The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
For your knowledge/reading. EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
For your knowledge/reading. EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
For your knowledge/reading. EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
For your knowledge/reading. EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
For your knowledge/reading. EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
For your knowledge/reading. EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
For your knowledge/reading. EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
For your knowledge/reading. EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
For your knowledge/reading. EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
For your knowledge/reading. EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
For your knowledge/reading. EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
For your knowledge/reading. EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
For your knowledge/reading. EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
For your knowledge/reading. EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
For your knowledge/reading. EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
For your knowledge/reading. EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
For your knowledge/reading. EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
For your knowledge/reading. EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
For your knowledge/reading. EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
For your knowledge/reading. EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
For your knowledge/reading. EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
For your knowledge/reading. EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
For your knowledge/reading. EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
For your knowledge/reading. EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
For your knowledge/reading. EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
For your knowledge/reading. EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
For your knowledge/reading. EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
For your knowledge/reading. EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
For your knowledge/reading. EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
For your knowledge/reading. EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
For your knowledge/reading. EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
For your knowledge/reading. EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
For your knowledge/reading. EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
For your knowledge/reading. EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
For your knowledge/reading. EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
For your knowledge/reading. EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
For your knowledge/reading. EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
For your knowledge/reading. EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
For your knowledge/reading. EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
For your knowledge/reading. EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
For your knowledge/reading. EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
For your knowledge/reading. EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
For your knowledge/reading. EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
For your knowledge/reading. EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
For your knowledge/reading. EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
For your knowledge/reading. EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
For your knowledge/reading. EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
For your knowledge/reading. EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
For your knowledge/reading. EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
For your knowledge/reading. EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

+3
chinwi
jonta999
Nuinth
7 posters

    For your knowledge/reading.

    avatar
    Nuinth
    Top contributor
    Top contributor


    Posts : 555
    Join date : 2014-02-28
    Location : Universe

    For your knowledge/reading. Empty For your knowledge/reading.

    Post by Nuinth Sun Oct 05, 2014 1:58 pm



    Copied from Divaina, just thought share with you.


    මහජන මුදල් ගිලිමින් යෙහෙන් වැජඹෙන
    ජයලලිතලා සිය ගණනක්‌ අද අපේ රටේ ඉන්නවා
    - විශ්‍රාමික මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා

    වර්තමාන දේශපාලනය තුළ පවතින බලකාමය හා දූෂණය පිළිබඳ කදිම උදාහරණයක්‌ අපේ අසල්වැසි තමිල්නාඩුවෙන් පසුගියදා අසන්නට ලැබුණා. ඒ තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම්ට මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීමේ වරදට සිරදඬුවම් විඳීමට සිදුවීමයි. බලකාමයත් දූෂණයත් වර්තමාන දේශපාලනය සමග මේ තරම් දැඩිව බැඳී තිබෙන්නේ ඇයි?

    දේශපාලනය කියන්නෙ බලය සඳහා කරන අරගලයක්‌. රාජ්‍ය පාලන බලතල මෙහෙයවීමට අවස්‌ථාව ලැබෙන්නෙ මේ අරගලය ජයග්‍රහණය කරන පිරිසටයි. රාජ්‍ය පාලන බලතල මෙහෙයවීමට අවස්‌ථාව ලැබුණම රාජ්‍ය දේපළ හැසිරවීමේ හැකියාවත් හිමිවෙනව.

    අපේ රටේ 1956 ට පෙර මේ දේශපාලන බල අරගලයේ නියුක්‌ත වෙලා සිටියෙ දේපළ තිබුණු ධනවත් නිහතමානි යහගුණවලින් යුක්‌ත පිරිසක්‌. නමුත් 1956 ට පසු මේ දේශපාලන බල අරගලයට එකතුවුණු වැඩිදෙනා අධ්‍යාපනයක්‌ නැති, දේපළක්‌ නැති, පාරම්පරිකව රැකගන්නට කීර්තියක්‌ නැති පිරිසක්‌. තමුන්ට මේ නැති සියලුදේම සල්ලි බලෙන් ගොඩනඟාගන්න පුළුවන් කියල හිතලයි මේ අය දේශපාලනයට එන්නෙ.

    මේ ලෝකෙ ස්‌වභාවයෙන්ම හැම මිනිහෙක්‌ම රෝද තුනක වාහනයක්‌ වගෙයි. හැම මිනිහෙක්‌ම උත්පත්තියෙන්ම ගේන ආසාවන් තුනක්‌ තියෙනව. බලයට තියෙන ආසාව, ධනයට තියෙන ආසාව සහ ලිංගික ජීවිතයට තියෙන ආසාව. මේ ආසාවන් තුනට සීමාවක්‌ නෑ. කොපමණ තිබුණත් සෑහීමකට පත්වෙන්නෙත් නෑ. මේ ආසාවන් තුන පුළුවන් තරම් ඉක්‌මනට සහ පුළුවන් තරම් කාලයක්‌ සපුරාගැනීම තමයි පෘථග්ජන ස්‌වභාවය. මෙබඳු ගති ස්‌වභාවයන් තියෙන කෙනකුට රාජ්‍ය බලය හැසිරවීමට අවස්‌ථාව ලැබුණොත් ඔහු මේ ආසාවන් සපුරාගන්නට එය යොදාගන්නව. දූෂණය හා අසීමිත බල තණ්‌හාව වර්තමාන දේශපාලනය හා දැඩිව බැඳෙන්න එක හේතුවක්‌ ඒක. අනෙක අද බොහෝ දෙනෙක්‌ දේශපාලන බලය ලැබුණම තමුන් ආව පන්තිය අමතක කරනව. ගමේ ගොඩේ රස්‌තියාදු ගගහ හිටපු මිනිහට දේශපාලන බලයක්‌ ලැබුණම මන්ත්‍රී හාමුදුරුවො වෙනව. භාර්යාවො බිසවල වෙනව. දරුවො කුමාරයො කුමාරිකාවො වෙනව. ගෙදර ඉන්න බල්ල පූස පවා අමුතු සතුන් බවට පත්වෙනව. මේක අද දේශපාලන බලය ලබාගන්න ඇතමුන්ට හැදෙන මානසික රෝගයක්‌. කෝටි ගණන් වටින ගෙවල් දොරවල්, යාන වාහන, ලක්‌ෂ ගණන් වටින සෙරෙප්පු සපත්තු, ඇඳුම් පැලඳුම් සමග ආරක්‌ෂක නිලධාරිනA පිරිවරාගත් වාහන මේ අයට අවශ්‍ය වෙනවා. පරම්පරාවෙන් තමන් සතු ධනයක්‌ නැති කෙනකුට මේ සඳහා වැයවෙන අතිවිශාල මුදල දේශපාලනඥයකු වීම නිසා රජයෙන් ලැබෙන වැටුපෙන් කිසිලෙසකින් වත් පියවගන්න බෑ. දේශපාලකයො හොරකම් කරන්න පටන්ගන්නෙ ඒ නිසයි. ධනයට, බලයට හා ලිංගික ආසාවට දැඩිව ඇලුම් කරන සහ හරිහැටි අධ්‍යාපනයක්‌ නැති කෙනකුට රාජ්‍ය දේපළ හැසිරවීමේ බලය ලැබුණම ඔහු ඉවක්‌ බවක්‌ නැතිව හොරකම් කරනව. සාමාන්‍ය කෙනෙක්‌ හොරකමක්‌ කළහම තමා සොරෙක්‌ බව ඒ සාමාන්‍ය පුද්ගලයා පිළිගත්තත් කෝටි ගණනින් මහජන මුදල් ගසාකන දේශපාලකයා තමා හොරෙක්‌ බව කවදාවත් හිතන්නෙ නෑ. ඔහු හිතන්නෙ ඔහු ප්‍රභූවරයෙක්‌ කියලයි. ඇත්තවශයෙන්ම මොවුන් ප්‍රභූ හොරු. ළමයි ලොකු ඉස්‌කෝලවලට දාගෙන නෝනගෙ කරේ රත්තරං මාල ටිකක්‌ එල්ලගෙන පැජරෝ මොන්ටෙරෝ වැනි වාහනයකින් යන එන කොට කොයිතරම් ජනතා මුදල් මංකොල්ල කන දේශපාලකයකුට වුණත් සමාජය තුළ ප්‍රභූවරයෙක්‌ වගේ පෙනී ඉන්න අද පුළුවන් වෙලා තියෙනව. අද බොහෝ දෙනෙකුට දේශපාලන බලය අතාරින්න බැරි මේ නිසයි. ජනතා මුදල් නිසා ප්‍රභූවරු වුණු මේ අයට මේ ප්‍රභූත්වය රැකගන්න දේශපාලනය නැතුව බෑ.

    අතීතයේ දේශපාලනය වෙනුවෙන් සියලු දේ කැප කළ නායකයනුත් අපේ රටේ සිටියා. නමුත් අද අපේ රටේ සිටින ඔබ කියන මේ ප්‍රභූ හොරුන්ට තම හොරකම රිසි සේ කරගෙන යන්න ඉඩ ලැබිල තියෙනව. නමුත් ඉන්දියාවේ අධිකරණය ඒ සම්බන්ධයෙන් ආදර්ශමත් පියවරක්‌ තබා තිබෙනව නේද?

    ප්‍රභූ හොරුන් ජනතාවගේ මුදල් මංකොල්ලකෑම නතර කරන්න පුළුවන් ක්‍රම දෙකක්‌ තිබෙනවා. එකක්‌ නීතියෙන්. අනෙක ජනතාව විසින් මේවා ගැන සොයා බලා මේ හොරු දේශපාලන භූමියෙන් තුරන් කිරීම. නමුත් ලෝකයේ බොහෝ රටවල මේ දෙකම වෙන්නෙ නෑ. බටහිර ලෝකයේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක්‌ තියෙන, දියුණු මහජන මතයක්‌ තියෙන රටවල ජනතා සහභාගිත්වයෙන් මේ තත්ත්වයන් පාලනය කර තිබෙනව. ඒ රටවල නීතියෙන් සහ ජනමාධ්‍ය තුළින් මෙබඳු තත්ත්වයන් සාර්ථකව මැඬපවත්වල තියෙනව. මේ ප්‍රභූ හොරුන්ට දඬුවම් දිය හැක්‌කේ නීතියේ අධිපතිත්වය හා අධිකරණයේ ස්‌වාධීනත්වය තිබෙන සහ නිර්භයව තීරණ ගත හැකි විනිසුරුවන් සිටින රටකට පමණයි. මහජන මුදල් මංකොල්ලකෑ තම රටේ විශාල ප්‍රාන්තයක මහඇමතිවරියට එරෙහිව පියවර ගන්න ඉන්දියාවට පුළුවන් වුණේ ඊට අවශ්‍ය නීතියේ අධිපතිත්වයත් ස්‌වාධීන අධිකරණයකුත් නිර්භය විනිසුරුවරුත් ඉන්දියාවේ සිටි නිසයි. තමිල්නාඩු මහඇමතිනිය කොතරම් බලවත් කෙනකු වුවත් නීතියේ ප්‍රතිපාදන තම හෘද සාක්‌ෂියට එකඟව නිර්භයව ක්‍රියාවේ යෙදවීමට එම විනිසුරුවරයාට ශක්‌තියක්‌ තිබූ නිසා ජනතාවට යුක්‌තිය ඉෂ්ට වුණා.

    තමිල්නාඩු මහඇමතිsනිය අත්අඩංගුවට පත්ව සිරමැදිරියට ගියත් අපේ රටේ චෝදනාවකට අත්අඩංගුවට ගන්නා දේශපාලකයින් නම් යන්නෙ සිරමැදිරියට නොවෙයි රෝහලටයි. අත්අඩංගුවට ගන්නා සැනින් ඔවුන් රෝගීන් බවට පත්වෙනවා. මෙයින් පෙනෙන්නේ අද අපේ රටේ දේශපාලන බලය නීතියටත් ඉහළින් නීතිය වසාගෙන සිටින කඩතුරාවක්‌ වී ඇති බවද?

    අපේ රටේ දේශපාලකයන්ට වැරදි කරන්න නීතියෙන් ඉඩදීල තියෙනව. නීතියෙන් ඒ වැරදි ආවරණය කරනව. මන්ත්‍රීවරයකුගෙන් ප්‍රශ්න කරන්න කථානායකගෙන් අවසර ගන්න ඕන. අද දේශපාලකයින්ට එරෙහිව මොනතරම් අල්ලස්‌ සහ දූෂණ චෝදනා එල්ල වෙනවද? ඒවා විභාග කරල දඬුවම් ලබාදීල තියෙන්නෙ කාටද? ජයලලිතට එරෙහිව සුබ්‍රමනියම් සාමි ඉදිරියට ආවා වගේ මේ ප්‍රභූ හොරුන්ට එරෙහිව අපේ රටේ සිවිල් සමාජයේ කිසිවෙක්‌ ඉදිරිපත් වෙන්නෙ නෑ. යම් දේශපාලකයෙක්‌ අත්අඩංගුවට පත්වුණොත් ඔහු තම දේශපාලන බලය යොදාගෙන නීතිය අවනීතිය බවට පත්කරනව. අපේ රටේ අත්අඩංගුවට පත්වෙන දේශපාලකයො සිරභාරයට නොගොස්‌ රෝහල් ගතවෙන්නෙ ඒ නිසයි. මේවා නීතියෙ තිබෙන අඩුපාඩුවලටත් වඩා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තිබෙන අඩුපාඩුයි. අද අපේ රටේ බොහෝ තැන්වල නීතිය සීමා වී තිබෙන්නෙ පොතට විතරයි. එයට සැලකීමක්‌ නෑ. අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ දුප්පතාට පමණයි. දුබලයාට පමණයි. ඒ නීතියම පොහොසතාට බලවතාට ක්‍රියාත්මක වෙන්නෙ වෙනත් විදිහකටයි. මේක ඇතිකරල තියෙන්නෙ අපේ රටේ දේශපාලකයො. මහ පාරක යනඑන සාමාන්‍ය ජනතාව පවා මේ දේශපාලකයින් නිසා අද මොනතරම් පීඩාවකට පත්වෙනවද? ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා ජනතාවගෙ බදු මුදලින් නඩත්තු වෙන දේශපාලකයො පාරෙ යන විට ජනතාවට කාණුවට බහින්න අද සිද්ධවෙලා තියෙනව. මොනතරම් වැඩවසම් යුගයකටද මේ දේශපාලකයො අද මේ රට ගෙනත් තියෙන්නෙ. මේ වැඩිදෙනා දේශපාලනය කියන වචනෙ තේරුමවත් දන්න අයද? රාජ්‍ය ප්‍රතිපත්ති කියන වචනෙ තේරුම දන්න, රාජ්‍ය ප්‍රතිපත්තිවල ඉලක්‌ක මොනවද කියල දන්න කීයෙන් කීදෙනා ද අද පාර්ලිමේන්තුවෙ ඉන්නෙ? හරි අධ්‍යාපනයක්‌, පාරම්පරික දැනුමක්‌ හෝ ධනයක්‌ නැති මේ වැඩිදෙනෙක්‌ පුස්‌සො. සමහරු පාදඩයො. දේශපාලනයට එන වැඩිදෙනා හිස්‌ මිනිස්‌සු නැතිනම් පුස්‌සො, පාදඩයො වෙනකොට ඒ රට චෞර රාජ්‍යයක්‌ බවට පත්වෙනව. රටක්‌ ඒ තත්ත්වයට පත්වුණොත් ඉන්පසු ඒ රට ගලවාගත හැක්‌කේ සිවිල් සමාජය ශක්‌තිමත් වුණොත් පමණයි. දුෂ්ට, පුහු දේශපාලනයෙන් රටක්‌ මුදවා ගැනීමට ජනමාධ්‍යටත් විශාල කාර්යභාරයක්‌ තිබෙනවා. නමුත් ජනමාධ්‍යයත් ඒ චෞර රාජ්‍යයේම කොටසක්‌ බවට පත්වුවොත් ඒ රට ප්‍රභූ චෞරයන්ගේ රටක්‌ බවට පත්වීම වළක්‌වන්න බෑ. නමුත් එ සම්බන්ධයෙන් ඉන්දියාව මුළු ලෝකයටම ආදර්ශයක්‌ සපයා දී තිබෙනවා. ඉන්දියාව ස්‌වාධීන අධිකරණයක්‌ ඇති රටක්‌ බව ලෝකයටම ඔප්පු කර තිබෙනවා.

    අපේ රටේ මැතිවරණයක්‌ ආසන්න වන විට දේශපාලකයින් මොනතරම් මුදල් කන්දරාවක්‌ ජනතාවට බෙදා දෙනවද? මේ මුදල් ඔවුන් ඉපයූවේ කොහොමද? මොවුන් කෝටි ගණන් වටිනා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් හිමිකරගන්නට තරම් ධනවතුන් වූවේ කෙසේද? මින් පෙනෙන්නේ ජයලලිතලා සියගණනින් අද අපේ රටේ සිටින බවයි. රටේ නීතිය ක්‍රියාත්මක වීමේ ඇති දුබලතා නිසා ඔවුන් මහජන මුදල් ගිලිමින් යෙහෙන් වැජඹෙන බවයි.

    සාකච්ඡා කළේ
    පාලිත සේනානායක

    avatar
    jonta999


    Posts : 108
    Join date : 2014-02-23
    Location : MaRkEt

    For your knowledge/reading. Empty Re: For your knowledge/reading.

    Post by jonta999 Sun Oct 05, 2014 9:36 pm

    Wonder when will this corruption end in SL?
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    For your knowledge/reading. Empty Re: For your knowledge/reading.

    Post by chinwi Sun Oct 05, 2014 10:33 pm

    තමිල්නාඩු මහඇමතිනිය කොතරම් බලවත් කෙනකු වුවත් නීතියේ ප්‍රතිපාදන තම හෘද සාක්‌ෂියට එකඟව නිර්භයව ක්‍රියාවේ යෙදවීමට එම විනිසුරුවරයාට ශක්‌තියක්‌ තිබූ නිසා ජනතාවට යුක්‌තිය ඉෂ්ට වුණා.


    අපේ රට හා ඉන් දියාවේ වෙනස පෙන්වන්න දැන් කවුරුත් පැනල දක්වන මේ කාරනේ දී නොකිය වෙන හයිලයිට් නොවන (හෝ හිතා මතා නොකියන​) දෙයක් තියෙනව​.

    එය නම්, මේ හිර දඬුවම් ලැබුනේ මීට දශක 2 කටත් වඩා එහා 1991 - 96 ජයලලිතා පාලන සමයේ දී කරපු වැරැද්දකට යන්න ​ය.
    1994 දී එනම් මීට වසර 20 කට ඉහත ඇයගේ පාලනය යටතේ සිදුවන වංචා ගැන මහත් ප්‍රසිද්ධියක් ලැබුනි. ඉන් වසරකට පසු ඇගේ පලන කාලය තුලදීම ඇයගේ මේ වංචා ගැන නඩු දැමුනි. ඇගේ සන්තකයේ තිබී රිදී කිලෝ 800 ක්, රත්තරන් කිලෝ 28 ක්, සපත්තු 750 ක්, සාරි 10,500 ක් ආදිය පොලිසිය විසින් සොයා  ගැනිනි.

    එතැන් සිට  වසර 19 ක් තිස්සේ කල් යමින් ඇදි ඇදී ගිය නඩු ඇසීමකින් පසුව තමයි මේ තීන් දුව ලැබුනේ.

    එය අද ලංකාව හා ඉන් දියාව ගලපන්න යොදා ගැනීම කෙතරම් සාර්ථක දැයි නොතේරේ.
    තව වසර 20 කින් මේ රටේ මොනවා වෙයි දැයි අප නොදන්නා බැවිනි. !


    එමෙන් ම විනිසුරු තුමාගේ ශක්තිය ගැන කරන සඳහන ද නියම තත්තවය නොදැන ලියන හිතලුවකි.
    මෙම නඩුවට බලගතු  ජයලලිතා ගෙ බලපෑම අවම කිරීම සඳහා තමිල්නාඩු අදිකරණයෙන් එය ඉවත් කර සිද්දරාමයියා මහ ඇමති කම හොබවන  කර්ණාටක ප්‍රාන්තයට ගෙන යන ලදී.

    p.s

    අනිත් වැදගත්ම කාරනය වන්නේ මේ නඩුව හා විමර්ශනය ඇර්ඹීම සඳහා නඩු හා පෙත්සම් කාර්‍යයේ නිරත වූයේ විපක්‍ෂ දේශපාලනඥ සුබ්‍රමනියම් ස්වාමි ය​. ඔහු කල ලෙස නිවැරදි තොරතුරු හා ක්‍රමවේදයන් සහිතව අපේ එවැනි දෙයක් කරන විපක්ශයක් කුමන හෝ රජයකට විරුද්ධව බිහි වේ ද​? කාගෙ කාගෙත් කිල්ලොට වල තියෙන හුණු නිසා කවුරුත් ඉන්නෙ ජාම බේර ගෙන​.
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    For your knowledge/reading. Empty Re: For your knowledge/reading.

    Post by nihal123 Mon Oct 06, 2014 6:20 am

    Thanks Nuinth
    avatar
    chinwi
    Top contributor
    Top contributor


    Posts : 999
    Join date : 2014-02-23

    For your knowledge/reading. Empty Re: For your knowledge/reading.

    Post by chinwi Mon Oct 06, 2014 7:40 am

    chinwi wrote: අපේ එවැනි දෙයක් කරන විපක්ශයක් කුමන හෝ රජයකට විරුද්ධව බිහි වේ ද​? කාගෙ කාගෙත් කිල්ලොට වල තියෙන හුණු නිසා කවුරුත් ඉන්නෙ ජාම බේර ගෙන​.

    උදාහරණයක් ලෙස,
    මේ දිනවල වේදිකා වල රෙජිමය වනසන්න මහ හයියෙන් උගුර කඩාගෙන බෙරිහන් දෙන විපක්‍ෂ උත්තමාවියන් දෙදෙනෙකුම, දෙයියෝ බුදුවන්න අප මහ රජතුමා ගේ කරුණා භරිත ආනුභාවය පහල කරගෙන සිය නාඹර පුත් රුවනක් හා නෑඹුල් දූ කුමරියක් අවසේස ජනතාවගේ පඩ කෙල්ලෙන් කොල්ලන් මැඬ දමා සුපිරිම දේශයන් හී ඉහල තානාන්තර වල දූත මෙහෙවරේ යොදවා ඇතැයි යන්න ප්‍රසිද්ධ රහසක් වී ඇත​.

    අපි හීන බලමු.
    avatar
    Nuinth
    Top contributor
    Top contributor


    Posts : 555
    Join date : 2014-02-28
    Location : Universe

    For your knowledge/reading. Empty Re: For your knowledge/reading.

    Post by Nuinth Sat Oct 18, 2014 12:07 pm

    From Lakbima, online edition.

    රස නහර පිනවමින් මරු කැටුව පැමිණෙන කොත්තු, පරාටා සහ ෆ්‍රයිඩ් රයිස්

    (ශ්‍රියානි විජේසිංහ)

    පහසුවට හෝ කටට රස ගැන හිතා බලා ඔබ කොත්තු,පරාටා හා ෆ්‍රයිඩ් රයිස් ආහාරයක් වශයෙන් ගන්නට පුරුදු වී සිටින්නෙකු නම් ඉතා පැහැදිලිව මේ ගැනද දැනගත යුතුය. එනම් මේ ආහාර තෘෂ්ණාව පසුපස නම් හෘද රෝග මාරයාද ළඟ ළඟම ඔබ සොයා පැමිණෙන බවය.
    අද නාගරික ජනතාවගේ කාර්යබහුල ජීවන රටාවත් සමග ඔවුන්ගේ ආහාර වේලද වෙනස්ව ගොසිනි. විශේෂයෙන්ම රාත්‍රී ආහාර රටාව කොත්තු, පරාට, ෆ්‍රයිඩ් රයිස් වැනි කෙටි කෑමවලට සීමාවී තිබේ. දවසේ මෙහෙවර නිමා කර නිවසට පැමිණෙන අතරතුර සයිවර් කඩ, චීන අවන්හල්, ආපනශාලා සහ ජංගම කෑම කඩවලට ගොඩවී රාත්‍රී ආහාරය සඳහා බොහෝ දෙනෙක් මෙවැනි කෙටි ආහාර මිලදී ගැනීමට පෙළඹී සිටිති.
    නමුත් කුසගින්න නිවා ගැනීමට යැයි සිතා ඔබ මිලදී ගන්නේ ආහාර වේල සමග කෑම කඩ හිමියාගෙන් ඔබට හිමි වන්නේ හෘදයාබාධ ඇතුළු රෝගාබාධ ගොන්නක් බව ඔබ නොදන්නවා විය හැකිය.
    කඩහිමියා මෙන්ම පාරිභෝගිකයාද, මෙම ජීවන රටාව වෙනස් කිරීමට කැමති නැත. මේ තත්ත්වය වෙනස් කිරීමට පාරිභෝගිකයාට නොහැකි වී ඇත්තේ රාත්‍රියට නිසි ආහාරවේලක් ලබා ගැනීමට මිනිසුන්ට තැනක් නොමැති වීම නිසාය. රාත්‍රියට ඇත්තේ සයිවර් කඩවල් පමණි. ඒ නිසා ඔවුහු කැමැත්තෙන් මෙන්ම අකමැත්තෙන්ද වස විස කති. කඩහිමියාද වැඩි ලාභයක් හා පහසුවක් ලබාගැනීම පිණිස ජනතාවට ඒවා විකුණති. විශේෂයෙන්ම නාගරික ජනතාවගෙන් බහුතරයක් රාත්‍රී ආහාර වේල සපයා ගනු ලබන්නේ මෙම කෑම කඩවල් හරහාය. මේ වන විට නාගරික ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් ස්ථූලභාවයෙන් , දියවැඩියාවෙන්, අධිරුධිර පීඩනයෙන් හා හෘදයාබාධ, රුධිරගත කොලෙස්ටේ‍රාල්වලින් පෙළෙන්නට මූලික හේතුව වී ඇත්තේ මේ ආහාර රටාවයි.
    මේදය, රසකාරක, සීනි, ලුණු, අධික ලෙස ආහාරයට ගත් පුද්ගලයින්ගේ ශරීරයේ රුධිරගත ලිපිඩ සංයුතියේ පැහැදිලි වෙනසක් ඇති වී තිබෙන බව වෛද්‍යවරු පෙන්වා දෙති. මෙසේ රුධිරයේ අහිතකර මේද පැවතීම “ලිපිඩ ෆොප්‍රයිඩ්” යනුවෙන්ද හඳුන්්වනු ලබයි. මෙම ලිපිඩ සංයුතිය තුළ “ට්‍රයිග්ලිසරයිඩ්, එල්.ඩී.එල්, වී.එල්.ඩී., කොලෙස්ටේ‍රාල්” නමැති ශරීරයට අහිතකර මේද කොටස් වැඩි වශයෙන් පවතී. ඒ අනුව රාත්‍රී කෑම කඩවලින් දිනපතා ෆ්‍රයිඩ් රයිස්, කොත්තු හා පරාට වැනි ආහාර වර්ග ගන්නා පුද්ගලයින්ගේ රුධිර ගත අහිතකර මේද කොටස් වැඩිවීමට පටන් ගනී.
    රුධිරයේ මේද සංයුතියේ මෙම අහිතකර වෙනස් වීම රුධිර නාළවලට සෘජුවම බලපානු ලබයි. එය ඔබව බෝනොවන රෝග ගණනාවක් වෙත කැන්දගෙන යනු ලබයි.
    මිනිස් සිරුරේ සෑම අවයවයකටම රුධිරය සපයනුයේ රුධිර නාළ හරහාය. හෘද පේශී පටකයන්ට රුධිරය සපයන වෙනම රුධිර නාළ පද්ධතියක්ද තිබේ. අපගේ ශරීරයේ ලිපිඩ සංයුතියේ අහිතකර වෙනස්වීම රුධිර නාළවල ඇතුළත ආස්තරණය ඝනවීමට හේතුවේ. මෙය “ඇතරෝස් ස්කේලෙරෝසිස්” නැමති තත්ත්වය ලෙස හඳුන්වනු ලබයි. මෙම තත්ත්වය හෘද පේශීවලට රුධිරය සපයන රුධිර නාළවලට පමණක් නොව ශරීරය පුරාම පිහිටි රුධිර නාළවලට බලපාන තත්ත්වයකි.
    මෙසේ රුධිර නාළ ආස්තරණය ඝන වීම රුධිරයේ කැටි ඇති වීමට හේතුවක් වේ. හෘදයට රුධිරය සපයන නාළ පද්ධතිය ඇතුළත ආස්තරණය මෙසේ ඝනවීම හේතුවෙන් පෙර කී රුධිර කැටි එහි හිරවීමට ඉඩ තිබේ. මෙසේ රුධිර කැටි හිරවීමෙන් හෘද පේශීවලට අවශ්‍ය තරම් රුධිරය නොලැබේ. මෙවිට එම හෘද පේශී මිය යනු ලැබේ. “හෘදයාබාධයක්” යනුවෙන් අපි හඳුන්වන්නේ මෙම තත්ත්වයයි.
    හෘදයාබාධ හැරුණු කොට රුධිර නාළවල ඝන වීමද රුධිර පීඩනය ඉහළ දැමීමට හේතුවේ. රුධිර පීඩනය හෙවත් පේ‍රෂර් එක ඇතිවීමටද මෙම රුධිර නාළ ඇතුළත බිත්තිය ඝනවීම හෙවත් “ඇතරෝස් ස්කේලෙරොසිස්” නැමති තත්ත්වය හේතු වේ. රුධිර නාළ හරහා රුධිරය ගමන් කිරීමේදී නාළ බිත්ති ඝනව තිබිමෙන් ඒ තුළ ඇති කරන පීඩනය වැඩි වේ. මෙසේ රුධිර නාළ තුළ ඇති වන පීඩනය “පේ‍රෂර්” එක යනුවෙන් හඳුන්වනු ලබයි.
    මෙම ආහාර වර්ග තුනම නිෂ්පාදනය කරන්නේ පාන් පිටි වලිනි. මේවා දියවැඩියා රෝගය ඇති කිරීමට හා උත්සන්න කිරීමට හේතු වෙන බවද නොරහසකි. එපමණක් නොව මෙම ආහාර සමග ඉස්සන්, ‍පොකිරිස්සන්, දැල්ලන්, කූනිස්සන් වැනි කළපු ආශ්‍රිත මත්ස්‍ය වර්ග කරියක් ලෙස සකස් කර ආහාරයන් ගතහොත් ශරීරයේ කොලෙස්ටේ‍රාල් ප්‍රමාණය ඉහළ යනු ඇත. බොහෝ විට මෙම ආහාර සමග ඒවාද විකුණන බව අපි දනිමු. එපමණක් නොව කොත්තු සෑදීම සඳහා බිත්තර යොදා ගන්නා බැවින් එහි කහ මදයේ ඇති ඉහළ සංයුතියක් සහිත කොලෙස්ටේ‍රාල් විසින් ද තත්ත්වය තවත් බරපතළ කරනු ඇත.
    සාමාන්‍යයෙන් මිනිසුන්ගේ අක්මාව තුළ සිරුරට අවශ්‍ය කොලෙස්ටේ‍රාල්නිෂ්පාදනය කරනු ලබයි. මෙසේ නිෂ්පාදනය කරනු ලබන කොලෙස්ටේ‍රාල්වලට අමතරව අපි පිටතින් ගන්නා ආහාර මගින්ද විශාල වශයෙන් කොලෙස්ටේ‍රාල් ශරීරයට ඇතුළු කරනු ලබන්නෙමු. ඉහත අප දැක්වූ තත්ත්වය ගැන සලකා බලන කළ මෙය අපේ ජීවන පැවැත්මට කොතරම් නම් අහිතකර වන්නේද යන්න පිළිබඳව තේරුම් ගැනීම අපහසු නොවේ.
    කොත්තු ,පරාටා සහ ෆ්‍රයිඩ් රයිස් ගැන තවදුරටත් විමසා බලන්නේ නම් මෙම ආහාරවලට එකතු වන ලුණු ප්‍රමාණය ඉතා විශාල බව මූලිකව දැකිය හැකි කරුණකි. අපි ආහාරය සඳහා එකතු කර ගන්නා අධික ලුණු ප්‍රමාණය රුධිර පීඩනය මෙන්ම හෘදයාබාධ ඇති කිරීමට හේතු වෙනු ඇත. අධික ලුණු ප්‍රමාණයක් දේහ ගතවීම හේතුවෙන් රුධිරයේ වූ තරල ප්‍රමාණය ඉහළ දැමෙන අතර එමගින්ද රුධිර පීඩනයද වැඩි වේ.
    ඒ හැර ආහාර රස කර ගැනීමට භාවිතා කරන “මොනසෝඩියම් ග්ලුටමේට්” නැමති රසකාරකය රුධිර පීඩනය පමණක් නොව ස්නායු ආබාධ ඇති කිරීමටද හේතු වේ. මෙහි ඇති “සෝඩියම්” මගින් රුධිරගත තරල ප්‍රමාණය වැඩි කරවයි. මෙය රුධිර පීඩනය වැඩි කිරීමට හේතු වේ. මෙම රසකාරකයේ අන්තර්ගත “ග්ලුටමේට්” මිනිසාගේ ස්නායු පද්ධතිය ආක්‍රමණය කිරීමට හේතුවේ.
    චීන කෑම සහිත අවන්හලකින් ආහාර ගැනීමෙන් පසු ඒ හැම කෙනෙකුටම වාගේ අධික තිබහක් හා හිසරදයක් දැනෙන බව මේ වන විටත් වෛද්‍යවරු විසින් නිරීක්ෂණය කර තිබේ. එයට ප්‍රධාන හේතුව වන්නේ එහි පිළියෙළ කරන ආහාරවලට “සෝඩියම් ග්ලුටමේට්” නැමති රසකාරකය විශාල වශයෙන් යෙදවීමයි.
    කඩ කෑමට පුරුදුව සිටින අප මිලදී ගන්නා ආහාර බොහෝ විට පිළියෙළ කරනු ලබන්නේ ගැඹුරු තෙ‍ලේ බැද ගැනීමෙනි. නමුත් ගැඹුරු තෙ‍ලේ බැදගන්නා ආහාර පිළිිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු කාලය දැන් එළඹ ඇත. මන්දයත් එක්වරක් භාවිතයට ගත් තෙල් නැවත නැවත ආහාර බැද ගැනීමට කිසි විටෙකත් භාවිතා නොකළ යුතු බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බැවිනි. නමුත් ඔබ මිලට ගන්නා විවිධ ආහාර වර්ග කීප වාරයක් තාච්චියේ තෙල් හිස්වන තුරුම බඳින ලද ඒවා බව ඔබ නොදන්නවා විය හැකිය.
    තෙල් කීප වරක් රත් කිරීමේදී එහි අන්තර්ගත “සිස්” නැමැති ස්වභාවය “ට්‍රාන්ස්” නැමති තත්ත්වය බවට පත්වේ. මෙය ශරීරයට කොහෙත්ම අවශ්‍ය නොවන මේදයකි. මෙම ට්‍රාන්ස් මේදය රුධිර නාළ බිත්ති හානියට පත් කිරීම හා ෙසෙල විනාශ කිරීමට මූලික වෙයි.
    දරුවන්ට බදින ලද අලපෙති, කට්ලට්ස්, රෝල්, පැටිස් වැනි ආහාර ලබා දීමට අද බොහෝ දෙමව්පියෝ පෙළඹී සිටිති. නමුත් එවැනි ආහාර දරුවාට ලබා දීමෙන් ඔවුන් විසින් තම දරුවාට කරනු ලබන්නේ මාරක අනතුරක් බව ඔවුන් නොදන්නවා ඇති. නමුත් ස්වාභාවික ‍පොල් තෙල්වල මෙම ට්‍රාන්ස් මේදය අන්තර්ගත වන්නෙ නම් එය ඉතා සුළු වශයෙනි. එම නිසා ඔබ ආහාර සඳහා තෙල් වර්ග භාවිතා කරන්නේ නම් එය ස්වාභාවික ‍පොල්තෙල්ම විය යුතුය.එය ඔබගේ මෙන්ම පවු‍ලේ සාමාජිකයන්ගේද ශරීරයට හිතකර වේ.
    එහෙත් මේ වන විට විවිධ ව්‍යාපාරිකයින් ‍පොල්තෙල් වෙනුවට ජනතාවට විවිධ කෘත්‍රිම තෙල් වර්ග සුදුසු බව අගවමින් අසත්‍ය පණිවුඩ ලබා දීමට පෙළඹී තිබේ. මෙම අසත්‍ය පණිවුඩ ද මිනිසුන් ලෙඩ ගොඩකට කැන්දාගෙන යාමට හේතු වී ඇත.
    උදෑසන පාසල් යන ඔබගේ දරුවාට ගේ ළඟට පැමිණෙන පාන් විකුණන වාහනවලින් විවිධ පිටි ආශ්‍රිත කෑම වර්ග ලබා දීමට ඔබ පෙළඹී සිටී. නමුත් අද දවසේ මෙවැනි බොහෝ බේකරි නිෂ්පාදනයන් සඳහා භාවිතා කරන “ලාඩ්” නැමැති මේදය ශරීරයට බෙහෙවින්ම අහිතකර බව ඔබ නොදන්නවා විය හැක. ඒ අනුව මෙවැනි ආහාර දරුවාට ලබා දීමද ඔබේ දරුවා කුඩා කාලයේ සිටම රෝග ගණනාවකට ගොදුරු කිරීමට වැඩිහිටි ඔබගේ දායකත්වය ලබාදීමකි.
    මේ ආකාරයට ශරීරය ලෙඩ කරවන ආහාර රටාවන්ට පුරුදු පුහුණු වූවා මදිවාට ජනතාව මේ වන විට ව්‍යායාමවලින් මිදීමද බරපතළ තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ඔවුන්ගේ ශරීරයට ඇතුළත් වන අධික මේදය දහනය කිරීමට අද දවසේ හැකියාවක් නොමැත. මන්ද අප මේ වන විට කය වෙහෙසා වැඩ කිරීම අත් හැර මනස පමණක් වෙහෙසා වැඩ කිරීම දක්වා අනුවර්ථනය වී සිටින බැවිනි.
    ඒ නිසා අඩුම වශයෙන් තමන්ගේ දරු පරපුර හෝ ෆ්‍රයිඩ්රයිස්, පරාට හා ගැඹුරු තෙ‍ලේ බැද ගන්නා ලද ආහාර රටාවෙන් මුදවා ගැනීමට දෙමව්පියන්, ගුරු භවතුන් ඇතුළු වැඩිහිටියන් ඉටා ගත්තොත් එය තම දරුවන්ට පමණක් නොව සමස්ත රට ජාතියටම කරනු ලබන මහඟු සත්කාරයයක් බව කිවයුතුව ඇත. මක්නිසාද යත් රටේ අනාගතය මේ ඔබේ ආදරණීය දරු පැටවුන් වන බැවිනි.


    KDDND
    KDDND
    Top contributor
    Top contributor


    Posts : 459
    Join date : 2014-02-23

    For your knowledge/reading. Empty Re: For your knowledge/reading.

    Post by KDDND Sat Oct 18, 2014 8:14 pm

    chinwi wrote:
    chinwi wrote: අපේ එවැනි දෙයක් කරන විපක්ශයක් කුමන හෝ රජයකට විරුද්ධව බිහි වේ ද​? කාගෙ කාගෙත් කිල්ලොට වල තියෙන හුණු නිසා කවුරුත් ඉන්නෙ ජාම බේර ගෙන​.

    උදාහරණයක් ලෙස,
    මේ දිනවල  වේදිකා වල රෙජිමය වනසන්න මහ හයියෙන් උගුර කඩාගෙන බෙරිහන් දෙන විපක්‍ෂ  උත්තමාවියන් දෙදෙනෙකුම, දෙයියෝ බුදුවන්න අප මහ රජතුමා ගේ කරුණා භරිත ආනුභාවය පහල කරගෙන  සිය නාඹර පුත් රුවනක් හා නෑඹුල් දූ කුමරියක් අවසේස ජනතාවගේ පඩ කෙල්ලෙන් කොල්ලන් මැඬ දමා සුපිරිම දේශයන් හී ඉහල තානාන්තර වල දූත මෙහෙවරේ යොදවා ඇතැයි යන්න ප්‍රසිද්ධ රහසක් වී ඇත​.

     අපි හීන බලමු.

    so they blame to "arsscharrye" from door....
    and they go to "arsscharrye" from back door to gain the benefit for their own kids....
    avatar
    Deegoda Gamage


    Posts : 203
    Join date : 2014-03-22

    For your knowledge/reading. Empty Re: For your knowledge/reading.

    Post by Deegoda Gamage Mon Oct 20, 2014 1:22 pm

    Above incident clearly indicate they also will do same thing

    You all know hoe they implement privatization program and What they did with Land reform lands

    So far they have not made any statement saying they will not repeat same and Investigate all allegations against ministers

    Why can't they do that ?
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    For your knowledge/reading. Empty Re: For your knowledge/reading.

    Post by serene Mon Oct 20, 2014 3:33 pm

    Thanks Nuinth for sharing of valuable articles.
    Keep it up mate.

      Current date/time is Sat Jul 27, 2024 1:35 pm