- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
නිලධාරීන්ට තර්ජන ආවොත් ගණන් කිරීම නවත්වනවා
January 7, 2015 01:59 pm
BBC Sandeshaya
මෙවර ජනාධිපතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වෙන බවට තමාට 100%ක විශ්වාසයක් ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවා පිළිගෙන ඇති බව කොමසාරිස්වරයා කියා සිටියේ අද(07) මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
කුමන හෝ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක රාජකාරියේ යෙදී සිටින නිලධාරියෙකුට කිසියම් හෝ තර්ජනයක් එල්ල වුවහොත් ඡන්දය ගණන් කිරීම වහා අත්හිටුවන බවද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.
මෙම මැතිවරණයේදී ආරක්ෂාව සඳහා පොලීසියට අවශ්‍ය බලය පාවිච්චි කිරීමට උපරිම ඉඩකඩ සලසාදී ඇති බව ද ඔහු පෙන්වාදුන්නේය.
මෙහිදී හමුදාවේ සහය ලබාගැනීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, එසේ හමුදාව යොදාගන්නා බවට පැතිර යන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
යම් හෙයකින් මැතිවරණ දිනයේ හෝ ඉන් පසුව පොලිස්පතිවරයා විසින් හමුදාවේ සහය අවශ්‍යවේ යයි තීරණය කර එවැන්නක් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටිනු ලැබුවහොත් හමුදාව යෙදවීමට හැකියාව පවතින බවද දේශප්‍රිය මහතා කියා සිටියේය.
එහෙත් එවැනි ඉල්ලීමක් පොලිස්පතිවරයා විසින් මෙතෙක් සිදුකර නොමැති බව ද ඔහු සිහිපත් කළේය.
ගංවතුර හා ජලගැලීම් මේවන විට පහව ගොස් ඇති බැවින් ගංවතුර සහනාධාර ලබාදීම සිදුනොකළ යුතු බවද තමන් සිහිපත් කරන බව දේශප්‍රිය මහතා පෙන්වාදුන්නේය.