- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
පූසගෙන් අහගන්නං....
5 hrs ·
පූසගෙන් අහගන්නං....
එක ගමක පුතෙක් විතරක් ඉන්න අම්ම කෙනෙක් හිටිය. තාත්තත් කලකට පෙර මිය ගිහින්. අවිවාහක පුතා කොළඹ රස්සාව කලේ. අම්මගෙ තනි නොතනියට හිටිය පූසෙක්.
අම්ම පූසට සැලකුවෙ දරුවෙකුට වගෙයි. ඒ හින්ද පූසත් හිටියෙ ගෙදර අයිතිකාරය වගෙයි. දන්නවනෙ එයාල ඉතිං ඉන්නෙ ලෝඩ් වගෙනෙ.
ඔහොම කලක් ගිහින් අම්ම පුතාට විවාහයක් කරල දුන්න. විවාහයෙන් පස්සෙ පුතා නෝනත් එක්ක ගෙදරම පදිංචි උනා. කැන්දන් අාපු ලේලි සත්තුන්ට වැඩිය කැමති නෑ. ඇවිල්ල ටික දවසකින් ලේලි පූසට විරුද්ධව මහත්තයට කනිපින්දං කියන්න ගත්ත,
"මොකද්ද අනේ මේ ජරා පූසෙක් ගෙයි දමාගෙන කරන විගඩම. ඇඳං උඩයි පුටු උඩයි හැම තැනම ලගිනව, කෑම බීම වලටත් හොස්ස දානව... මටනං කැතේ බෑ..."
"ඔය අම්ම එයාව හුරතලේට හදල නේ.. අනේ එයාට නං මොකුත්ම කියන්න එපා අම්මගෙ හිත රිදෙයි..."
"අනේ මට නං බෑ මෙහෙම ජරාවත් එක්ක ජීවත් වෙන්න.. ඔයයි අම්මයි පූසත් එක්ක ඕන දෙයක් කරගන්න. මම යනව ගෙදර යන්න..."
වැඩේ ටිකෙන්ටික බරපතල වුන නිසා පුතා කල්පනා කලා අමිමටත් නොකිය පූසව කොහෙට හරි ගෙනිහිං දාන්න. දවසක් වැඩට යනගමං පූසත් වාහනේ දාගෙන ගිහිං හැතම්ම දෙකතුනක් එපිටින් පූස බස්සවල වැඩට ගියා.
හවස ගෙදර එනකොට නෝනගෙ කරච්චලේ නැවතිල ඇති කියල හිතුවත් සිද්ද වෙලා තිබුනෙ වෙනස් දෙයක්. ගෙට ගොඩ වෙනකොට පූස ලැගල ඉන්නවලු සෙටියෙ. පූසොන්ගෙ හැටි ඉතිං එහෙමනෙ. කීප සැරයක්ම ඔය විදියට කෙරුවත් මිනිහට ඉස්සෙල්ල පූස ගෙදරලු.
අන්තිමට ලේලි කියනවලු පුතාට,
"ඕක හරියන්නෙ නෑ. ඔයා සෙනසුරාදාට පූසගෙ ඇස් දෙක බැඳල කාර් එකේ දාගෙන ගිහින් අපේ ගමේ තියෙන කැලේ මැදට අරං ගිහිං, පාර හොයාගන්න බැරි වෙනකල් කැලේ ඇතුලෙ එහාට මෙහාට අරං ඇවිදල , ඌව කැලේ අතරමං කරල දාල එන්න"
මහත්තය නෝන කියපු විදියටම කලා. පූසගෙ ඇස් බැඳල උදේම කැලේට ඇතුල් වෙලා දවල් වෙනකල්ම කැලේ ඇතුලෙ එක එක පැත්තට පූසව අරං ගිහිල්ල කැලේ මැදදි අතෑරල දැම්ම. එහෙම කරල සැනසුම් සුසුමක් හෙලල ගෙදර එන්න ආව. මොන ඒමක්ද? පූස කෙසේ වෙතත් මහත්තය වල්මත් උනා.
ඉර හැරෙනකල්ම කැලේ ඇවිද්දත් මිනිහට පාර හොයාගන්න බැරි උනා. නෝන බලං ඉඳල ඉඳල බැරිම තැන කෝල් එකක් දුන්න මිනිහගෙ මොබයිල් එකට,
"කොහෙද අනේ ඔයා ඉන්නෙ? උදේ ගියපු ගමං නේද? ගෙදර එන්න එහෙම අදහසක් නැද්ද?
"ගෙදර එන්න? ගෙදර එන්නෙ කොහොමද ඕයි තමුසෙග ගොං උපදෙස් පිලිපදින්න ගිහිං මම මේ කැලේ අතරමං වෙලා. අර පූසත් අරං මම උදේම කැලේට රිංගල, ඌ අතරමං වෙනකල් කැලේ පුරා ඇවිදල, ඌව අතෑරල ගෙදර එන්න බලනකොට මට පාර හොයාගන්න බෑ. "
" ඉතිං පූස අතරමං උනාද?"
"නැත්තං... ඌ නං ආයෙ ගෙදර එන එකක් නෑ. ඌට විතරක් නෙවෙයි තමුසෙ කියපු මෝඩ වැඩ කරන්න ගිහිං මටත් දැං පාර හොයාගන්න බැරුවයි ඉන්නෙ."
"බොරු නොකිය ඉන්න අනේ... ඔයා වෙන කොහෙද ගිහිල්ල තව බොරුත් කියනව.."
"කට තිබුන පලියට කියවන්න එපා ගෑනියෙ. දැං රෑ වෙලත් මම මේ කැලේ හිටියොත් මාව කැලේ සත්තුන්ටත් අහුවෙයි."
"ඔයා පූස කැලේ අතරමං කෙරුවනං කොහොමද ඌ මේ සැටියෙ නිදාගෙන ඉන්නෙ..."
"මොකක්.... උගෙ අම්මගෙ පූසෙක්නෙ ඌ. ඇත්තටම ඌ ගෙදර ඉන්නවද?"
"මේ ඉන්නෙ මෙතන..."
"පූස ඔතන ඉන්නවනං ඔන්න ඔය ෆෝන් එක පූසට දෙනව, මට ගෙදර එන්න පාර අහගන්න.."
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22