The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

3 posters

    රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය Empty රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය

    Post by nihal123 Sun Oct 14, 2018 9:36 pm

    රුපියලේ අගය අවප‍්‍රමාණය මෙරට ආර්ථිකයට සැලකිය යුතු ගැටලූ ඇති කර තිබේ. ඇමෙරිකානු ඩොලරයේ මිල ඉහළ ගොස් රුපියලේ අගය පිරිහීම ඇමෙරිකාවේ පොලී අනුපාතවල බලපෑමක් බව ආණ්ඩුව ප‍්‍රකාශ කරයි. රුපියල තවදුරටත් දුර්වලවීම පාලනය කිරීම සඳහා වාණිජ බැංකු සතු ඩොලර් සංචිත නිදහස් කරන තීරණයක් ගත්තේය. එය සුපුරුදු පරිදි ක්ෂණික වාසි තකා අනුගමනය කළ දුර්වල තීරණයකි. කෙටිකාලීනව රුපියල ශක්තිමත් කරන නමුත් ස්ථිර පියවර නොගතහොත් මෙරට බැංකු සතුව තිබුණ විදේශ මුදල් වැය කිරීම නාස්තියකි.

    2011 -12 අතර කාලයේ දී විනිමය හිඟය පදනම් කරගෙන රට තුළ අධි ඉල්ලූමක් වාර්තා වූ අතර එකී අවස්ථාවේදී ද රුපියලේ අගය වේගයෙන් අවප‍්‍රමාණය වීමක් නිරීක්ෂණය කළ හැකි විය. ඇමෙරිකානු ඩොලරයක මිල රු. 110.00 සීමාවේ නතර කර ගැනීම සඳහා මහ බැංකුවේ නියමය පරිදි ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක පමණ මුදලක් සංචිතවලින් නිදහස් කිරීමට වාණිජ බැංකුවලට සිදුවිය. එයින් ප‍්‍රතිඵලයක් ලැබී නැත. අද වන විට නැවතත් රුපියලේ අගය පිරිහීම දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් සකස් නොකිරීම නිසා ඇතිවූවක් බව සඳහන් කළ යුතුය. දේශපාලනය පැත්තකින් තැබිය යුතු අතර රජයක් වශයෙන් ආර්ථිකයේ ගැටලූ අවබෝධ කරගෙන ස්ථිර උපාය මාර්ග අනුගමනය කළ යුතුය. රටට අවශ්‍ය විනිමය ප‍්‍රමාණය උපයන මාර්ග සකස් කරගත යුතු අතර අනවශ්‍ය අන්දමට විනිමය වැය කරන අවිධිමත් මාර්ග ඇහිරිය යුතුය. පසුගිය සතිය තුළ ඇමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 170 ඉක්මවීය. එතෙක් පැවැති මිල හා සසඳන විට සැප්තැම්බර් මාසයේ සති තුනක් තුළ සියයට 4.5 කින් අවප‍්‍රමාණය වීමක් වශයෙන් සැලකේ. රුපියල අව ප‍්‍රමාණය වන වේගය පාලනය කිරීම සඳහා බැංකු සතු මුදල්වලින් ඩොලර් මිලියන හැටක් වහා නිදහස් කරන ලද බව මූල්‍ය වෙළෙ`දපොළ වාර්තා දක්වයි. වාණිජ බැංකු සතු සංචිත වෙළෙඳපොළට නිදහස් කිරීම වහා ප‍්‍රතිකාර ගත යුතු දරුණු රෝගයකට වේදනා නාශක ගැනීමක් හා සමාන කළ හැකිය.

    ඇමෙරිකානු ඩොලර් සංචිත නිකුත් කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඉකුත් අඟහරුවාදා වන විට රුපියල සුළු ශක්තිමත්වීමක් වාර්තා කළේය. අධි ඉල්ලූම තුලනය වන අවස්ථාවේදී හා මිල ඉහළ යන විට විදේශ රැුකියා කරන පිරිස එවන ඩොලර් හා අපනයනයෙන් ලැබෙන ආදායම කඩිනමින් රුපියල් කිරීම තව දුරටත් අවප‍්‍රමාණයවීම පාලනය කරන හේතුවක් විය. නොකඩවා ඩොලර් නිදහස් කරන්නට හැකියාවක් රටට නැත. ශ‍්‍රී ලංකා මහ බැංකුව පසුගිය ජුනි මාසයේදී අනාවරණය කරන ලද පරිදි මෙරට විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 11.6ක් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකයේ කොටසක් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක්, හම්බන්තොට වරාය චීන ආයෝජනයකට නැඹුරු කිරීමෙන් උපයා ගත් මුදලේ ඉතිරි කොටස වන ඇමරිකානු ඩොලර් මිලියන 585 ක් හා ඒකාබද්ධ ණය වශයෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියනයක් එයට ඇතුළත් විය. නමුත් මෙම සංචිතය වේගයෙන් අවසන් වූ අතර ආනයන ඉල්ලූම ඉහළ නැගීම එයට බලපෑ හේතුවයි. ඛනිජ තෙල්, යාන වාහන හා රත්රන් ආනයනය කැපීපෙනෙන සේ වැඩි වී තිබේ. මැති ඇමැතිවරුන් හා රජයේ නිලධාරීන්ට බදු රහිත වාහන බලපත‍්‍ර නිකුත් කරන ලද අතර ප‍්‍රමාණවත් විනිමය රහිත පසුබිමක ආනයනය කරන ලද අධික වාහන ප‍්‍රමාණය මෙරට විදේශ විනිමය අවසන් කළේය. ඉකුත් කාර්තුවේ අවසාන භාගයේදී මහ බැංකු අධිපතිවරයා වාහන හා රත්රන් ආනයනය සීමා කළ යුතු බව ප‍්‍රකාශ කරන ලද අතර එම අවස්ථාවේදී ප‍්‍රතිචාර දක්වන්නට ආණ්ඩුව සමත් වී සිටියේ නම් අද පවතින රුපියලේ අගය වාර්තාගත පිරිහීමකට ගමන් කරන්නේ නැත.



    කෙසේ වෙතත් ඇමෙරිකානු ඩොලරයක මිල රුපියල් 170 ඉක්මවීමෙන් පසු මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරන අතර දේශීය දේ මිලදී ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටී. සුඛෝපභෝගී භාණ්ඩ පාවිච්චිය අඩු කරන අතර ලෝක ආර්ථිකයේ පවතින අයහපත් වාතාවරණය කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි පුරෝකථනය කළ නොහැකි බැවින් පරෙස්සමෙන් විනිමය පාවිච්චි කරන දේ දක්වයි. රුපියලේ අගය සම්පූර්ණයෙන් පිරිහී සංචිත වල තිබුණ ඩොලර් ප‍්‍රමාණයක් ද නිදහස් කිරීමෙන් අනතුරුව ස්වභාවික මිල මට්ටමක ස්ථාවර වූ පසු දේශීය දේ වලට නැඹුරු වෙන්නැයි ඉල්ලා සිටීම පලක් නැත. ජනතාව වෙත හැරී ආයාචනා කරන්නට කලින් ආණ්ඩුව ආදර්ශවත් විය යුතුය. විදේශ සංචාර, සුඛෝපභෝගී වාහන ආනයනය, සුපිරි පැවැත්ම යනාදිය ගැන ආදර්ශයක් දිය යුතුව තිබුණි.



    රටට විනිමය ලැබෙන ප‍්‍රධානම මාර්ගය මැද පෙරදිග ඇතුළු රටවල සේවය කරන ලාංකියන් දුක් විඳ රටට එවන ධනයයි. වාර්තාවන අන්දමට එම මුදල සම්පූර්ණයෙන්ම ඉන්ධන ආනයනයට වැය කරන්නට සිදුවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ආනයන වලින් සියයට විසි හයක් ඉන්ධන වන අතර ලෝකයේ නවතම පර්යේෂණ අනුව බලශක්තිය සඳහා ඛනිජ තෙල් භාවිත කිරීම සීමා කරමින් සිටී. සූර්ය බලශක්තිය ඇතුළු පරිසර හිතකාමී අඩුවියදම් පැති වලට යොමු වෙමින් තිබේ. වසරේ වැඩි කාලයක් සූර්ය බලය ප‍්‍රයෝජනයට ගත හැකි ශ‍්‍රී ලංකාව ඛනිජ තෙල් පරිහරණය ගැන අවධානය අඩුය. සූර්ය කෝෂවලට අය කරන බදු අඩු කර ඒවා සහන මිලට ලබාගත හැකි වුවහොත් මෙරට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සිය නිවාස ආලෝක කරගැනීමට සූර්ය බලය පාචිච්චි කරනු ඇත. මැති ඇමැතිවරු හා නිලධාරීන් එන්ජින් රහිත විදුලියෙන් ධාවනය වන වාහන වලට මාරු වුවහොත් එය විශාල ඉතිරියකි. මගී ප‍්‍රවාහනයට විදුලිය බස්රථ පනහක් එකතු කරන බව පසුගිය වසරේ අය වැය ඉදිරිපත් කරන විට ආඩම්බයෙන් කියා සිටි මුදල් අමාත්‍යාංශයේ අය වැය දෙපාර්තමේන්තුවට 2019 අය වැය ඉදිරිපත් කරන්නට දින නියම කරන තෙක් එම යෝජනාව ක‍්‍රියාවට නගන්නට අසමත්ව තිබේ. මෙම මුදල් වසර අවසන් වන විට වෙන්කරන ලද මුදල ප‍්‍රයෝජනයට නොගැනීම හෙයින් අහෝසි වෙයි. එවැනි විකල්ප ප‍්‍රතිපත්ති ගැන නොසිතන පාලනයකින් විනිමය ආරක්ෂා කර ගැනීම ගැන දීර්ඝ කාලීන ප‍්‍රතිපත්ති අපේක්ෂා කිරීම නිෂ්ඵලය.

    රුපියලේ අගය වේගයෙන් අවප‍්‍රමාණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පවතින පසුබිම හුවා දැක්වීම යහපත්ය. නමුත් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් තැනක පැවැතියේ නම් එයට ගොදුරු වන්නේ නැත. ඇමෙරිකානු එක්සත් ජනපදය මෑත කාලය තුළ අවස්ථා ගණනාවක දී ඔවුන්ගේ පදනම් පොලී අනුපාත වෙනස් කළේය. එහි අරමුණ ඇමෙරිකානු ආර්ථිකයේ ශක්තිමත් භාවය ආරක්ෂා කරගැනීමයි. එය ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ තීරණයකි. ඇමෙරිකානු පෙඩරල් රිසව් බැංකුව ලෝකයේ විශාලතම බැංකුව වන අතර සාමාන්‍යයෙන් එහි ප‍්‍රධානීන් දොළොස් දෙනා වසරකට අටවතාවක් හමුවෙති. ඇමෙරිකානු ආර්ථිකය ගැන තියුණු නිරීක්ෂණයක පසුවන අතර පදනම් පොලී අනුපාත වෙනස් කිරීමට තීරණය කරන්නේ එම හමුවේ දීය. අවසන් වතාවට හමුවූ අවස්ථාවේදී පොලී අනුපාත සියයට තුන දක්වා නංවන්නට තීරණය කරන ලද අතර එය දස වසරක ඉතිහාසය තුළ වැඩිම අගය බව ජාත්‍යන්තර පර්යේෂකයෝ පෙන්වාදී තිබුණි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ලෝකයේ නොයෙක් රටවල මූල්‍ය අගයයන් අවප‍්‍රමාණය වූ අතර ආනයන සඳහා වත්කම් හිඟ තැනක සිටි ශ‍්‍රී ලංකාව ඇමෙරිකානු පොලී අනුපාත හේතුවෙන් මතු වූ පීඩනයටද ගොදුරු වූයේය.

    ලෝකයේ සිදුවන ආර්ථික වෙනස්කම් වලින් ගැලවීමට රටට හැකියාවක් නැත. ඛනිජ තෙල් මිල උච්ඡුාවචනය වන විභවය දරා ගත නොහැකි වූ ආණ්ඩුව තෙල් මිල සූත‍්‍රයක් හඳුන්වා දුන් අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප‍්‍රමාණය වන විට එය නතර කරනු සඳහා අත ඇති ඩොලර් වියදම් කරමින් සිටී. මෙම ප‍්‍රතිපත්ති දෙක එකිනෙකට නොගැළපෙන බව සඳහන් කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ විනිමය අවශ්‍යතා සම්බන්ධ රාමුවක් මහ බැංකුව ඇතුළු බලධාරීන්ට තිබීම අවශ්‍යය. සංචිත පවත්වා ගැනීම වැදගත්ය. රට තුළ ඇතිවන ඩොලර් ඉල්ලූමේ ස්වභාවය ගැන කල් තබා අවබෝධයක් පවතින විට ප‍්‍රතිපත්ති තීරණ ගැනීම පහසුය. එවැනි ¥රදර්ශී බවක් රහිත අවස්ථාවක හදිසියේ ලෝකයේ සිදුවන සුළු වෙනස්කමකට පවා ඔරොත්තු දෙන හැකියාව බිඳ වැටේ. ශ‍්‍රී ලංකාව විදේශ වෙළෙඳාම ගැන අනතුරු ඇඟවීමේ දී පොදු ජනතාවගේ පැත්තට අත දිගු කිරීම වෙනුවට ආණ්ඩුවක් වශයෙන් වත්කම් උපයන්නට ගත හැකි ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණවීම සුදුසුය. ඇමෙරිකානු ඩොලර් එකක මිල රුපියල් 170 ඉක්මවා එය ස්ථාවර වූ පසු මෙම ආන්දෝලනය අවසන් වන බව නිසැකය. රජයේ යුහුසුළුව හා විචාරකයන්ගේ මත දැක්වීම අවසන් වනු ඇත. නැවතත් සුපුරුදු පැවැත්මට නැඹුරුවනු නිසැකය. නැවත වතාවක් ආර්ථිකය කැළඹීමකට ලක්ව ඇමෙරිකානු ඩොලරය රුපියල් 200 ඉක්මවීමට කලින් ශ‍්‍රී ලංකාවේ විදේශ වත්කම් ඉපැයීමේ හා ආරක්ෂා කරගැනීමේ අලූත් උපායවලට නැඹුරුවීම යහපත්ය.

    ජී.කේ.ජී. සරත්

    fShare
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය Empty Re: රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය

    Post by serene Mon Oct 15, 2018 7:28 am

    Thanks Nihal.
    Everyone knows But %##
    The Invisible
    The Invisible


    Posts : 3116
    Join date : 2016-11-28
    Age : 44

    රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය Empty Re: රුපියල ශක්තිමත් කිරීමට අතේ ඇති ඩොලර් විසි කිරීමේ අවාසිය

    Post by The Invisible Mon Oct 15, 2018 9:32 am

    This country need a structural change to its international trade. Currently Sri Lanka imports every item starting from a toffee from foreign countries. Do we need this. And also what are our strategies to increase exports? Absolutely no structural changes taking place.

      Current date/time is Sat Jul 27, 2024 12:48 pm