- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
සංචාරක පැමිණීම ක්‍රමයෙන් යහපත් වන ලකුණු
සංචාරක පැමිණීම ක්‍රමයෙන් යහපත් වන ලකුණු
July, 4, 2019
මෙම වාර්තාවලට අනුව 2019 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 37,802 ක් ලෙසින් වාර්තා වන අතර එය 2018 මැයි මාසයේ හා සැසඳීමේ දී 70.8% ක පහළ යාමක් ලෙසින් සටහන් වේ.
කෙසේ වෙතත් මැයි මාසයේ දී විශාල වශයෙන් පහළ මට්ටමක පැවති විදෙස් සංචාරක පැමිණීම ජූනි මාසය වන විට ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වන ස්වභාවයක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව 2019 ජූනි මාසයේ දී 63,072 ක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර එය මැයි මාසය හා සැසඳීමේ දී 66.8% ක වර්ධනයකි.
2018 ජූනි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 146,828 ක් වන අතර පෙර වසරට සාපේක්ෂව මෙම වසරේ ජූනි මාසයේ දී සංචාරක පැමිණීමෙහි පහළ යාම 57% කි.
මෙම දත්තවලට අනුව 2019 මුල් මාස 06 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,008,449 කි. මෙය 2018 මුල් මාස 06 හා සැසඳීමේ දී 13.4% පහළ යාමක් ලෙසින් වාර්තා වේ.
- ruwan326
- Posts : 1629
Join date : 2016-09-29
Age : 42
Location : Horana
Re: සංචාරක පැමිණීම ක්‍රමයෙන් යහපත් වන ලකුණු




- sereneTop contributor
- Posts : 4849
Join date : 2014-02-26
Re: සංචාරක පැමිණීම ක්‍රමයෙන් යහපත් වන ලකුණු
Much needed boost.