The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ?

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? Empty 'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ?

    Post by Ethical Trader Thu Nov 23, 2017 5:38 pm

    BBC Sandeshaya මිනිත්තු 4 පෙර
    'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? _98875919_37b4bab5-7980-446f-bd68-11857a210636
    Image copyright AFP
    Image caption පද්මාවතී රැජින චරිතය රඟන දීපිකා පදුකෝන්ගේ නාසය කපා දමන බවට අන්තවාදීහු තර්ජනය කරති.

    'පද්මාවතී' නැරඹීමට බලා සිටි බොලිවුඩ් සිනමාලෝලීන්ගේ සිහිනය ඉක්මනින් සැබෑ වෙන තත්ත්වයක් පෙනෙන්නට නැත.

    හේතුව එම සිනමා වෘත්තාන්තයට එරෙහි තර්ජන මුල්කර ගත් අවුල දිනෙන් දින තවත් ව්‍යාකූල අතට හැරෙමින් පැවතීමය.

    සන්ජේ ලීලා භන්සාලි (Sanjay Leela Bhansali) විසින් අධ්‍යක්ෂණය කරනු ලබන 'පද්මාවතී' දාහතර වෙනි සියවසට අයත් මුඛ පරම්පරාගත වෘත්තාන්තයක් පාදක කර ගනිමින් නිමැවෙමින් ඇති සිනමා සිත්තමකි.

    සන්ජේ ලීලා භන්සාලි 'පද්මාවතී' සිනමාපටයේ තිර කතාව ලියා ඇත්තේ මලික් මුහම්මද් ජයසි කවියාගේ "පද්මාවත්" කාව්‍යය (1540) මගින් ලද ආභාෂය මතය.

    ඉන්දීය පුරාවෘත්තවල පද්මාවතී රැජින "රානි පද්මිනී" යනුවෙන් ද හඳුන්වනු ලැබ ඇත.

    දීපිකා පදුකෝන්, සහ රන්වීර් සිං 'පද්මාවතී' සිනමා වෘත්තාන්තයේ ප්‍රධාන චරිතවලට පණ පොවති.

    එහෙත් එම සිනමා නිර්මාණය අභියෝගයකට මුහුණ දීමට පටන්ගත්තේ හින්දු "රාජ්පුත්'කණ්ඩායම් ඊට එරෙහිව නැගී සිටීමත් සමඟය.

    මතභේදයට ලක්ව ඇති මේ සිනමා වෘත්තාන්තයේ ප්‍රධාන භූමිකාව 'පද්මාවතී' රැජිනය.

    ඇය රාජස්ථාන් ප්‍රාන්තයේ රණකාමී වංශයක් වන 'රාජ්පුත්'වරුන්ගේ ගෞරවය ලබන මිත්‍යාමය වීර චරිතයකි.
    'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? _98875920_10becb62-fc82-4043-806f-9194299fe011
    Image copyright viacom18motionpictures
    Image caption පද්මාවතිය හින්දු පුරාවෘත්තවල දැක්වෙන අතිසුරූපී එසේම පතිවත දහමක් කරගත් කාන්තා චරිතයකි

    ඉන්දීය ඉතිහාසයේ මධ්‍යතන යුගයේ සිදු වූ මුස්ලිම් ආක්‍රමණ සමඟ බිහි වූ දිල්ලි සුල්තාන් අධිරාජ්‍ය පාලනය තුළ බලය අල්ලා ගත් තුර්කි-ඇෆ්ඝන් සම්භවයක් සහිත අලවුද්දීන් ඛිල්ජි (Alauddin Khilji) අධිරාජයා සහ එවක රාජස්ථානයේ සිටියේ යැයි පැවසෙන 'පද්මාවතී' රැජිනගේ චරිත තේමා කර ගනිමින් එහි තිර පිටපත රචනා කරනු ලැබ ඇත.

    පෞරාණික වෘත්තාන්තවලට අනුව අලවුද්දීන් ඛිල්ජි අධිරාජයා රාජස්ථානය (පැරණි හැඳින්වීම රාජපුතානා) ආක්‍රමණය කරන ලද්දේ පද්මාවතී රැජිනගේ රූපශ්‍රියාව පිළිබඳව දැන ගැනීමෙන් අනතුරුව ඇය ලබා ගැනීම සඳහාය.

    'රාජපුතානා' ආරක්ෂක භටයෝ සිය 'චිතෝර්' බලකොටුව බිඳ වැටීමට පෙර මරණය තෙක්ම සටන් වදිමින් සිටි නමුත් අවසානයේ අත්වූ පරාජයෙන් අනතුරුව පද්මාවතී රැජින ආක්‍රමණිකයාගේ කාම ගොදුරක් නොවී සිය ගෞරවය රැක ගැනීම් වස් බලකොටුවේ සිටි සෙසු කාන්තාවන් ද සමඟ සියදිවි හානිකර ගත් බව පුරාවෘත්ත මගින් පැවසෙයි.

    "සිම්හලද්වීපයේ පද්මාවතී"

    ඊට සමාන චරිතයක් ශ්‍රී ලංකාවේ නූර්ති ඉතිහාසයේ සමාරම්භක පුරෝගාමියකු වන චාර්ල්ස් ඩයස් සූරීන්ගේ "පත්මාවතී" නූර්තියේ ද දක්නට ලැබෙයි.

    මලික් මුහම්මද් ජයසි කවියාගේ "පද්මාවත්" කාව්‍යය ආරම්භ වන්නේ "සිම්හල ද්වීප"( kingdom of Simhala-dvipa) රාජධානිය පිළිබඳ අලංකාර වර්ණනාවකිනි.

    කවියා දකින "සිම්හල ද්වීපයේ" පද්මාවතිය දෙවඟනකටත් වඩා සුරූපී එසේම සෑම අයුරකින්ම පරිපූර්ණ කාන්තා රත්නයකි.

    'පද්මාවත්' කාව්‍යය අනුව 'සිම්හල ද්වීපයේ' පද්මාවත් නම් කුමරිය ඉන්දියාවේ 'රාජ රතන් සිං ( Raja Ratan Singh) රජතුමා සමඟ විවාහ වන්නීය.

    චාර්ල්ස් ඩයස් ශූරීන්ගේ පද්මාවතී නූර්තියේ එන "දැක්කොත් පත්මාවතී -ආලේ නොකර බැරී" ගායනයෙන් වර්ණනා කරනු ලබන්නේ ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ එන පද්මාවතියගේ රූප ශ්‍රියාවය.

    එහෙත් ඉන්දියානු වෙනත් පුරාවෘත අනුව 'පද්මාවතී" රැජින සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධයක් නොමැත.
    'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? _98875922_a126b10e-2716-4785-81f1-8a6ef8fb5704
    Image copyright Reuters
    Image caption පද්මාවතී එපා!චිත්‍රපටය තහනම් කරන ලෙස බල කරන විරෝධතා ව්‍යාපාරයක්

    කෙසේවුවද, එම පෞරාණික වෘත්තාන්ත සබඳතා සැලකිල්ලට ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් සන්ජේ ලීලා භන්සාලි, තම සිනමාපටයේ 'පද්මාවතී' චරිතය රඟන දීපිකා පදුකෝන් වෙනුවෙන් නිර්දේශ කරන ලද කාන්තා ඇඳුම් විලාසිතා ශ්‍රී ලාංකික ඌරුව අනුව නිර්මාණය කරන ලද ඒවා බව ද පැවසේ.

    පතිවත වෙනුවෙන් සති පූජාවක්

    'අවධි'(Awadhi language) භාෂාවෙන් රචිත වෘත්තාන්තයක් අනුව පද්මාවතී රැජින, අලා උද්දීන් ඛිල්ජි අධිරාජයා සමඟ සටනේ දී මරණයට පත් සිය සැමියා වෙනුවෙන් ඔහුගේ චිතකයට පැන 'සති' පූජාවේ යෙදෙමින් සිය ගරුත්වය රැක ගන්නීය.

    ඉන් අනතුරුව අද දක්වා පද්මාවතී රැජින කාන්තාවක් සිය ගරුත්වය රැක ගත යුතු ආකාරය සංකේතවත් කරන පවිත්‍ර චරිතයක් ලෙස 'රාජ්පුත්' සමාජයේ බුහුමන් ලබන්නීය.

    එවැනි පසුබිමක් යටතේ 'පද්මාවතී' සිනමාපටය සටන්කාමී හින්දු රාජ්පුත්වරුන්ගේ විරෝධය හමුවේ සිනමාලෝලීන් ඉදිරියට ඒම මේවනවිට ගැටලුවක් බවට පත්ව ඇත.

    රාජ්පුත් සහ හින්දු කණ්ඩායම් 'පද්මාවතී' චිත්‍රපටයට එරෙහිව නැගී සිටින්නේ එකී අභිමානවත් චරිතයට දීපිකා පදුකෝන් පණ දීම එම චරිතය කෙලෙසීමක් ලෙස සලකමිනි.

    ඒ අනුව චිත්‍රපටය තහනම් කරන මෙන් ඔවුහු ඉල්ලා සිටිති.

    මේ වසර මුලදී 'පද්මාවතී' රූගත කෙරෙමින් පැවති දර්ශන තලයකට කඩා වැදුන කණ්ඩායමක් ඊට බාධා කළ අතර, අධ්‍යක්ෂ භන්සාලිට කම්මුල් පහරක් එල්ල කරන ලද බව වාර්තා විය.

    සන්ජේ ලීලා භන්සාලිගේ පඹයන් පුළුස්සමින් ඔහු මරා දමන බවට තර්ජනය කරන රාජ්පුත්වරු, දීපිකා පදුකෝන්ට දිය යුතු දඬුවම ලෙස පෙන්වා දෙන්නේ, පංච තන්ත්‍රයේ එන කතා වස්තුවක පරපුරුෂ සේවනයේ යෙදුණ කාන්තාවකට දුන් දඬුවමක් සිහිපත් කරමින් දීපිකාගේ ද නාසය කපා දමන බවට අනතුරු අඟවමිනි.
    'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? _98875923_3c227d8b-287d-4942-acde-b17cb00f9074
    Image copyright viacom18motionpictures
    Image caption පද්මාවතී සිනමා පටයේ අලා උද්දීන් ඛිල්ජි අධිරාජයාට රඟන රන්වීර් සිං

    ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය යටතේ ඇති රාජස්තාන්, උත්තර් ප්‍රදේශ් සහ හර්යානා ඇතුළු ඉන්දීය ප්‍රාන්ත කීපයකින් "පද්මාවතී" එරෙහි උද්ඝෝෂණ වාර්තා වී ඇත.

    මේ අතර රාජස්ථාන් මහඇමතිනි වසුන්දරා රාජේ ප්‍රශ්නයට මැදිහත් වෙමින් ප්‍රජාව අතර පවතින සංවේදී ආකල්පවලට හානියක් නොවන මට්ටමින් අවශ්‍ය වෙනස්කම් සිදු කෙරෙන තෙක් 'පද්මාවතී' ප්‍රදර්ශනය නතර කරන මෙන් ඉල්ලීමක් කළාය.

    රාජස්ථානයේ අතීත රජ පවුලට නෑකම් සහිත පුද්ගලයෝ 'පද්මාවතී' චිත්‍රපටය තිරගත නොකරන මෙන් ඉල්ලා සිටිති.

    ඔවුන්ගෙන් එක් තැනැත්තකු වෙන මහේන්ද්‍ර සිං අදහස් දක්වමින්, චිත්‍රපටයේ දැක්වෙන පද්මාවතී රැජිනගේ භූමිකාව කලාව මෙන්ම ඉතිහාසය විකෘති කරන ප්‍රෝඩාවක් ලෙස විග්‍රහ කළේය.

    එහෙත් 'පද්මාවතී' සිනමා වෘත්තාන්තයේ ප්‍රධාන චරිත දෙක අතර සරාගී දර්ශන ඇතුළත් බවට හින්දු කණ්ඩායම් සහ රාජ්පුත් කුලීනයන්ගේ සංවිධානයක් එල්ල කරන චෝදනා එහි නිෂ්පාදකයන් විසින් බැහැර කරනු ලැබ ඇත.

    මෙම චිත්‍රපටය සඳහා විශාල විරෝධයක් ගොඩ නැගී ඇත්තේ ඒ සම්බන්ධයෙන් පැතිර යමින් පවතින පදනමක් නොමැති දූෂමාණ කටකතා නිසා බව අධ්‍යක්ෂ භන්සාලි පවසයි.

    එම කටකතා අනුව කියැවෙන්නේ අලා උද්දීන් ඛිල්ජි අධිරාජ චරිතයට පණ පොවන රන්වීර් සිං සහ චිත්‍රපටයේ පද්මාවතිය වන දීපිකා පදුකෝන් ආලයෙන් වෙලී සිටින දර්ශන චිත්‍රපටයට ඇතුළත් බවය.

    එහෙත් එවැන්නක් නොමැති බවට අධ්‍යක්ෂවරයාගෙන් ලැබෙන සහතික කිරීම් "බීරි අලින්ට වීණා වාදනය කිරීමට සමාන තත්ත්වයක" පවතී.

    මේ අතර අධ්‍යක්ෂවරයාට සහ පද්මාවතී චරිතයට පණදෙන දීපිකා පදුකෝන්ට එල්ල වෙමින් ඇති තර්ජන පිළිබඳව කණස්සල්ල පළකරන්නෝ ද සිටිති.

    උගතුන් සහ ඉතිහාසඥයන් කණ්ඩායමක් 'බොලිවුඩ්' චිත්‍රපට නිෂ්පාදකයාට සහයෝගය පළකරන අතරවාරයේ ප්‍රකාශයක් කරන 'අලිගාර්' මුස්ලිම් සරසවියේ ඉතිහාසඥයකු වන ඉර්ෆාන් හබීබ් "පද්මාවතී චරිතය සැබෑ ඓතිහාසික චරිතයක් නොව සංකල්පීය නිර්මාණයක්" බව පෙන්වා දුන්නේය.

    අලා උද්දීන් ඛිල්ජි අධිරාජයා රාජපුතානාහි "චිතෝර්" බලකොටුව බිඳ හෙළීම ඓතිහාසික සත්‍යයක් වුවත් එම යුගයට අයත් "පද්මාවතී" නම් රාජකීය චරිතයක් පිළිබඳව සඳහනක් නොමැති බව ඉර්ෆාන් හබීබ් පවසයි.
    'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? _98875925_bhansali
    Image copyright FADEL SENNA
    Image caption 'පද්මාවතී' අධ්‍යක්ෂ සන්ජේ ලීලා භන්සාලිට මරණ තර්ජන එල්ල වී ඇත.

    'පද්මාවතී' තිරගත කරනු ලැබීම නතර කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් වූ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බැහැර කරනු ලැබීය.

    එසේම අලහබාද් මහාධිකරණය ද එවැනි ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළේය.

    එහෙත් එය තිරගත කිරීමට චිත්‍රපට අනුමතකිරීමේ මධ්‍යම මණ්ඩලයේ අනුමැතිය ලැබිය යුතුව ඇත.

    අභියෝගවලට මුහුණ දෙමින් ගෙන ගිය දීර්ඝ අරගලයකින් අනතුරුව පද්මාවතී චිත්‍රපටය දෙසැම්බර් මාසයේ පළමුවෙනිදා ප්‍රදර්ශනය කිරීම නිෂ්පාදකයන්ගේ ඉලක්කය වී තිබුනත් දැන් උද්ගතව පවතින විරෝධය හමුවේ එය ප්‍රමාද වීමට ඉඩකඩ ඇති බව පෙනෙන්නට ඇත.
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? Empty Re: 'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ?

    Post by CK Thu Nov 23, 2017 8:12 pm

    Idiots ...
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ? Empty Re: 'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ?

    Post by Ethical Trader Fri Nov 24, 2017 1:22 pm

    India is a great land where world class religions were born. At the same time its a world by itself having both Good & Bad elements.
    CK wrote:Idiots ...

      Current date/time is Sat Jul 27, 2024 1:21 pm