The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌ Empty බිලියනපතියකුගෙ ජීවිතයෙන් බිඳක්‌

    Post by nihal123 Sun Oct 28, 2018 10:16 pm

    ඔහු සැමදාම උදේ ආහාරය ගන්නේ මැක්‌ඩොනල්ඩ් ආපන ශාලාවෙන්. ඇමෙරිකාවේ මැක්‌ඩොනල්ඩ් සැලකෙන්නේ ලාබෙට ඉක්‌මන් ආහාර ගන්න පුළුවන් ස්‌ථානයක්‌ ලෙසටයි. උදේ රැවුල බාන ගමන් ඔහු සාමාන්‍යයෙන් තෝරා ගන්නා උදේ ආහාර විකල්ප තුනෙන් ගන්නේ කුමක්‌ දැයි තීරණය කරනවා. සොසේඡ් පැටිස්‌ දෙකක්‌ ඩොලර් 2.61 ක්‌ ද සොසේඡ්, බිත්තර, චීස්‌ ඩොලර් 2.95 ක්‌ ද වෙනවා. කොටස්‌ වෙළඳපොළ වාසිදායක වී තමා සමෘද්ධිමත් යෑයි හැඟෙන අවස්‌ථාවක නම් ඔහු තෝරා ගන්නේ ඩොලර් 3.17 ක්‌ වෙන බේකන්, සොසේඡ්, චීස්‌ බිස්‌කට්‌ විකල්පයයි. කිසිම විටක ඔහු ඒ මුදල ඉක්‌මවා වියදම් කරන්නේ නෑ. තමන්ට අවශ්‍ය මුදල බිරිඳට පැවසූ විට ඇය ඒ මුදල ඔහු කාරයේ තබා ගන්නා කෝප්පයට දමනවා. කාර්යාලයට රථය පදවාගෙන යන අතරමඟ හමුවෙන මැක්‌ඩොනල්ඩ් ආපන ශාලාවෙන් ඔහු ආහාර ගන්නවා. බීමට ගන්නේ කොකාකෝලා කෝප්පයක්‌.

    මේ තොරතුරුවලින් නම් ඔබ සමහර විට මේ කවරෙක්‌ දැයි හඳුනා නොගනීවි. ඔහු ලොව ධනවත් ලැයිස්‌තුවේ දෙවැනි තැන සිටින වොරන් බුෆේය. ඔහු ලොව ප්‍රමුඛ පෙළේ කොටස්‌ වෙළෙඳ ආයෝජකයන්ගෙන් කෙනකු වන අතර බර්ක්‌ෂයර් හැතවේ සමාගමේ විශාලම කොටස්‌ හිමිකරු සහ ප්‍රධාන විධායක නිළධාරියා ද වෙනවා. බර්ක්‌ෂයර් හැතවේ සමාගම සිය ව්‍යාපාරයේ අරටුව ලෙස රක්‌ෂණ ව්‍යාපාරය පවත්වාගෙන යන සහ වෙනත් ව්‍යාපාර ගණනාවකින් සැදුම්ලත් ඒකාබද්ධ වෙළෙඳ සමාගමකි. එහි ව්‍යාපාරික කටයුතු හරහා වොරන් බුෆේගේ ආයෝජනයන්ට උවමනා මුදල් සැපයෙනවා. ඔහු මුල් කාලයේදී සිය අවධානය යොමු කළේ ප්‍රසිද්ධියේ මිල ගණන් නියම කරන ව්‍යාපාර වස්‌තු සම්බන්ධයෙනි. පසුව ඔහු සම්පූර්ණ සමාගම් මිලදී ගැනීම කෙරේත් යොමු වී සිටිනවා. ඒ අනූව අද සීනි කෑම නිෂ්පාදනය, සිල්ලර විකිණුම්, ගෘහභාණ්‌ඩ, විශ්වකෝෂ, ස්‌වර්ණාභරණ විකිණීම් සහ ප්‍රවෘත්ති පත්‍ර ප්‍රකාශනය ඇතුළුව තවත් විවිධ ව්‍යාපාර ගණනාවක්‌ බර්ක්‌ෂයර් හැතවේ සමාගමට අයත් වෙනවා.

    වරක්‌ ලොව ධනවත්ම තැන ද හිමිව සිටි වොරන් බුෆේගේ ශුද්ධවත්කම ඩොලර් බිලියන 74 කි. 84 වියේ පසුවන ඔහු ගත කරන්නේ සරල දිවිපෙවෙතකි. ඔහු පදිංචිව සිටින්නේ 1958 දී ඩොලර් 31500 කට මිලදී ගත් කාමර 5 කින් යුතු නිවසෙයි. අදටත් කටයුතු කරන්නේ ඒ දිනවලම ගත් කාර්යාලයෙයි. මේ දෙකම පිහිටා ඇත්තේ ලොව මුල්‍ය මධ්‍යස්‌ථාන වලින් බොහෝ ඈත් වූ ප්‍රදේශයක්‌ වන නෙබ්‍රස්‌කාහිය. ඔහු ජංගම දුරකථනයක්‌ රැගෙන යන්නේ නැත. ඔහුගේ මේසය මත පරිගණකයක්‌ නැත. එසේම රියෑදුරකු ද නැති අතර ඔහු හමුවීමට පැමිණෙන අමුත්තන් ගෙන ඒමට ඔහුම යන්නේය. උදේ 6.45 ට පමණ අවදි වන වොරන් බුෆේගේ කටයුතු වල 80% ක්‌ම වෙන් වෙන්නේ කියවීමටයි. බොහෝ විට වෙළඳපොළ විවෘත කළ විට කාර්යාලයට යන ඔහු මුළු කාලයම වගේ ගත කරන්නේ මුල්‍ය ප්‍රකාශන සහ වාර්තා ආදිය කියවීටයි. කාර්යාලයෙන් පසුව පුවත්පත් සහ පොත් කියවනවා. විවේක කාලය මිතුරන් සමඟ කතා කිරීමටත් බ්‍රිඡ් ක්‍රීඩාවේ යෙදෙන්නටත් වෙන්වෙනවා. තම වෙලාව එක්‌ එක්‌ කාරණාවන්ට හිරකර ගත් කාලසටහනක්‌ වොරන් බුෆේට නැහැ. 1991 මුල් වරට බිල් ගේට්‌ස්‌ හමු වූ අවස්‌ථාවේ අනාගත හමුවන් සටහන් කිරීමට වොරන් බුෆේ දින පොත ගත් විට එය කොතරම් හිස්‌ දැයි දැක බිල් ගේට්‌ස්‌ පුදුම වී තිබෙනවා.

    සමහරු ඉපදෙන්නෙත් බිලියනපතියන් ලෙසයි. තවත් අය ඒ තැනට පැමිණෙන්නේ වෙහෙස වී ධනය ඉපයීමට කටයුතු කිරීමෙන්. වොරන් බුෆේ අයිති වෙන්නේ ඒ දෙවැනි කොටසටයි. ඔහු ව්‍යාපාර කටයුතු ඇරඹියේ කුඩා කාලයේදීමය. අනෙකුත් සම වයසේ ළමයින් සෙල්ලම් කරන විට ඔහු නොයෙකුත් දෑ විකිණුවා. ඔහු වයස අවුරුදු 6 දී තරම් කුඩා වයසෙදි කොකාකෝලා ඇසුරුම් 6 ක්‌ සීයාගේ වෙළඳපොළෙන් මිළදී ගෙන සෑම බෝතලයකින්ම සත 5 ක ලාභයක්‌ තබා ගනිමින් විකුණා තිබෙනවා. වොරන් බුෆේ ආයෝජනය පිළිබඳව පොත් කියවන්නට ගත්තේ වයස අවුරුදු 7 ක්‌ 8 ක්‌ පමණ කාලයේ ඉඳලයි. ඔහුගේ පියාට කුඩා ආයෝජන කාර්යාලයක්‌ තිබුණු අතර ඔහු එහි තැන තැන ඇති පොත් පත් කියවන්නට පුරුදු වී සිටියා. ආයෝජනයට ඔහු කොතරම් ඇල්මක්‌ දැක්‌වූවාද කියනවා නම් වයස අවුරුදු 11 වන විට ඔහු පුස්‌තකාලයට ගොස්‌ කියවන්නට වූයෙත් එවැනි පොතපතයි. ඔහු තම මුල්ම වරට ව්‍යාපාර කොටස්‌ 3 ක්‌ මිලදී ගත්තෙත් ඒ වයසෙදියි.

    වයස අවුරුදු 19 දී කියවන්නට ලැබුණ මහාචාර්ය බෙන්ජමින් ග්‍රැහැම්ගේ ද ඉන්ටලිජන්ට්‌ ඉන්වෙස්‌ටර් නම් පොත තමාට බොහෝ බලපෑමක්‌ වූ බව ඔහු පවසනවා. වටිනාකමින් පහළ වැටී ඇති විටක කොටස්‌ මිලදී ගෙන ඒවා බොහෝ කාලයක්‌ තබා ගැනීම පිළිබඳව එහි විස්‌තර කෙරෙනවා. පසු කාලයේ බුෆේගේ ආයෝජන උපක්‍රමයෙ ශක්‌තිය වූයෙත් එයයි. වොරන් බුෆේ නෙබ්‍රස්‌කා සරසවියෙන් උපාධිය ලැබීමෙන් පසුව හාවඩ් ව්‍යාපාරික පාසලට අයෑදුම් කළත් සම්මුඛ පරීක්‌ෂණයෙදි ඔහුව තෝරා ගැනුණේ නෑ. ඒ අවස්‌ථාවේ තමාට ලැබුණ හොඳම දෙය අහිමි වූ ලෙසට දැනුනත් එය ඔහුගේ වාසනාවට ම වූ දෙයක්‌ බව ඔහු පවසනවා. එම ප්‍රතික්‌ෂේප වීම නිසා ඔහු කොලොම්බියා ව්‍යාපාරික පාසලට යෙමුවුණා. එම ව්‍යාපාරික පාසල සම්බන්ධව සොයා බැලීමෙදී ඔහු ආයෝජනය සම්බන්ධව කියවූ පොත් වලින් හඳුනා ගෙන සිටි බෙන්ජමින් ග්‍රැහැම් සහ ඩේවිඩ් ඩොඩ් යන මහාචාර්යවරුන් දෙදෙනෙකුම එම පාසලේ සිටින බව ඔහුට දැක ගන්නට ලැබුණා. තමා ඔවුන් මිය ගොස්‌ ඇති ලෙසට සිතූ බවත් එසේ නොවන බව සහ ඔවුන් කොලොම්බියාවේ උගන්වන බව දැන ගත් පසු තමා ඇත්තටම එහි එන්නට කැමැත්තෙන් පසු වන බව ඔහු මහාචාර්ය ඩොඩ්ට ලියා දැන්නුවා. ඔහු වොරන් බුෆේව කොලොම්බියා ව්‍යාපාරික පාසලට ඇතුළත් කර ගත්තා. වොරන් තම ආයෝජන දිවියෙ ආරක්‌ෂා කර ගත් ආයෝජන නීති දෙක ඉගැන්වූයේ බෙන්ජමින් ග්‍රැහැම් විසිනි. පළමු නීතිය කිසිමදාක මුදල නැති කර නොගැනීමයි. දෙවැනි නීතිය කිසිමදාක පළමු නීතිය අමතක නොකිරීමයි.

    වොරන් බුෆේගේ ධනයෙන් 99% ක්‌ම පමණ පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට නියමිතය. ඉන් 83% ක්‌ම බිල් හා මෙලින්ඩා ගේට්‌ස්‌ පදනම වෙනුවෙන් වෙන් කෙරෙනවා. ඔහුගේ දරුවන් වෙනුවෙන් ධනයෙන් විශාල කොටසක්‌ වෙන් වෙන්නේ නෑ. ඔහුට අවශ්‍යව ඇත්තේ දරුවන්ට කිසිවක්‌ නොකර සිටීමට තරම් ධනයක්‌ දීමට නොව ඔවුන්ට යමක්‌ කිරීමට තරම් ධනයක්‌ ලබා දීමටය. ඔහුගේ මුල් විවාහය වන සහ දරුවන්ගේ මව වන සූසන් තොම්සන් 2004 ජූලි මස මිය ගියා. 2006 සිය 76 වන උපන් දිනයේදී වොරන්, ඇස්‌ටි්‍රඩ් මෙන්ක්‌ස්‌ හා විවාහ වුණා.

    වොරන් බුෆේ පවසන ආකාරයට ඔහුගේ සාර්ථකත්වයේ රහස තමන් කැමතිම දෙය කිරීමයි. මේ සියල්ල නැතිවූ විට කුමක්‌ කරන්නේ දැයි යන පැනයට ඔහුගේ පිළිතුර වූයේ නැවතත් ආයෝජනයෙම යෙදෙන බවයි. මම වයස විසි ගණන් වල සහ තිස්‌ ගණන් වල විනෝදයෙන් සිටියා. දැන් මම වයස 86 දීත් විනෝදයෙන් සිටිනවා යෑයි ඔහු පවසනවා. ඔබ කළ යුත්තේ ඔබ ඇත්තෙන්ම ආදරේ කරන දෙයයි. පළමු හෝ දෙවන රැකියාවන්හිදී තදින් ඒ කිසිවකට බැඳුනේ නැති නම් තමන් ආදරෙන් බැඳෙන රැකියාව හමු වන තුරු උත්සහය අත්හරින්න එපා යෑයි ඔහු උපදෙස්‌ දෙනවා.

    නිල්මිණි රාජපක්‍ෂ රදලගේ

      Current date/time is Sat Jul 27, 2024 6:08 am