- The Invisible
- Posts : 3116
Join date : 2016-11-28
Age : 44
Sri Lanka gold, jewellery price up after tax hike
Before the New Year, gold was trading around 53,000 to 54,000 rupees for 8.00 grams.
Jewellery grade 22 carat gold was quoted around 59,000 - 60,000 rupees a sovereign, up from around 50,000-51.000 rupees before the tax hike.
The tax on gold is expected to increase smuggling into the country, while legal imports fall.
Due to a 10 percent import duty at 3 percent value added tax in India, gold imported to Sri Lanka was being smuggled into India giving a profits to smugglers in the island. (Colombo/Mar19/2018)
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga
Re: Sri Lanka gold, jewellery price up after tax hike
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga
Re: Sri Lanka gold, jewellery price up after tax hike
(විනීතා එම් ගමගේ)
ආනයනික රත්තරන් සඳහා ඉකුත් 17 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ සිට සියයට 15 ක තීරු බද්දක් පනවා ඇති බැවින් රන් පවුමක මිල රුපියල් 8000 කින් පමණ ඉහළ යා හැකි යැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
මෙසේ රන් මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක ව්‍යාජ රන් ආභරණ වෙළඳ පොළට පැමිණීමේ ඉහළ ප‍්‍රවණතාවක් ඇති බැවින් රන් ආභරණ මිල දී ගැනීමේ දී ප‍්‍රවේශම්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේෂ් ගම්මම්පිල මහතා ලංකාදීපයට පැවැසීය.
එබැවින් රන් ආභරණ මිල දී ගැනීමේ දී නියමිත ප්රමිතිය ඇත්දැයි සොයා බලා මිල දී ගන්නැයි පාරිභෝගිකයාගෙන් ඉල්ලා සිටින බව කී ගම්මම්පිල මහතා ඒ වෙනුවෙන් අධිකාරිය විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි ද කීය. නියමිත ප‍්‍රමිතියෙන් යුත් රන් ආභරණ සඳහා අධිකාරිය මඟින් ලබා දෙන ප‍්‍රමිති සහතික මුද්‍රාව තබා ඇති රන් ආභරණ පමණක් මිල දී ගන්නැයි පාරිභෝගික ජනතාවගෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් ද කළේය.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 57
Location : Waga
Re: Sri Lanka gold, jewellery price up after tax hike
April, 24, 2018
2018 මාර්තු මාසය තුළ දී නිල සංචිත වත්කම්වල අඩුවීමක් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සතිපතා ආර්ථික විමර්ෂන වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
2018 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 7,309.11 ක් ලෙසින් වාර්තා වී ඇත. මේ අනුව 2018 පෙබරවාරි 28 දිනට පැවති ඩොලර් මිලියන 7,922.37 හා සැසඳීමේ දී ඩොලර් මිලියන 613.26 කින් මාර්තු මාසය තුළ දී නිල සංචිත වත්කම් පහළ ගොස් තිබේ.
මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත් විදේශ විනිමය සංචිතයේ පහළ යාමයි. 2018 පෙබරවාරි 28 දිනට ඩොලර් මිලියන 6,906.46 ක විදේශ විනිමය සංචිත ප්‍රමාණයක් පැවති අතර එය මාර්තු 31 දින වන විට ඩොලර් මිලියන 6,343.17 ක් දක්වා ඩොලර් මිලියන 559.23 කින් අඩු වී ඇත.
මේ අතර පෙබරවාරි මාසය අවසානයේ දී පැවති රන් සංචිතයේ වටිනාකම ද ඩොලර් මිලියන 945.07 සිට ඩොලර් මිලියන 894.73 ක් දක්වා ඩොලර් මිලියන 50.34 කින් 2018 මාර්තු මාසය තුළ දී පහළ ගොස් තිබේ.