- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විදේශ් ආයෝජන මෙරටට එන්න නම් ද්‍රවශිලතාවය-සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ප්‍රධානයි
(www.randora.lk-31/07/2015)-කොටස් වෙළෙඳ පොල ද්‍රවශිලතාවය සහ සුළු පරිමාණ ආයෝජන ආරක්ෂාව ජාත්‍යන්තර ආයෝජකයින් යම් කොටස් වෙළෙඳ පොලක ආයෝජනය කිරිමේදි සලකා බලන මුළිකම දෑ බව Managing Director, Institutional Investment Services—EMEA ෂමින්ද්‍ර පෙරේරා සදහන් කළේය.
Chartered Financial Analyst (CFA) දේශිය අංශය පසුගියදා සංවිධානය කර තිබු කොටස් වෙළෙඳ පොල තැරැවිකාර පර්යේෂණ වාර්තා ඇගැයිමේ උත්සවයේ ප්‍රධාන ආරාධික දෙසුම සිදු කරමින් ඔහු මේ බව සදහන් කළේය.
කොටස් තැරැවිකාර කටයුතු වලින් සහ අනිකුත් පක්ෂපාතිත්වයන්ගෙන් තොරවු ස්වාධින වු කොටස් වෙළෙඳ පොල පර්යේෂණ වාර්තා කෙරෙහි ගෝලිය ආයෝජක ප්‍රජාව වැඩි විශ්වාශයක් තබව බවත් ඔහු ප්‍රකාශ කළේය.
“අපේ විශ්ලේෂක ප්‍රජාව ලංකාව වැනි කොටස් වෙළෙඳ පොල වල ආයෝජනය කරන්න ගිහාම ඒ සමාන වෙළෙඳ පොලවල් සියල්ලම එක සමාන ලෙස සලකා බලයි ඔවුන්ගේ ආයෝජන කළඹ නිවැරදිව කළමනාකරණය කරන ආයෝජන තීරණ තින්දු ගන්නේ.”
“ලණ්ඩනයේ රසල් ඉන්වෙස්ට්මන්ට්ස් හි ආයෝජක විශ්ලේෂකයින් තිදෙනෙකු ලංකාවේ කොටස් වෙලෙඳ පොල දෙස ඇස් යොමා සිටිනවා.ඔවුන් මෙහි සමාගම් 10 ක් කෙරෙහි විතරයි අවධානය යොමු කර ඇත්තේ.ඒ එක් කෙනාට ලයිස්තුගත සමාගම් තුනක් බැගින්.ද්‍රවශීලතා පදනමිනුයි මේ සමාගම් වල ඔවුන් අරමුදල් ආයෝජනය කරන්න කටයුතු කරන්නේ.ලංකාවේ ජාත්‍යන්තර අවධානයට ලක් වෙන ඉහළ ද්‍රවශීලතාවයෙන් යුතු සමාගම් අවම නිසා අපේ විශ්ලේෂක ප්‍රජාව අවධානය යොමු කර ඇත්තේ ලංකාවේ ලයිස්තුගත සමාගම් අතලොස්සක් පමණයි.”
“මේ නිසා වෙළෙඳ පොලක ද්‍රවශිලතාවය අංක එකේ ප්‍රමුඛතා ව ලෙස සලකන්න පුළුවන්.ඊළගට සුළු පරිමාණ කොටස් කරුවන්ගේ ආරක්ෂාව.සුළු පරිමාණ කොටස් කරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ඔවුනට පැහැදිමක් නැතිනම් ජාත්‍යන්තර ආයෝජකයෝ එම වෙළෙඳ පොල වල ආයෝජනය කරන්න පෙළඹෙන්නේ නැහැ.මෙම මුළික සාධක ද්විත්වය ඇගැයුම් ක්‍රියාවලිව ඔවුන් අඛණ්ඩව අධ්‍යයනය කරමින් පවතින ක්‍රියාවලියක්”.
මෙහිදි අදහස් දැක්වු ඒෂියා සෙකුරිටිස් කොටස් තැරැවිකාර සමාගමේ හිමිකාර ප්‍රධානි ධුමිත් ප්‍රනාන්දු සදහන් කළේ තමන් කොටස් වෙළෙඳ පොල පර්යේෂණ වාර්තා සදහා විශාල ආයෝජනයක් සිදු කරන මුත් ඒවායේ බුද්ධිමය දේපොල අයිතිය පිළිබඳ ව තමන් සැහිමකට පත් නොවන බවයි.
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න
- සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ EMPOWER පුවරුව දියත් කෙරේ
- 'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි
- UB Finance ට අලුත් විදේශ් හස්තයක් රු.බි.02 ක් දාන්න යයි.ලයිස්තුගත විමත් අද හෙට ලූ...
- මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ