- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ලන්ඩන් ගින්න: හේතුව "ශීතකරණයක්"
BBC Sandeshaya පැයකට පෙර
ලන්ඩන් නුවර ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයේ ගින්න ආරම්භවී ඇත්තේ නිවසක තිබූ ශීතකරණයක දෝෂයක් හේතුවෙන් බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි.
එමෙන්ම ග්‍රෙන්ෆෙල් ගොඩනැගිල්ලේ බාහිර බිත්ති ආවරණය (cladding), ගිනි ආරක්ෂණ පරීක්ෂණයෙන් අසමත්වී ඇති බව ද පොලිසිය නිවේදනය කළේය.
'මිනිස් ඝාතනය'
ගොඩනැගිල්ලේ අභ්‍යන්තර උෂ්ණත්වය අවශ්‍ය පමණට රඳවා රඳවා ගැනීම සඳහා බිත්ති අතර යොදා තිබූ ආවරණය ද (Insulation) නිසි ප්‍රමිතියට නොතිබූ බව පරීක්ෂණයෙන් හෙළිවී තිබේ.
මෙම සියලු කරුණු පාදක කර ගනිමින්, වගකිය යුත්තන්ට එරෙහිව 'මිනිස් ඝාතනය' යටතේ චෝදනා ගොනු කිරීම පිළිබඳව පොලිසිය සළකා බලමින් සිටී.
කෙසේ වෙතත් මෙය හිතාමතා ඇතිකළ ගින්නක් නොවන බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි.
කෙන්සිංටන් නගරයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයේ ගින්නට ගොදුරු වී පුද්ගලයන් 79 දෙනෙකු මරණයට පත් වී හෝ අතුරුදහන් වී ඇතැයි විශ්වාස කෙරේ.
නිවාස 150ක් සම්පුර්ණයෙන් විනාශ වී තිබේ.
"අවුල් ජාලයක්"
ගින්නෙන් අනතුරුව නාගරික බලධාරීන් ක්‍රියාකළ ආකාරය විවේචනයට ලක්වෙමින් පවතිද්දී කෙන්සිංටන් චෙල්සි නගර සභාවේ ප්‍රධාන විධායක නිලධාරියා ඊයේ (ජුනි 22) ඉල්ලා අස්විය.
මූලික සහන සේවා කටයුතු "සම්පුර්ණයෙන් ම අවුල් ජාලයක්" ලෙස පැවතුණු බව පවසමින් දිවි බේරාගත් නිවැසියන් විසින් එය හෙළාදකිනු ලැබ තිබුණි.
කෙන්සින්ටන් ප්‍රදේශයේ පිහිටි තට්ටු විසි හතරකින් යුත් ග්‍රෙන්ෆෙල් මහල් නිවාසය ගින්නට හසුවූයේ ජුනි 14 වෙනිදා ය.
ගින්නට හසුව මරණයට පත් ඇතමුන්ගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට අපොහොසත් විය හැකි බව පවසන ලන්ඩන් පොලිසිය ඒ සඳහා සති ගණනාවක් ගත වනු ඇති බව සඳහන් කරයි.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga