- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
බැඳුම්කරය: ඇලෝසියස් සහ පළිසේන අත්අඩංගුවට
Image caption පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් (දකුණු පසින්)
මතභේදයට තුඩු දී ඇති මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරුවන් ලෙස නම් කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන යන පුද්ගලයින් රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
අර්ජුන් ඇලෝසියස් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර වැල්ලවත්ත ප්‍රදේශයේදී කසුන් පළිසේන අඩංගුවට ගත් බව රහස් පොලිස් වාර්තා සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වනවිට රහස් පොලිස් මූලස්ථානය වෙත රැගෙනවිත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව පොලිසිය පවසයි.
ප්‍රකාශ සටන් කර ගැනීම අවසන් වීමෙන් පසුව එම සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉකුත් සිකුරාදා (පෙබරවාරි 02) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ රහස් පොලිසිය හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන යන පුද්ගලයින් ඉහත කී මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරුවන් ලෙස නම් කිරීමට අවසර ඉල්ලු අතර ඒ සඳහා අධිකරණයේ අවසරය හිමි විය.
මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට පෙබරවාරි 15 වෙනිදාට පෙර රහස් පොලිසිය වෙත පැමිණ කට උත්තරයක් ලබා දෙන මෙන් ද අධිකරණය සිකුරාදා නියම කර තිබිණි.
ඊට අමතරව පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමට අයත් වත්කම් සහ දේපළ වෙනත් පාර්ශවයකට පැවරීම උකස් කිරීම හෝ විකිණීම තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබිණි.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga