් සනත් ජයසූරියට අපූරු තෑග්ගක් දෙන්න සිදත් වෙත්තමුනි පොරොන්දු වෙලා තිබෙනවා. ඒ තෑග්ග තමයි සනත්ගේ හිත ගිය අත් ඔරලෝසුවක්.

    පන්දු 44ක් තුළදී වේගවත් ලකුණු 82ක් ලබාගත් සනත් අවාසනාවන්ත ලෙස දැවී යනව. ක්‍රීඩාගාරයට නැවත එන සනත් ඕවර 15ක් කඩුල්ලේ රැඳීඉන්න බැරීවීම ගැන කනස්සලු ස්වභාවයකින් ඉන්නව දකින සිදත් වෙත්තමුනි පසුව ඔහුට ඒ ඔරලෝසුව රැගෙන තෑගි දී තිබෙනවා.

    9. We are Sorry, Congratulations Sri Lanka

    ඉන්දියාවත් එක්ක පැවැත්වුනු අර්ධ අවසන් තරඟය ඉතාම ආන්දෝලනාත්මක සිදුවීම් වලින් පිරි තරඟයක්. ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වතාවට තරඟයක් අවසන් නොකොට එක් කණ්ඩායමකට දිනුම දුන් අවස්ථාව හැටියට මේ තරඟය ඉතිහාසගත වනවා.

    ඉන්දීය කණ්ඩායමේ නියත පරාජය දැක කළහකාරී ලෙස හැසිරෙන ප්‍රේක්ෂකයින් ක්‍රීඩකයින් වෙත බෝතල් ගල්මුල් එල්ල කරමින් ප්‍රේක්ෂකාගාර ගිනි තබනවා. මේ ගිනි තබමින් ප්‍රචණ්ඩව හැසිරෙන ප්‍රේක්ෂකයින් මැද එක් සැබෑ ඉන්දීය ක්‍රිකට් ලෝලියෙක් පමණක් නිහඬවම බැනරයක් ඔසවාගෙන සිටිනවා. තමන්ගේ කණ්ඩායමේ පරාජයෙන් හඬාවැටෙන සිතින් යුතුව වුවත් ඔහු ඉහලට ඔසවාගෙන සිටි බැනරයේ සටහන් වන්නේ මේ වචන පෙළයි.
    “We are Sorry, Congratulations Sri Lanka“‍

    09

    10. කැප්ටන් කූල්ගේ මයින්ඩ් ගේම්ස්


    අර්ජුන රණතුංග කියන්නෙ ලංකාවෙන් බිහිවූ උපක්‍රමශීලීම නායකයෙක්. ඔහුගේ මේ ගති ස්වභාවය ක්‍රිකට් පිටිය තුළ විතරක් නොවෙයි ඉන් පිටතටත් විහිදෙනවා. ලෝක කුසලාන අවසන් තරඟයට කලින් දින පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් අර්ජුන ඕස්ට්‍රේලියානුවන්ගේ ඔලු අවුල් කරන ප්‍රකාශ දෙකක් කරනව.

    ඉන් එකක් තමයි ලෝක පූජිත දඟපන්දු යවන්නකු වන ෂේන් වෝන් එච්චර හොඳ පන්දු යවන්නකු නොවෙයි කියන එක. අනිත් ප්‍රකාශය තමයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වෝ සහෝදරවරු කියන්නෙ ඕනෑවට වඩා වර්ණනාවට ලක්වූ සාමාන්‍ය පිතිකරුවන් දෙන්නෙක් කියන එක.

    අර්ජුනගෙ මේ ප්‍රකාශ ඕස්ට්‍රේලියානු කඳවුර තුළ ගින්නක් වගේ පැතිරෙමින් ඔවුන්ව මානසිකව දුර්වලකරන්නට සමත්ව තිබෙනවා.

    11. පුෂ්පකුමාරගේ අපූරු පණිඩුඩ ගෙනයාම

    අවසාන මහා තරඟයට ක්‍රීඩා කරන අපේ කණ්ඩායමේ මුල් කඩුලු දෙකක් ඉතාම ඉක්මනට දැවිල යනව. ඉන්පසුව පිටියට පිවිසෙන්නේ අරවින්ද සහ ගුරුසිංහයි. අතිරේක ක්‍රීඩකයෙක් වශයෙන් ඒ තරඟයට ක්‍රීඩාකරපු රවීන්ද්‍ර පුෂ්පකුමාරට පැවරිලා තිබෙනවා අනෙත් ක්‍රීඩකයන්ගෙ සහ පුහුණුකරු වට්මෝර්ගෙ පණිවුඩ කීපයක් අරා සහ ගුරා වෙත ගෙනියන්න.

    හැබැයි වට්මෝර් පූෂ්පකුමාරට කියපුව තේරිලා නැහැ. පිට්ටෙනියට ගියපු පුෂ්පකුමාර ආපහු ආවාම වට්මෝ ඇහුවලු පණිවුඩය කිව්වද කියල. පුෂ්පකුමාර ගත් කටටම කියල තියෙන්නෙ ඔව් කියල හැබැයි ඇත්තටම පණිවුඩය කියන්න කියපු පණිවුඩය පුෂ්ප කුමාරට තේරිලා නැහැ.


    12. ශේන් වෝන් vs. ලක්ෂ්මන් කදිරගාමර්

    1996 ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලංකාවට ඒම ප්‍රතික්ෂේප කරනවා. මේ ගැන මාධ්‍යයට ප්‍රකාශ කරමින් ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ෂේන් වෝන් පවසන්නේ ලංකාවේ Shopping කරන අතරතුර තමන්ව බෝම්බයකට අසුවෙන්න ඉඩ තියන නිසා නොඑන බවයි.

    ශේන් වෝන්ගේ මේ ප්‍රකාශයට පිළිතුරු සපයමින් එවක මෙරට විදේශ අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා Shopping කරන එක ගෑනු ගතියක්යැයි පවසනවා. මේ ප්‍රකාශය ඔස්ට්‍රේලියානු මාධ්‍යයත් එරට විදෙස් අමාත්‍යවරයාවත් කෝපයට පත් කරන්න සමත් වනවා. ඔහු දොස් පවරනු පිණිස කදිරගාමර් මහතාට දුරකථනයෙන්ද අමතා තිබෙනව.

    සිද්ධිය සමාදානයට පත් කරන්න කදිරගාමර් අමාත්‍යවරයා සමත් වන අතර තිළිණයක් ලෙසට ඕස්ට්‍රේලියානු විදෙස් ඇමතිට මල්කළඹක්ද යවනු ලබනවා. ඉන්පසුව එතුමා මෙහෙම ප්‍රකාශයක් කර තිබෙනව. “මලුත් ඉතින් ගෑනු වගේ අයට තමයි”

    13. කැප්ටන්ලා දෙන්නා

    ලෝක කුසලානය දිනාගෙන පෙරලා ලංකාවට පැමිණෙන කැප්ටන් කූල් සහ ඔහු පැමිණෙන ගුවන් යානයේ කැප්ටන් (ප්‍රධාන නියමු) තමයි මේ ඡායාරූපයේ සිටින්නෙ.

    මේ ඡායාරූපයේ ලෝක කුසලානය අතැතිව සිටින නියමුවාත් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලාංකික නම සටහන් කල තැනැත්තෙක් ඒ තමයි සුනිල් වෙත්තමුනි. ඔහු හිටපු ක්‍රිකට් ක්‍රීඩක සිදත් වෙත්තමුනිගේ සහෝදරයෙක්. සුනිල් ලෝක කුසලානයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු අර්ධ ශතකය රැස්කරගත් ක්‍රීඩකයාද වනවා.


    - See more at: http://offair.nethfm.com/article/35539#sthash.fouTHGcQ.dpuf
    spw19721
    spw19721
    Active Member
    Active Member


    Posts : 683
    Join date : 2015-08-22

    1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න  Empty Re: 1996 ලෝක කුසලානය දිනද්දී සිදුවූ රසබර සිදුවීම් 14ක් මෙන්න

    Post by spw19721 Thu Mar 17, 2016 7:03 pm

    I watched it from our black & white TV with other 15 radical spectators .im in grade 2 that time.but still remember the funny moments like Kalus stump after hiding the ball in the pad ,roshan mahanamas incident etc..after winning the match my father was very impressed & bought me a KOKABURA bat also.btw thanks for sharing Nihal ayya...

      Current date/time is Sat Jul 27, 2024 8:39 am