- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ?
biz_man Top News May 2nd, 2015 0 Comments 200 views
ශ්‍රී ලංකාවේ නව රජය සිදුකරමින් තිබෙන වැදගත් ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහාය ලබාදීමට ඇමරිකාව සූදානම් යැයි අද පෙරවරුවේදී ලංකාවට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී පැවසීය.
මීට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණේ ශ්‍රී ලාංකිකයින් නීති විරෝධී ආකාරයෙන් විදේශයන්හි සඟවා තිබෙන වත්කම් සෙවීම සඳහා වත්මන් රජය ඇමරිකාවේ සහ ඉන්දියාවේ සහයෝගය ඉල්ලා තිබෙන බවයි.
මේ අනුව, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරන තාක්ෂණික සහයෝගය ලාංකිකයින් විදේශයන්හි සඟවා ඇතැයි කියන වත්කම් සොයා ගැනීමේ මෙහෙයුම සඳහා ඉතාමත් ඉහළින් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකිය.
මේ අතර, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කොළඹදී සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය නැංවීම, ආයෝජන කටයුතු පුළුල් කිරීම මෙන්ම සබඳතා වර්ධනය කර ගැනීම සඳහා මෙරටට සහයෝගය ලබාදීමට ඇමරිකාව සූදානම් බවයි.
ශ්‍රී ලංකාව සමග තිබෙන සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කිරීමට ඇමරිකාව සූදානම් බවත් ආර්ථික වශයෙන් ලංකාව සමග තිබෙන බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමට ඇමරිකාව කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිලදී ගන්නා ප්‍රමුඛතම රටක් වන ඇමරිකාව විසින් 2013 වසරේදී ඩොලර් බිලියන 2.5 ක් වටිනා මෙරට අපනයන මිලදීගෙන තිබෙන අතර ලංකාව ඇමරිකාවෙන් එම වසරේදී ගෙන්වා තිබෙන්නේ ඩොලර් මිලියන 314 ක් වටිනා භාණ්ඩ පමණි. මේ අනුව, දෙරට අතර ද්විපාර්ශවික වෙළඳාමේදී වැඩි වාසි තිබෙන්නේ ලංකාව පාර්ශවයටයි.
පසුගිය රජය චීනයට වඩාත් හිතවාදීවීම පිළිබඳව ඇමරිකාව එතරම් කැමැත්තක් නොදැක්වූ අතර නව රජය චීනයට වඩාත් නැඹුරුවීමේ ප්‍රතිපත්තියෙන් බැහැරවී ඇත.
චීන සමාගම් විසින් ලංකාවේ සිදුකරන යටිතල පහසුකම් ව්‍යාපෘති නැවත ඇගයීමට නව රජය තීන්දුකර තිබෙන අතර පසුගිය රජයට වඩා වත්මන් රජය ඇමරිකානු හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.
මීට පෙර 2005 වසරේදී එවක ඇමරිකානු රාජ්‍ය ලේකම් ධූරය දැරූ කොලින් පවෙල් ලංකාවේ සංචාරය කළේය.
ජෝන් කෙරී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ ජනතාවගේ නියෝජිතයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට නියමිතය.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ඇමරිකාවේ තාක්ෂණික සහාය සැඟවූ වත්කම් සෙවීමටද ? එයටත් ඔබ්බටද ?
Saturday, 02 May 2015 11:18
කෙරි පසුගිය පෙබරවාරියේ හමු වු ඇමති මංගල
(www.randora.lk-02/05/15)-ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර තිබෙන ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ඇතුළු 35 ක දූත පිරිස අද පෙරවරුවේ (02) ශ්‍රී ලංකාවට පැමිණියෝය.
විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගේ ආරාධනයකට අනුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවට මෙසේ ආ අතර ඒ මහතාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවට සහ අමෙරිකා එක්සත් ජනපදයට අතිශය වැදගත් වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ගුවන්තොටේදි විදේශ කටයුතු අමාත්‍යවරයා ඇමෙරිකාණු දූත පිරිස පිළිගෙන ඇත.
දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සබදතා විෂයෙහි මෙම සංචාරය කදිම අධිතාලමක් දමනු ඇති බවද වාර්තා කියයි.
වාර්ෂිකව ඩොලර් බිලියන 2.5 ක අපනයන ශ්‍රී ලංකාව සිදු කරන බව සදහන්ය.
මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ සංචාරය දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා නව දැක්මක් ලබාදෙන සංචාරයක් ලෙස හැඳින්විය හැකි බව අමෙරිකානු ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශිකා ටෙරිස්ටා සාෆ ප්‍රකාශ කරයි. අමෙරිකානු හඬ ගුවන් විදුලි සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා නව රජයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන යහපත් ආකල්පය මත ඇමෙරිකානු - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් වනු ඇති බවද ඇය පෙන්වා දී ඇත.
මෙහිදි Human Rights Watchසංවිධානය පවසා ඇත්තේ 2009 යුධ ජයග්‍රහණයෙන් පසුව ඇතිවු මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතින්ගේ චෝදනා පත්‍රයන්ට ශ්‍රී ලංකාව දේශිය වශයෙන් පිළියම් සෙවිමට මේ හරහා උත්සුක වනු ඇති බවත් ඒ ගැන තමන් විමසිලෙන් සිටින බවත්ය.
1972වසරේ දී විලියම් පියර්ස් රොජස් මහතාගේ පැමිණීමෙන් අනතුරුව නිල වශයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය බව පෙන්වාදෙන විදේශ කටයුතු අමාත්‍යාංශය 2004වසරේ දී ඉන්දියානු සාගරයේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් අනතුරුව එවකට සිටි අමෙරිකානු රාජ්‍ය ලේකම් කොලින් පවල් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බවද සිහිපත් කරයි.
රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැහැ දැකීමට නියමිත අතර අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර සහ දෙමළ සන්ධාන නායක ආර් සම්බන්ධන් යන මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
ඊට අමතරව ඒ මහතා ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නියෝජිතයන්, සිවිල් සංගම් නියෝජිතයන් ද හමුවීමට නියමිත අතර විදේශ කටයුතු ඇමැතිවරයාගේ ආරාධනයකට අනුව විශේෂ දේශනයක් කිරීමට නියමිත බවද කොළඹ ප්‍රදේශයේ තවත් ක්‍රියාකාරකම් රැසකට සහභාඟි වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.
මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ මෙරට සංචාරය හේතුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ කොළඹ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.
රාජ්‍ය ලේකම්වරයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ ගාලු මුවදොර දක්වා දක්වා පැමිණීමට නියමිතව ඇති බැවින් අද පෙරවරු 7.45සිට 8.30දක්වා ඒ ආශ්‍රිත මාර්ග වල රථවාහන ගමනාගමනය සීමා කර තිබිණි.
දහවල් 12.20 සිට 12.30 දක්වා එන්.එස්.ඒ වටරවුමේ සිට ගාලු මුවදොර වටරවුම හරහා ගාලු පාරේ කොල්ලුපිටිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතය.
එමෙන්ම පස්වරු 2.00 සිට පස්වරු 2.30 දක්වාත් පස්වරු 3.00 සිට පස්වරු 3.30 දක්වාත් කැලණි විහාරය අවට මාර්ග වල රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය පවසයි.
ගාලු මුවදොර වටරවුමේ සිට කටුනායක අධිවේගී මාර්ගය හරහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා මාර්ගය අනිද්දා පෙරවරු 10.15සිට 11.00දක්වා රථවාහන ගමනාගමනයට සීමා වනු ඇත.