- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
රාජ්‍ය ව්‍යාපාර රැසක් ගොඩගන්න කොටස් වෙළෙඳපොළට භාර දෙයි
දැනට රජය විසින් මෙහෙයවනු ලබන ව්‍යවසායන් කිහිපයක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
පසුගියදා මුදල් අමාත්‍යවරයා සිය අයවැය කතාව කිරීමේ දී මේ බව අනාවරණය කළේය. වෝටර්ස් එජ්, හිල්ටන්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් යන හෝටල් සමාගම් සහ දැනට ඉදි වෙමින් පවතින හයට් හෝටල් සංකීරණය ඒ අතර වේ. මීට අමතරව ලංකා හොස්පිට්ල්, මොබිටෙල් යන සමාගම් ද ලැයිස්තුගත කිරීමට නියමිතය.
හිල්ටන් හෝටලය කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක්ව තිබුණු අතර, ඌන උපයෝගී ව්‍යවසායක් බව පවසා පසුගිය රජය විසින් එය රජයට පවරා ගන්නා ලදී. හිල්ටන් හෝටලයට අමතරව පැලවත්ත සීනි සමාගම ද මෙලෙස රජයට පවරාගත් ලැයිස්තුගත සමාගමක් වූ අතර මේ දක්වා එම සමාගම් හි කොටස් හිමියන්ට කිසිදු සාධාරණයක් ඉටු වී නොතිබුණි.