- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ලේක්හවුසියට එරෙහිව මාධ්‍යවේදීහු වීදි බසිති
22 දෙසැම්බර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 19:04 GMT
BBC Sandeshaya
රජයේ මාධ්‍ය ආයතන නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදෙන බවට චෝදනා කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා පිවිතුරු හෙටක් සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන රැසක් උද්ඝෝෂණයක නිරත වෙති.
කොළඹ ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය සඳහා වෘත්තීය සමිති නියෝජිතයන්ද එක් වී සිටියහ.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර
‘ලංකාවේ මාධ්‍ය සංස්කෘතියට අනභිභවනීය දායකත්වයක් ලබා දුන් ආයතනයක් ඉදිරිපිට අද මේ උද්ඝෝෂණය පැවැත්වෙන්නේ. අපි දන්නවා මේ රටේ මාධ්‍ය නිදහස වළ පල්ලට ඇද දැමීම සඳහා අද ප්‍රමුඛතම ආයතනයක් විදිහට ක්‍රියා කරන්නේ ලේක්හවුස් ආයතනය’ යැයි උද්ඝෝෂණයට එක් වී සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර සංදේශයට කියා සිටියේය.
කුණු සහ මඩ
'සමස්තයක් වශයෙන් රටේ පාලකයන්ගේ කුණු හෝදන, විරුද්ධ මතධාරීන් සම්බන්ධයෙන් මඩ ප්‍රචාර ගෙන යන එක් පවුලක බලය සඳහා පෙනී සිටින ආයතනයක්' බවට මේ වන විට ලේක්හවුස් ආයතනය පත් වී ඇති බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර වැඩිදුරටත් පැවසුවේ.
මහජන බදු මුදලින් පාලනය කෙරෙන ලේක්හවුස් ආයතනය තුළ ස්වාධීනව තම වෘත්තීයේ නිරතව සිටි සේවකයන් සිව් දෙනෙකු මේ වන විට සේවයෙන් ඉවත් කර ඇති බව සාධාරණ සමාජයක් සඳහා වෘත්තීය සමිති එකමුතුවේ සමන් රත්නප්‍රිය අදහස් දක්වමින් කියා සිටියේය.
රජයේ මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහී නොවී මධ්‍යස්ථ ලෙස ඉදිරියේදී කටයුතු නොකොළොත් මීළඟ සතියේදී විශාල ජනකායක් සමග පැමිණ ලේක්හවුස් ආයතනයට විරෝධය පළ කරන බවයි බව සාධාරණ සමාජයක් සඳහා වෘත්තීය සමිති එකමුතුවේ සමන් රත්නප්‍රිය වැඩි දුරටත් සඳහන් කළේ.