- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
NOTICE TO CLIENTS OF STOCKBROKER FIRMS
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga
Re: NOTICE TO CLIENTS OF STOCKBROKER FIRMS
April, 24, 2018
කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් 4 ක ගනුදෙනු ක්‍රියාකාරකම් තහනම් කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.
අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වීම සහ අවම කොටස්කරුවන්ගේ අරමුදල් අවශ්‍යතා සපුරාලීමට අසමත්වීම යන කරුණු හේතුවෙන් මෙම පියවර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ.
මෙලෙස ගනුදෙනු ක්‍රියාකාරකම් තහනම් වී ඇති තැරැව්කාර සමාගම් වනුයේ,
1. නේෂන් ලංකා ඉක්විටීස් (පුද්) සමාගම
2. නවාරා සිකියුරිටීස් (පුද්) සමාගම
3. TKS සිකියුරිටීස් (පුද්) සමාගම
4. ක්ලැරිඩ්ජ් ස්ටොක්බ්‍රෝකර්ස් (පුද්) සමාගම
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කොළඹ කොටස් වෙළෙඳපොළ කියා සිටින්නේ, අදාළ තැරැව්කාර සමාගම් සමඟ කටයුතු කළ ගනුදෙනුකරුවන් හට සිය කොටස් ගිණුම් වෙනත් තැරැව්කාර සමාගමක් වෙත මාරු කර ගන්රනා ලෙසයි.
2018 අප්‍රේල් 17 දින සිට මෙම ගනුදෙනු ක්‍රියාකාරකම් තහනම බලපැවැත්වේ.
අදාළ සමාගම් විසින් අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අවශ්‍යතා සහ අවම කොටස්කරුවන්ගේ අරමුදල් අවශ්‍යතා සපුරාලීමට සමත් වූ වහාම මෙම ගනුදෙනු තහනම ඉවත් කිරීමට නියමිත බව කොළඹ කොටස් වෙළෙඳපොළ වැඩිදුරටත් කියා සිටී.