- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
December, 3, 2019
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා වශයෙන් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත් කර තිබේ.
ඒ. ආර්. දේශප්‍රිය මහතා රාජ්‍ය සේවයේ වසර 30 ක රාජකාරි අත්දැකීම් හෙබි නිලධාරියෙකු වේ. ඔහු දැනට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. මෙම කාලය අතරතුර රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි රාජකාරි කටයුතු කර ඇති ඔහු මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂක, අතිරේක අධ්‍යක්ෂක ජනරාල් වැනි ධුරයන්හි කටයුතු කරනු ලැබීය. වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයේ කටයුතු කල ඔහු ලංකාවේ කාර්මික හා වෘත්තීය අධ්‍යාපන හා අධ්‍යාපන පුහුණු අංශයේ (TVET) වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පුරෝගාමී විය.
මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනු ලැබීය. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කරන අතර ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකුද වේ. රාජ්‍ය කළමනාකරණය පිළිබද විද්‍යාවේදී උපාධිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ලබාගෙන ඇති ඒ.ආර්. දේශප්‍රිය මහතා Solvienia - Lublijana විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබද ශාස්ත්‍රපති උපාධිය ද ලබාගෙන ඇත.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ රනිල් තිස්ස විජේසිංහ මහතා පසුගිය දා එම තනතුරින් ඉල්ලා අස්විය.