- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga
නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
වෙලාව ඇදිරිනිතිය දාන්න පැයක් විතර ඇති. කොටිටාව ආර්පිකො එක ඉස්සරහ ටිකටි විකුනන කටිටිය , කඩල කරත්ත, පාරෙ වැඩකරන අමිමලා , හදුන්කුරැ විකුණන අය , ලමයි වඩාගත්ත අමිමල, කටිටිය 15-20 අතර.
ආර්පිකො එක ඇතුලට එන සේරම ඒ අය දිහා බල බල එනවා ඇරෙන්න වෙන්නෙ මොකක්ද කියන එක තේරැන් ගන්න අමාරැයි. ඒත් ඒ ඇස් වල තියන කියාගන්න බැරි අසරනකම හැමොටම නොතේරැනා නෙවෙයි. මෙ අතර මට අවශ්‍ය බඩු අරගෙන කැෂියර් එකට ආවෙ මොන පොලිම කලින් යයිද කියන අදහසින්. එක පොලිමක 10ක්-12ක් සෙනග.
මෙ අතර trolley 5ක විතර බඩු පුරවගන ඉන්න මනුස්යෙක් දිහා බල බල කටිටිය එක එක්කෙනාට කියා ගන්නව මාසයක් ඇදිරිනිතිය දාලා වගේ , අනිත් මිනිසු කන්නෙ මුගෙ ගෙදර ගිහිල්ලද මෙහෙම trolley පිටින් අරගෙන , ඔයවගේ කතන්දර කනට ඇහෙනවා. පොලිමෙ ඉන්න මිනිස්සුත් බනිනව. බිල් කරන තැන ඒයාම බඩු බැග් වලට දදා මලු හදනව ඉන්න එවුන්ට විතරක් නෙවෙයි මටත් යකා නැග්ගා එ වැඩෙට. බිල ගෙවල දොරෙන් එලියට යනකල්ම මෙ මනුස්යට බැන්න සේරම එක තප්පරෙට බිම බලාගෙන ලැජ්ජාව හන්ග ගන්න හදන හැටි දැක්කහම මටත් ඒ දේම නොහිතුනා නෙවෙයි. වෙන දේ තේරැන් ගන්න කටිටියටම වැඩි වෙලා ගියෙ නැ මොකද ඒ සේරම බඩු අර එලියෙ හිටන් හිටපු එදා වෙල හමිබකරන් බඩගින්න නිවාගන්න අපේම මිනිස්සුන්ට දෙනකොට ඒ ඇස් වලින් දැක්ක හිනාවත් එක්ක වැටුන කදුලක දුක එතන හිටපු සේරමගේ ඇස් වලටද කදුලක් ගෙනාපු නිසා. මිනිස්සු අතර මෙවන් උතුමි මිනිසුන්ද නැතුවාම නෙවෙයි.
ඔහු කවුද කියල නමි දන්නෙ නැ ඒත් මගේ අයිය ඔහුගෙන් අවසර ඇතිව ගත්ත චායාරැපය මෙ සමග පල කරනවා.
.
.නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
උපුටා ගැනීමකි