- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඉරාන සහ මැද පෙරදිග උණුසුම නිසා වාර්තාගත ලෙස ඉහළ යන ඉන්ධන මිල
ඒ අනුව මේ වන විට බොර තෙල් බැරලයක මිල ඩොලර් 75කට අධික වන අතර, වසර තුනකට අධික කාලයකට පසුව තෙල් මිල මෙතරම් ඉහළ ගිය පළමු වතාව මෙයයි.
අවසාන වතාවට බොරතලේ මිල මෙතරම් ඉහළ ගියේ 2015 මාර්තු මාසයේ දීය.
පසුගිය දින හය මුළුල්ලේ තෙල් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පැවති අතර, ඒ අනුව මේ වසර මුලදී පැවති පහළ මට්ටමේ තෙල් මිලට සාපේක්ෂව මේ වනවිට මිල 20% කින් ඉහළ ගොස් ඇත.
දෙපාර්ශ්වය අතර ගැටුම් උණුසුම ඉහළ යාමත් සමග ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයේ ඛනිජ තෙල්වලට එරෙහිව යළිත් වරක් සම්බාධක පැණවීමට ඉඩ තිබෙන බවට පළවන බිය තෙල් මිල එතරම් ඉහළ යාමට ප්‍රධානම හේතුවය.
ඉරානය සමග අත්සන් තබා තිබෙන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වන්නේදැයි ඇමෙරිකා එක්සත් ජනපදය ලබන මැයි 12 වෙනි දින වන විට තීරණය කිරීමට නියමිතය.
ඉන්ධන නිෂ්පාදනය කපා හැරීමට 'ඔපෙක්' සංවිධානය සහ රුසියාව ඇතුලු ඉන්ධන නිපදවන අනෙක් රටවල් පසුගිය වසරේ එකඟවීමෙන් අනතුරුව මිල ක්‍රමයෙන් ඉහළ යමින් පැවතුණි.
මේ වසරේ අග භාගය දක්වා තෙල් නිෂ්පාදනය කපා හැරීමට ඔවුහු පසුගිය නොවැම්බරයේ දී එකඟ වූහ.
Image copyrightGETTY IMAGES
මැයි 12 වෙනි දිනට පෙර අදාළ න්‍යෂ්ඨික සම්මුතියේ පවතින "දරුණු අඩුපාඩු" නිවැරදි කිරීමට සිය යුරෝපීය හවුල්කරුවන් ක්‍රියා නොකරන්නේ නම්, ඉරානයට එරෙහි සම්භාධක යළිත් පණවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය එම සම්මුතියට අත්සන් තැබූ අනෙක් හවුල්කරුවෝය. සම්මුතිය දිගටම ක්‍රියාත්මක කිරීම ඔවුන්ගේ අභිලාශය වී තිබේ.
සම්බාධක යළිත් පණවනු ලැබුවහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 දක්වා ඉහළ යාමට ඉඩ තිබෙන බව CMC Markets ආයතනයේ ප්‍රධාන විශ්ලේෂක මයිකල් හෙව්සන් (Michael Hewson) මේ අතර පෙන්වා දී තිබේ.
Twitter හි @ArjunaRanatunga කළ වෙනි පළකිරීම මග හරින්න
View image on Twitter
View image on Twitter
Arjuna Ranatunga
@ArjunaRanatunga
"Decision of fuel price hike depends on the President and the Prime Minister" - Minister #ArjunaRanatunga
More on http://www.eonenews.com/view.php?cat=2196 …
4:12 PM - Apr 19, 2018
6
See Arjuna Ranatunga's other Tweets
Twitter Ads info and privacy
Twitter හි @ArjunaRanatunga කළ වෙනි පළකිරීමේ අවසානය
ලෝක වෙළෙඳපොලේ මිල ඉහළ යාමත් සමග ශ්‍රී ලංකාවේ ද තෙල් මිල ඉහළ දැමිය යුතු දැයි යන්න පිළිබඳ ආණ්ඩුව සලකා බලමින් සිටින බව ජනමාධ්‍ය වාර්තා කරයි.
එසේ තෙල් මිල ඉහළ දමනු ලබන්නේ නම් එය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් තීරණය කළ යුත්තක් බව ඛනිජ තෙල් කටයුතු භාර අමාත්‍ය අර්ජුන රණතුංග පසුගියදා සඳහන් කර තිබුණි.
https://www.bbc.com/sinhala/world-43878829
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ඉරාන සහ මැද පෙරදිග උණුසුම නිසා වාර්තාගත ලෙස ඉහළ යන ඉන්ධන මිල
COLOMBO (News 1st) ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම සඳහා 2018 ජූනි මාසය තෙක් කල් ගැනීම සම්බන්ධයෙන් කළ ඉල්ලීම විධායක මණ්ඩලය සලකා බලනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එම අරමුදල අවධාරණය කරන්නේ, මෙය බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගනු ලබන ප්‍රධාන පියවරක් බව ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව් වන සමාලෝචනය පිළිබඳව නිලධාරී මට්ටමේ එකඟතාවකට එළැඹ තිබේ.
ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී මැනුඑලා ගොරති මහත්මිය ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ, ස්වයංක්‍රීය ඉන්ධන මිල නියාමන යාන්ත්‍රණයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමට යටත්ව ජූනි මාසයේදී 4 වන සමාලෝචනය අවසන් කිරීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම විධායක මණ්ඩලය සලකා බලනු ඇති බව ය.
ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වසරේ මාර්තු මාසය දක්වා කල් ලබා දී තිබිණි.
එහෙත් මේ පිළිබඳව තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළේ ය.
මේ වන විට අමාත්‍යවරයා වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත සෘතු සාකච්ඡා වටයට සහභාගි වී සිටියි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව් වන සමාලෝචනය පිළිබඳව නිලධාරී මට්ටමේ එකඟතා ප්‍රකාශයට පත් වූයේ මෙම සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී ය.
ඉන්ධන මිල සූත්‍රයට අමතරව රජයේ ව්‍යාපාරවල පාලනය ශක්තිමත් කළ යුතු බවත් එමගින් රාජ්‍ය මූල්‍ය මත ඇති අවදානම අවම කිරීමට පියවර ගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
එහි දූත මණ්ඩල ප්‍රධානී මැනුඑලා ගොරති මහත්මිය පවසන්නේ, ණය කළමනාකරණය වැඩි දියුණු කිරීම සහ දේශීය ආදායම් පනත හා අයවැයෙහි සඳහන් ආදායම් උපයා ගැනීමේ අනෙකුත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියක් අත්පත් කර ගත යුතු බව ය.
සංචිත ඉහළ නංවා ගැනීම සහ විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී බවක් පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ද ඇය අවධාරණය කර තිබේ.
කාලගුණ තත්ත්වය නිසා පසුගිය වසරේ පසුබෑමට ලක්වූ කෘෂි කර්මාන්තය යථා තත්ත්වයට පත් වෙමින් ඇතැයි පවසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පෙන්වා දෙන්නේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය 4%ක මට්ටමකට පත්වනු ඇති බව ය.