![දරුවෙක් බේරාගත් මාලි ජාතික 'ස්පයිඩර් මෑන්'ට ප්‍රංශ පුරවැසිභාවය _101781196_963209340](https://ichef.bbci.co.uk/news/320/cpsprodpb/10DFE/production/_101781196_963209340.jpg)
Image copyright Getty Images
පැරිස් අගනුවර ගොඩනැගිල්ලක හතර වන තට්ටුවේ සිට පහතට වැටෙන කුඩා දරුවෙකු බේරා ගත් සංක්‍රමණිකයෙකුට පුරවැසිභාවය ලබාදීමට ප්‍රංශ ආණ්ඩුව තීරණය කර තිබේ.
දරුවා බේරාගත් Mamoudou Gassama නම් මාලි ජාතික සංක්‍රමණිකයා වීරයෙකු ලෙස රට තුළ දැඩි ප්‍රසංශාවට ලක්වෙමින් සිටී.
ඔහු දරුවා බේරා ගන්නා වීඩියෝව සමාජ මාධ්‍ය ජාල තුළ විශාල වශයෙන් සංසරණය වෙමින් පවතී.
"2018 'ස්පයිඩර් මෑන්"
සඳලුතලයේ එල්ලී සිටි දරුවා බේරා ගැනීමට අසල්වැසියෙකු උත්සාහ කරමින් සිටිද්දී Mamoudou Gassama මිනිත්තුවකට අඩු කාලයක දී පහළ මාලයේ සිට සඳළුතලවලින් පැන සිව් වන මහලට ගොස් දරුවා බේරා ගත්තේය.
ඔහු සිව් හැවිදිරි දරුවා බේරාගත් අවස්ථාවේ රැස්ව සිටි පිරිස ප්‍රීති ඝෝෂා නගන ආකාරය වීඩියෝ පටයේ සටහන් වී තිබේ.
දරුවා බේරාගත් සංක්‍රමණිකයා එල්සී මාලිගාවේ සිය නිල නිවසට කැඳ වූ ප්‍රංශ ජනාධිපති එමානුඑල් මැක්‍රෝන් ඔහුට පෞද්ගලිකව ස්තුති කළේය.
![දරුවෙක් බේරාගත් මාලි ජාතික 'ස්පයිඩර් මෑන්'ට ප්‍රංශ පුරවැසිභාවය _101781191__101777896_de27-1](https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/4AAE/production/_101781191__101777896_de27-1.jpg)
එල්සී මාලිගාවට කැඳවූ ජනාධිපති එමානුඑල් මැක්‍රෝන් ඔහුට පෞද්ගලිකව ස්තුති කළේය
එහිදී Mamoudou Gassamaට ස්තුති කොට පදක්කමක් ද පිරි නැමූ ජනාධිපතිවරයා ඔහුට ප්‍රංශ පුරවැසිභාවය ලබා දෙන බව ද නිවේදනය කළේය.
පසුගිය සෙනසුරාදා සවස පැරීසියේ උතුරු ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ල අසලින් ඇවිද යන විට ඒ අවට පිරිස් රැස් වී සිටිනු දක්නට ලැබුණු බව Mamoudou Gassama පැවසීය.
දරුවා සඳලුතලයේ සිට පහතට එල්ලෙමින් සිටින විට "මම කිසි දෙයක් සිතුවේ නැහැ, මම ඔහු බේරාගත්තා" යැයි ඔහු ජනාධිපති මැක්‍රෝන්ට පැවසීය.
"මම දෑතින් ඔහු උස්සා ගනිද්දී, ඔහුට කතා කර ඇසුවා: 'ඇයි ඔබ මෙහෙම කළේ?' කියලා. හැබැයි ඔහු පිළිතුරු දුන්නේ නැහැ."
පැරිසියේ ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණෙන විට මාලි ජාතික සංක්‍රමණිකයා විසින් දරුවා බේරාගනු ලැබ තිබුණි.
Image copyright AFP
"වාසනාවට ශරීර ශක්තිය තිබෙන ධෛර්යමත් පුද්ගලයෙක් එම ස්ථානයේ ඉඳලා දරුවා බේරා ගත්තේ," ගිනි නිවන භටයන්ගේ ප්‍රකාශකයෙක් AFP පුවත් සේවයට පැවසීය.
සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ දෙමාපියන් නිවසේ සිට නොමැති බව ප්‍රදේශයේ බලධාරීන් පැවසූහ.
ඒ අවස්ථාවේ දරුවා නිවසේ තනිව සිටීම පිළිබඳ ඔහුගේ පියාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර ඇත. මව ඒ වන විට පැරිස් නගරයෙන් බැහැරව සිටි බව විශ්වාස කෙරේ.
පැරිස් නගරාධිපතිනිය වන ඈන් හිදල්ගෝ ද විසි දෙහැවිදිරි Mamoudou Gassamaගේ ක්‍රියාව අගයමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. ඇය ඔහුට පෞද්ගලික දුරකථන ඇමතුමක් ලබා දී ස්තුති කිරීමට ද කටයුතු කර තිබුණි.
Mamoudou Gassama "2018 ස්පයිඩර් මෑන්" ලෙසින් හඳුවන්වන නගරාධිපතිනිය ඔහු "සියලු පුරවැසියන්ට ආදර්ශයක්" බවත් සිය පණිවුඩයේ සඳහන් කරන්නීය.
» CCS.N0000 ( Ceylon Cold Stores)
» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
» When Will It Be Safe To Invest In The Stock Market Again?
» Dividend Announcements
» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
» SEYB.N0000 (Seylan Bank PLC)
» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
» The Korean Way !
» In the Meantime Within Our Shores!
» What is Known as Dementia?
» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
» Equinox ( වසන්ත විෂුවය ) !
» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
» REXP.N0000 (Richard Pieris Exports PLC)
» RICH.N0000 (Richard Pieris and Company PLC)
» Do You Have Computer Vision Syndrome?
» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
» What a Bank Run ?
» 104 Technical trading experiments by HUNTER
» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
» Cboe Volatility Index
» AHPL.N0000
» TJL.N0000 (Tee Jey Lanka PLC.)
» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
» Bitcoin and Cryptocurrency
» CSD.N0000 (Seylan Developments PLC)
» PLC.N0000 (People's Leasing and Finance PLC)
» Bakery Products ?
» NTB.N0000 (Nations Trust Bank PLC)
» Going South
» When Seagulls Follow the Trawler
» Re-activating
» අපි තමයි හොඳටම කරේ !
» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
» SAMP.N0000 (Sampath Bank PLC)
» APLA.N0000 (ACL Plastics PLC)
» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
» Banks, Finance & Insurance Sector Chart
» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
» WATA - Watawala
» KFP.N0000(Keels Food Products PLC)
» Capital Trust Broker in difficulty?
» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
» What Industry Would You Choose to Focus?
» Should I Stick Around, or Should I Follow Others' Lead?