- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න"
BBC Sandeshaya පැය 5 කට පෙර
සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් ඇතුළු රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමග සියලු සම්බන්ධතා අත්හිටුවීමත් සමග හටගත් කලාපීය රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවමත් නිමා වී නැත.
මේ අතර දැනට පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට නම් කටාරයේ මූලස්ථානය පිහිටි අල් ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම ඇතුළු ඉල්ලීම් දහතුනක් ඉහත කී අරාබි රටවල් හතර කටාරය වෙත ඉදිරිපත් කර තිබේ.
ඉරානය සමග සම්බන්ධතා අඩු කිරීම සහ කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත් කිරීම ඇතුළු සිය ඉල්ලීම් දින දහයක් ඇතුළත ඉටු කළ යුතු බවත් එම රටවල් ඉදිරිපත් කරන ප්‍රධාන කොන්දේසියකි.
එම ඉල්ලීම් ඇතුළත් ලැයිස්තුවක පිටපතක් ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) පුවත් සේවයට ද ලැබී තිබේ. ඒවා අතර:
මුස්ලිම් සහෝදරත්වය සංවිධානය සමග සම්බන්ධතා අත්හැරීම
සිය රටවල් හතරේ පුරවැසියන්ට කටාරයේ පුරවැසිභාවය ලබා නොදීම සහ දැනට එසේ පුරවැසිභාවය ලබා දී තිබෙන පුද්ගලයන් පිටුවහල් කිරීම
ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේ අවශ්‍යව සිටින පුද්ගලයන් එම රටවල් හතරට භාරදීම
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරනු ලැබ තිබෙන ඕනෑම සංවිධානයකට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම
විශේෂයෙන්ම සවුදි අරාබිය ඇතුළු සිය රටවල විරුද්ධ පක්ෂ නායකයන්ට කටාරය මූල්‍යාධාර ලබා දුන් අවස්ථා පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබාදීම
අල් ජසීරා (Al Jazeera) පමණක් නොව අරාබියා21 (Arabi21) සහ මිඩ්ල් ඊස්ට් අයි (Middle East Eye) ඇතුළු අනෙක් සියලුම මාධ්‍ය ආයතනවලට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම
සිය රටවලට වන්දි මුදලක් ගෙවීම (ප්‍රමාණය අනාවරණය වී නැත)
ත්‍රස්තවාදයට අනුබල දෙන බවට සහ කලාපය අස්ථාවර කරන බවට ඉහත කී රටවල් එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන කටාරය පවසන්නේ එම සමස්ත ක්‍රියාදාමය සිය රාජ්‍යය හුදෙකලා කිරීමේ කුමන්ත්‍රණයක් බවය.
සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ඉදිරිපත් කර තිබෙන මෙම ඉල්ලීම් පිළිබඳව කටාරය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ කොට නැත. එහෙත් සිය රටට එරෙහි සම්බාධක ඉවත් කරන තුරු එම රටවල් සමග කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බව කටාරයේ විදේශ ඇමතිවරයා මීට ඉහතදී සඳහන් කළේය.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න"
BBC Sandeshaya මිනිත්තු 19 පෙර
අරාබි රටවල් ඉල්ලා සිටින පරිදි සිය මාධ්‍ය ආයතනය කිසිලෙසකින්වත් වසා දැමීමට සූදානම් නැති බව අල් ජසීරා මාධ්‍ය ආයතනය අවධාරණය කරයි.
ඩෝහා අගනුවර සිට බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක් වූ අල් ජසීරා මාධ්‍ය ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ කළමනාකරු ඉහ්තිශාම් හිබතුල්ලා, කටාරයේ පිහිටි අල් ජසීරා මාධ්‍ය ආයතනය වසා දමන මෙන් කටාරයේ අසල්වැසි රටවල් හතරක් කරන ඉලීම විග්‍රහ කළේ "ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ සහ භාෂණයේ නිදහස යටපත් කිරීමේ උත්සාහයක්" වශයෙනි.
මීට සති දෙකකට පමණ ඉහතදී පනවන ලද සම්බාධක ඉවත්කිරීම සඳහා ඉදිරි දින දහය ඇතුළත කොන්දේසි 13 ක් සම්පූර්ණ කළ යුතු බව සවුදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය සිකුරාදා කටාරයට දැනුම් දී තිබේ.
ඩෝහා නුවර පිහිටි අල් ජසීරා මූලස්ථානය වසා දැමිය යුතු බව එයින් එක් කොන්දේසියකි.
එම කොන්දේසිය සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍ය ආයතනය පළ කළ පළමු ප්‍රතිචාරය මෙය වේ.
"කිසියම් රටක්, රටවල් කිහිපයක් හෝ සංවිධානයක් කරන සියලුම එවැනි ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනවා" යැයි පවසන ඔහු, "අනෙක් ජාත්‍යන්තර මාධ්‍ය සහ සංවිධාන එවැනි උත්සාහයන්ට එරෙහි වනු" දැකීමට තමන් කැමති බව ද සඳහන් කරයි.
ප්‍රවෘත්තියක සියලුම පැති වාර්තා කරමින් මානව වර්ගයාට සේවය කිරීම සිය ආයතනයේ අභිලාෂය බව පවසන ඉහ්තිශාම් හිබතුල්ලා, අල් ජසීරා ආයතනය ත්‍රස්තවාදයට අනුබල දෙන බවට එල්ලවන චෝදනාව ද තරයේ බැහැර කරන බව බීබීසී සිංහල සේවයට පැවසීය.
"CNN සහ BBC වැනි ඕනෑම මාධ්‍ය ආයතනයක් මෙන්ම Al Jazeera ආයතනයේ ද පරමාර්ථය ජනතාවගේ දැවෙන ගැටලු පිළිබඳව වාර්තා කිරීම" බව ඉහ්තිශාම් හිබතුල්ලා වැඩිදුරටත් පැවසීය.
ඉරානය සමග සම්බන්ධතා අඩු කිරීම සහ කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත් කිරීම ඇතුළු අරාබි රටවල් ඉදිරිපත් කරන ඉල්ලීම් ඇතුළත් ලැයිස්තුවක පිටපතක් ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) පුවත් සේවයට ද ලැබී තිබේ. ඒවා අතර:
මුස්ලිම් සහෝදරත්වය සංවිධානය සමග සම්බන්ධතා අත්හැරීම
සිය රටවල් හතරේ පුරවැසියන්ට කටාරයේ පුරවැසිභාවය ලබා නොදීම සහ දැනට එසේ පුරවැසිභාවය ලබා දී තිබෙන පුද්ගලයන් පිටුවහල් කිරීම
ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේ අවශ්‍යව සිටින පුද්ගලයන් එම රටවල් හතරට භාරදීම
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරනු ලැබ තිබෙන ඕනෑම සංවිධානයකට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම
විශේෂයෙන්ම සවුදි අරාබිය ඇතුළු සිය රටවල විරුද්ධ පක්ෂ නායකයන්ට කටාරය මූල්‍යාධාර ලබා දුන් අවස්ථා පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබාදීම
අල් ජසීරා (Al Jazeera) පමණක් නොව අරාබියා21 (Arabi21) සහ මිඩ්ල් ඊස්ට් අයි (Middle East Eye) ඇතුළු අනෙක් සියලුම මාධ්‍ය ආයතනවලට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම
සිය රටවලට වන්දි මුදලක් ගෙවීම (ප්‍රමාණය අනාවරණය වී නැත).