- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
රටේ නම ලොවෙහි ඇඳි ලාංකික ව්ය වසායකයා
මනාව ශාක වර්ධනය කළ හැකි පෝෂක ද්රව්ය2 අන්තර්ගත රෝපණ බෑගයක් නිෂ්පාදනය කිරීමට ලාංකේය ව්යරවසායකයකු සමත් වී ඇත. ඔහු ශාන් හලම්බය. ඔහු විසින් සිදුකරන මෙම නිෂ්පාදන කටයුත්ත අද වනවිට සාර්ථක ව්යාතපාරයක් බවට පත්ව තිබෙන අතර අපනයනය ඉලක්ක කරගත් සාර්ථක ව්යාවපාරයක් බවටද පත්ව ඇත.
මෙහි තිබෙන විශේෂත්වය වන්නේ හරිතාගාර තුළ වගා කරනු ලබන එළවළු සහ පලතුරු රෝපණය කිරීමට වඩාත් හිතකර රෝපණ බෑගයක් ලෙස මෙය භාවිතයට ගත හැකි වීමයි.
මෙම බහාලූම්හි අන්තර්ගත පෝෂක ද්රලව්යයයන් වන්නේ ශරීරු ලංකාව තුළ ඉතා අවම මිලකට සපයාගත හැකි, බොහෝ විට අපතේ යන ද්රව්යයක් වන පොල් කඳෙහි කැබලි කොටස් සහ කොහුබත්ය.
මෙම සියලූ නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන්නේ ලාංකික පිරිස් විසින්මය. ශාන් විසින් මිලියන 450ක ආයෝජනයක් කරමින් ආරම්භ කරන ලද මෙම කටයුත්ත හේතුකොටගෙන ඍජු රැකියා 320ක්ද වකරයක් රැකියා 1000කට අධික පරතු මාණයක්ද ලබාදී ඇත.
මේ පිළිබඳ පැහැදිලි කරමින් ඔහු පැවසුවේ,
”මම පොල් ලෙල්ලට මුල්ය්මය වටිනාකමක් ලබාදුන්නා. මෙම ව්යාරපාරය තුළින් ඉහළ ගුණත්වයෙන් යුතු ලාංකීය නිෂ්පාදන අපනයනය කිරීමේ අවස්ථාව අපට හිමිවුණා. මේ වනවිටත් ලංකාව තුළ තිබෙන පොල් ලෙලිවලින් 60%ක් කිසිම පරථාවයෝජනයක් නොගෙන අපතේ යනවා. මේ පිළිබඳ රජයේ පාර්ශ්වයෙන්ද දැනුවත් වෙලා දේශීය නිෂ්පාදකයන් දිරිමත් කිරීමට කටයුතු කළ යුතුයි”යනුවෙනි.
මීරිගම හිරිවල පරයනුදේශයේදී උපත ලැබූ හලම්බ අ.පො.ස. උසස් පෙළ දක්වා අධ්යාිපනය හදාරන්නේ කොළඹ නාලන්දා විද්යාවලයෙනි. ඉන්පසුව ඔහු නවසීලන්තයේ මැසේ විශ්වවිද්යාතලයෙන් තොරතුරු පිළිබඳ උපාධිය ලබාගත්තේය. උපාධිය ලබාගැනීමෙන් අනතුරුව ඔහු කැලිෆෝනියාවෙහි වෙසෙමින් රැකියාවක නියැළුණු අතර ඔහුගේම ව්යා පාරයක් ඇරැඹීමේ මූලික අදහස පහළ වී ඇත්තේ ඒ වකවානුවේදීය.
එහිදී ඇමෙරිකාවේ දේශගුණයට උචිත අන්දමේ හරිතාගාර වගා කරරයකමයක් ආරම්භ කිරීමට ඔහු කටයුතු කළ අතර මෙවැනි පර්යේෂණයක නියැළීමට ඔහුට මූලික අදහස පහළ වුණේ ඇමෙරිකාව තුළ වගා කරන එළවළු සහ පලතුරු ගෘහස්ථ ඉල්ලූමට අනුව සැපයීමට නොහැකි වූ බැවිනි. මෙහිදී ඔහු පර්යේෂණයේ නියැළෙන්නේ ලංකාව තුළින් පහසුවෙන් සොයාගත හැකි පොල් ශාකයේ කොටස් ලබාගනිමිනි. ඒ පොල් ලෙල්ලේ/කඳේ කොටස් සහ කොහුබත්ය. නුදුරු අනාගතයේදී මුහුණදීමට සිදුවන ආහාර ගැටලූවටද මෙම පෝෂණ බෑගය මනා විසඳුමකි.
මෙහිදී යොදාගනු ලබන තාක්ෂණය Soilless Growing ලෙස හඳුන්වයි. ශාන් මෙම නිෂ්පාදන කටයුතු සිදුකරන්නේ සියඹලාණ්ඩුව, බමුණකොටුව පරලෙසදේශයේ තිබෙන ඔහුගේ නිෂ්පාදනාගාරය තුළය.
'Riococo' නමැති වෙළෙඳ නාමය යටතේ ශාන් සිය නිෂ්පාදන කටයුතු සිදුකරයි. Ceyhinz Link International මඟින් එම නිෂ්පාදනයන් බෙදාහරිනු ලබයි. ටෙක්සාස් හි, මෙට්රෝප්ලෙක්ස් හි මෙහි පරte ධාන ශාඛාව පවතින අතර ලොව පුරා තිබෙන තවත් රටවල් 30ක මෙම ආයතනයේ ශාඛා විසිරී පවතියි.
ශාන් විසින් සිදුකරන ලද මෙම පර්යේෂණාත්මක කටයුත්ත උදෙසා ටෙක්සාස් හි ආණ්ඩුකාරවරයා විසින් ඔහු වෙත ‘වසරේ ව්යාණපාරික සම්මානය’ 2011 වසරේදී ලබා දුන් අතර 2013දී NCE මඟින් පිරිනමන අපනයන සම්මානයද පිරිනමා ඇත. එමෙන්ම Ceyhinzමඟින් පිරිනමන විශිෂ්ටතම ටෙක්සාස් ව්යා පාරික සම්මානයෙන් පිදුම් ලැබීමටද ඔහු සමත් වූවේය. ඒ 2012 වසරේදීය. තවද ඔහු සුළු පරිමාණ ව්යාපාරික නායකත්ව සම්මානයද දිනාගත් අයෙකි.
ශාන් හලම්බ විසින් මේ පිළිබඳ නවසීලන්තයේ සහ කැනඩාවේ සිදුකළ පර්යේෂණයන්ද සාර්ථක වූ අතර එහි පර ව ගතිය පිළිබඳවද ඉදිරියේදී බලාපොරොත්තු තබාගත හැකිය.
කෙසේ වුවත්, ශාන් හලම්බ වැනි තරුණ ව්ය වසායකයන් විසින් සිදුකරනු ලබන මෙම නිෂ්පාදන කටයුතු දිරිගැන්වීමට රජයේ සහයද අත්ය වශ්යවය.
- වින්ද්යාී ගම්ලත්
http://www.sathhanda.lk/business/575-2015-07-13-05-35-18
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28