- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ඇලබාමා මැතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පරාජයක්
Image copyright Reuters
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහාය ලැබූ රිපබ්ලිකන් පාක්ෂික රෝයි මුවර් පරාජයට පත්කරමින් වසර 25කින් පසු පළමු වතාවට ඇලබාමා ප්‍රදේශයේ සෙනෙට් ආසනය දිනාගැනීමට ඩිමොක්රටික් පාක්ෂික ඩග් ජෝන්ස් සමත් වී සිටී.
ඩග් ජෝන්ස්ගේ (Doug Jones) අනපේක්ෂිත ජයග්‍රහණයත් සමගම රිපබ්ලිකන් පක්ෂයට සෙනෙට් සභාවේ හිමි බහුතරය ද 51-49 ක් වශයෙන් අඩු වේ.
සියලුම ඡන්ද ගණන් කිරීම අවසන් වී තිබෙන නමුත් හිටපු විනිශ්චයකරුවෙකු වන රෝයි මුවර් (Roy Moore) තවමත් පරාජය භාරගෙන නැත.
එහෙත් ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයකින් ඩග් ජෝන්ස්ට සුභ පතා තිබේ.
තරුණ දැරියන් සමග නොමනා ලිංගික හැසිරීම් පිළිබඳව ප්රචාරක ව්‍යාපාරය අවස්ථාවේ ඔහුට චෝදනා එල්ල විය.
සමලිංගික ක්‍රියාකාරකම් නීති විරෝධී බවට පත් කළ යුතු යයි හඬ නගන ගතානුගතිකවාදියෙකු වන රෝයි මුවර් තමන්ට එරෙහිව එල්ල වූ චෝදනා දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.
Image copyright Reuters
ප්‍රතිඵලය පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන වොෂින්ටනයේ සිටින බීබීසී වාර්තාකරු ඇන්තනි සර්චර් (Anthony Zurcher) මීට වසරකට ඉහතදී ඇලමාබා ප්‍රාන්තයෙන් මෙවැනි ප්‍රතිඵලයක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි වූ බව සඳහන් කරයි.
එමතු නොව අඟහරුවාදා (දෙසැම්බර් 12) ඇලමාබා ඡන්දදායකයන් මැතිවරණයට සහභාගි වූ අවස්ථාවේ පවා බොහෝ දෙනා එවැනි ප්‍රතිඵලයක් බලාපොරොත්තු නොවූ බව ද බීබීසී වාර්තාකරු පෙන්වා දෙයි.
ඇලමාබා සෙනෙට් සභික පදවිය පුරප්පාඩු වූයේ එතෙක් පදවිය හෙබැවූ ජෙෆ් සේෂන්ස් (Jeff Sessions) එක්සත් ජනපදයේ නීතිපති පදවියට පත්කරනු ලැබීමෙන් අනතුරුවය.
ඔහු ඉල්ලා අස්වීමෙන් අනතුරුව රිපබ්ලිකන් පක්ෂය විසින් අන්තර්වාර සෙනෙට් සභිකයා ලෙසින් පත්කරනු ලැබූ ලූතර් ස්ට්‍රේන්ජ් (Luther Strange) ලබන ජනවාරි මාසය දක්වා පදවියේ රැඳී සිටීමට ඉඩ තිබේ.
එහෙත් ඉන් අනතුරුව සෙනෙට් සභාවේ බලතුලනය වෙනස්වීම හේතුවෙන් තීරණාත්මක ඡන්දයකදී රිපබ්ලිකන් පක්ෂයට අසීරු තත්වයකට මුහුණ දීමට සිදුවිය හැකිය.