- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක්
BBC Sandeshaya 2017 ජුනි 27
Image copyright SLC
ලසිත් මාලිංගට එරෙහි චෝදනා පිළිබඳව පැවති විභාගයේදී තරග සංචාර කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු යැයි තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
පරීක්ෂණ මණ්ඩලය හමුවේ අද (ජුනි 27) පෙනී සිටි ලසිත් මාලිංග අදාළ චෝදනා පිළිගත් අතර ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
විමර්ශනයේ ප්‍රතිඵල අද සවස විශේෂයෙන් රැස්වූ විධායක කමිටුවට දැනුම් දෙන ලද අතර එහිදී මාලිංගට හය මසකට අත්හිටුවන ලද එක් වසරක තරග තහනමක් මෙන්ම මීළඟ එක්දින තරග මුදලින් සියයට 50 ක දඩයක් ද පැනවිණි.
කෙසේවෙතත්, අද දහවල් මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේ, නුදුරේදී සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරග සඳහා ලසිත් මාලිංග ගේ සහභාගීත්වයට මෙම විමර්ශනවලින් බාධාවක් එල්ල නොවනු ඇති බවය.
තමන් සමග අත්සන් තබා තිබෙන කොන්ත්‍රාත්තුව "දිගින් දිගටම උල්ලංඝනය කිරීම" සම්බන්ධයෙන් ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එහි ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ විනය කමිටුවේ සභාපති අසේල රැකව යන සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් ප්‍රකාශයට පත් කරනු ලැබිණි.
විශේෂයෙන්ම එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් අනතුරුව ලසිත් මාලිංග දෙවතාවක්ම අවසරයකින් තොරව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීම හේතුවෙන් ඔහුට එරෙහි විනය පරීක්ෂණය කඩිනම් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
මේ අතර, ලබන 30 වෙනිදා සහ ජුලි මස 02 වෙනිදා සිම්බාබ්වේ සමග පැවැත්වෙන එක්දින තරග දෙක සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම මෙසේය.
උපුල් තරංග (උප නායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිදු හසරංග, එල්. සඳකැන්, අඛිල ධනංජය, නුවන් ප්‍රදීප් ප්‍රනාන්දු, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර සහ ලහිරු මදුශංක.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ලසිත් මාලිංගට හය මසකට අත්හිටවූ තහනමක් හා දඩයක්
Why?
If I am in his boots, I will not apologies and give my resignation and go play somewhere else.
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01