- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ආර්ථීක හර්ෂ සෙස් බද්දට දෙහි කපයි.අපනයන බැස්මෙන් රුපියල අනතුරේ බවත් කියයි.
(www.randora.lk-22/08/2015)-දුර්වල අපනයන හමුවේ මෙරට රුපියලේ අගයද විශාල ලෙස පිරිහි යාමට පටන් ගෙන ඇතැයි මෙවර පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරි පත් වි සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනයට අකුල් හෙලන සෙස් බද්ද වැනි සියළු බාධා ඉවත ලිය යුතු බව තම පුද්ගලික හැගිම බව අවධාරණය කරන ඔහු වැඩිදුරටත් පවසන්නේ දැන්වත් අඩු පඩ් ගෘහසේවක සේවිකාවන් ආරාබියට පිටත් කර යැවිම වෙනුවට ඉහළ තරඟකාරිත්වයට මෙරට අපනයන දිරි ගැන්විය යුතු බවයි.
අපි අපේ අපනයන වැඩ් කළ යුත්තේ සියයට 10/15 කින් නොවේ සිය දෙසිය ගුණයකින්.ඒ සදහා ඇවැසි හිතකර ආයෝජන වතාවරණය ඇති කිරිමට අපේ රජය සුදානම්.අපි ඒ සදහා අවශ්‍ය කරන අණපනත් රේගුලාසි ප්‍රතිපත්ති ඉදිරි මාස 06 ඇතුළත කඩිනම්න් සකස් කර සම්ුමත කර ක්‍රියාත්මක කරන්න සුදානම් යැයි ඔහු අවධාරණය කළේය.
අපි ආයෝජන වලට අහිතකර සියළු බාධක සීමා ඉවත් කරන්න සුදානම්.කලක් තිබුණා මෙරටට ආයෝජකයෙකු එනවා නම් ඔහුගේ ගනුදෙනු පිරිවැය අදාල ආයෝජක පිරිවැයට වඩා ඉතා විශාල වු තත්ත්වයක්.අද ඒ තත්ත්වය අපි නැති කරලා තිබෙනවා.ඒ නිසයි ජර්මනියේ වෝක්ස්වැගන් අපේ රටට ආවේ.අපි මේ සියළු රාජ්‍ය දුෂණ නැති කරලා වරද කරුවන්ට දඩුවම් දෙන විනිවිද පෙනෙන ක්‍රමවේදයක් හදුන්වා දෙනවා.
පසුගිය සිකුරාදා 21 දා කොළඹ රාමාධා හෝටලයේ පැවති මෙරට කුළුබඩු හා ආශ්‍රීත නිෂ්පාදන අපනයන කරුවන්ගේ වාර්ෂික මහ සභාව අමතමින් මේ බව හෙතෙම ප්‍රකාශ කළේය.
පසුගිය දශ වසරක කාලය තුල මෙරට අපනයන දළ දේශිය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 35 සිට සියයට 12/13 මටිටම දක්වා බිද වැටි ඇති බව පවසන හෙතෙම මේ නිසා දුර්වල වි ඇති දේශිය රුපියල රැකිමට තව කොපමන කලක් මැදිහත් විම් සිදු කළ යුතු දැයි නොදන්නා බව සදහන් කළේය.
මම පුද්ගලිකව මෙම සෙස් බද්දට විරුද්ධයි.මොනවද?මෙච්චර කල් මේ බද්දෙන් කළේ.ඒකෙන් අපේ නිෂ්පාදන විදේශියව ප්‍රවර්ධනය කරන්න කටයුතු කලාද?නැතිනම් දේශපාලන අවශ්‍යතා පිරිමසා ගන්න පාවිච්චි කලාද?ඇත්තෙන්ම සිදු වි ඇත්තේ දේශපාලන වුවමනා පිරිමසා ගැනිමට මෙය යොදා ගැනිමයි යනුවෙන් ඔහු කියා සිටියේය.
පසුගිය සිකුරාදා දේශිය රුපියලේ අගය ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව රුපියල් 134 ක අගයක් ගත් අතරේ එය බ්‍රහස්පතින්දාට සාපේක්ෂව සියයට 0.07 ක පිරිහිමක් වාර්තා කළේය.
කෙසේවෙතත්,මහ බැංකු අධිපතිවරයා පසුගියදා පවසා සිටියේ නත්තල් ආශ්‍රීත අපනයන ඉල්ලුම් ලැබ්මි හා අපේක්ෂිත ඉන්දිය ගෙවුම් ශේෂ ඩොලර් බිලියන 1.1 ක ආධාර මත රුපියලේ අගය ස්ථාවර වනු ඇති බවයි.
SAPPTAහෙවත් කුළුබඩු හා ආශ්‍රීත නිෂ්පාදන අපනයන කරුවන්ගේ සංගමයේ වාර්ෂික වාර්තාවට අනුව මෙරට කුළුබඩු අපනයන පසුගිය වසරේ ජුලි මසට සාපේක්ෂව මෙම වසරේ ජුලි මස වන විට සියයට 43.4 කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 39.9 ක් වි ඇත.
මේ අතරේ මෙම ගෙවුණු ජුනි මස වෙළෙඳ හිඟය සියයට 51.9 කින් ඉහළ යමින් ඩොලර් මිලියන 689.2 ක් වි ඇත.
අපනයන සියයට 4.2 කින් පහළ යමින් ඩොලර් මිලියන 944 ක්ද අනයන සියයට 13.5 කින් ඉහළ යමින් ඩොලර් බිලියන 1.63 ක්ද වි ඇත.