- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 54
Location : Waga
විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
May, 27, 2019
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජනගහනය ආර්ථික කටයුතුවල දිගු කාලයක් නිරත කරවීම සඳහා, ක්රමික විශ්‍රාම ගැන්වීම (phased retirement), විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීම සහ කුසලතා වැඩි දියුණු කිරීම යනාදියට අදාළ ප්‍රතිපත්ති කි‍්‍රයාත්මක කළ යුතු බවයි.
මහ බැංකු වාර්තාව පවසන පරිදි පසුගිය වසර ගණනාව පුරා වයස් සංයුතියෙහි සිදුවන මෙම ව්‍යුහාත්මක වෙනස සඳහා අඩු මරණ අනුපාතික සහ ජාත්‍යන්තර ශ්‍රම සංක්‍රමණ ප්රවණතා හේතු වී ඇත.
මූලික වශයෙන් ඵලදායිතාව අඩුවීම, ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතිකය අඩුවීම, පරිභෝජන අනුපාතික අඩුවීම, ඉතුරු කිරීම් අඩුවීම, වයස්ගත යැපුම් අනුපාතය වැඩිවීම සහ සමාජ සුභසාධනය හා සෞඛ්‍ය සඳහා රජයේ වියදම් වැඩිවීම යන ආකාරවලින් වයස්ගත ජනගහන සංසිද්ධිය, ශී‍්‍ර ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි අභියෝගාත්මක බලපෑම් එල්ල කරනු ලබයි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 8818
Join date : 2014-02-23
Age : 63
Location : රජ්ගම
Re: විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates