- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 44
Location : Horana
CSE NEWS+ 2022
April 23, 2022
කොළඹ කොටස් හුවමාරුවෙහි දෛනික කොටස් ගනුදෙනු අත්හිටුවීමක් සිදු වූ අවස්ථාවකදී, මෙතෙක් ක්‍රියාත්මක වූ ක්‍රමවේදය වෙනුවට ‘^වෙන්දේසි වාරයක් (Auction Session)‘ ලෙස නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කටයුතු යොදා ඇතැයි එම හුවමාරුවෙහි බලධාරීන් පවසයි.
කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරන ආකාරයට මෙම නව ක්‍රමවේදය වෙළෙඳ පොළ වෙත හඳුන්වාදීම ලබන අප්‍රේල් 25 වැනි සඳුදා ලෙස ක්‍රියාත්මක කිරිම සැලසුම වී තිබේ.
S&PSL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%කට, 7.5%කට සහ 10%කට වඩා පහත වැටුණු අවස්ථාවලදී, ස්වයංක්‍රීය පරිපථ කණ්ඩනයක් (circuit breakers) හරහා මෙලෙස දෛනික ගනුදෙනු අත්හිටුවීම සිදු වෙයි.
2020 අප්‍රේල් මාසයේදී කොළඹකොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව මගින් ගනු ලැබූ තීරණයකට අනුව මෙම පරිපථ කණ්ඩන ක්‍රමවේදය හඳුන්වාදීම සිදු විය.
මේ දක්වා පළමු පරිපථ කණ්ඩන අවස්ථාවකදී සිදු වූ හදිසි ගනුදෙනු අත්හිටුවීමේ අවස්ථාවකදී එහි ගනුදෙනු විනාඩි 30ක කාලයකට නැවැත්වීම සිදුවිය. එම කාලයේදී වෙළෙඳ පොළෙහි ස්වයංක්‍රීය වෙළෙඳ පද්ධතිය (ATS – Automated Trading Systems) වෙත අලුතින් ඇනවුම් ඉදිරිපත් කිරීම හෝ එහි දැනට ඇති ඇනවුම් සම්බන්ධයෙන් වෙනස්කම් සිදු කිරිම හෝ සිදු කළ නොහැකිය.
කෙසේ වෙතත් කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගන්නා ලද මෙම නවතම තීරණයට අනුව, මෙලෙස ස්වයංක්‍රියව සිදුවන පරිපථ කණ්ඩයක් හේතුවෙන් ගනුදෙනු අත්හිටුවූ අවස්ථාවකදී මෙම ස්වයංක්‍රීය වෙළෙඳ පද්ධතිය ක්‍රියාත්මක වී යළිත් සාමාන්‍ය ගනුදෙනු වාරය ආරම්භවන කාලසිමාව සඳහා අලුතින් %වෙන්දේසි වාරයක් (Auction Session) හඳුන්වාදීමක් සිදු වන බව පැවසෙයි.
ඒ අනුව මෙහිදී ක්‍රමවේද තුනක් යටතේ මෙම නව වෙන්දේසි වාරය හඳන්වාදීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බව කොළඹ කොටස් හුවමාරුව පවසයි.
ඒ අනුව පළමු පරිපථ කණ්ඩනය ක්‍රියාත්මක වන අවස්ථාවකදී, එනම් S&PSL20 දර්ශකය 5෴කින් අවප්‍රමාණය වන අවස්ථාවකදී වෙළෙඳ පොළ විනාඩි 5ක කාලයකට වසා දැමීමටත්, යළිත් සාමාන්‍ය ගනුදෙනු වාරය ආරම්භවීමට නියමිතව ඇති ඉතිරි විනාඩි 25ක කාලයේදී කොළඹ කොටස් හුවමාරුව මගින් එහි වෙන්දේසි වාරයක් ක්‍රියාත්මක කරනු ඇති බවත් සඳහන් වෙයි.
මෙම කාලයෙන් අනතුරුව වෙළෙඳ පොළ යළිත් සුපුරුදු පරිදි සාමාන්‍ය ගනුදෙනු වාරය වෙත යාම සිදු වෙයි.
මෙම වෙන්දේසි වාරය ක්‍රියාත්මක කාලසීමාවේදී ආයෝජකයන්ට නව ඇනවුම් ඉදිරිපත් කිරීම, අවලංගු කිරීම හෝ දැනට ඉදිරිපත් කර ඇති ඇනවුම් වෙත වෙනස්කම් සිදු කිරීම හෝ සිදු කළ හැකිය.
එසේම පළමු පරිපථ කණ්ඩනයෙන් පසුව යළිත් වරක් SPSL20 දර්ශකය තවත් 2.5%කින් අවප්‍රමාණය වූ අවස්ථාවකදී දෙවැනි පරිපථ කණ්ඩනය ක්‍රියාත්මක වී නැවතත් කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අත්හිටුවීම සිදු වෙයි.
ඒ අනුව එම අවස්ථාවේදීද විනාඩි 30 කාලයකට වෙළෙඳ පොළ වසා තැබෙන අතර, එහිදීද පළමු අවස්ථාවේදී හා සමානවම පියවර ගන්නා බවත් කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.
මේ අතර SPSL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව තවත් 2.5%කින් අවප්‍රමාණයවීමත් සමගින්ම (10%කින්) තෙවැනි පරිපථ කණ්ඩනය ක්‍රියාත්මක වන අතර, එවැනි අවස්ථාවකදී දිනය සඳහා ගනුදෙනු සම්පූර්ණයෙන්ම අත්හිටුවීම සිදු වෙයි. ඒ අනුව මෙම අවස්ථාවේදී කොළඹ කොටස් හුවමාරුව තවදුරටත් වෙන්දේසි වාරයක් හඳුන්වා නොදෙන බවත් එහි බලධාරීන් අවධාරණය කරයි.
මෙලෙස වෙන්දේසි වාරයක් ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඇනවුම් පොත දැකබලා ගත හැකි බවත්, මෙම වෙන්දේසි ක්‍රමවේදය (ඇල්ගොරිතමය) දෛනික වෙළෙඳ පොළ ගනුදෙනු විවෘත කිරීමට පෙරාතුව ක්‍රියාත්මක වෙන්දේසි විවෘත කිරීමේදී යොදා ගන්නා ක්‍රමවේදය හා සමාන වන බවත් සඳහන් වෙයි.
මේ අතර වෙළෙඳ පොළ ගනුදෙනු අත්හිටුවීමේ අවස්ථාවකදී එම වෙන්දේසි වාරය පැවැත්වෙන කාලය පිළිබඳව කොළඹ කොටස් හුවමාරුව මගින් ප්‍රකාශයට පත් කරනු ඇති බවත්, පෙර සිදුකරන දැනුම්දීමකට අනුව එම වෙන්දේසි කාලය වෙනස් කිරීමේ හැකියාවද කොළඹ කොටස් හුවමාරුව සතුව පවතින බවත් වැඩිදුරටත් සඳහන් වෙයි.
කිත්සිරි ද සිල්වා likes this post
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9656
Join date : 2014-02-23
Age : 65
Location : රජ්ගම
Re: CSE NEWS+ 2022
Stocks plunge to mark another losing week as investors brace for more aggressive Fed tightening
Auctions planned will not work if brokers are allocating extremely low buying powers.
Capital Trust Broker in difficulty?
Interesting questions to watch are will the market beat the 37 seconds record on opening on 25th April and when would the ASI drop below the 6000 mark again?
"Fortune favours brave" will not work in Sri Lanka.
We are only good for පනින්න පෙර සිතා බලනු.
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
ruwan326 likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 44
Location : Horana
Fitch Ratings මෙරට රක්ෂණ සමාගම් 8ක් ඍණාත්මක නිරීක්ෂණයක් සහිත ලෙස වර්ග කරයි
April 23, 2022
ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතයක් වන Fitch Ratings ශ්‍රී ලංකාවේ රක්ෂණ සමාගම් අටක් සඳහා වන ජාතික රක්ෂක මූල්‍ය ශක්තිමත් බව (IFS – National Insurer Financial Strength) ඍණාත්මක නිරීක්ෂණයක් (RNW – Rating Watch Negative) සහිත ශ්‍රේණිගත කිරීමක් ලෙස නම් කිරීමට කටයුතු යොදා ඇතැයි පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ භාර අරමුදල, එච්එන්බී ඇෂුවරන්ස් පීඑල්සී, එච්එන්බී ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී, කොන්ටිනන්ටල් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ්, සමූපකාර රක්ෂණ සමාගම සහ සණස සාමාන්‍ය රක්ෂණ සමාගම යන සමාගම් මෙලෙස Fitch Ratings හි ඍණාත්මක නිරීක්ෂණයක් යටතේ ශ්‍රේණිගත කෙරී ඇත.
විශේෂයෙන්ම මෙම රක්ෂණ සමාගම් සතු ණය සම්බන්ධයෙන් වන ආසන්න-කාලීන පසුබැසීම හේතුවක් කරගනිමින් මෙලෙස එම වර්ගීකරණය ලබාදී තිබේ. ඊට අමතරව ආයෝජන සහ ද්‍රවශීලතා අවදානම්, නියාමන ප්‍රාග්ධන මට්ටමේ පවතින පීඩනය මෙන්ම දුර්වල මූල්‍යමය කාර්යසාධනය පිළිබඳ පෙරදැක්ම යනාදී කාරණාද ඊට හේතුව බව Fitch Ratings ආයතනය පවසයි.
“ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය සම්බන්ධයෙන් සහ මූල්‍ය ආයතන කිහිපයක් සම්බන්ධයෙන් මෑතකදී නිකුත් කෙරුණු ඍණාත්මක වර්ගීකරණ ක්‍රියාදාමයන් හේතුවෙන් දේශීය රක්ෂණ සමාගම් වෙත සිදු කරන ආයෝජන පහත වැටීමේ අවස්ථාවක් පවතින බව ෆිච් රේටින්ග්ස් ආයතනය විශ්වාස කරනවා. මෙම සමාගම්හි ආයෝජන කළඹ මූලික වන්නේ රජය මගින් නිකුත් කළ හෝ වගකීම ගන්නා ස්ථාවර-ආදායම් සුරැකුම්පත් හරහා, දේශීය බැංකු සතු තැන්පතු සහ නිකුත් කරන සුරැකුම්පත් හරහා සහ බැංකු නොවන මූල්‍ය ආයතන සහ සමාගම් හරහායි. ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව වර්ගීකරණය මේ වනවිට CC සිට C දක්වා පහත හෙළීමටත්, බැංකු සමාගම් 14ක්ද මෙලෙසින්ම ඍණාත්මක නිරීක්ෂණයක් (RWN) දක්වා පහත හෙළීමටත් කටයුතු කර තිබෙනවා.“ යනුවෙන් ෆිච් රේටින්ග්ස් සමාගම සඳහන් කරයි.
කිත්සිරි ද සිල්වා likes this post
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 44
Location : Horana
Re: CSE NEWS+ 2022
May 20, 2022
කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) හි සභාපතිවරයා ලෙස කටයුතු කරන දුමිත් ප්‍රනාන්දු මහතා ලබන ජූනි 23 වැනිදා සිට එම ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව පවසයි. ඒ මහතා 2020 ජූලි 01 වැනිදා සිට කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
මෙලෙස ධුරයෙන් ඉවත්ව යන සභාපතිවරයා වෙනුවට නව සභාපතිවරයා ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන දිල්ෂාන් වීරසේකර මහතා නම් කිරිමට තීරණය වී තිබේ. ඊයේ (19දා) පැවැති කොළඹ කොටස් හුවමාරුවෙහි අධ්‍යක්ෂ මණ්ඩල මාසික හමුවේදී මෙම තෝරා ගැනීම සිදු කරගෙන තිබේ.
ඒ අනුව ලබන ජූනි 24 වැනිදා සිට බලාත්මක වන පරිදි දිල්ෂාන් වීරසේකර මහතා කොළඹ කොටස් හුවමාරුවෙහි නව සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි සඳහන් වෙයි. ඒ මහතා මේ වනවිට ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කරයි.
මෙලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි ක්‍රමවේදය අනුව එහි සභාපතිවරයා සඳහා අයෙකු තෝරා ගැනීමට එහි තේරීපත්ව සිටින අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පස් දෙනා අතරින් සිදු වෙයි. ඒ අනුව වීරසේකර මහතා පත් කරගැනීමට කොළඹ කොටස් හුවමාරුවෙහි සාමාන්‍ය අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම් ක්‍රමවේදය අනුව සිදු කෙරී ඇතැයිද කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.
- ruwan326
- Posts : 1744
Join date : 2016-09-29
Age : 44
Location : Horana
Re: CSE NEWS+ 2022
May 26, 2022
The Central Bank of Sri Lanka (CBSL) has decided to implement extraordinary measures to support the Banking Sector in the face of the current economic crisis.
The CBSL said considering the prevailing macroeconomic conditions and their impact on the banking sector, it has decided to implement the following regulatory measures to support the banking sector to facilitate effective financial intermediation and the flow of credit to the economy, whilst ensuring the soundness of the banking sector.
• Sri Lankan banking sector maintains a Capital Conservation Buffer (CCB) of 2.5% to ensure that banks have an additional layer of usable capital that can be drawn down during stress times. An industry wide flexibility is granted for banks to drawdown the CCB (up to 2.5%), if needed, subject to restrictions on distribution to shareholders/ repatriation of profits and submission of a capital augmentation plan to rebuild CCB during a period up to three years.
• The current deadline for licensed banks to meet the enhanced minimum capital requirement (31.12.2022) is extended up to 31.12.2023. Licensed banks which are unable to meet the minimum capital requirement by 31.12.2022, need to submit their capital augmentation plan, including plans to consolidate or merge with suitable financial institutions, by 31.12.2022 and these licensed banks too shall refrain from distribution of dividends/ repatriation of profits until the minimum capital requirement is met.
• Licensed banks are encouraged to move to approaches such as The Standardised Approach (TSA) or alternative TSA for computation of risk-weighted assets for operational risk for the purposes of computing the Capital Adequacy Ratio, subject to supervisory review.
• Licensed banks are given the flexibility to stagger the unrealized mark to market loss on Government Securities denominated in LKR on account of the recent interest rate hike for Capital Adequacy purposes until Q2 of 2024, subject to conditions.
• Licensed banks are granted flexibility on the treatment for Other Comprehensive Income (OCI) for Capital Adequacy purposes in line with the International Standards.
• The deadline for licensed banks to submit the document on the Internal Capital Adequacy Assessment Process (ICAAP) for 2022, to the Central Bank of Sri Lanka is extended by one month, until 30.06.2022.
• As a short-term measure to support licensed banks to adjust their liquidity profiles, licensed banks are provided with the flexibility to operate while maintaining the Liquidity Coverage Ratio (LCR) and Net Stable Funding Ratio (NSFR) not lower than 90% up to 30.09.2022.
Furthermore, the Central Bank of Sri Lanka, on 06 May 2022 decided to restrict certain discretionary payments of licensed banks, such as declaring cash dividends and repatriation of profits, until the financial statements for the year 2022 are audited by its External Auditor, engaging in share buy backs, increasing management allowances and payments to the Board of Directors until 31 December 2022 with a view to strengthening the liquidity and capital positions of licensed banks under these exceptional circumstances.
The CBSL said that the above measures were introduced with the aim of providing the licensed banks with more flexibility and opportunities to operate in these challenging conditions and support economic recovery, while taking measures to improve their safety and soundness.
The Central Bank of Sri Lanka will periodically review the implementation of these policy measures and expects licensed banks to avail these measures in the best interest of the customers and the economy at large, while supporting the banking sector to remain resilient. (NewsWire)