The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

    හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය Empty හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය

    Post by Ethical Trader Fri Nov 24, 2017 5:33 pm

    BBC Sandeshaya  පැය 3 කට පෙර
    හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය _98402406_gettyimages-534134538
    Image copyright Getty Images

    සිය සැබෑ දෙමාපියන් සොයාගැනීම සඳහා සිය ජීව දත්ත ඇතුළත් "DNA බැංකුවක්" ස්ථාපිත කිරීමේ උත්සාහයක නියැළි සිටින 1980 දශකයේ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය දරුවන් පිරිසකට ඒ සඳහා ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්ත රජයේ සහාය හිමිව තිබේ.

    විශේෂයෙන්ම ඔවුන් හදා වඩා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් ලබා දුන් ලියකියවිලි රැසක් ව්‍යාජ බැවින් සැබෑ දෙමාපියන් හඳුනාගැනීම අසීරු වී ඇති බව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරමින් ඔවුහු පසුගිය සැප්තැම්බර් මාසයේ බීබීසි සිංහල සේවයට පැවසූහ.

    "Sri Lanka Family Project" ලෙස නම් කර තිබෙන මෙම ව්‍යාපෘතියේ අරමුණ 80 දශකයේ ශ්‍රී ලංකාවෙන් ගෙන ගොස් සිටින දරුවන් 4,000කට පමණ සිය සැබෑ ශ්‍රී ලාංකික දෙමාපියන් මුණගැස්වීමය.

    ව්‍යාපෘතියේ නිර්මාතෘවරයෙකු වන පීටර් රෝවාන් වැන් විලන් ඇතුළු පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේ තම අදහසක් පරිදි ක්‍රියාත්මක වෙන මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ සහාය ලබාගැනීම සඳහාය.
    හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය _98889321_6e4e2141-c5c3-4299-9275-00493a29e9da
    ඒ පිළිබඳව නෙදර්ලන්ත ශ්‍රී ලංකා තානාපතිනිය සමග සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමග සිදු කළ සාකච්ඡා සාර්ථක බව ඔවුහු පවසති.

    "අපි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලුවේ දරුවන් සොයන අම්මලාගේ ඩීඑන්ඒ ගන්න අපිට උදව් කරන්න කියලා. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළා," පීටර් වැන් වීලන් බීබීසී සිංහල සේවයට පැවසීය.

    මේ වන විට නෙදර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකික දරුවන් 500ක් පමණ සිය DNA ලබාදීම සඳහා ලියාපදිංචි වී ඇති බව පැවසූ ඔහු, එබැවින් ඉදිරියේදී සිය ව්‍යාපෘතිය තවදුරටත් සාර්ථක වනු ඇතැයි යන්න සිය බලාපොරොත්තුව බවත් සඳහන් කළේය.

    ශ්‍රී ලාංකික මවුවරුන් දැනුවත් කර, ඔවුන්ගේ DNA ලබාගැනීම සඳහා ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඔහු සැලසුම් කරයි.

    ඒ පිළිබඳව බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, මෙම දරුවන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම මගින් ඔවුන්ට මෙන්ම රටට විශාල ප්‍රතිලාභ අත්වනු ඇති බවට විශ්වාසය පළ කළේය.
    හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය _98889324_84f6e301-10fa-44d2-9f64-7112ef0d15a2
    "මම කතාකරපු ළමයි, ගොඩක් ඉහළ අධ්‍යාපනයක් ලබලා, හොඳ රැකියා කරන අය. සමහර වෙලාවට මෙහෙ හිටියනම් ඔවුන් රැකියාවක් ඉල්ලගෙන අපේ පස්සෙන් එන්න තිබුනා. ඕනෑම කෙනෙක්ට තමන්ගේ සැබෑ මවුපියන් මෙන්ම උපන් ස්ථානය අමතක කරන්න බැහැ. ඔවුන්ගේ දෙමාපියන් හොයාගන්න පුළුවන් වුනොත් ඔවුන් ලංකාවට ඇවිල්ල එන්න යයි, ලංකාවට උදව් කරයි," අමාත්‍යවරයා පැවසීය.

    සිය ව්‍යාපෘතිය පිළිබඳව බීබීසි සිංහල සේවය සමග වැඩිදුරටත් අදහස් දැක්වූ පීටර් රෝවාන් වැන් විලන්: "අපිට කියන්න බැහැ කීදෙනෙක් හොයාගන්න පුළුවන්ද වෙයිද කියලා. නමුත් ලොකු විශ්වාසයක් තියෙනවා මේ දෙයින් අපේ ගොඩක් අයට අපේ දෙමව්පියන් හොයාගන්න පුළුවන් වෙයි කියලා," යනුවෙන් ද සඳහන් කළේය.

    "මගේ ලියකියවිලි වල තියෙන්නේ මම වාද්දුව ප්‍රදේශයේ ඉපදුනු කෙනෙක් කියලා. ඒ ලියකියවිලිවල තියෙන තොරතුරු ගොඩක් බොරු. ඒ නිසා මට මගේ දෙමාපියන් හොයා ගන්න බැරිවුනා. මට විතරක් නෙවෙයි, නෙදර්ලන්තයේත්, යුරෝපයේ අනිකුත් රටවලත් මේ ගැටලුව නිසා ගොඩක් දෙනා පීඩා විඳිනවා," යනුවෙන් ඔහු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හේතු පැහැදිලි කළේය.

    "අපිට අපේ එහේ දෙමාපියන් හොඳට සලකනවා. නමුත් හිතේ හැමතැනකම හැමදාම මේ පීඩාව තියෙනවා. අපේ සැබෑ දෙමාපියන් කවුද කියන එක. ශ්‍රී ලංකාවට අපි ගොඩක් සමීපයි කියල මෙහෙ අවාම දැනෙනවා."
    ව්‍යාජ ලේඛන සමග විදේශිකයන්ට දුන් දරුවන් සොයන්න DNA බැංකුවක්

    මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකාවෙන් හදා වඩා ගැනීමට දුන් සිය මිතුරන් කිහිප දෙනෙකු පලකළ පුවත්පත් දැන්වීමකට ප්‍රතිචාර දක්වමින් මෑණියන් 50 දෙනෙකු ඔවුන් සිටි හෝටලයට පැමිණි බව ඔහු සිහිපත් කළේය.

    ශ්‍රී ලාංකික මව්පියන් ද සිය දරුවන් සොයා ගැනීමේ උත්සාහයක නියැලෙන බැවින් ඔවුන් දෙපාර්ශවය මුණගැස්වීම පිණිස තිබෙන එකම විකල්පය මෙම ඩීඑන්ඒ බැංකුව බව පීටර් වැන් විලන් ගේ අදහසය.

    "අපි විශේෂයෙන්ම මේ DNA දත්ත වල ආරක්ෂාව, ඒ වගේම එහි නිරවද්‍යතාව 100%ක් තහවුරු කර ගත යුතු වෙනවා. ඒකට අපි නවීන තාක්ෂණය භාවිත කරන්න බලාපොරොත්තු වෙනවා," යනුවෙන් පීටර් සමග ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඩෑෆනි තෝමස් සිය ව්‍යාපෘතිය ගැන කරුණු දැක්වීය.

    1980 මුල භාගයේ දරුකමට හදා ගැනීම පිණිස ශ්‍රී ලංකාවෙන් ගෙන ගොස් තිබෙන ඇයටද තවමත් සිය දෙමව්පියන් සොයාගැනීමට හැකියාවක් ලැබී නැත.

    "මේ දත්ත ගබඩාව හැදුවම ලෝකේ කොහේ හරි සිටින ශ්‍රී ලංකාවෙන් හදා වඩා ගන්න දුන්න කෙනෙක්ට, ශ්‍රී ලංකාවෙන් දරුවන් දුන්නු අම්මල එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔවුන්ගේ DNA ලේසියෙන් සසඳලා සිය සැබෑ අම්මව, පුතාව දුවව සොයන්න පුළුවන්."

    මෙම ව්‍යාපෘතිය සඳහා DNA එකතුකිරීම ලබන වසර මුල සිට ආරම්භ කිරීමට නියමිතය.

      Current date/time is Sun Oct 06, 2024 1:25 pm