ශ්‍රී ලංකාවේ ආර්ථිකය මත පැටවී තිබෙන අධික බදු බර හේතුවෙන් 2019 දෙවන කාර්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මෙරට ආයෝජන සියයට 8 කින් හා පරිභෝජනය සියයට 25 කින් පහත වැටී ඇතැයි මෙරට ප්‍රමුඛතම ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා පවසයි. ඊයේ (22) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී මහාචාර්යවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය කරුණාරත්න පැවසුවේ, පසුගිය වසර 4 පුරාවට අඛණ්ඩව මෙරට රාජ්‍ය වියදම වැඩි වී ඇති බවත්, මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගය ලබන රට බවට පරිවර්තනය වී ඇති බවත්ය. මෙම ක්‍රමයට තව අවුරුදු 5ක් ගියහොත් දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට ශ්‍රී ලංකාව පත්විය හැකි බව මහාචාර්යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේ දී මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.
අපි ඇතුළත් වෙමින් සිටින්නේ 2019 හතරවන කාර්තුවට. 2018 දෙවන කාර්තුව සහ 2019 දෙවන කාර්තුවේ සංඛ්‍යාලේඛන සන්සන්දනය කරලා පසුගිය මාසයේ අවසානයේ දී නිකුත් වුණා. මේ සංඛ්‍යාලේඛනයේ පැහැදිලිව තියෙනවා මේ රටේ ආයෝජන 8%කින් පහත වැටිලා තියෙනවා දෙවැනි කාර්තුවේ දී පමණක්. පාරිභෝජනය පහත වැටිලා තියෙනවා 25%කින්. පාරිභෝජනය පහත වැටෙන කොට, ආයෝජනය පහත වැටෙන කොට ආර්ථිකයක් ගෙනියන්නේ කොහොමද? මේකට මූලික හේතුව හැටියට අපි හඳුනාගන්නේ ආර්ථිකයට අධික බදු බරක් පටවලා, බදු මත බදු පනවලා තමයි පසුගිය අවුරුදු 4 ½ තුළ මේ රටේ ආර්ථිකය මෙහෙයවූයේ.
ඒකට කාරණා දෙකක් තියෙනවා. එකක් අපි දකිනවා සුදුසුකම් සහ පළපුරුද්ද සහති පුද්ගලයන් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයට මැදිහත් විය යුතුයි කියලා. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය මීට වඩා ආර්ථික විද්‍යාව පිළිබඳ උගත් සහ පළපුරුදු තියෙන අය ඒ සඳහා මැදිහත් විය යුතුයි.
දෙවැනි කරුණ තමයි බදු පිළිබඳව කතා කරන විට මේ රජය බලයට පත්වීමට පෙර හඳුන්වා දීලා තිබුණා බදු පරිපාලන තොරතුරු සංවිධානය කරන ක්‍රමයක්. අද තොරතුරු තාක්ෂණය අනුව තමයි බදු අය කිරීම පිළිබඳව බොහෝ රටවල් තීරණ ගන්නේ. සාමාන්‍යයෙන් රටක් දියුණු වෙන කොට අපි සලකලා බැලුවොත්, බදු ක්‍රමයේ හැසිරීම, ඉතා නොදියුණු අවස්ථාවේ දී ඕනෑම රටක බදු වැඩි වෙන්නේ ඉඩම් පදනම් කර ගෙන. ඊට පසු මධ්‍යම අවස්ථාවට එන විට මිනිසුන්ගේ ආදායම පදනම් කර ගෙන බදු අය කරනවා. ඉහළ සංවර්ධිත මට්ටමකට ගියාම තමයි වියදම මත පනවන බදුවලින් රටක් ගෙනියන්නේ.
ලංකාව අපේ පරිණාමනය අනුව, අපිට ආදායම මත පනවන බදු ක්‍රමයකට ලංකාවේ යන්න බැරි වුණා. ඒකට මූලික හේතුව හැටියට මා දකින්නේ බදු තොරතුරු ලංකාවේ ව්‍යූහගත කිරීම, සකස් කිරීම නිසියාකාරව ඉතිහාසයේ සිටම සිදුනොවුණු නිසා. අපේ රටේ තියෙන මූලික වැරැද්දක් තමයි 1948 සිට මේ දක්වා නිවැරදි දුප්පතා හඳුනාගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිවැරදි දුප්පතා හඳුනාගන්න බැරි වීම නිසා රටට විශාල වශයෙන් සම්පත් අහිමිව යනවා. ඒ නිසා මේ සඳහා පළපුරුද්ද සහ නිසි ඇගයීමක් තියෙන ආර්ථික විද්‍යාඥයන් එකතු වෙලා මේ ප්‍රතිපත්ති සකස් කළ යුතුව පවතිනවා.
අනෙක් කාරණය තමයි, වියදම මත බදු පැනවූ විට ආර්ථිකයක් හැකිළීම. ආර්ථික විද්‍යාවට අනුව බදු යනු ආර්ථිකයට සිදුවන කාන්දු වීමක්. මේ අවුරුද්දේ පාරිභෝජනය ගිය අවුරුද්දට වඩා 25%කින් පහත වැටිලා තියෙනවා. ලෝක බැංකුව නොබෝදා නිකුත් කළ වාර්තාවක පැහැදිලිව පෙන්නුම් කරලා තියෙනවා, ඉන්දියාවත් සමඟ සන්සන්දනය කරලා, අපි කොහෙද යන්නේ.
මම පසුගිය අවුරුදු 4 තුළම ඉදිරිපත් වූ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව බොහෝ විවේචනාත්මකව කතා කළේ මොකද, ඒක පටන් ගත්තේ දින 100 වැඩපිළිවෙල කියලා අසාර්ථකම ආර්ථික ප්‍රතිපත්ති ක්‍රමයකින්. රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කළ යුතුව තිබුණා, නමුත් මොනම හේතුවක් නිසාවත්, අපි රජයේ සේවයට වැටුප් වැඩි කරන කොට ඔවුන් පුරුදු කරලා ඵලදායීතාවය වැඩිකරන්න, ක්‍රමවේදයක් යෙදුවේ නැහැ. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ ඵලදායීතාවය වැඩිකරන්න පියවර ගැනීමේ අවශ්‍යතාවයක් මේ රටේ තියෙනවා.
ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කරලා මේ රාජ්‍ය ආයතනවලින් ආර්ථිකයට කරන එකතුව වැඩිකිරීමේ හැකියාවත් තිබෙනවා. කොහොම ගියත් අපි මේ රටේ වියදම කළමනාකරණය කරන ක්‍රමවේදයකට අනුව යන්න ඕනේ. විශාල වශයෙන්ම මේ වර්ෂය මැතිවරණ වර්ෂයක් කියලා, මැතිවරණ ඉලක්ක කරගනිමින්, විවිධ ව්‍යාපෘති හරහා රාජ්‍ය වියදම විශාල වශයෙන් වැඩිකරලා තිබෙන බව අපි සැම දෙනාම දන්නවා. පසුගිය අවුරුදු 4 පුරාම අඛණ්ඩව වැඩිවුණු දෙයක් තමයි රාජ්‍ය වියදම. රාජ්‍ය වියදම මේ විදියට වැඩිවන කොට මේ වියදම තියාගෙන ඇයි අපිට, වැට් බදු අඩු කරන්න බැරි කියලා අහනවා.
එකක් තමයි බදු කළමනාකරණයක් කරන්න ඕනේ. මීට කලින් 11%ක වැට් බද්දක් තියාගෙන අධිවේගී මාර්ග හැදුවා, යුද්ධ කෙරුවා. දැන් ඔය මොනවාත් නැතුව 15%ක බද්දක් ගහනවා. ඒ වගේම අපි දන්නවා ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල, එක බැරල් එකක් ඩොලර් 148 ට ගිය වෙලාවේ තමයි අපි පෙට්‍රල් සහ ඩීසල් ඒ මිලට දෙන්න පෙළඹුණේ. වර්තමානයේ දී ලෝක වෙළෙඳපොළේ මෑත කාලයේ දීත් ඉතා අඩු මට්ටමකට පෙට්‍රල් මිල වැටිලා තියෙන්නේ.
මේ කරුණු සලකලා බලන කොට අපිට තේරෙනවා පසුගිය අවුරුදු 4 තුළම එකින් එකට, එකින් එකට පැච් දමමින් තමයි මේ ආර්ථිකය ගෙනිච්චේ. අන්ඩ දම දමා තමයි ආර්ථිකය ගෙනිච්චේ. එක එක වෙලාවට ඉදිරිපත් වූ එකම ප්‍රතිපත්තියක්වත් ආර්ථිකය පිළිබඳ අඛණ්ඩ වර්ධනයකට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති නෙමෙයි, ඒවගේම අසාර්ථක ප්‍රතිපත්ති බවට පත්වුණා. අවසානයේ දී අපිට මොකද වුණේ, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගය ලබන එට බවට පරිවර්තනය වෙලා තිබෙනවා. මේ විදියට තව අවුරුදු 5ක් ගියොත් දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට පත්වන්නේ ශ්‍රී ලංකාව.
භාණ්ඩ හා සේවා මත පනවන බදු නිසා සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් පහත වැටුණා. සහරාන්ගේ හේතුවන මත පමණක් නොවෙයි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මේ වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 20%කට වඩා අඩුවීමක් සිදුවෙලා තියෙනවා. ඒකට හේතුවක් තමයි රටේ තියෙන භාණ්ඩ හා සේවවල මිල ගණන් වැඩිනම්, ඒ රටට සංචාරකයෝ එන්නේ නැහැ. ඒ නිසා වැට් බද්ද අඩු කිරීම කියන එක ඉතාම වැදගත් කාරණයක්. ඒක කරන්න පුළුවන් ආර්ථික විද්‍යාඥයෝ සංවිධානය වෙලා නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියකට රට මෙහෙයවීමෙන්.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?