- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
"බරපතල වංචා, දූෂණ" කොමිෂන් වාර්තාවත් ජනපතිට භාර දෙයි
Image copyright President's Office
මහින්ද රාජපක්ෂ පාලනය සමයේ රාජ්‍ය ආයතන 17ක සිදුවී තිබෙන මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව සිදුකෙරුණු පරීක්ෂණවල ප්‍රතිඵල සහ නිර්දේශ ඇතුළත් අවසාන වාර්තාව කොමිසම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබීය.
එය සිය ආණ්ඩුවේ "දූෂණයට එරෙහි සටනේ" තවත් වැදගත් පියවරක් බව ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කරයි.
මීට ඉහතදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ කොමිසමේ අතුරු වාර්තා කිහිපයක් දැනටමත් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.
1. උතුරු මැද පළාතේ ජල පෙරන පිළිබඳ වාර්තාව
2. අම්පාර නගර සභාවේ දැයට කිරුළ පිළිබඳ වාර්තාව
3. වරාය අධිකාරියේ මහපොළ නැව පිළිබඳ වාර්තාව
4. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට අදාළ වාර්තාව
5. රාජ්‍ය ඖෂධ සංස්ථාවට අදාළ වාර්තාව
6. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ වාර්තාව
7. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශාලාවට අදාළ වාර්තාව
8. වකුගඩු රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාව
9. මහනුවර දිස්ත්‍රික් රෝහල් අධ්යක්ෂ කාර්යාලයට අදාළ වාර්තාව
10. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අදාළ වාර්තාව
11. රූපවාහිනී සංස්ථාවට අදාළ වාර්තාව
12. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අදාළ වාර්තාව
13. ජාතික ගමනාගමන කොමිසන් සභාවට අදාළ වාර්තාව
14. සතොසට අදාළ වාර්තාව
15. තරුණ සේවා සභාවට අදාළ වාර්තාව
16. සෞඛ්‍ය සේවා සැපයීම් අංශයට අදාළ වාර්තාව
17. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දීඝවාපි චෛත්‍යයට අදාළ වාර්තාව
කොමිසමේ විභාගය පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ එහි ලේකම් ලැසිල් ද සිල්වා පදවියෙන් ඉවත් කිරීම සංවාදයකට තුඩු දුන් අතර මීට ඉහතදී බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමේ දී දූෂණ සිදු වී ඇතැයි ලැබුණ පෙත්සම් සහ පැමිණිලි විභාගයට ගැනීමට තමා ගත් ක්‍රියාමාර්ග සිය පදවිය අවසන් වීමට හේතු විනැයි විශ්වාස කරන බවය.
විමර්ශන පැවැත්වෙන අතරවාරයේ වත්මන් රජයේ සුළු ජාතික අමාත්‍යවරුන් දෙදෙනකු ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු පිළිබඳව තමන් සමග සාකච්ඡා කළ බව ද හිටපු ලේකම්වරයා මීට ඉහතදී බීබීසී යට පැවසීය.
අඟහරුවාදා (ජනවාරි 02) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබූ වාර්තා 17ට අදාළ ආයතන 17 දකුණු පස වගුවේ දැක්වේ.
වාර්තාව භාරදීමේ අවස්ථාවට කොමිසමේ සාමාජිකයින් වන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සමඟ හිටපු විගණකාධිපති පී පේමතිලක ද සහභාගි වූහ.
මෙම වාර්තා 17 සමග රාජ්‍ය ආයතන සම්බන්ධ වාර්තා 34ක් ජනාධිපතිවරයා වෙත මේ වනවිට භාර දෙනු ලැබ තිබේ.
පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් 30) තමන් වෙත භාර දෙනු ලැබූ මතභේදයට ලක් වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව බදාදා (ජනවාරි 03) ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන බව ජනාධිපතිවරයා නිවේදනය කර තිබේ.
Image copyright Rajith Keerthi Tennakoon
Image caption කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා
මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳවත් ඒ අවස්ථාවේදීම ජනාධිපතිවරයා කරුණු දක්වනු ඇතැයි විශ්වාස කෙරේ.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: "බරපතල වංචා, දූෂණ" කොමිෂන් වාර්තාවත් ජනපතිට භාර දෙයි
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: "බරපතල වංචා, දූෂණ" කොමිෂන් වාර්තාවත් ජනපතිට භාර දෙයි
කිත්සිරි ද සිල්වා wrote:කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා is a big crook and can we expect anything worthy investigation from a crook like him, who still works for his puppet masters.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: "බරපතල වංචා, දූෂණ" කොමිෂන් වාර්තාවත් ජනපතිට භාර දෙයි
( He is no any better than his Puppet Masters' from the Looters Murder Gang ).
Ethical Trader wrote:This is "news" to me, ?any details. PM me if unable to say in the open.කිත්සිරි ද සිල්වා wrote:කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා is a big crook and can we expect anything worthy investigation from a crook like him, who still works for his puppet masters.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28