2018 වසරේදී ශ්‍රී ලංකාවේ අලුතින් පිළිකා රෝගීන් විසි අටදහසක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කර තිබේ. එසේම ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් පිළිකා නිසා සිදුවන මරණ 2 වැනි ස්ථානයට පත්ව ඇති බවත් එම කාර්යාංශය පවසයි.
එම දත්තවලට අනුව සෑම දිනකම අලුතින් පිළිකා රෝගයට ගොදුරු වන සංඛ්‍යාව දිනකට අසූවක් පමණ වේ. ධනවත් පිළිකා රෝගීන් බොහෝවිට මෙරට ප්‍රතිකාර නොලබන බැවින් සැබෑ පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් ඉහළ සංඛ්‍යාවක් බවද පැවසේ.
කෙසේ වෙතත් අපේ රටේ පිළිකාවන්ට රෝගීන් ගොදුරුවීම පාලනය කරන්නට හෝ පිළිකා වැළඳුනු රෝගීන් සුවපත් කරන්නට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම මේ වන විට බරපතළ ප්‍රශ්නයක් වී තිබේ.
පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහල්වල ඇති පහසුකම් නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා බොහෝ අසරණ පිළිකා රෝගීන්ට නිසි සේවාවක් රජයේ රෝහල්වල නොලැබෙන බවට බොහෝවිට රෝගීහු මැසිවිලි නගති. ඇතැම් වෛද්‍යවරුන් සුවපත් කිරීම වෙනුවට මේ වන විට පිළිකා රෝගීන් විකුණාගෙන කන තත්ත්වයට පත්ව සිටිති. ඒ අතරේ රෝගීන් වෙනුවෙන්ම කැපවූ දෙවිවරුන් වැනි වෛද්‍යවරුන්ද සිටිති.
පුද්ගලික අංශයට රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම හා රෝගීන්ට මිල අධික ඖෂධ නියම කිරීම මගින් ඇතැම් වෛද්‍යවරු ප්‍රකෝටිපතීන් වී සිටිති. මේ පිරිස රජයේ රෝහල්වල පිළිකා ප්‍රතිකාර සේවා දියුණු වනවාට විරුද්ධය. හේතුව රටේ රජයේ රෝහල්වල එම සේවා දියුණු වුවහොත් කිසිවෙක් ප්‍රතිකාර සඳහා පුද්ගලික අංශයට නොයන නිසාය.
පිළිකා ඖෂධ මිල ඉතාම අධිකය. ඒ සඳහා වන එක්තරා එන්නතක මිල මීට ටික කලකට පෙර රුපියල් දෙලක්ෂ අසූදහසක් විය. එක එන්නතක් රෝගියකුට නියම කළ විට එය නියම කරන වෛද්‍යවරයාට එයින් රුපියල් පනස් දහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ගෙවූ බවට චෝදනා පවතී. කෙසේ වෙතත් මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මැදිහත්වීම නිසා ගුණාත්මක අඩු මිල ඖෂධ පැමිණීමත් සමග එම සමාගම විසින්ම එහි මිල රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක් දක්වා අඩු කර තිබේ. මේ වන විට ඒ සඳහා ඇමරිකානු ඖෂධ අධිකාරිය පවා පිළිගත් එන්නත් රුපියල් හතළිස් හත්දහසටද මිලදී ගැනීමට හැකි වී තිබේ. මේ අනුව ඇතැම් වෛද්‍යවරුන් හා ඖෂධ සමාගම් වසර ගණනාවක් කොතරම් ධනයක් ගසා කා ඇත්දැයි ගණනය කිරීම පවා අසීරුය. මේ සමාගම් මගින් පසුගිය කාලයේ වරක් පිළිකා විශේෂඥ වෛද්‍යවරු 14 දෙනෙක් එක් වාරයකදීම යුරෝපයේ සංචාරයකට රැගෙන ගොස් තිබේ.
ඇතැම් පිළිකා විශේෂඥ වෛද්‍යවරු රජයේ රෝහලේදී අඩුම තරමින් රෝගීන්ගේ මුහුණවත් බලන්නේ නැත. අඩුම තරමින් තමන්ගේ රෝගී තත්ත්වයවත් විමසන්නට රෝගියාට අවසර නැත. එහෙත් එම රෝගියාම එම වෛද්‍යවරයාගේ පුද්ගලික චැනල් මධ්‍යස්ථානයට ගිය විට ඒ සියලු පහසුකම් ලැබේ. ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ රජයේ රෝහලේ වාට්ටුවේ ඇඳක් ලබාගන්නට නම් අනිවාර්යයෙන්ම එම වෛද්‍යවරයාගේ චැනල් එකට යා යුතුමය. ඇතැම් රෝහල්වල දැඩිසත්කාර ඒකකයක ඇඳක් වෙන්වන්නේ විශේෂඥ වෛද්‍යවරයාගේ රෝගීන්ට පමණි.
රජයේ රෝහල්වල බොහොමයක් පිළිකා විශේෂඥ වෛද්‍යවරු රාජකාරී කාලයෙන් පසුව පුද්ගලික රෝහල්වල ද සේවය කරති. ඇතැම් විට රාජකාරී කාලය තුළ ද එලෙස සේවය කරන බවට චෝදනා තිබේ. මේ නිසා මේ වෛද්‍යවරු වැඩිපුරම තමන් සේවය කරන පුද්ගලික රෝහල් ප්‍රවර්ධනයේ යෙදෙමින් ඒ හරහා විශාල ලෙස මුදල් උපයන බවට චෝදනා එල්ලවී තිබේ. මේ වන විට රජයේ රෝහල් රැසක පිළිකා ප්‍රතිකාර සිදු කරනු ලබයි. එහෙත් ඒ සඳහා විශාල ලෙස පොරොත්තු ලේඛන තිබේ. මෙම ප්‍රතිකාර සේවා දවසේ පැය විසිහතර පුරාම සිදු කරන්නේ නම් මේ පොරොත්තු ලේඛන අවසන් කළ හැක. ඒ සඳහා භාවිත කරන නවීන යන්ත්‍ර සූත්‍ර බොහෝවිට වසර පහක් වගකීම් සහිතය. පුද්ගලික රෝහල්වල යන්ත්‍ර සුත්‍ර පැය 24 පුරාම ක්‍රියාත්මක වුවද රජයේ රෝහල්වල මේවා වැඩ කරන්නේ බොහෝවිට පැය අටකි. රජයේ රෝහල්වල ද සේවා මුර ක්‍රමයට පැය අටේ සේවා මුර තුනක් හඳුන්වා දී රටේ අසරණ රෝගීන් වෙනුවෙන් මෙම සේවා ක්‍රියාත්මක කරන ලෙස අපි රජයට බලකර සිටින්නෙමු.
රජයේ වෛද්‍යවරුන්ට පුද්ගලික වෛද්‍ය සේවය තහනම් කළේ එක්දහස් නවසිය හැටගණන්වලදී බණ්ඩාරනායක මැතිනිය විසිනි. එහෙත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ වෘත්තීය සමිති අරගලයක් මගින් එය යළි දිනා ගත්තේ එදා වෘත්තීය සමිති නායකයන් වූ වෛද්‍ය සුනිල් රත්නප්‍රිය හා වර්තමාන සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිස විසිනි. එදා වෛද්‍යවරයකුගේ වැටුප රුපියල් 708 ක් වූ අතර අතිකාල දීමනා නොවීය. එම නිසා එදා පුද්ගලික වෛද්‍ය සේවය සඳහා හිමිකම ලබාදීම සාධාරණය. එහෙත් අද එසේ නොවේ. අලුතින්ම වෛද්‍ය සේවයට එක්වන වෛද්‍යවරයකුට වුවද දීමනා සහිතව වැටුප රුපියල් ලක්ෂයකට වඩා වැඩිය. වැඩි සේවා කාලයක් සහිත ජ්‍යෙෂ්ඨ සාමාන්‍ය වෛද්‍යවරයකුට සියලු දීමනා සහිතව රුපියල් ලක්ෂ දෙකක් හෝ ඊට වැඩි වැටුපක්ද විශේෂඥ වෛද්‍යවරයකුට ලක්ෂ තුනහමාරක් පමණ ද හිමිවේ. මීට අමතරට තීරුබදු රහිත වාහන බලපත්‍ර, නිල නිවාස, ශිෂ්‍යත්ව, දරුවන්ට ජනප්‍රිය පාසල් ආදී වරප්‍රසාද රැසකි. එම නිසා අද වෛද්‍ය සේවයේ ඇතැම් පිරිස් විසින් රෝගීන් විකුණා ගෙන කෑම සහ ඒ හරහා උත්තරීතර වෛද්‍ය සේවාවට සිදුවන හානිය නැවැත්වීමට කළයුතු හොඳම පිළියම වන්නේ රජයේ රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරුන් සඳහා පුද්ගලික වෛද්‍ය සේවය තහනම් කිරීමය. එසේ තහනම් කර රජයේ වෛද්‍යවරුන්ගේ වැටුප තවත් අවශ්‍ය තරම් වැඩි කළ ද ජනතාව ඊට විරුද්ධ නොවනු ඇත. එසේම අප අද සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්නගෙන් ඇසිය යුත්තේ ඔවුන් එදා දිනා දුන් පුද්ගලික වෛද්‍ය සේවා හිමිකම අද ඇතැම් වෛද්‍යවරුන් අයථා ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැති ලෙස කුමක් කරන්නේ ද යන්නය. අඩුම තරමින් එදා ඔවුන් එම හිමිකම ලබාගන්නා විට ලබා දුන් පොරොන්දු හා ආචාර ධර්ම ක්‍රියාත්මක කිරීම වර්තමාන සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස බලාත්මක කරන ලෙස අප ඔහුට බලකර සිටින්නෙමු.
http://divaina.com/daily/index.php/kathuwakiya/25525-2019-03-18-15-23-50
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?